ක්‍රොකඩයිල් Krokodil

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ක්‍රොකඩයිල් Krokodil

    ක්‍රොකඩයිල්

    අඩු වියදම් හෙරොයින් ආදේශකයක් වන ක්‍රොකඩයිල් ( Krokodil ) නමැති මත්ද්‍රව්‍යය මුලින්ම බාවිතයට පැමිණියේ 2002 වසරේදී ය.
    මුලින්ම රුසියාවේදී හදුනාගත් අතර පසුව සර්බියාව හා රුසියාවෙන් කැඩුණු රටවල් හරහා ලොවපුර වියාප්ත විය . මෙය හෙරොයින් මෙන්ම ඕපියම් මගින් ගන්නා කෝඩයින් codeine නමැති රසායනයකින් උකහාගන්නා අතර ඩෙසොමොර්පීන් Desomorphine ලෙස හදුන්වයි. බජාර් එකේ ක්‍රොකඩයිල් ලෙස හදුන්වයි .

    Krokodil-the-zombie-drug-04.jpg


    ඇත්තටම මෙය ඉක්මනින් ප්‍රචලිත වීමට හේතුව වනුයේ රුසියාව ඇතුළු බොහෝ රටවල මෙය හෙරොයින් මෙන් දස ගුණයක් ලාභ දායී වීමයි. කුඩා පරිමාණයෙන් නිවාස වල මෙය නිෂ්පාදනය කරන නිසා භුමි තෙල්, තිනර්, හයිඩ්රොක්ලොරික් අම්ලය , ගිනිකූරු වෙඩිබෙහෙත් ආදී මෙකී නොකී සියලුම අහිතකර දේ එකතු කරයි .....

    සිරුරට එන්නත් කරගන්නා එන්නතක් වන මෙහි ඇති භයානක තත්ත්වය නම් මෙය මගින් සිරුරේ ඇති මස් දියවීම සිදුවීමයි. පටන්ගැන්මේදී සිරුරේ පිටත චර්මය දියවී යන අතර දිගුකාලීන භාවිතයේදී රුධිර නාළ සහ පටක වලට සිදුවන හානි හේතුවෙන් සිරුරේ චර්මය සම්පූර්ණයෙන් ඉවත්ව ගොස් අස්ථි මතුවේ.

    මෙහි ඇති ලාභදායී භාවය නිසා මේ වන විටත් ඇමෙරිකාවේ මත් ලෝලීන් විශාල ප්‍රමාණයක් බාවිතා කරයි. ඔවුන් බොහෝ පිරිසකට ඉතා වේදනා සහගත මරණයක් ඉදිරියේදී හිමිවනු ඇත.

    මෙය මෙතෙක් ශ්‍රී ලංකාව තුල වාර්තාවී නොමැත. එහෙත් ලංකාව තුලද විවිධ භයානක මත්ද්‍රව්‍ය වර්ග විශාල ප්‍රමාණයක භාවිතා වේ. ලංකාවේ රාත්‍රී සමාජ ශාලා, වෙරළ සැණකෙළි වලට යාමට පුරුදුවී සිටින බොහෝ තරුණ පිරිස් විවිධ මත් ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියි. ඒවායේ අහිතකර ප්‍රතිපල සම්බන්ධයෙන් ඔවුනට එතරම් අවබෝධයක් නොමැති අතර මරණ සිදුවූ අවස්ථාද වාර්තා විය.


    භාවිතයට පෙර සහ පසු


    95f20fde3b60e98664c719062c848525.jpg



    මේ තියෙන්නේ Krokodil පාවිච්චි කරාම වෙන දේවල් ......
    මේවා බලලා හිතට අරගෙන , අලුත් දේවල් අත්හදා බලන්න කලින් දහ සැරයක් හිතපල්ලා.


    images


    http://www.ehowzit.co.za/wp-content/uploads/2014/07/Krokodil-05.jpg

    004_dsc6478.jpg


    18BDBF9A00000578-0-image-a-15_1436497513584.jpg


    flesh-eating-heroin-knock-off-krokodil-appears-on-americas-east-coast-for-the-first-time-5-632x948.jpg


    75a66054e50bc8d8b6f2d1d9608c6037.jpg


    https://heavyeditorial.files.wordpress.com/2014/03/untitled-201.gif?w=640

    191gr8tz3m31ejpg.jpg