කාන්තා දිනයේදී මනෝවිද්‍යාව.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කාන්තා දිනයේදී මනෝවිද්‍යාව.

    හෙට ලෝක කාන්තා දිනයයි. ඉතින් ඔන්න සුපුරුදු ලෙස අද ඉඳලම රූප පෙට්ටියේ කාන්තා අයිතිවාසිකම් කාන්තාවට සම තැන දීම ගැන කොළඹ 07 පොෂ් පොෂ් නෝනලා ටිකක් ඇවිත් තර්ක විතර්ක කරනවා.. බලාගෙන ගියාම පිරිමි මොනතරම් පහත් ජාතියක්ද කියලා හිතෙන තරමටම එයාලගේ තර්ක විතර්ක හරි ප්‍රභලයි. පිරිමි කාන්තාවට සවන්දෙන්නේ නෑලු කාන්තාවගේ අදහස් පිරිමියා තේරුම් ගන්නේ නෑලු ඔය වගේ දාහකුත් එකක් මැසිවිලි. රූපවාහිනියේ නිවේදකයත් නිකන් තමනුත් වැරදි කාරයෙක් වගේ හැඟීමෙන් නිවේදන කටයුතු කලේ.
    කොහොම නමුත් කාන්තාවන් හා පිරිමින් මෙසේ වෙනස් වීමට හේතුව කුමක්ද? මෙය මනෝවිද්‍යාව තුල ඉතා පැහැදිලිව ගැහැනිය හා පිරිමියා යනු බොහෝ වෙනස් කම් ඇතී ජීවී විශේෂ දෙකක් බව මොනවට විග්‍රහ වෙනවා.
    අපි දැනට භාවිතා කරන බොහෝ වාචික නොවන සන්නිවේදන සංඥා (Body Language )මීට වසර දහස් ගනනකට පෙර ගල් යුගයේ සිට පැවත එන දේවල්. අපට මේවා කිසිවෙක් විසින් උගන්වා නැතත් අප මෙවා උප්පත්තියේ සිටිම දැන සිටින්නේ මේවාද අපගේ ජාන තුල තැම්පත්වී ඇති නිසාය. උදාහරනයක හිස දෙපසට වනා නැත ටන අර්ථය හැඟවීම හා හිස ඉහල පහල වනා ඔව් යන අර්ථය හැඟවීම. මෙන්න මේ ආකාරයට පුරාතනයේ පටන් පිරිමියා දඩයමේ යෑමටත් කාන්තාව පලවැල නෙලීම වැනි කරුනුත් ගෙදර දොර වැඩත් කිරීමට හුරු වී සිටියා. මෙන්න මේ හේතුව මත මිනිසා යන සත්වයා පරිනාමනය වෙද්දී එම විශේෂ හැකියාවන්ට අනුරූපව ඔවුන්ගේ මොලයේ හෞතික පිහිටීම පවා වෙනස් වුනා.

    01. කාන්තාව අත්දෙකම පාවිච්චි කර නිතර කාර්යය වල නිරතවීම නිසා ඔවුන්ගේ මොලයේ කොර්පස් කොලොසම් (corpus callosum) නමින් හැඳින් වෙන මොලයේ වම දකුන සම්භන්ධ කරන අවයවය පිරිමියෙකුට වඩා සැලකිය යුතු මට්ටමින් ඝනත්වයෙන් වැඩිය. මේ හේතුව නිසා ඔවුන්ට අත්දෙකම භාවිතාකර කරන වැඩ වලට හා එකවර වැඩ කීපයක් කිරීමටද දක්ෂතාව උපතින්ම ලැබේ, නමුත් පිරිමියෙකුට එසේ නැත. උහුට විශේශිත අතක් හා එකවරකට එක වැඩක් හොඳ අවදානයෙන් කිරීමේ හැකියාව ඇත. නමුත් කාන්තවන්ට මෙම තත්වය මත එක වැඩකට නිසි ලෙස අව්ධානය යොමු කිරීම අපහසුය ඒ ඔවුන්ගේ මොලය නිරන්තරයෙන් වම දකුන අතර සන්නිවේදනය සිදු කිරීම නිසාය. උදාහරනයකට නිවසක තාත්තා හා අම්ම ගත් විට එක වර වැඩ කීපයක් කිරීමේ හැකියාව අම්මාට ලැබී ඇත්තේ ඒ නිසාය.
    mvzLktt.jpg

