ඔන්න අපේ පොරවල් දෙකක් ගමනක් ගියා. ගියේ ඈතක. ඔන්න දැන් ගියේ කොහෙද? මොකටද? කා එක්කද? කීයටද? අහන්න එපා. අපේ ඉන්නවනේ සමහරු ගමනක් යනවා කීවහම මුළු ගමන් විස්තරේම ඕනේ. හරියට උන් ගමනට වියදම් කරනවා වගේ. එහෙම උන් ඉන්නවානම් අනේ අපිට අනුන්ගේ ඕප දූප මොකටද කියලා හිත හදාගනිල්ලා. කොහොමහරි උදේම ගියාට මොකද දෙන්නටම හවස දෙක තුන වෙනකම් චාටර් එක කන්න වෙලා. දැන් දෙන්නට පට්ටම බඩගිනියිලු. කොහොමහරි කාපු චාටර් එකෙන් පස්සේ අතෙත් ආපහු එන්න ගාණට තමයි සල්ලි ඉතුරු වෙලා තියෙන්නේ. තිබ්බ බඩගින්නේ හැටියට කෑවනම් කලිසම් කමිසත් ගලවලත් බිල ගෙවන්න බැරි සයිස්ලු. අනික ඉතින් ඔය හම්පඩ කලිසමකට කමිසයකට කීයක් කියලා ගන්නද? එකෙක්ගෙ ටිකිරි මොලේට පොඩි අදහසක් ඇවිල්ලා. අන්තිම පේලියේ පොරවල් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනෙ. දෙන්නත් එක්ක ඔන්න හෝටලයකට ගිහින් ෂෝට් ඊට්ස් ( අපේ කට්ටිය කියන විදිහට සෝටීස් එහෙම නැත්නම් ස්නැක්ස් ) ඕඩර් කරාලු.
ඔන්න වේටර් අයියත් මුන් දෙන්නගේ මේසෙ මැද්දේන් සෝටීස් පුරවලා බන්දේසියක් ගෙනත් තිබ්බලු. තිබ්බ බඩගින්නේ හැටියට ඉතින් උන් හිටිතැන් මතක නෑ දෙන්නට. ටිකක් වෙලා කාගෙන ගියාලු. බඩගින්න අඩුවෙලා බඩපිරීගෙන එද්දිලු දෙන්නත් එක්ක ප්ලැන් එක ක්රියාත්මක කරන්න ගත්තලු. ඔන්න ටික ටික කන ගමන්ම දෙන්නගේ කතාව වැඩි කරාලු. කතාව කීවට වලියට බර ටෝක් එකක් තමයි යන්නේ. එකෙක් කියනවලු අනිකගේ වැරදි නිසා මෙහෙම උනා කියලා අනිකා කියනවලු අරූගෙ වැරදි නිසා කියලා. කොහොම හරි කඩේ ඉන්න මිනිස්සුත් එක්කෙනා දෙන්නා මුන් දෙන්නා දිහා හැරි හැරි බලන්න ගත්තලු. එක පාරටම දෙන්නා මහ හයියෙන් බැණගන්න ගත්තලු. කඩේ පොරවල් තක්බීර් වෙලා බලාඉන්නවලු. ඒ එක්කම එකෙක් අනිකගේ කණට ගහලා. ගහන එකත් ආයේ ගහල තියනවා අඩුපාඩුවක් වෙන්නේ නැති වෙන්න. ඒ එක්කම ගහපු එකා දුවලා. මුට ගහල අරූ කඩෙන් එලියට පැනලා දුවනවලු. අනිකත් ” අඩෝ මම අද තෝව මරනවා. ඔහොම හිටපන් බල්ලා ” කියාගෙන කඩෙන් එලියට පැන්නලු. මෑන් පැනලා තියෙන්නේ නිකන් නෙවෙයි. අර කඩවල් වල එලියේ තියලා තියනවනේ මෙගා බෝතල්. අන්න ඒ කොකා කෝලා බෝතලයකුත් අරගෙන ඒකෙන් අරූට ගහන්න පන්නනවලු. මේ ඔක්කොම වෙන්න ඉතින් මහ වෙලාවක් යන්නේ නෑ. විනාඩියෙන් සීන් එක ඉවරයි. කඩේ වැඩ කරන උනුයි කන්න ආපු උනුයි ඔක්කොමල්ලා බලාහිටියා මිසක් එකෙක්ටවත් බිල ගැන මීටර් වෙලා නෑ එවෙලේ. කොහොමත් වලියක් දැක්කහම අපේ උනුත් කට ඇරගෙන බලාගෙන ඉන්නවනේ. අරුන් දෙන්නා කොහොම හරි හෝල්ට් දෙකක් විතර පහුවෙනකම් දුවලා. පොඩ්ඩක් පාලු හරියකදි නැවතිලා. අපේ පිටිපස්සෙන් ආපු එකා කියනවලු ” මචං දුවලා මහන්සියට බොන්න කෝක් එකකුත් අරන් ආවෙ. මොනව උනත් උඹ එහෙම ගහපු එකනම් බලු වැඩේ “කියලා. දෙන්නත් එක්ක කෝක් බෝතලේම බීලා හති එහෙම ඇරලා යහතින් ගෙදර ඇවිල්ලා
source
REP & Comment දල යන්න අමතක කරන්න එපා

ela