කාන්තාවන්ට පමණයි⚠⚠

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    ⚠⚠අතිශයින් කාන්තාවන්ට පමණයි⚠⚠

    "පිරිමින්ට ඕනා SEX විතරයි"
    "ගැහැණුන්ට SEX අකැපද"

    මෙහෙම කියන ගොඩක් ගැහැණු හිතන්නේ තමන්ගේ ශරීරයෙන් පිරිමියෙක්ට වටිනාකමක් තියෙන දෙයක් කියලා තියෙන්නේ තමන්ගේ ලිංගික අවයව විතරයි කියලා.
    ඒ වගේම එහෙම කියන ගොඩක් ගැහැණු හිතන්නේ ලිංගිකත්වය කියන දේ පිරිමින් විතරක් ලැබිය යුතු කාන්තාවන්ට අකැප සහ ඉන් සතුටක් ලබා ගත යුතු නැති දෙයක් විදියට.

    ඔබත් එහෙම කියන කාන්තාවක්නම් ඔබ දැන ගන්න ඔබ ඔබේ ශරීරය ඔබට අයිති බව ඔබ. ලිංගික සතුටක් නොලබමින් වෙනත් පිරිමියෙක්ගේ සතුටක් වෙනුවෙන් ඔබේ ශරීරය තවත් කෙනෙකුට භාවිතා කිරීමට දීමට තරම් කාන්තා ශරීරයේ වටිනාකම හෑල්ලු නොකළ යුතුයි. එවැනි අවස්ථාවක බොහෝ කාන්තාවන් ලිංගිකත්ව යනු පිරිමින්ට පමණක් වෙන් වූ දෙයක් ලෙස සලකා හිත හදා ගැනීමට පෙළඹෙනවා.

    ලිංගිකත්ව යනු කාන්තා පිරිමි දෙපාර්ශවයටම සතුටක් ගෙන දිය යුතු දෙයක්. නමුත් කාලයක් තිස්සෙම කාන්තාවන් ලිංගික සතුටක් ලැබීම ලැජ්ජාවට කාරණයක් සහ වරදකාරී දෙයක් ලෙස සංස්කෘතියෙන් සැලකෙනවා.
    එසේම බොහෝ කාන්තාවන් පිරිමියෙක් හා එක් වීම ප්‍රතික්ෂේප කරන්න පෙළඹෙන්නේ පිරිමියෙක් ඔහුගේ ලිංගික හැඟීම් සන්තර්පණය කර ගැනීමට පමණක් තමාව භාවිත කරාවි යැයි සිතීම නිසා.

    ඒත් ඇත්තටම ඒක එහෙමද?

    හිතන්න, කාන්තාවක් පිරිමියෙක් සමඟ එක් වීමෙන් සතුටක් ලබනවා නම් එහිදී සිදු වන්නේ ඔබ දෙදෙනාම එකිනෙකාව එකිනෙකාගේ සතුට වෙනුවෙන් භාවිතා කිරීමක්. කාන්තාවක් ලෙස ඔබත් එයින් සතුටක් ලබනවා නම් කිසිලෙසකත් පිරිමියෙක්ට ඔබව ඔහුගේ සතුට වෙනුවෙන් භාවිතා කරා කියලා කියන්න බැහැ. කාන්තාවක් වන ඔබව පිරිමියෙක් තම හැඟීම් සන්තර්පණය කර ගැනීම සඳහා පමණක් භාවිතා කරනවා කියලා හිතෙන්නේ කාන්තාවක් වන ඔබ එම ක්‍රියාවෙන් සතුටක් ලබන්නේ නැත්නම් පමණයි.

    මේ දශකයේ දී වත් කාන්තාවන් කාන්තාවන්ගේ ප්‍රමිතීන් වෙනස් කර ගත යුතුයි. කාන්තාවනුත් සෙක්ස් වලට කැමතියි. නමුත් කාන්තාවන් සෙක්ස් වලට කැමති පිරිමියාට එය අවශ්‍ය නිසා නොව කාන්තාව විසින්ම එයට කැමති නිසා. හුදෙක්ම එය කාන්තා පිරිමි දෙපාර්ශවයටම සතුටක් ලබා ගත හැකි දෙයක් ලෙස සැලකිය යුතුයි.

    ඔබ ඔබගේ දියණියන්ට, මිතුරියන්ට වසර ගණනාවක් තිස්සේ ලිංගිකත්වය යනු කාන්තාවන් අකමැති දෙයක්, එය කාන්තාවන්ට නුසුදුසු දෙයක්, එයින් කාන්තාවන්ට වේදනාව ගෙන දෙනවා යන ආකල්පය ඔලුවට දැමීම නැවැත්විය යුතුයි. ලිංගිකත්වය යනු ආදරයට හිලව් ලෙස හුවමාරු කළ යුතු දෙයක් නොවේ.

