කාන්තාර

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    කාන්තාර යනු ශාකවර්ධනය වීමට අවශ‍‍‍යය තරම් වර්ෂාවක් නොලැබෙන ප්‍රදේශ යි.ලෝකය පුරා පවතින කාන්තර වලට ලැබෙන වර්ෂාපතනයේ මධ‍‍‍යන අගය වසරකට මිලිමීටර 250ක් පමණ වේ.කාන්තාර් ප්‍රදේශවල, අහසින් වැටෙන වැසි ප්‍රමානයට වඩා වැඩි ප්‍රමානයක් පොළොවෙන් වාෂ්ප වේ.

    simpsonsunlight-469560_15473_470x300.jpg


    omanidunes-734565_15195_470x300.jpg


    කෝපන් දේශගුණ වර්ගීකරණයට අනුව කාන්තාර වර්ග 2කට වෙන් කළ හැක.ඒවා නම්

    1. උණුසුම් කාන්තාර
    2. ශුෂ්ක කාන්තාර
    වේ.

    කාන්තාර පිහිටා තිබෙන්නෙ ශාක වයාප්තියක් නොමැති තරම් වූ ප්‍රදේශ වලයි.ලෝක භූමි වියාප්තියෙන් 20% ක් කාන්තර වලින් වැසී පවතී.දහවල් කාලයේ කාන්තාරයක උෂ්ණත්වය සෙල. අoශක 45(ෆැරන්.113)ක් පමණ වේ.



    afternoondesertshadows-493715_14217_470x300.jpg



    1961 දී පෙවෙරිල් මෙයිග්ස්(Peveril Meigs) විසින් කාන්තාර,ප්‍රධාන කොටස් 3 කට වර්ග කරන ලදී.මේවා වර්ග කරන ලද්දේ ඒ ඒ කාන්තාර වලට ලැබෙන වර්ෂාපතනය පදනම් කරගෙන ය.


    ලෝකයේ පවතින විශාලත ම කාන්තාර අට(8) අවරෝහන පිලිවෙළට මෙසේ ය.


    ඇන්ටාක්ටික් කාන්තාරය (
    ඇන්ටාක්ටිකාව) - 13,829,430 ව.කි
    සහරා කාන්තාරය (අප්‍රිකාව) - 9,100,000 ව.කි
    අරාබි කාන්තාරය (මැද පෙරදිග) - 2,330,000 ව.කි
    ගෝබි කාන්තාරය (ආසියාව) - 1,300,000 ව.කි
    කාලහාරි කාන්තාරය (අප්‍රිකාව) - 900,000 ව.කි
    පැටගෝනියානු කාන්තාරය (දකුණු ඇමරිකාව) - 670,000 ව.කි
    මහා වික්ටෝරියානු කාන්තාරය (ඕස්ට්‍රේලියාව) - 647,000 ව.කි
    සිරියානු කාන්තාරය (මැද පෙරදිග) - 492,000 ව.කි

    ක්ෂේම භූමි


    ක්ෂේම භූමියක් යනු කාන්තාරයක ශාක හා ජලය පවතින හුදෙකලා ප්‍රදේශ යි.වර්තමානයේ
    ක්ෂේම භූමියක් ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන්නේ කාන්තාර සතුන්ට වන අතර, ආදි කාලයේ දී ඒවා වෙළෙන්දන් හා සoචාරකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

    baja-desert-cactus-730433_14300_470x300.jpg



    libya-oasis-713046_15030_470x300.jpg




    Add rep+ if you like my Thread




     
    Last edited: