කාන්තාරවල අරුම පුදුම සත්තු
කාන්තාරවල අරුම පුදුම සත්තු
කාන්තාරවල නිතරම වාගේ තද සුළං පවතී. එහෙයින්ම බොහෝ විටම දූවිලි ගසා ගෙන යමින් පවතී. එමෙන්ම වැලි ද ගසාගෙන යයි. ගසා ගෙන යන වැලිවලින් තැන තැන වැලි කඳු ද නිර්මාණය වේ. එහෙත් හැම කාන්තාරයක්‌ම වැලි සහිතම ද නොවේ. කෙසේ වුවද කාන්තාර පරිසර අතිශයින්ම කර්කශය. තදම තද අව් රශ්මියෙන් යුක්‌තය. එය දිවා කාලයේ දී ෆැරන් හයිට් අංශක 100 ටත් වඩා වැඩිය.
ලෝකයේ ඇති කාන්තාර වර්ග දෙකකට බෙදේ. ඒ නියම කාන්තාර (True Deserts) සහ අර්ධ කාන්තාර (Semi-Deserts) වශයෙනි. ඉහත කී කර්කශ සහ වියළි බව යනාදී පරිසර සාධක මෙම කාන්තාර වර්ග දෙකටම පොදුය. එහෙත් ඒවයේ තීව්ර බව එකිනෙකට වෙනස් තත්ත්වයක් ද පවතී. ඒ අතරම වර්ෂාපතනය මෙම කාන්තාර දෙවර්ගය තුළ දෙආකාරය. එනම් නියම කාන්තාරවල (True Deserts) වාර්ෂික වර්ෂාපතනය අඟල් 6 ක් පමණය. එය අර්ධ කාන්තාරවල (Semi-Deserts) අඟල් 16 ක් පමණ වේ. මෙම කාන්තාර වර්ග දෙකටම පොදුවේ ගත්විට කාන්තාර නමැති මෙම විශේෂ සහ හුදකලා පරිසර කලාපයන්හි වාර්ෂික වර්ෂාපතනය ලෙස සැලකෙනුයේ අඟල් 10 කි. කාන්තාර හා සම්බන්ධ වර්ෂාවේ ස්‌වභාවය වනුයේ එක දිගටම දින කීපයක් වැස්‌ස පතිත වීමත් ඊට පසුව එක දිගටම වසර කීපයක්‌ම වැසි බිඳක්‌වත් නො ලැබීමත් ය. තවත් අතකට එම වැස්‌ස නොලැබෙනම අවස්‌ථා ද තිබේ. වැස්‌ස යනු කාන්තාර ප්‍රදේශවල බොහෝ විට අවිනිශ්චිත පාරිසරික සාධකයකි. එහෙයින්ම ජලය නොමැති කමත්, ගහකොළවලින් තොරවීමත්, තදබල කාශ්ටක අව්වත් නිසාම මෙම පරිසර පද්ධති 'කාන්තාර' යන නම ලබා ඇති බව ද ඉතා පැහැදිලිය.
ලෝකයේ දැනට ඇති ඉහත කී දෙවර්ගයටම අයත් කාන්තාර ප්‍රදේශ බොහෝ ය. ඒ අතර ලෝකයේ විශාලම කාන්තාර 10 කුමන ඒවා ද ඒවා පිහිටි රටවල් මොනවා ද යන්න ප්‍රකාශයට පත් කෙරී ඇත. ඒවා නම් මෙසේ ය.
විශාලත්වය අනුව ලැබී ඇති ස්‌ථානය
1 ඇන්ටාක්‌ටික් කාන්තාරය - ඇන්ටාටිකාව - 14,200,000
2 ආක්‌ටික් කාන්තාරය -ආක්‌ටිකාව - 13,900,000
3 සහරා කාන්තාරය - අප්‍රිකාව - 9,100,000
4 අරාබි කාන්තාරය - මැද පෙරදිග - 2,600,000
5 ගෝබි කාන්තාරය - ආසියාව - 1,300,000
6. පැටගනියන් කාන්තාරය - දකුණු අමෙරිකාව - 670,000
7. මහා වික්‌ටොරියා කාන්තාරය - ඕස්‌ටේ්‍රලියාව - 647,000
8. කලහාරි කාන්තාරය - අප්‍රිකාව - 570,000
9. මහා බේසින් කාන්තාරය - උතුරු අමෙරිකාව - 490,000
10. සිරියන් කාන්තාරය - මැද පෙරදිග - 490,000
කාන්තාරවල ජනයා පදිංචි නොමැති බව ප්‍රකටය. ඒ අතරම මිනිසා සහ කාන්තාරය අතර සබඳතාවය පිළිබඳව සලකන කල්හි ඊළඟට පැන නගින කුකුස නම් මිනිසුන් කාන්තාරවල පස් පාගන්නේවත් නැද්ද යන්නය. ඇත්තටම එය එසේම නොවේ. ඇතැම් මිනිස්‌සු කාන්තාරවලට ඇතුළු වෙති. එසේ කාන්තාර පරිහරණය කරන එක් කණ්‌ඩායමක් නම් විවිධ වර්ගයේ ඛනිජ සම්පත් එකතු කරන්නන් ය. ඔවුහු ඒවා එකතු කර විකුණා තම පවුලේ ආර්ථිකය ගැටගසා ගනිති. ඔවුන් කාන්තාර තුළට ඇතුළු වනුයේ පවතින දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව මොවුන් වැඩි වශයෙන්ම කාන්තාරවලට ඇතුළු වනුයේ වැසි කාලවලදීය. නො එසේ නම් වැසි සමය නිම වූ ගමන්ම ය. මේ අතර තවත් සමහර මිsනිස්‌සු කාන්තාරවල මායිම්හි පිහිටි ගම්මානවලට වෙළෙඳාම් කටයුතු සඳහා යති. ඔවුන් එසේ යනුයේ කාන්තාර හරහාය. එහිදී ඔවුන් ප්‍රවාහන පහසුකම් සපුරා ගනුයේ 'කාන්තාරයේ වාහනය' යන විරුදාවලිය ලබා සිටින ඔටුවා ගෙනි.
අප ඊළඟට බැලිය යුත්තේ කාන්තාර තුළ මෙකී ඔටුවා යන සත්ව කොට්‌ඨාසය හැර වෙනත් සතුන් ඇත්තේම නැද්ද ගැනය. එයට පිළිතුර වනුයේ වෙනත් සත්ව සහ කෘමි වර්ග බොහොමයක්‌ම ජලය නොමැති මේ මහා කර්කශ කාන්තාර තම වාස භූමිය කොටගෙන ජීවත් වන බවය. මෙයින් නියම කාන්තාරවල (True Deserts) ජීවත් වන සතුන් ද ගණනාවකි. ඒ අය අතර ලොකු අං බැටළුවා, ඇඩැක්‌ස් ඇන්ටිලෝප් වර්ගයේ මුවා, වැලි පූසා, ගොම කුරුමිණියා, ග්‍රේට් රෝඩ්රනර් පක්‍ෂියා, එචිඩ්නා වර්ගයේ ඉත්තෑවා, සයිඩ් වින්ඩර් නම් සර්පයා, කැන්ගරු මීයා, පොකට්‌මීයා, පැක්‌මීයා, පැක්‌පැස්‌බරා, ස්‌කෝපියන් කුකුළා, කරපටි කටුස්‌සා, පිසාච බකමූණා, පැංචිමාලුවා, සමහර වර්ගවල ගෙම්බන් යන සතුන් කැපී පෙනේ. මේ අයට අමතරව තවත් විශාල සත්තු සංඛ්‍යාවක් අර්ධ කාන්තාරවල ජීවත් වෙති. එනම් තෙත් කලාපීය සහ වියළි කලාපීය වනාන්තරවල වෙසෙන සත්තු බෙහොමයක් ඒ අතර වෙති. එනම් නයා, පොළඟා ප්‍රමුඛ කොටගත් විසකුරු සර්ප වර්ග ද, සීබ්‍රා, අලියා, කොටියා, දිවියා යනාදී සත්තු ද ඒ අතර සිටිති. කෙසේ වුවද මේ සෑම සතකුම සෑම කාන්තාරයකම ඒකාකාරී ලෙස වෙසෙන රටාවක් දක්‌නට නැත. මොවුන්ගේ වර්ග සහ ගහණයන් ද කාන්තාරයෙන් කාන්තාරයට වෙනස් ය. ඒ අතරම මල්, ගෙඩි, කොළ සහ පලතුරු පමණක් ආහාරයට ගන්නා සත්තු ද කාන්තාරවල නො වෙති.