    02. පුරුෂ මොලයේ වම් පැත්තත් ස්ත්‍රී මොලයේ දකුනු පැත්තත් සාපෙක්ෂව වැඩි වර්ධනයක් පෙන්නීම.
    මේ නිසා පිරිමියා ගේ චරිතය තුල මොලයේ වම්පසට අදාල දෑ වැඩිපුරත් දකුනුපසට අයිති දෑ ස්ත්‍රී චරිතය තුල වැඩිපුරත් දකින්නට ලැබේ. පුර්ෂයා බොහෝ දේ දත්ත මත තීරනය කරන අතර කාන්තාව හැඟීම් වලට මු තැන දෙන්නේ ඒ නිසාය. එමෙන්ම පුරුෂයා භාවිතා කරනවට වඩා වැඩි වර්න නාම සංක්‍යාවක් ස්ත්‍රිය පාවිච්චි කරන්නේද ඒ නිසාය. පුරුෂයාට රෝස පැහැයට පසුව එන වර්නය රතුය (ඒ අතර වර්න තිබුනත් පුරුෂයා ඒ සියල්ලටම භාවිතා කරන්නේ රතු හෝ රෝස කියාය ) නමුත් කාන්තාවකට රෝස පාටත් රතු පාටත් අතර වර්න කීපයක් තිබෙන්නේද මේ නිසාය. එමෙන්ම කාන්තාව තම අදහස් කෙලින් නොකියා ව්‍යන්ගයෙන් අදහස් පල කරන්නේද පිරිමියාට බොහෝ විට එය තේරුම් ගැනීමට බැරිවන්නේද මේ හේතුවම නිසාය.)

    jZd2X1N.jpg

    03. ස්ත්‍රී හා පුරුෂ මොලවල ඇති තවත් ප්‍රධාන වෙනස් කමක් නම් මොලය තිල ඇති කනෙක්ටෝම්ස් නම් සන්නිවේදන ස්නායු වල ඇති වෙනස් පිහිටීමයි. පුරුෂ මොලයේ මේ කනෙක්ටෝම්ස මොලයේ ඉදිරිපස සිට පසුපසට විහිදී ඇති අතර දෙපැත්තට සම්භන්ධ වීම අඩුය. නමුත් ස්ත්‍රී මොලයේ මේවා වැඩිවශයෙන් මොලයේ වම හා දකුන අතර සම්භන්ධ වන අතර එකම පැත්තේ සම්භන්ධතාවය අඩුය. මෙයට හේතුව පුරාතන පුරුෂයා දඩයම තම ප්‍රධාන වගකීම කර ගත් බැවින් ඔහුට නිතරම දිශානතිය පිලිබඳ අවබෝධයක් අවශ්‍ය වීමත් දඩයම් කරන අවස්ථාවේදීද සතා දිවයන දිශාව ආයුධය විසිකල යුතු දිශාව හා වේගය වැනි කරුනු දැනගැනීම අවශ්‍ය වීමත් කාලයත් සමග ඔහු මෙම වැඩයේ දිගින් දිගටම නිරතවීමත් නිසා මොලය ඊට අනුරූපව හැඩ ගැසීමය. වරක් කල පරික්ෂනයක් මෙසේය. පිරිමින් හා කාන්ථාවන් නියැදියක් ගෙන ඉන් එක එක්කෙනා ජනේල වසා ඇති කාමරයකය ගෙන උතුරු දිශාව පෙන්නන්න යැයි කී වීට පිරිමින්ගෙන් 80% පමන එය නිවැරදිව පෙන්වූ ඇති අතර කාන්ථාවන් 30% පමන මෙය නිවැරදිව පෙන්වන ලදි.

    5VqdiRl.jpg

    ඉහත දක්වා ඇත්තේ මොලයේ වෙනස් කම් තුනක් හා ඒ නිසා ගැහැනිය හා පිරිමියා අතර ඇතිවන වෙනස් කම් වලින් කීපයකි. (මීට අමතර තව බොහෝ වෙනස් කම් ඇත. ඒවා වඩා විස්තරාත්මකව විග්‍රහ කලයුතු බැවින් මෙහි නොලීවෙමි )
    මීට අමතරව හෝමෝන හා ශරීරයේ අනෙක් සැකසුම් සියල්ල සලකා බැලීමේදී පෙනීයන්නේ ස්ත්‍රීය හා පුරුෂයාගේ සමානකම් වලට වඩා අසමාන කම් වැඩි බවය. ඉතින් එසේ තිබියදී ස්ත්‍රිය පුරුෂයා හා සමතැන ඉල්ලීම කොතරම් බුද්ධිගෝචරදැයි නොවැටහේ. මාගේ අදහසනම් ස්ත්‍රිය ඉල්ලිය යුත්තේ සම තැන නොව නිසි තැනය. ඒ ගෙදර බුදුන්ගේ තැනය. ආදරබර මවකගේ තැනය. ආදරනීය බිරිඳකගේ තැනය. දරුවාව ඩේ කෙයාර් එකේ දමා රස්සව කරනා තවත් ඔෆිස් ගර්ල් කෙනෙකුගේ තැන නොවේ.
    මව පියා දෙදෙනාගෙන් එක්කෙනෙක් හෝ දරුවන් ගාව සිටීමේ වැදගත් කම පෙනෙන්නේ අද සමාජය දෙස බලන විටය. අද දරුවන් නොමග යන ආකාරය බැලූවිට පෙනෙන්නේ දෙමාපියන් දෙදෙනාම රැකියාව කරන පවුල්වල ඒ සඳහා වැඩි ප්‍රවන තාවයක් ඇති බවය(සියලුම දෙනා නොවේ). මුදල් නිසිආකාරව අරපිරිමැස්මෙන් භාවිතා කරන්නේ නැත්නම් සැමිය හා බිරිඳ දෙදෙනාම හම්බ කරන මුදල් පමනක් නොව අහලපහල මිනිස්සු හම්බකරන මුදල්ද නිවසට ගෙනාවත් ආර්ථික අහේනියෙන් නම් ගැලවීමට නොහැක. .
    කාන්තා දිනය පෙම්වතුන්ගේ දිනය මව්වරුන්ගේ දිනය ලෙසින් එක එක දින වෙන්කරගෙන ඩෙඟා නැටීම අපට බටහිරින් ආවා වූ දෙයකි. අපගේ හෙල සංස්කෘතිය තුල කාන්තාවට නිසි තැනත් මවට නිසි තැනත් ලැබී තිබුනි. අපට අමුතුවෙන් දිනයක් දමා මෙය මතක් කිරීම අවෂ්‍ය වූයේ නැත. නමුත් දැන් දැන් සිංහල කමට පයින් ගසා වෙස්ටන් වෙන්නට දඟලන බොහෝ දෙනාටනම් මෙය අවශ්‍යය. මන්ද ඔවුන්ට දෙමාපියන්ට සැලකීම වගේ ගුන ධර්ම වෙස්ටන් සමාජයෙන් ලැබී නැත. තම මව කරතබගෙන දින හතක් මහමුහුදේ පීනා නියත විවරන ලැබූ බෝසත් පුතුන් ගැන වෙස්ටන් කථා නැත ඒවා ඇත්තේ අපේ ගොඩයන් ගාවය ( ඔවුන් අපව හඳුන් වන්නේ ඒ නමිනි ).
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැන් දැන් සිංහල කමට පයින් ගසා වෙස්ටන් වෙන්නට දඟලන බොහෝ දෙනාටනම් මෙය අවශ්‍යයTFS
    niyama katawa :)
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ගැනු රස්සා කලෙ නැත්නම් ලන්කවට හුලන්,

    මැදපෙරදිගින් තෙ වතුවලලින් ගර්මෙන්ට් වලින් තමයි ලන්කාව යැපෙන්නෙ
    පිරිමි යොමු නොවන තැන්වල ශ්‍රම සුරාකැමට තමයි නිසි තැන කියල එකක් හදාගෙන තියෙන්නෙ
    නිසි තැන නිසි වටුප් එකියන්නෙ නිසි රැකිය අඩු වැටුප්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගැනු රස්සා කලෙ නැත්නම් ලන්කවට හුලන්,

    මැදපෙරදිගින් තෙ වතුවලලින් ගර්මෙන්ට් වලින් තමයි ලන්කාව යැපෙන්නෙ
    පිරිමි යොමු නොවන තැන්වල ශ්‍රම සුරාකැමට තමයි නිසි තැන කියල එකක් හදාගෙන තියෙන්නෙ
    නිසි තැන නිසි වටුප් එකියන්නෙ නිසි රැකිය අඩු වැටුප්

    ඔව් ඔයා කියන කථාව ඇත්ත.. නමුත් ඒ වෙන්න මුලිකම හේතුව අපේ අදූරදර්ශී පාලනය
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Office ekaka wada karanawa nag gaaniyek wela inna eka pirimi wenawata wada hoda..

    Lokkata redda ussala pennala one wadak karaganna puluwan..