කාගෙ ද හොඳම කකුල?

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කාගෙ ද හොඳම කකුල?

    නාරිදේහයේ සෘගාරාත්මක නැත්තේ කොහෙ ද?

    හිසේ ඉදන් දෙපතුල දක්වාම එකිනෙකට වෙනස් සුන්දර නාරිදේහ ලතා‍ව ස්වභාව ධර්මය මැවූ අපූර්වම නිර්මාණයක් කියලා තමයි කවීන් නම් කියන්නේ.
    ස්ත්‍රී සිරුර තරම් උපමා, උපමේය, වර්ණනා වලට බදුන් වූ තවත් දෙයක් මෙලොව නැති තරම්.
    ලෝකේ ලස්සනම ස්ත්‍රීන් ඉන්න රටවල් අතරින් ඉන්දියාවට ලැබෙන්නේ ඉහළම තැනක්.
    female%20body.jpg


    ඒ අතරිනුත් බොලිවුඩය කියන්නේ මිහිමතට ආ දිව්‍ය අංගනාවන්ගේ පාරාදීසයක් වගේයි.
    ඉන්දියාව කියන්නේ එදා ඉදලාම ලෝකයේ හැම දේකම හොද නරක අන්ත දෙකම යහමින් පැවතුන අදටත් දකින්න තියෙන රටක්.සංස්කෘතියෙන් අග තැන්පත් සාරියෙන් සල්වාරියෙන් සැරසුන කාන්තාවන් වගේම කෙටි සායෙන් කොට කලිසමෙන්යාන්තමින් සිරුර වැසුන ඇදුමෙන් සැරසුන කාන්තාවනුත් ඉන්දියාවෙදි දැක ගන්න පුළුවන්.
    long_legs1.jpg


    සුන්දරම සිනාව, ලස්සනම හිසකේ, නිරෝගීම සම ඇති යුවතිය තෝරන තරග නම් අපි ඕන තරම් දැකලා තියෙනවා.

    ඒත් බොලිවුඩ් පැපරාසි පත්තර මේ ඊයේ පෙරේදා දවසක අපූරු වෙනස් විදිහේ තරගයක් පැවැත්තුවා.
    තරගයක් කිව්වට තරගකාරියො සහභා‍ගි වෙලා කරපු තරගයක් නෙවෙයි. පාඨක සහභාගිත්වයෙන් කරපු තරගයක්.
    ඒ තමයි බොලිවුඩයේ ඉන්න සුන්දර සිනමා තාරකාවන් අතරින් ලස්සනම එහෙමත් නැත්නම් සෘගාරාත්මකම දෙපා ඇත්තේ කාට ද කියන තරගය.
    පාඨක මනාපයෙනුත් පැපරාසි ඡායාරූප ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන් හා කතුවරුන්ගේත් විශේෂඥ අදහස් වලින් ඔවුන් බොලිවුඩයේ සුන්දරම දෙපා දහය තේරුවා.

    මේ තමයි ඒ ලැයිස්තුව.

    අංක 10. කරීනා කපූර් (Kareena Kapoor)


    kareena.jpg


    කරීනා කියන්නේ අද බොලිවුඩයේ ඉන්න අංක එකේ නිළිය. ඇය සිය සිනමා ජීවිතයේ දැන් ගත කරන්නේ ස්වර්ණමය යුගය. හැබැයි සෘගාරාත්මක දෙපා ඇත්තියන්ගේ තරගය තුළ නම් ඇයට හිමි වෙලා තියෙන්නේ දහ වෙනි තැන.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අංක 9. කත්‍රිනා කයිෆ් (Katrina Kaif)

    katrina.jpg


    කත්‍රිනා කියන්නේ බොලිවුඩ් සිනමාවට පායා ආ දිනයේ පටන් එකම නාරි ලාලිත්‍යයක් පවත්වා ගත් සුන්දරියක් ලෙසයි හැදින්වෙන්නේ. සිරුරේ හැඩය පවත්වා ගැනීම කෙරෙහි ඈ තුළ තියෙන දැඩි කැපවීම පිළිබදවත් ඉහළින් කතා බහට ලක් වෙනවා.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අංක 8. ජැකලීන් ෆ්ර්නැන්ඩස් (Jacqueline Fernandez)

    jacqueline.jpg


    බොලිවුඩ් සිනමා අරඹට පෑයූ ශ්‍රි ලාංකේය තාරකාව ජැකලීන් ඉතා කෙටි කාලයකදී ඉන්දීය ප්‍රේක්ෂක ජන ප්‍රසාදයට ඉහළින්ම පාත්‍රවී තිබීම මෙයින්ම පැහැදිලි වේ. විශේෂයෙන් මෑතක ආ "මර්ඩර් 2" චිත්‍රපටයේ ඇගේ සරාගී රැගුම් තවත් සෑහෙන කාලයකට ප්‍රේක්ෂක මනසින් නම් මැකී යනු බොරු.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අංක 7. ජියා කාන් (Jiah Khan)

