කාන්තාරයේ වැලිකැට

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාන්තාරයේ වැලිකැට

    කාන්තාරයේ වැලිකැට
    පුපුරයි ගිනි උනුහුම පිට....
    මාත් එක්ක දැවෙන තරම්..
    ඒ ගිනි දැල් ආත්මයට......
    සාංකාව ඔබම සොයන....
    මේ දුප්පත් රිදුනු හිතට....
    කාත් කවුරුවත් නෑ හෙට...
    ඔයත් ගිහිං දුර ඈතට.........

    රැයක් දවාලක් නොදකින..
    කම්හල් මෙවලම් රූ මත...
    පියාපත් සලා මනසින්...
    සොයා ඇදෙමි ඔය සුවදම.....
    උන්නත් මා ඔබෙන් මිදී....
    දහස් ගව් ගණන් ඈතක
    විශ්වාසය තැබූ තරම්.....
    සිහිව දනින් වැටෙයි මනස...

    හිරු සදු සේ බැබලෙන ලෙස..
    ඉසුරු සොයා එන්නම් මම....
    සසර පුරා බැදෙනා ලෙස..
    වෙමු අපි අපගේ සදහට.........
    සිව් වසරක් ගිණි කතරට
    පුදදුන් මාගේ සෙනෙහස...
    සත් දිනකින් මුදා හළෙමි...
    ඉර හද තරු අමතක කොට...... !

    stock-footage-businessman-sticking-his-head-into-the-sand-in-desert.jpg

     
    • Like
    Reactions: Ereshaz77

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ සුපිරි මචෝ..:( මට මේ සිංදුව මතක් වුනේ..

    මේ දෑසින් ඔබ හරි ඈතයි
    දුරකථනෙන් මා ඇමතූවත්
    දැකගන්නත් මට හරි ආසයි
    ඔය නිළුපුල් නෙත් යුග ආයෙත්

    ඔබ ගැන මා සිතනා සිතුමන්
    බෑ ලියනට අකුරින් කවදත්
    මේ අයුරින් දින ගෙවිලා යයි
    අන් රටකට සිරවී තාමත්

    තනිකම මට හුරු නෑ ප්‍රේමී
    කඳුළැල් ඉඳහිට හඬවාවී
    එනුමැන පාවී මේ සුළඟේ සමනලියේ
    මතකයෙ සුවදින් මා සැනසෙන්නම්

    දිඟු වරලස නළල් තලේ
    තාලෙට දඟ කරපු රඟේ
    හිස තබමින් ඔබ උකුලේ
    සැනසුනු හැටි මට මතක තියේ

    පිණි කැට ලෙස සඳ එළියේ
    තරුකැට දිලිසුන වතුරේ
    පා දොවමින් ඇවිද ගියේ
    ඔබ පමණයි මා ළඟ සිටියේ

    වස්තුනු තැවරූ නෙක අගනන්
    යන එන හැමතැන මා දුටුවත්
    නෙත ඇඳි හද බැඳි ඔය රුව නම්
    අමතක වෙන්නෑ මට කොහොමත්

    වත්සානය මෙන් ගිම්හානෙත්
    මට සිසිලයි නෑ එහි වෙනසක්
    ඔබෙ සියොලග උණුසුම ලබමින්
    මතකද ගෙවුනා එක දවසක්

    තනිකම මට හුරු නෑ ප්‍රේමී
    කඳුළැල් ඉඳහිට හඬවාවී
    එනුමැන පාවී මේ සුළඟේ සමනලියේ
    මතකේ සුවදින් මා සැනසෙන්නම්

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ සුපිරි මචෝ..:( මට මේ සිංදුව මතක් වුනේ..

    මේ දෑසින් ඔබ හරි ඈතයි
    දුරකථනෙන් මා ඇමතූවත්
    දැකගන්නත් මට හරි ආසයි
    ඔය නිළුපුල් නෙත් යුග ආයෙත්

    ඔබ ගැන මා සිතනා සිතුමන්
    බෑ ලියනට අකුරින් කවදත්
    මේ අයුරින් දින ගෙවිලා යයි
    අන් රටකට සිරවී තාමත්

    තනිකම මට හුරු නෑ ප්‍රේමී
    කඳුළැල් ඉඳහිට හඬවාවී
    එනුමැන පාවී මේ සුළඟේ සමනලියේ
    මතකයෙ සුවදින් මා සැනසෙන්නම්

    දිඟු වරලස නළල් තලේ
    තාලෙට දඟ කරපු රඟේ
    හිස තබමින් ඔබ උකුලේ
    සැනසුනු හැටි මට මතක තියේ

    පිණි කැට ලෙස සඳ එළියේ
    තරුකැට දිලිසුන වතුරේ
    පා දොවමින් ඇවිද ගියේ
    ඔබ පමණයි මා ළඟ සිටියේ

    වස්තුනු තැවරූ නෙක අගනන්
    යන එන හැමතැන මා දුටුවත්
    නෙත ඇඳි හද බැඳි ඔය රුව නම්
    අමතක වෙන්නෑ මට කොහොමත්

    වත්සානය මෙන් ගිම්හානෙත්
    මට සිසිලයි නෑ එහි වෙනසක්
    ඔබෙ සියොලග උණුසුම ලබමින්
    මතකද ගෙවුනා එක දවසක්

    තනිකම මට හුරු නෑ ප්‍රේමී
    කඳුළැල් ඉඳහිට හඬවාවී
    එනුමැන පාවී මේ සුළඟේ සමනලියේ
    මතකේ සුවදින් මා සැනසෙන්නම්

    :eek::eek: