කාන්තා ගැටලුවලට කඩිනම් විසඳුම්

Nov 2, 2011
990
76
0
කාන්තා ගැටලුවලට කඩිනම් විසඳුම්

women-s-problems_200_191.jpg



මෙරට කාන්තා ගැටලුවලට කඩිනම් විසඳුම් සැපයීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකසා ඇත.


ඒ අනුව වර්තමානයේ පැනනැගී ඇති කාන්තා හිංසන අවම කිරීම, විවිධ අතවරයන්ට ලක්වන කාන්තාවන්ට නීතිමය පිළිසරණක් ලබාගැනීමට ඇති ඉඩකඩ ලබාදීම සහ ඒ සඳහා යොමුකිරීම, කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, කාන්තාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සහ පවුලක් ලෙස නැගීසිටීමට ඇයට ශක්තිය ලබාදීම ඇතුළු ගැටලුවලට කඩිනම් විසඳුම් සැපයීමට මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කෙරේ.

මෙහි පළමු අදියර යටතේ කාන්තා සංවර්ධනය සඳහා වනිතා සංවර්ධන නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ යටතේ වනිතා සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

මෙහි පළමු අදියර කොළඹ දී ආරම්භ වූ අතර සෑම දිස්ත්‍රික්කයක ම වනිතා සංවර්ධන නිලධාරීන් මෙසේ පුහුණු කිරීමට නියමිත ය.

මෙමගින් කාන්තාවන්ගේ ගැටලු විසඳීමට වනිතා සංවර්ධන නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට අපේක්ෂා කෙරේ.



 

Antidote XD

Banned
Aug 23, 2011
429
29
0
"වනිතා සංවර්ධන නිලධාරීන්"

මටත් මෙගොල්ලොන්ගෙන් එක්කෙනෙක් වෙන්න බැරිද ??? :පි:
 
Nov 2, 2011
990
76
0
"වනිතා සංවර්ධන නිලධාරීන්"

මටත් මෙගොල්ලොන්ගෙන් එක්කෙනෙක් වෙන්න බැරිද ??? :පි:

naki ganu thamai ovata vadiyenma enne
tharuna kale ganunta kolla hodata salakana nisa prasna na