කාගෙත් සුන්දරිය වු “ක්‍රිබ්” එක..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාගෙත් සුන්දරිය වු “ක්‍රිබ්” එක..
    “ක්‍රිබ්” එක යනු බැංකු සහ මුල්‍ය ආයතන විසින් අපහරණය කරන “ටූල්” එකකි. උදාහරණයක් ලෙස, තම මිතුරෙකුගේ ණය ඇපයට අත්සන් කිරිමට ගිය කෙනෙකුගේ නම “ක්‍රිබ්” එකේ තිබෙන බව එම මුල්‍ය ආයතනය කීවේය. ඊට වසර 15 විතර පෙර තම මිතුරෙකුට වාහනයක් ගැනීමට ඇපයට අත්සන් කළ බව ඔහුට මතක් විය. වාහනය ලිසිං කළ කෙනාට එය නිසි ආකාරයෙන් ගෙවා ගැනීමට නොහැකි වු නිසා මුල්‍ය ආයතනය වාහනය පැහැරගෙන ගියේය. කෙසේවෙතත්, එම සිද්ධිය නීීීීීීීීීීීීීීීීීත්‍යානුකූලව සමථයකට පත් විය. එම මුල්‍ය ආයතනය ඇප කරුගේ නම ද “ක්‍රිබ්” එකට දැම්මේය. දැන් ඒ ආයතනය තිබුන තැනක්වත් නැත. එහෙත්, ඔහුගේ නම තාම “ක්‍රිබ්” එකේය. මේ තත්වය පැහැදිලි කර තම නම “ක්‍රිබ්” එකෙන් ඉවත් කර ගැනීමට ඔහුට අදටත් නොහැකි ය. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිළධාරින්ගෙන් මේ ගැන විමසුවීට ඔවුන් කීවේ 'අපිට කරන්න දෙයක් නැ, ඒක දාපු අය සමග කථා කරන්න' කියා ය. ඒ “ක්‍රිබ්” එකේ හැටිය.

    ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට එය රාජ්‍ය ආයතනක් වන අතර මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ මුදල් අමාත්‍යාංශයයි. විශේෂ පණතකට (1990 වසරේ) අනුව ස්ථාපිත කර ඇත. “ක්‍රිබ්” එක යනු ඕනැම මුල්‍ය ආයතනයකට ලබා ගත හැකි භාණ්ඩයක් වැනි දෙයකි. එහි දත්ත කොපමණ නිරවද්‍ය ද, යාවත් කාලීන ද, එයින් ණය කරුවන්ට විය හැකි අගතිය කුමක් ද, වැනි කරුණු ගැන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය කොපමණ සංවේදී ද යන්න පැහැදිලි නැත. එම ආයතනයේ, වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට,

    --- “බැංකු හා මූල්‍ය ආයතන තම ගණුදෙනුකරුවන්හට ණය ලබාදීමේදී ගනු ලබන තීරණ නිවැරදි හා කාර්‍යක්ෂම කිරීමට අවශ්‍යය තොරතුරු කලට වේලාවට සපයාදෙමින්, ආර්ථිකයේ සෑම අංශයකටම ණය ගලායාම පහසුකරවීමට ණය තොරතුරු කාර්යාංශය බළාපොරොත්තුවන අතර ණය සඳහා වගකීමෙන් බැඳි, යහපත් ණය ශක්‍යතාවයකින් හෙබි සමාජයක් බිහි කරලීමෙහි ලා පෙරගමන්කරු ලෙස කටයුතු කරයි”---

    එහෙත්, ණය දෙන ආයතන වලින් සිදු කරන්නෙ මෙය නොවේ, ණය කරුවන් අපරාධකාරයන් සහ වංචාකාරයන් කරමින් ඔවුන්ව ලේබල් කරන එක ය. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයන් මේ ඊනීයා “ක්‍රිබ්” එක පවත්වාගෙන යෑමෙන් රටට සේවයක් සිදුවන බවක් පෙනෙන්නට නැත. මෙම ආයතනය තවත් එක්තරා අසාදු රාජ්‍ය ආයතනයක් පමණි. රටේ මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ඊට මෙම ආයතනය සාධනීයව සහභාගි වූ බවට කිසිදු සාක්ෂියක් නැත. මෙය පැහැදිලි වන තවත් උදාහාරණයක් වන්නේ, එම වෙබ් අඩවියේ නිතර අසන ප්‍රශ්නයකට දී ඇති උත්තරයෙනි.

    ප්‍රශ්නය - “ණය තොරතුරු කාර්යාංශය වෙත ණය තොරතුරු වාර්තා කිරීම සහ යාවත්කාලීන කිරීම කරනු ලබන්නේ කවුරුන් විසින්ද?”

    උත්තරය - “ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සමාජිකත්වය දරණ ලියාපදිංචි බැංකු හා මූල්‍ය ආයතන විසින් කාර්යාංශය වෙත ණය තොරතුරු වාර්තා කරනු ලබන අතර, එය වර්තමානයේදී සිදුකෙරෙනු ලබනුයේ පරිඝනක පද්ධති හරහා ඉලෙක්ට්‍රොනික ගත මාර්ගයෙනි. දත්ත වාර්තා කිරීම හා යාවත්කාලීන කිරීම මාසිකව එම මූල්‍ය ආයතනවල ප්‍රධාන කර්යාල හරහා සිදුකෙරේ”.

    මෙය ඉතා බරපතල තත්වයකි, නොසලකා හැරීමකි. ඒ අනුව ඕනැම කෙනෙකුට ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සමාජිකත්වය ගෙන ඕනැම කෙනෙකුගේ නම ඊනියා “ක්‍රිබ්” එකට දැමිය හැකි ය. එය ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට අදාල නැතිද? ඒ වෙනුවෙන් කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් නොවන්නේද? ඉහත සඳහන් කළ උදාහරණයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වගවීමෙන් තොර භාවිතාව නොවේද?
     
    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    machan ethakota crib eke nama thibunoth ( yaluwekuta apayata sign karala). mata kawadawath loan ekak ganna barida... lankawe piligaththa bank ekakin (eg.. boc,, com, sampath, nsb)
     
    • Like
    Reactions: NRTG and sannsa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ක්‍රිබ් එකේ නම තිබ්බ කියල අවුලක් නෑ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්ත ගමන් ක්‍රිබ් එකේ රෙකෝඩ් එකක් හැදෙනව.

    ක්‍රිබ් රිපෝට් එකේ තියෙන්නෙ තමන් ගත්ත ණය නියමිත දිනයෙදි ගෙවනවද නැද්ද කියන විස්තර.

    ඇපයක් අත්සන් කරාම ක්‍රිබ් එකේ රෙකෝඩ් එකක් හැදෙනව. ඇප අත්සන් කරාම අපිට වගකීමක් තියෙනව ඒ ණය ගෙවන්න. ණය ගත්ත කෙනා ගෙව්වෙ නැත්නම් අපි ඒ ගාන ගෙවන්න ඕනෙ. එහෙම නොගෙව හිටියොත් ඒ ගැන රෙකෝඩ් එක අප්ඩේට් වෙනව.

    ණයක් ගන්න ගියාම ක්‍රිබ් රිපෝට් එකේ ඔය විස්තරේ දැක්කම වෙන බැංකුවකින් අපිට ණය දෙන්නෙ නෑනෙ. කවුද කැමති ණය ගෙවන්නෙ නැති උන්ට තවත් ණය දෙන්න.

    සාමාන්‍යයෙන් තොරතුරු තියාගන්නෙ අවුරුදු 5යි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    thawa tikak pahadili karapanko... crib eka gana dannema nathi nisa ahanne
    අපේ නැන්ද කෙනෙක් ලෝන් එහෙකට සයින් කරල අවුරුදු 5 කට කලින් 150000 වගේ තිබ්බ බැලැන්ස් එකක් ලක්ස 15 වෙන්කම්ම ගෙවල නෑ ගත්ත කෙනත් මැරිල. සයින් කල දෙන්නටම ලෙටර් ඇවිල්ල තිබුන, හැබැයි එයාලා ලොර්න් ගන්න බෑන්ක් එකට ගියාම කේස් එකක් උනේ නෑ, බ් ඔ සි එකේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ක්‍රිබ් එකේ විස්තර අවුරුදු දැනට තියෙන්නෙ අවුරුදු 3යි නේ
    අර උඩින් කියලා තියන අවුරුදු 15 කතාව නං ශුවර් නැහැ, එහෙම වෙන්න පුලුවන් ඌ අවුරුදු 15ට විතර ලෝන් එක දාල, ලඟදි වාරිකයන් නොගෙවා ඉඳලා වගේ

    මම දන්න විදියට ලංකාවෙ ලෝන් සහ ක්‍රෙඩිට් කාඩ් වලට විතරයි ඔය සීන් තියෙන්නෙ, සමහර රටවල සිම් එකක්/ඉන්ටනෙන් කනෙක්ශන් එකක්වත් ගන්න බැහැ කියල මම අහලා තියනවා
    පරසනලි ක්‍රිබ් එකේ විස්තර අනුව ලෝන් නොදෙන එකට මම කැමතියි, මොකද ඒ මොනවත් බලනනෙ නැතුව ලෝන් දෙනවා කියන්නෙ හරියට ලෝන් ගෙවන අයට ලොකු අසාධාරනයක්.
    ඕව බලලා ලෝන් Approve කරේ නැති උනාම government බෑන්ක් වලට ප්‍රාදේශීය සභා මන්ත්‍රීල එහෙම කතා කරල ගේම ඉල්ලනවා කියලා අහල තියනවා, එතකොට මෙහෙම ක්‍රිබ් එක තියෙන එකෙන් ගොඩක දුරට තරාතිරම නොබලා නොගෙවන එවුන්ට ලෝන් නොදෙන එක වෙන දෙයක් හොඳ දෙයක්නේ.
     
    true, awurudhu 15 nemei laksha 15k
     
    Last edited:

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ක්‍රිබ් එකේ නම තිබ්බ කියල අවුලක් නෑ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්ත ගමන් ක්‍රිබ් එකේ රෙකෝඩ් එකක් හැදෙනව.

    ක්‍රිබ් රිපෝට් එකේ තියෙන්නෙ තමන් ගත්ත ණය නියමිත දිනයෙදි ගෙවනවද නැද්ද කියන විස්තර.

    ඇපයක් අත්සන් කරාම ක්‍රිබ් එකේ රෙකෝඩ් එකක් හැදෙනව. ඇප අත්සන් කරාම අපිට වගකීමක් තියෙනව ඒ ණය ගෙවන්න. ණය ගත්ත කෙනා ගෙව්වෙ නැත්නම් අපි ඒ ගාන ගෙවන්න ඕනෙ. එහෙම නොගෙව හිටියොත් ඒ ගැන රෙකෝඩ් එක අප්ඩේට් වෙනව.

    ණයක් ගන්න ගියාම ක්‍රිබ් රිපෝට් එකේ ඔය විස්තරේ දැක්කම වෙන බැංකුවකින් අපිට ණය දෙන්නෙ නෑනෙ. කවුද කැමති ණය ගෙවන්නෙ නැති උන්ට තවත් ණය දෙන්න.

    සාමාන්‍යයෙන් තොරතුරු තියාගන්නෙ අවුරුදු 5යි.
    airidu 5 passe ain wela yanawada ape details? Mehema baluwoth kidenekge report tiyaganna onada ban ammoo
     
    • Like
    Reactions: VASSA

    Similar threads