කාන්තාවගේ ගමන් මල්ලේ කෝටි 2ක කුඩු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රුපියල් කෝටි 2ට අධික වටිනාකමකින් යුත් අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය අබෑගයේ සඟවාගෙන සිටි කාන්තාවක හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේ දී පෙරේදා (11) රාත්‍රියේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 520 ක්, හොරොයින් ග්‍රෑම් 204 ක්, භාණ්ඩ රැසක් තිබූ බව පොලිසිය කියයි.

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කන්නන්ගරගේ ලලිත් නමැත්තාගේ මත්ද්‍රව්‍ය මෙම සැකකාරිය විසින් බෙදාහැර ඇති බවත්, ඔහුගේ ප්‍රධාන ගෝලයා වන හබරකඩ කසුන් නමැත්තා මාර්ගයෙන් ඇයට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට ලබා දෙන බවට තොරතුරු හෙළි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    2022 දෙසැම්බර් මස 18 දා හංවැල්ල හරස් පාරේ පිහිටි වෙළඳ සැලක් තුළදී එහි හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුව සම්බන්ධ බව කියන හබරකඩ කසුන් නමැත්තා සම්බන්ධයෙන් හෙළි වූ තොරතුරු අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා රාත්‍රියේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හංවැල්ල, ලෙනගල රජමහා විහාර පාර සුගති මාවතේ නිවසක් පරීක්ෂා කළ බව එම උසස් පොලිස් නිලධාරියා කීය. පොලිස් නිලධාරීන් නිවස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එම නිවස වසා දමා තිබී ඇති අතර නිලධාරීන් නිවස අවට ආවේශන රාජකාරියෙන් රැඳී සිටියදී එක්වරම නිවසේ ප්‍රධාන දොර විවෘත කරගෙන සැකකාරිය නිවසින් පලා යාමට උත්සාහ කිරීමේ දී ඇය අත්අඩංගුවට ගෙන ඇත.

    ඇය සන්තකයේ මත්ද්‍රව්‍ය වලට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් බැංකු ගත කිරීමට භාවිතා කරන බැංකු පොත් තුනක්, බැංකු කාඩ්පතක්, ජාතික හැඳුනුම්පත් තුනක්,
    මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා භාවිතා කරන චීනයේ නිෂ්පාදිත ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථනයක් හා මත්ද්‍රව්‍ය බහා තිබූ අබෑගය භාරයට ගත් බව පොලිසිය කියයි. මෙම සැකකාරිය පොලොන්නරුවේ පදිංචි (39) හැවිරිදි කාන්තාවක බවත් බත්තරමුල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන්නියක බවද පොලිසිය පවසයි. සැකකාරිය හබරකඩ කසුන් නමැත්තාගේ අනියම් බිරිඳ ලෙස හිඳිමින් හංවැල්ල සුගති මාවතේ නිවසක් කුලියට ගෙන මෙසේ වාසය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ.සැකකාරිය හංවැල්ලේ ව්‍යාපාරිකයාගේ ඝාතනයට ආධාර අනුබල ලබා දී ඇති බවද පොලිසිය පවසයි.

    ඩුබායි හි සැඟව සිටින ලලිත් නමැති සැකකරු මීට වසර තුනකට පමණ පෙර හංවැල්ල ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේ සිද්ධීන් රැසකට මෙම කල්ලියේ සම්බන්ධතා ඇති අතර ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම පොලීසිය කළ වැටලීම් නිසා ඔවුන් විදේශ රටකට පලාගොස් එහි හිඳිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.මෙම කල්ලියේ අපරාධ ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙකු ලෙසත් සමාජ සේවා කටයුතුවලදී මත්ද්‍රව්‍ය ජාවාරමට තදින් විරුද්ධවීම නිසාත් හංවැල්ල හරස් පාරේ ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව විමර්ශන සිදු කරන උසස් පොලිස් ආරංචි මාර්ග පවසයි. ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන හබරකඩ කසුන් නමැත්තා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකය.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,213
    113
    - උඩරට -
    Tripping Sesame Street GIF by Muppet Wiki