ක්ෂණික බොගා- ඉකේයියා මෙන්න මෙයා කක්ක කතා ලියනෝ.. .. ..!!!
කොච්චර ලොකු බුද්දිමතුන්ලා කිව්වත් උදේට නැගිටින්න එලාම් එක සෙට් කරනවා වෙනුවට වතුර බීලා නිදාගන්න කියලා ඒ වැඩේ මට නං හරියන්නේ නෑ.
හේතුව මේකයි. නිදාගන්න කලින් වතුර බිව්වාම වෙන්නේ ඇඳට ගිය වෙලේ ඉඳන් විටින් විට නැගිටින්න වෙන එකයි. අන්තිමේදී නින්ද ගියත්, අඩු නින්ද සහ නින්දට වුනු බාධා නිසා පහුවදාට තවත් අමාරුයි.
වතුර පොඩ්ඩක් බීලා නිදාගෙන කෙලින්ම උදේ පාන්දරම ඇහැරුණොත් මට නම් වෙන්නේ නම් මෙන්න මේකයි. ඔන්න නැගිට්ටා, නින්දෙන් ඇවිදිනවා වගේ ටොයිලට් ගියා, අත සේදුවා, කට සේදුවා, ඉන් පස්සේ ආයෙ කෙලින්ම ඇඳට ගච්ඡාමි. වෙනදත් වැඩිය පරක්කු වෙනවා ෆයිනල් ඇහැරීමේ අවස්ථාවට.
මගේ අත්දැකීමේ හැටියන නං උදේට නැගිටින්න හොඳම විසඳුම චූ බරක් හදාගැනීම නෙමේ කක්ක බරක් හදා ගැනීමයි!
එතකොට වෙන්නේ මේකයි. ඔන්න ටොයිලට් යනවා. මේ නම්බර් 2 වැඩේට ටිකක් වෙලාත් යනවනේ චූ සීන් එකට වඩා. ඉතිං ටිකක් නිදිමත ඇරෙනවා.
ඊලඟට මම නං කරන්නේ කෙලින්ම ෂවර් එකට යන එකයි. එතෙන්දි වතුර ටික ටික ඇඟට වැටෙනකොට සේරම හරි. පොඩි සින්දුවකුත් කියලා, විනාඩි දහයක් විතර ගත කරලා තමයි ආපහු එන්නේ නැවුම් එළකිරි ගතක් සිතක් ඇතිව.
නිදිමත කැලේ. අර ෂවර් එකේ ඉන්න වෙලාවේ හිතට ආපු කතන්දර ටික අමතක වෙන්න කලින් නෝට් කරගන්න එක තමයි හිතේ වැඩ කරන්නේ.
දැං මෙතන ප්‍රශ්ණය මේකයි. චූ බර වගේම අපිට ඕනැ වෙලාවට කක්ක බර හැදෙන්නේ නෑනේ. චූ බරට උත්තේජකයක් සපයන්න වතුර බීලා නිදාගත්තත් වැඩිපුර කන සිරිතක් නෑනේ. වැඩිපුර කෙසේ වෙතත් කාපු ටික යවා ගත්තොත් මදෑ.
ඒ හින්දා මේක උදේ නැගිටින්න ප්‍රායොගික ක්‍රමයක් නං නෙමේ.
ඒ මොනවා උනත් ඔන්න ඔය කක්ක කරන එකෙයි අද කතන්දරේ මූලික වස්තු බීජය තියෙන්නේ.
අවුරුදු බර ගාණකට කලින් මං අර මහනුවර පැත්තේ තිප්පොලට සෙට් වුණු කාලේ අපි එක්ක වැටිලා හිටියා සොමි කකුලeක්. අපි හුඟක් දෙනෙකුට උදේට ටොයිලට් යන්න නං ඉතිං තේ එක බොන්න ඕනෑම නේ. තේ නැත්තං නෝ කතා නෝ සිනා.
ඒකට මෙන්න අපේ පොර. නැගිට්ට ගමන් ගියා ටොයිලට් එකට. විනාඩියෙන් වැඩේ කරලත් එලියට එනවා.
මිනිහ කොච්චර කාර්්යක්ෂමතාවයකින් මේ ශරීර කෘත්‍යය කරනවද කියනවනං, ඒ දවස්වල පොරට අපි කාඩ් එකක් ගහලා තිබුණේ ක්ෂණික බොගා කියලා.
පස්සේ මං අහල දැනගත්ත විදියට මේ ක්ෂණිකත්වයේ රහස මෙන්න මෙහෙමයි.
පොර උදේ නැගිට්ට ගමන් සිට්-අප්ස් අභ්‍යාසය දහ දොලොස් එක දිගට පාරක් කරනවා හිටු කියලා. පොර කියන විදියට, ඒ අභ්‍යාසයෙන් පස්සේ බඩ නිකං බබා වගේ වෙනවා.
ඉතිං දැන් තියෙන්නේඃ
1.ගියා
2.දැම්මා
3.ආවා.
ප්ලෑන් එක හරිම සිම්පල්. විනාඩියෙන් කර්තව්‍යය හමාරයි.
අපේ කට්ටිය දැන් පටන් ගනීද කක්ක කතා ලියන්න?

අනේ මන්දා බයේ බෑ, කට්ටිය මගේ ඇඟට ගොඩ වෙයි!

කරන්න හොඳ නං ලියන්න නරක ඇයි නේද මෙයාලා?