අපට ඇති ඊළඟ ගැටලුව නම් ජලය නැති මෙම පරිසර පද්ධතිය තුළ සතුන් ජීවත් වනුයේ කෙසේ ද යන්නය. එහිලා බොහොමයක් සතුන් පරිසරයට අනුවර්තනය වී ඇත. තවත් අය තම තමන් පුරුදු පුහුණු කරගත් ක්‍රමවිධි ද අනුගමනය කරති.
කර්කශ-කාශ්ටක පරිසරයට මුහුණ දීමක් වශයෙන් සමහර සතුන් තම දවසේ අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වඩාත්ම ක්‍රියාකාරී වනුයේ පාන්දර යාමයේත් නැවත සැන්දෑ යාමයේත් ය. මෙයින් සමහර සත්තු දිවා කාලයේ වැඩි කාලයක් නිදාගෙන රාත්‍රියේ දී ආහාර සොයා යති. ඔවුන්ගෙන් බොහෝ දෙනකුගේ පාරම්පරික උරුමය නම් රාත්‍රියේ දී නිදා ගැනීමය. එහෙත් මෙම පරිසර පද්ධතිය තුළ පාරම්පරික චර්යාව රැකීම කළ නොහැකිය. එහෙයින්ම ඔවුහු පවතින තත්ත්වයට අනුවර්තනය වී ඇත. සමහර ගෙඹි වර්ග මාස ගණන්, සමහරවිට වසර ගණන් පෙළොව යටම ගත කරති. එසේ සිටින ඔවුහු වැසි සමයේ දී මතුපිට පරිසරයට අවතීර්ණ වෙති. වැසි ලැබෙන බව ඔවුන් වෙත දැනෙනුයේ ලැබෙන කම්පන සංඥාවන් මඟිනි. තවත් සමහර සත්තු දිවා කාලයේ දී ලැබෙන හිරු ගිනියමෙන් බේරීම සඳහා සැඟව සිටීමට සුදුසු ස්‌ථාන හඳුනා ගෙන සිටිති. ඒ වැලිකඳු යට, ගල් යට ,පඳුරු යට, ගුහා ඇතුළත වැනි තැන්ය. මෙම ඉරියව් ප්‍රදර්ශනය කරන සතුන් අතර සර්පයින්, කටුස්‌සන්, කෘමීන් සහ ලෑටි ගාන සතුන් කැපී පෙනේ. සමහර පක්‍ෂීහු තම සිරුරට අවශ්‍ය සිසිලස සොයා අහසේ බොහෝ ඉහළට පියාඹති. ඒ අය අතර උකුස්‌සා, රාජාලියා සහ ගිජුලිහිණියා ප්‍රධානය. තවත් සමහර කුරුල්ලෝ සහ සත්තු අධික උෂ්ණත්වය දරා ගැනීමට හොඳටම අපහසු කාලවල දී ඈත දුර පිහිටි කඳු මුදුන්වලට සංක්‍රමණය වෙති.