    පිරිමින්ට ඕනා සෙක්ස් විතරක්ම නොවේ. කාන්තාවක් වන ඔබට අවශ්‍ය කරන හැම දේම පිරිමින්ටත් අවශ්‍යයි. ලිංගිකත්වය සම්බන්ධයෙන් පිරිමින් සහ කාන්තාවන්ගේ වෙනස් වන තැන, පිරිමින් ලිංගිකත්වය තුලින් සතුටක් අත්විඳින ආකාරය දන්නා අතර කාන්තාවන් සතුටක් ගෙන දෙන ලෙස ලිංගිකත්වය අත්විඳින ආකාරය නොදන්නා සහ ඒ ගැන වරදකාරී සහ ලජ්ජාශීලි හැඟීමකින් පසු වීමත් සමාජය විසින් කාන්තාවක් ලිංගික සතුට නොලැබිය යුතු කොටසක් ලෙස සැළකීමයි.

    නමුත් මේ තත්වය මෙසේ වීම සඳහා පිරිමින්ද වග කිව යුතුයි. බොහෝ පිරිමින් ලිංගිකත්වයට ඇලුම් කරන බව පෙන්වන කාන්තාවකට එතරම් හොඳ සමාජ පිළිගැනීමක් ලබා දීමට පෙළඹෙන්නේ නැහැ. ආදරය කරන කාලයේ පවා කාන්තාවට විවිධ සිමා පනවමින් තබාගෙන විවාහ වූ පසු ඇය විසින් තමාට අවශ්‍ය සෑම කම්සැපක්ම ලබා දිය යුතු යැයි ඔවුන් අපේක්ෂා කරනවා. වසර ගණනාවක් තිස්සේ පසුගාමී ආකල්ප වල එල්බගෙන කාන්තාවට සිමා පනවා විවාහ වූ පසු තමාට අවශ්‍ය සියලු දේ ලබා දෙවි යැයි සිතීම කාන්තාවගේ වටිනාකමට පිරිමින් කරන අසාධාරණයක්.

    ඒ වගේම සෑම පිරිමියෙක්ම දැන ගත යුතුයි පිරිමියෙක් සමඟ එක් වීමෙන් කාන්තාවක් සමාජයේ නොවැදගත් කෙනෙක් වෙනවා නම් ඇය නොවැදගත් වීමට හේතු වුයේ පිරිමියා මිස කාන්තාව නොවන බව. මක්නිසාද පිරිමියා නොමැති නම් කාන්තාවට සමාජයේ එවැනි කළු පැල්ලමක් එල්ල නොවන නිසා.

    කාන්තාවනි, ලිංගිකත්වය ඔබේ අයිතියක් කර ගන්න. එය ඔබගෙයි. එයින් සතුටක් ලැබීමේ අයිතිය ඔබෙයි. පිරිමියෙක්ට ඔබගෙන් අවශ්‍ය දෙය ලබා දෙනවාද යන්න තීරණය වන්නේ ඔබේ අවශ්‍යතාවය සහ ඔබේ සතුට මත මිස පිරිමියාගේ වුවමනාවට නොවේ. ඔබව කාටවත් භාවිතා කිරීමට නොදෙන්න.

    ඔබ අකමැති කෙනක් සමඟ ලිංගිකව එක් නොවන්න. ඔබට අවශ්‍ය වන ඕනම කෙනක් සමඟ ඔබට අවශ්‍ය වන ඕනෑම අවස්තාවක එක් වන්න. නමුත් ඔබ මතක තබා ගන්න පිරිමියෙක් සමඟ එක් වූ පසු ඔහු ඔබව හැර ගියහොත් ඔහුත් සමඟ ලිංගිකව එක් වීම ගැන ඔබට දුක් වීමට සිදු වේ නම් කිසිවිටෙකත් එම ක්‍රියාවේ නිරත නොවන්න. ඔබට එසේ සිතෙනවා නම් ඔබ තවමත් ඔහුත් සමඟ ලිංගිකව එක් වීමට සුදුසු නැහැ.

    © XeducationSL
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මේක කියවන්න fake වලින් ඉන්න ගෑණු පරාණ එනවා නේද කියල මතක් වෙද්දි මූනෙ ඇදෙන හීන් හිනාව :D
    දන්න එකවුන්ට් ටික මෙන්ශන් කරලා එයාලට සප් එකක් දෙමුද මිතුරේ :rolleyes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම දන්න විදිහට මේකෙ ඉන්නෙ එක ගෑනු පරානයයි. :rolleyes:
    නෑ බන් බරගානක් ඉන්නවා පරණ උන්..දැන් වැඩිය ඇක්ටිව් නෑ.එක කෙල්ලෙක්ගේ වේඩින් එකකටත් ගියා මම