කාගෙත් සුන්දරිය වු “ක්‍රිබ්” එක..
“ක්‍රිබ්” එක යනු බැංකු සහ මුල්‍ය ආයතන විසින් අපහරණය කරන “ටූල්” එකකි. උදාහරණයක් ලෙස, තම මිතුරෙකුගේ ණය ඇපයට අත්සන් කිරිමට ගිය කෙනෙකුගේ නම “ක්‍රිබ්” එකේ තිබෙන බව එම මුල්‍ය ආයතනය කීවේය. ඊට වසර 15 විතර පෙර තම මිතුරෙකුට වාහනයක් ගැනීමට ඇපයට අත්සන් කළ බව ඔහුට මතක් විය. වාහනය ලිසිං කළ කෙනාට එය නිසි ආකාරයෙන් ගෙවා ගැනීමට නොහැකි වු නිසා මුල්‍ය ආයතනය වාහනය පැහැරගෙන ගියේය. කෙසේවෙතත්, එම සිද්ධිය නීීීීීීීීීීීීීීීීීත්යානුකූලව සමථයකට පත් විය. එම මුල්‍ය ආයතනය ඇප කරුගේ නම ද “ක්‍රිබ්” එකට දැම්මේය. දැන් ඒ ආයතනය තිබුන තැනක්වත් නැත. එහෙත්, ඔහුගේ නම තාම “ක්‍රිබ්” එකේය. මේ තත්වය පැහැදිලි කර තම නම “ක්‍රිබ්” එකෙන් ඉවත් කර ගැනීමට ඔහුට අදටත් නොහැකි ය. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිළධාරින්ගෙන් මේ ගැන විමසුවීට ඔවුන් කීවේ 'අපිට කරන්න දෙයක් නැ, ඒක දාපු අය සමග කථා කරන්න' කියා ය. ඒ “ක්‍රිබ්” එකේ හැටිය.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට එය රාජ්‍ය ආයතනක් වන අතර මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ මුදල් අමාත්‍යාංශයයි. විශේෂ පණතකට (1990 වසරේ) අනුව ස්ථාපිත කර ඇත. “ක්‍රිබ්” එක යනු ඕනැම මුල්‍ය ආයතනයකට ලබා ගත හැකි භාණ්ඩයක් වැනි දෙයකි. එහි දත්ත කොපමණ නිරවද්‍ය ද, යාවත් කාලීන ද, එයින් ණය කරුවන්ට විය හැකි අගතිය කුමක් ද, වැනි කරුණු ගැන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය කොපමණ සංවේදී ද යන්න පැහැදිලි නැත. එම ආයතනයේ, වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට,
--- “බැංකු හා මූල්‍ය ආයතන තම ගණුදෙනුකරුවන්හට ණය ලබාදීමේදී ගනු ලබන තීරණ නිවැරදි හා කාර්යක්ෂම කිරීමට අවශ්‍යය තොරතුරු කලට වේලාවට සපයාදෙමින්, ආර්ථිකයේ සෑම අංශයකටම ණය ගලායාම පහසුකරවීමට ණය තොරතුරු කාර්යාංශය බළාපොරොත්තුවන අතර ණය සඳහා වගකීමෙන් බැඳි, යහපත් ණය ශක්‍යතාවයකින් හෙබි සමාජයක් බිහි කරලීමෙහි ලා පෙරගමන්කරු ලෙස කටයුතු කරයි”---
එහෙත්, ණය දෙන ආයතන වලින් සිදු කරන්නෙ මෙය නොවේ, ණය කරුවන් අපරාධකාරයන් සහ වංචාකාරයන් කරමින් ඔවුන්ව ලේබල් කරන එක ය. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයන් මේ ඊනීයා “ක්‍රිබ්” එක පවත්වාගෙන යෑමෙන් රටට සේවයක් සිදුවන බවක් පෙනෙන්නට නැත. මෙම ආයතනය තවත් එක්තරා අසාදු රාජ්‍ය ආයතනයක් පමණි. රටේ මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ඊට මෙම ආයතනය සාධනීයව සහභාගි වූ බවට කිසිදු සාක්ෂියක් නැත. මෙය පැහැදිලි වන තවත් උදාහාරණයක් වන්නේ, එම වෙබ් අඩවියේ නිතර අසන ප්‍රශ්නයකට දී ඇති උත්තරයෙනි.
ප්රශ්නය - “ණය තොරතුරු කාර්යාංශය වෙත ණය තොරතුරු වාර්තා කිරීම සහ යාවත්කාලීන කිරීම කරනු ලබන්නේ කවුරුන් විසින්ද?”
උත්තරය - “ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සමාජිකත්වය දරණ ලියාපදිංචි බැංකු හා මූල්‍ය ආයතන විසින් කාර්යාංශය වෙත ණය තොරතුරු වාර්තා කරනු ලබන අතර, එය වර්තමානයේදී සිදුකෙරෙනු ලබනුයේ පරිඝනක පද්ධති හරහා ඉලෙක්ට්‍රොනික ගත මාර්ගයෙනි. දත්ත වාර්තා කිරීම හා යාවත්කාලීන කිරීම මාසිකව එම මූල්‍ය ආයතනවල ප්‍රධාන කර්යාල හරහා සිදුකෙරේ”.
මෙය ඉතා බරපතල තත්වයකි, නොසලකා හැරීමකි. ඒ අනුව ඕනැම කෙනෙකුට ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සමාජිකත්වය ගෙන ඕනැම කෙනෙකුගේ නම ඊනියා “ක්‍රිබ්” එකට දැමිය හැකි ය. එය ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට අදාල නැතිද? ඒ වෙනුවෙන් කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් නොවන්නේද? ඉහත සඳහන් කළ උදාහරණයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වගවීමෙන් තොර භාවිතාව නොවේද?