තවත් සමහර සතුන්ගේ යම් යම් ඉන්ද්‍රියයන් හැමදාම පවතින මේ මහා නියඟයට ඔරොත්තු දෙන පරිදි සැකසී ඇත. නිදසුනක් ලෙස කැන්ගරු මීයාට මුත්‍රා නිපදවීම සඳහා සොච්චම්ම සොච්චම් ජල ප්‍රමාණයක් අවශ්‍ය වන පරිදි උගේ වකුගඩු හා මුත්‍ර පද්ධතිය හැඩගැසී ඇත. සමහර සතුන්ගේ සමේ තෙල් ස්‌ථරය ඉහළට මතුවන ආකාරයට අනුවර්තනයවී ඇත. මේ සඳහා හොඳම උදාහරණය නම් කාන්තාරයේ වාහනය ලෙස සැලකෙන ඔටුවාය. උගේ සම මෙපරිදි සැකසී ඇත. ඔටුවාගේ මොල්ලිය බොහෝ සේ තෙල්මය ස්‌ථරයකින් යුක්‌තය. කාන්තාර වාසභූමිය කොටගෙන ජීවත්වන සමහර හූනු වර්ගවල වලිගය තෙල්මය ස්‌ථරයක් සහිත තත්ත්වයට අනුවර්තනය වී ඇත. තවත් සමහර සතුන්ට දිගු පාද පිහිටා තිබීමත්, තවත් සමහර උන්ට විශාල කන් පිහිටා තිබීමත් මෙම කාන්තාර පරිසරයට අනුවර්තනය වීමක් බව කියෑවේ. වඩා දික් වූ පාද නිසා අධික ලෙස රත් වූ වැලි පොළොවෙන් පිටවන අධික රස්‌නයෙන් සතාගේ උදර සහ පපුව කොටසට එල්ලවන පීඩාකාරී බව යම් ප්‍රමාණයකට අඩුවේ. ලොකු කන් පිහිටා ඇති සතුන්ට ලැබෙන වාසිය ලෙස දැක්‌වෙනුයේ කන්වල යටපැත්තේ ඇති ලේ නහර කාන්තාරය තුළ පවතින සුළඟින් සිසිල් වන බවත්, එසේ ශාරීරික රුධිරය සිසිල්වීම මගින් සිරුර සිසිල් වන බවත් ය. උස් පාද මඟින් මෙම සහනය ලබන සතුන් ලෙස ලැයිස්‌තු ගතවී සිටිනුයේ ඔටුවා සහ කූරංගයා (මුව වර්ගයේ සතෙක්) ය. ලොකු කන් මගින් සහනය ලබනුයේ උස හාවා, ජ_බෝආ, කාන්තාර නරියා යන සතුන් ය.
තවත් සමහර සත්තු කෑමට ගන්නා ආහාරයෙන් ලැබෙන ජල ප්‍රමාණයට අමතරව වෙනමම ජලය පානය නොකරන තත්ත්වයට අනුවර්තනය වී සිටිති. එහෙත් කාන්තාරවල වෙසෙන සමහර සතුන්ට ජලය අවශ්‍ය වෙයි. එවැනි සතුන් කරනුයේ ජලය ඇති ගංගා, ඇළ, දොළ, විල්, ජලය සහිත වළවල් යනාදී මූලාශ්‍රයන් සොයා බොහෝ දුර ඇවිද ගෙන යාමය. සමහර අප්‍රිකානු සහ ආසියානු කාන්තාර තුළ වෙසෙන සමහර සතුන් ජලය සොයා සැතපුම් සිය ගණන් දුර ඇවිද යන බව කියෑවේ. කූරංගා, රූරු, සාරංග යනාදී මුව වර්ග ඒ අතරට අයත් වෙති. එමෙන්ම ඔටුවා ද එම ගණයට අයත් ය.
සමහර කාන්තාරවල දක්‌නට ඇති එකම ජල සම්පත නම් මුහුදු වෙරළ දෙසින් හමා එන මීදුම ය. සමහර කාන්තාර සතුන් එමගින් තම සිරුර සිසිල් කර ගන්නා බව කියෑවේ. අප්‍රිකාවේ පිහිටි නමිබ් කාන්තාරය මෙසේ මීදුම් පටලයකින් වැසී යන කාන්තාරයකි. එහි වෙසෙන සර්පයින් සහ කටුස්‌සන් මීදුමෙන් තම සිරුරු සිසිල් කර ගන්නවාට අමතරව මීදුමෙහි අන්තර්ගත ජල වාෂ්ප බීමට ද පුරුදුව සිටින බව වාර්තා වේ.
චන්ද්‍රපාල ලේකම්ගේ
divaina