ක්‍රි.ව සහ බු.ව ගැන හරියටම දැනගන්න>>

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ක්‍රි.ව සහ බු.ව ගැන හරියටම දැනගන්න>>

    .....ක්‍රි.ව සහ බු.ව ගැන හරියටම දැනගන්න....

    බොහෝ දුරට අපි හැමෝම වගේ මේ ගැන දන්නව. නමුත් තවමත් මේ ගැන නොදන්නා අයත් ඉන්නවා ඒ නිසා අපි මේ ගැන දැන් හරියට ම දැනගන්න මේ ලිපිය කියවමු.

    අපි බහුලවම භාවිතා කරන්නේ ක්‍රි.ව යන්න යි. මෙය කෙටි යෙදුමකි. මෙහි දිග යෙදුම වන්නේ ක්‍රිස්තු වර්ෂ යන්න යි. මෙය අරම්භ වන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගේ උත්පත්තියෙන් පසු දින සිටය. එනම් උන්වහන්සේගේ උත්පත්තිය සිදු වූ වර්ෂය ක්‍රි.ව 1 ලෙස හදුන්වයි. අපි සාමාන්‍යයෙන් දිනයක් ලියන විටදී බාවිතා කරන්නේ ක්‍රි.ව යන්නයි. (උදාහරණ ලෙස අද දිනය 2017.11.26) තවද ඉතිහාස ග්‍රන්ථ වල සමහර සිද්දීන් සිදු වූ වර්ෂය ලෙස ක්‍රි.පූ වශයෙන් සදහන්වෙයි. ක්‍රි.පූ යන්නෙහි දිග අදහස වන්නේ ක්‍රිස්තු පූර්ව යන්නයි. එනම් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පෙර වර්ෂයි. උදාහරණ්යක් ලෙස මිහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිදු වූයේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට වසර 250 කට පෙර යි. එමනිස ඉතිහාස පොත් වල මිහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිදු යූයේ ක්‍රි.ව.250 කාලයෙදී ලෙස සදහන් වෙයි.

    දැන් අපි බලමු බු.ව යන කෙටි යෙදුමේ තේරුම. මෙහි දිග තේරුම වන්නේ බුද්ධ වර්ෂ යන්නයි. බු.ව ආරම්බ වන්නේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු දින සිටයි. මෙහි බුදුන් වහන්සේගේ පරිනිර්වාණයට පෙර සහ පසු කියා දෙකක් නොමැත. වර්ථමානයෙදී ද ලිත් වල (නැකැත් සදහන් දින දර්ශනයේ) බු.ව දැකගත හැකිය.

    ක්‍රි.ව වලට අනුව විශේෂ සිදුවීම් කිහිපයක්..

    1) මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකා
    ගමනය ක්‍රි.පූ 250.
    2) බුදුරජානන් වහන්සේගේ මහා පරිනිර්වාණය
    ක්‍රි.පූ 544.
    3) ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය ක්‍රි.ව 1.
    4) අපි දැන් ජීවත් වන වර්ෂය ක්‍රි.ව 2019.

    මීට අමතරව ශක වර්ෂ සහ හජ්ජි වර්ෂ ලෙස ද වර්ග දෙකක් ඇත.

    ශක යනු හින්දු දින දර්ශනයකි. එය ආරම්භ වන්නේ ක්‍රි.ව 78 දීය. ඉන්දියාවේ බටහිර ප්‍රදේශය පලනය කළ ගෞතමීපුත්‍ර සාතකර්ණී නම් රජු මෙම වර්ෂ ක්‍රමය ආරම්භ කරන ලද්දේ ශකවරුන් පරදා ඔහු එම ප්‍රදේශය ජයග්‍රහණය කිරීම සිහි කිරීමටයි.

    හජ්ජි වර්ෂ යනු මුස්ලිම්වරුන් තම අගමික උත්සව පැවැත්වීමේදී කාලය මැන ගැනීමට භාවිත කරන වර්ෂ ක්‍රමයයි. මේ මහම්මත් තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණි වර්ෂයයි. හජ්ජි වර්ෂ ආරම්භ වන්නේ ක්‍රි.ව 622 දීය.
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404


    ක්‍රි.ව වලට අනුව විශේෂ සිදුවීම් කිහිපයක්..

    1) මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකා
    ගමනය ක්‍රි.පූ 250.
    2) බුදුරජානන් වහන්සේගේ මහා පරිනිර්වාණය
    ක්‍රි.පූ 544.
    3) ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය ක්‍රි.ව 1.
    4) අපි දැන් ජීවත් වන වර්ෂය ක්‍රි.ව 2017.

    kauda danna me dina wakawanu hariyatama ganan kale :nerd:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    kauda danna me dina wakawanu hariyatama ganan kale :nerd:


    හොද ප්‍රශ්නයක්. බුදුන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ දේවල් රහතන් වහන්සේලා දින වකවානු ඇතුලත්ව ඉදිරියට අරගෙන ආවා. මේ ගැන වැඩිදුර විස්තර ත්‍රිපිටක ධර්මය ගැන හොද හසල දැනුමක් ඇති ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් අහලා දැනගන්න පුලුවන් .:)
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404


    හොද ප්‍රශ්නයක්. බුදුන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ දේවල් රහතන් වහන්සේලා දින වකවානු ඇතුලත්ව ඉදිරියට අරගෙන ආවා. මේ ගැන වැඩිදුර විස්තර ත්‍රිපිටක ධර්මය ගැන හොද හසල දැනුමක් ඇති ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් අහලා දැනගන්න පුලුවන් .:)
    ehema wennathi. ela ela