කාන්තාවන්ගේ_ජන්දය

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    කාන්තාවන්ගේ_ජන්දය

    අපි අමතක නොකළ යුතු දෙයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ...ඒ තමයි කාන්තාවන්ගෙ ජන්ද..පිරිමි වගෙ කාන්තාවන් දේශපාලනය ගැන කතා කරන්නෙ නෑ...ලංකාවේ වැඩිපුර ඉන්නෙ බාහිර පෞරශය ගැන බලා ජන්දය දෙන කාන්තාවන්..(ඔක්කොම නොවේ වැඩිපුර) මොකද මන් මේ ගැන හුගක් හොයල බැලුවා..වැඩ කරන තැන, facebook එකේ ඉන්න අය මේ සේරම කොල්ලන් වගේ කෙලින් පිළිතුරක් දෙන්නේ නෑ..ඒක හින්ද අපි මේ දවස් දෙක ඇතුලත එයාලාගේ ජන්ද මෛත්‍රී වෙනුවෙන් දෙන්න කියල msg යවමු...:yes::yes::yes:

    මේ රතු පාටින් දාල තියෙන msg එක උබලගේ fb එකේ ඉන්න කාන්තා පාර්ශවයට යවපන්..යවල කියපන් මේකෙන් ලංකාවේ කෙනෙක් මතක් උනා නම් මේ පාර ජන්දය එයාට දෙන්න එපා කියලා...අපි හැමෝම එකතු වෙලා ඒ වැඩේ කරමු... අනිත් අයටත් බලන්න post එකට bump 1ක් දාන් යන්න.. :):):)


    ''රට අභ්‍යන්තරයේ පැවති ගරිල්ලා යුද්ද විනාශ කළා... ගරිල්ලාවන්ට දරුණු ලෙස විදේශ ආයුධ අරගෙන පහර දුන්නා..
    ජනතාව මුලින් ඔහුට වීරයෙකුට වගේ සැලකුවා... "ගැලවුම්කරුවා" කියලා නමක් දැම්මා..
    කසාද බැඳලා හිටියෙ හිටපු රූ රැජිණක්ව...
    දරුවො තුන් දෙනයි... ඒ තුන්දෙනාම රාජ්‍ය පාලනයට අනීතිකව අත දැම්මා..
    ව්‍යවස්ථාව හිතුමතේට වෙනස් කරල තමන්ට දීර්ඝ කාළයක් බලයේ රැඳී ඉන්න හදා ගත්තා.. පුලුවාන් තරම් තමන්ගෙ පවුලෙ අයටමයි සැළකුවෙ... නෑදෑයින්ව ඉහළ තනතුරු වලට දා ගත්තා..
    රටේ විශ්ව විද්‍යාල වලින් බොරුවට "එක දා ගන්න" එයාට ආචාර්ය උපාධි පිරිනැමුවා...
    පාරවල් හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර හැදුවා...
    වගා සංග්‍රාමයක් කියල එකක් දියත් කරා... ඒක මුවාවෙන් පොහොර සහ කෘෂි රසායන සමාගම් වල පගාව අරගෙන මනුස්ස පරිභෝජනයට නුසුදුසු විෂ සහිත, පිළිකාකාරක කෘෂි රසායන සහ පොහොර ගොවීන්ට අඩු මිළට බෙදා හැරලා රට ලෙඩ කරා...
    විරුද්ධ වාදීන් මරා දැම්මා... පොලිසිය තමයි ප්‍රියතම ආයුදය... ශිෂ්‍ය ව්‍යාපාරය දරුණු ලෙස මර්ධනය කළා..
    මැතිවරණ වංචා කිරීමෙන් කප් ගැහුවා.. ඒවට කප්පිත්තෙක්...
    නිතර ජනතාව ඉන්න තැන්වලට යමින්, දරුවන් වඩාගෙන සුරතල් කරා.. ජනතාවටත් ඊට වඩා දෙයියෙක් හිටියෙ නෑ...
    මුලු ලෝකෙටම රට ණය කළා... කෝටි ගණන් ලෝක මූල්‍ය අරමුදල් වලට සහ විදේශ රටවලට ණයයි...
    බලසම්පන්න විදේශ රටකට තම රටේ සියල්ල උගස් තැබුවා.. ඒ රටෙන් ඇවිත් ක්‍රියාත්මක කරපු "ආර්ථික ඝාතක " ව්‍යාපෘති සියල්ලට "බොරු සංවර්ධනයේ නාමයෙන්" ඉඩ දුන්නා.. ඒවයින් පොදු ජනතාවට සත පහක සේවයක් උනේ නැතත්, උපදින්න ඉන්න එකා පවා ඩොලර් ලක්ෂ ගාණක ණය කාරයන් බවට පත් වුනා.. සමාජයේ එක ස්ථරයකට පමණක් සුර සැප විඳින්න ලැබුණා.. ඕනම මොහොතකදී තම පාලනය රැක ගන්න ඒ බලවත් දේශයෙන් උදව් ලැබෙයි කියලා තරයේ විශ්වාස කරගෙන හිටියා... ඒ රටේ පුරවැසියන්ට තමන්ගේ රටට ඇවිත් ඕනම දෙයක් කරන්න නිදහස දුන්නා... කෝටි ගණන් ඒ රටට ණය උනා..
    සංදර්ශණ සහ ප්‍රදර්ශණ පවත්වන්න හරිම ආශා කළා.. ඒවාට කෝටි ගණන් වැය කලා.. සුපිරි කළාකරුවන් ගෙන්වලා අගනුවර ප්‍රසංග තිබ්බා.. රටපුරා විවිධ ප්‍රදර්ශණ වලට කෝටි ගණන් වියදම් කලා.. විදේශ සමුලු රට තුල පැවැත්වුවා.. ජනතාව දුකෙන් දුකට පත් වෙද්දී මේවට සල්ලි කඳු යට කලා..
    බොරු ආර්ථික සංවර්ධන වේගයක් පෙන්වන තක්කඩියෙක්ව මහ බැංකු අධිපති කලා... තමන්ගෙ රට වේගයෙන් සංවර්ධනය කරා යනවා කියලා මිනිස්සු හිතාගෙන හිටියා මේ ඉලක්කම් හරඹ වලට රැවටිලා..
    ජාතිවාදය අවුස්සා උපරිම ප්‍රයෝජන ලබා ගත්තා.. ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් චෝදනා වලටත් මුහුණ දුන්නා.. අන්ත දූෂිතයෙක්.. ඩොලර් බිලියන ගණනක් ජාතික ධනයට වෙච්ච දෙයක් නෑ...

    ඇයි, කාවද මතක් උනේ..???? මේ කියන්නෙ පිලිපීනයේ හිටපු ජනාධිපති කෙනෙක් වෙන ෆර්ඩිනන්ඩ් මාකෝස් ගැන..''
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    අඩෝ එච්චරටම දැන් මෛත්‍රීට ච්න්ද හිගයිද? කමක් නෑ පොඩි උදව්වක් දෙන්නක්කො මේක බම්ප් කරලම.
    මහින්දට නොදෙනව නන් මෛත්‍රීටත් දෙන්න බෑ කොහොමත්, එයා 10 අවුරුද්දක් ඒවට උදව් නොකළෙ නෑ නෙ.
    මම නන් කියන්නෙ දෙනව නන් එකම විකල්පය වමේ අපේක්ෂයෙක් නැත්තන් දෙන්නනම එක නැට්ටෙ දෙහි.


     
    Last edited:

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මෛත්‍රී කරල දෙයි උඔලට මහ ලොතු වෙනස.බලං හිටං.
     
    Dec 28, 2014
    763
    95
    0
    10888721_10152505250076960_6441705766901970557_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    reputation_neg.gif
    කාන්තාවන්ගේ_ජන්දය 01-05-2015 08:06 PM ube ammata hikuwe mahindada?
    යහපාලනය යනු දෙමව්පියන්ට වෛර කරන පිරිස් වැඩි කිරීමයි.
    කමක් නෑ මචන් උබත් එක්ක තරහක් නෑ මේ වගේ උන්නෙ උබලට ඉන්නෙ ආදර්ශයට ගන්න.



    hqdefault.jpg


    මහින්ද සහ මෛත්‍රී දෙදෙනාම එක නැට්ටෙ දෙහි ගෙඩි දෙකක්. අවුරුදු ගානක එකට හොරකම් කරල මම හොරෙක් නෙවෙයි කියන හොරාට වඩා මම තාම හොරා කියන කෙනා හොදයි කොහොමත්.
    මහින්දට විරුද්ධ නන් මෛත්‍රීටත් විරුද්ධ වෙන්න. නැත්තන් අතීසාරෙට අමුඩෙ ගැහුව වගේ තාමා වෙන්නෙ.