    jiah%20khan.jpg


    ජියා කාන් සිනමාව තුල රග දැක්වූ සිය පළමු රංගනය පිළිබද කවුරුත් හොදක් නොකීවාට එම රංගනය තුළ රග දැක් වූ ඇගේ සරාගී දෙපා ගැන නම් සෑහෙන කාලයක් යන තුරු හැමෝම කතා කළ බවයි කියැවෙන්නේ. ඒ නිසාම ද කොහෙ ද ඇයට මේ දර්ශකයේ 7 වෙනි තැන හිමි වෙලා තියෙනවා.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අංක 6. නේහා දූපියා (Neha Dhupia)

    neha%20dhupia.jpg


    2002 ඉන්දීය රූප සුන්දරිය ලෙස කිරුළු පැළදි නේහා බොහෝ කලක් මෝස්තර නිරූපණ කේෂ්ත්‍රයේද නිරතව සිටි යුවතියක්. ඒ නිසාම ඇගේ සුන්දර නාරිදේහ ලතාව ගැන කවුරුත් ඉහළින් කතා කරනවා.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අංක 5. මලෙයිකා අරෝරා කාන් (Malaika Arora Khan)

    Malaika%20Arora%20Khan.jpg


    ලොව ප්‍රකට මියුසික් ටෙලිවිෂන් නාළිකාව ඉන්දියාව තුළ ආරම්භ කරපු කාලෙදිම එහි නිවේදිකාවක් විදිහට කටයුතු කළ මලෙයිකා පසුව මෝස්තර නිරූපිකාවක්, රූපවාහිනී හා සිනමා නිළියක් දක්වා දිග ගමනක් ගිය කෙනෙක්. ඒ ගමන තුල ඇගේ දෙපා ඊට දුන් සහය ඉහළයි. මේ ලැයිස්තුවේ ඉන්න වයසින් වැඩිම (අවු.37) සුන්දරිය ඇය වුණත් ඇගේ දෙපා අමතක කර මේ ලැයිස්තුව සෑදිය නොහැකි නිසාම ඇයට පස් වැනි තැන හිමි වෙලා.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අංක 4. ප්‍රියන්කා චොප්රා (Priyanka Chopra)

    priyanka%20chopra.jpg


    2000 වසරේ ඉන්දීය රූප සුන්දරිය කිරුළු විතරක් නෙවෙයි ලෝක රූප සුන්දරිය කිරුළුත් දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ප්‍රියංකාට එම තරග දිනන්නට ඇගේ සෘගාරාත්මක දෙපා වලින් ලොකු හයියක් ලැබුණ බව නොරහසක්.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අංක 3. බීපාෂා බාසු (Bipasha Basu)

    bipasha-basu.jpg


    බීපාෂා සුන්දර දෙපා වලට හිමි කම් කියන නිසාම බොහෝ පාවහන් නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ සන්නාම තානාපතිනිය ලෙස ඇයව යොදා ගෙන තියෙනවා. ඒ නිසාම ඇය මේ දර්ශකයේ පසු වන්නේ තුන් වෙනි තැන.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අංක 2. දීපිකා පදුකෝන් (Deepika Padukone)

    deepika%20padukone.jpg


    දීපිකාට අද බොලිවුඩය තුළ තියෙන තැන ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්. ඇයව හැදින්වෙන්නේ බොලිවුඩයේ අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් ත්‍රිමූර්තියක් විදිහට. ඇගේ සුන්දරත්වයට ඇගේ සරාගී දෙපා ද ඇගේ සරාගී දෙපා වලට ඇගේ සුන්දර මුහුණ ද එකිනෙකට සම්බන්ධවී තියෙනවා කියලායි විචාරකයන් නම් කියන්නේ.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඉන්දියාවේ බොලිවුඩ් රුවැත්තියන් අතරින් සරාගීම දෙපා ඇත්තිය ලෙසට අභිෂේක ලබන්නේ කවුද....????
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ තොරාගෙන තියෙන විදියට නම් පරණ කෙනෙක්ට වෙන්න ඇති දිනුම දිලා තියෙන්නේ..
    මම හිතන්නේ ශිල්පා ෂෙට්ටිට.. වෙන්න ඇති..
    මෙතන ඒ නම නැති හින්දා මම නිකමට ගෙස්ට් කලා..
    හරි ද !!!
     
    Aug 14, 2009
    974
    92
    0
    මේ තොරාගෙන තියෙන විදියට නම් පරණ කෙනෙක්ට වෙන්න ඇති දිනුම දිලා තියෙන්නේ..
    මම හිතන්නේ ශිල්පා ෂෙට්ටිට.. වෙන්න ඇති..
    මෙතන ඒ නම නැති හින්දා මම නිකමට ගෙස්ට් කලා..
    හරි ද !!!

    Yep I also think :yes::yes::yes: