කාන්තා සතුන් බෙදා ගන්න බැරිව කලා වැවේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කාන්තා සතුන් බෙදා ගන්න බැරිව කලා වැවේ




    කලාවැව හා බළලූ වැව ඉස්මත්තේ නිරන්තරයෙන් ගැවසෙන වන අලින්ගේ වසන්ත කාලය උදාවීමත් සමග වෙනත් වසරවලට වඩා ඔවුන් ඔවුන් අතර බරපතළ ගැටුම් රැසක් මේ දිනවල හටගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

    ඒ අනුව කණ්ඩායම් පහකට බෙදී සිටින කලාවැව රක්ෂිතය සිටින වන අලින් සහ ඇතුන් අතර මෙන්ම ඇතුන් ඇතුන් සහ අලින් අලින් අතර බරපතළ ගැටුම් හටගෙන ඇති බව ඔවුහු පවසති.

    උදේ දිවා දහවල් කාලයේ මේ ගැටුම් පවතින බවත්, වෙනත් වසරවල මෙතරම්ම වන අලින් අතර මද කිපුණු කාලයේ ගැටුම් ඇති නොවන අතර, මෙවර පිරිමි සතුන් මෙන්ම කාන්තා සතුන්ද ගැටුම්වලට මැදිහත් වීම විශේෂත්වයක් බවත් ප්‍රදේශවාසීහු පවසති.

    කලාවැවේ සිටින ‘ඇසළ’ නමැති ඇතා තවත් අලින් දෙදෙනෙකු සමග දින කිහිපයක සිටම ගැටුමක් ඇති කරගෙන ඇති අතර, ‘රේවත’ නමින් හඳුන්වන ඇතාද තවත් ඇතෙකු සමග ගැටුමක් ඇති කරගෙන තිබේ. එමෙන්ම පසුගිය දිනවල අලියෙකු තම දළවලින් ඇණ ඝාතනය කර තිබූ දීඝජන්තු 2 ඇතා කලාවැව ප්‍රදේශයේ දින ගණනාවකින් දකින්නට නොමැති වීමද විශේෂත්වයකි.

    වන අලි රංචු පහේම සද්ධන්තම ඇතුන්ට මේ දිනවල කම්මුල් තෙමීම නොහොත් වසන්ත කාලය උදාවීමත් සමග මෙම ගැටුම් ඇතිවීම සහ කණ්ඩායම් 5 නිරන්තරයෙන්ම එකට එක්වී ශක්තිමත් වූ අලින් තම වර්ගයා බෝ කිරීම සඳහා ගැහැනු සතුන්ට ශක්තිය පෙන්වීම මෙන්ම රැලේ සිටින අනෙකුත් අලි ඇතුන්ට තම බලවත්කම පෙන්වීම මෙහි තවත් ලක්ෂණයකි.

    එමෙන්ම ගැටුම්වලට මැදි නොවී කුඩා සතුන් බේරා ගැනීම සඳහා මව් ඇතින්නියන් දැඩි වෙහෙසක් දරන ආකාරය හා කුඩා පැටවුන් ගැටුම්වලින් ඉවත් කිරීමට දැඩි උත්සාහයක් ගන්නා සංවේදී දසුන්ද මේ දිනවල කලා වැව ඉස්මත්තේදී දැක ගැනීමට හැකියාව ඇති බවත්, කලාවැව ඉස්මත්තේ සිටින ශක්තිමත් වන අලින් සහ ඇතුන් තම වර්ගයා බෝ කිරීම සඳහා මෙම ගැටුම් ඇතිකර ගැනීම සිදුවන බවත් ප්‍රදේශවාසීහු මෙන්ම වනජීවී නිලධාරීහු පවසති.

    මේ දිනවල දිවා කාලයේ හෝ සවස් කාලයේ කලා වැව බලලු වැව ඉස්මත්තේ නිකරුනේ ගැවසීමෙන් වළකින ලෙසත්, එමෙන්ම හරකුන් එළුවන් වැවට මුදා හැරීම, දර සෙවීමට ගමන් කිරීම ආදී ක්‍රියා සිදුනොකරන ලෙසත් වනජීවී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටිති. වන අලි සහ ඇතුන් මේ දිනවල දැඩි කෝපයෙන් පසුවීම නිසා බරපතළ අනතුරුවලට මුහුණදීමට සිදුවිය හැකි බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ දවස් වල ඉඩෝරෙට ඔලු ගෙඩිය රත් වෙලා මොලේ කර කුට්ටන් වෙලා. :dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආන්න එකයි මන්ගල /වික්කසිංහයන් මෙරට සමලිංගික කරන්න හදන්නේ .මිනිස් ජීවිත විතරක් නෙමේ සතුන්ගේ ජීවිතත් එකෙන් බෙරෙනවනේ ...කොහෙද මුන්ට ඔව්ව තේරෙන්නේ නැ නේ ..අලින්ටත් හිරිකොතට ගෙන්නලා ගේ කොස් එකක් දුන්නනම් ඔය අලිජීවිත කීයක් බේරන්න තිබ්බද ? :(:(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේ දවස් වල ඉඩෝරෙට ඔලු ගෙඩිය රත් වෙලා මොලේ කර කුට්ටන් වෙලා. :dull:


    Ali asahane



    මරුසිරා;23648703 said:
    ආන්න එකයි මන්ගල /වික්කසිංහයන් මෙරට සමලිංගික කරන්න හදන්නේ .මිනිස් ජීවිත විතරක් නෙමේ සතුන්ගේ ජීවිතත් එකෙන් බෙරෙනවනේ ...කොහෙද මුන්ට ඔව්ව තේරෙන්නේ නැ නේ ..අලින්ටත් හිරිකොතට ගෙන්නලා ගේ කොස් එකක් දුන්නනම් ඔය අලිජීවිත කීයක් බේරන්න තිබ්බද ? :(:(


    Ali serama awilla sirikothe ida nathi unoth yoshitha gawata yawamu
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,033
    113
    වන ජීවි කාරයින්ටත් පිස්සුනේ. අලින්ට ...කා ගන්නවා ...කා ගනින් කියලා පාඩුවේ හිටයනම් ඉවරයිනේ. අලි අලි ඇනගෙන උන්ම මැරිලා පලච්චාවේ. එතකොට ඔය පැතිවල මිනිස්සුන්ටවත් මරණ බයක් නැතිව ඉන්න හැකිවෙයි නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මරුසිරා;23648703 said:
    ආන්න එකයි මන්ගල /වික්කසිංහයන් මෙරට සමලිංගික කරන්න හදන්නේ .මිනිස් ජීවිත විතරක් නෙමේ සතුන්ගේ ජීවිතත් එකෙන් බෙරෙනවනේ ...කොහෙද මුන්ට ඔව්ව තේරෙන්නේ නැ නේ ..අලින්ටත් හිරිකොතට ගෙන්නලා ගේ කොස් එකක් දුන්නනම් ඔය අලිජීවිත කීයක් බේරන්න තිබ්බද ? :(:(

    :rofl::rofl::rofl: