කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ගොඩක් වටින post එකක්. Rep දුන්න.
    මේකෙ ගැටළුවක් නෑ හැම කාරණාවක් ම වටිනව.

    එකම ප්‍රශ්නෙ තමයි... කාලාන්තරයක් තිස්සෙ මේ දේශනා උපදේශ ධර්ම සමාජය ඇතුලෙ සංසරණය වුණත්, හැදෙන මිනිස්සු අඩුයි. කාමයෙහි ආදීනව කියන්න කියන්න ගොඩක් අය යන්නෙම කාමය හොයාගෙනමයි. එපා කියන්න කියන්න කරන්නෙම ඒකමයි. සහනයක් ලබන්න නම් ධර්මයට එන්න කියද්දි තියෙන්නෙම අසහනයමයි. මේක හරිම සංකීර්ණ තත්වයක්. ඒත් තත්වය ඒකයි.

    ඇයි ඒ?

    කෙටියෙන් ම කිව්වොත්.... මේ කාටවත් මේකෙන් ගැලවෙන්න උවමනාවක් නැහැ. ඒකෙන් දැනෙන පොඩි ආශ්වාදය සැපයි සැපයි මේක සැපයි මේක තරම් සැපක් ආතල් එකක් වෙන කොහෙවත් නැහැ කියල තමන්ටම කියාගෙන කාමයන් පස්සෙම පන්නනව. කාටවත් කොන්දක් නෑ මේකෙන් ගැලවෙන්න. උවමනාවක් ඇතිවුණත් කරන්න බැහැ. ඒකට ඇලිල. ඇලිච්ච එක කොච්චරද කියනව නම් ඒක දැන් තමන්ගේම කොටසක් කරගෙන.

    කොච්චර බණ කිව්වත්... කාමයන් පස්සෙ පන්නන එක කාටවත් නවත්තගන්න බැහැ. කාමයන් පස්සේ පන්නන එක සදාකාලිකව ඒ ආශ්වාදය විඳින එක සාධාරණීකරණය වෙනව මිසක් ඒකෙ ආදීනවය දැකල වළකින්න උවමනාවක් නැහැ.

    මේ කට්ටිය අතරෙ ඉන්නව එක්කෙනෙක් දෙන්නෙක්... අනේ මේ කාමයන්ගෙන් වෙන ආදීනව ඇති නොවෙන්න මේකෙන් ගැලවෙන්න තියෙනව නම්... මේකෙ කෙලවර මොකද්ද කියල හිතන කෙනෙක් විතරමයි මේකෙන් සැබෑ ප්‍රයෝජනය ගන්නෙ. හැබැයි බහුතරයක් අතරෙ එහෙම අය සමාජෙ ඇතුලේ වැඩිය ගණන් ගන්නෙත් නැහැ. ජීවිතය කියන්නෙ ඕක නෙමෙයි කියල මහ ලොකුවට පඬි වදන් කියන අය ඕනෙ තරම්.

    අනිත් හැමෝම මේ post එක දිහා බලයි.. පොඩ්ඩක් කියවයි.. සමහරු අනේ මට බෑ මොන විකාරයක් ද කියයි. පස්සෙ බලන්නම් පස්සෙ කියවන්නම් කියල ඉඳියි... එච්චරම තමයි ඉතිං. ඒක එතනින් ඉවරයි ආයෙ මතක් වෙන්නෙත් නැහැ.

    ඇයි කාමයන් අස්සෙ අතරමං වෙලා මේව මතක් වෙන්න වෙලාවක් නෑ ඒවගෙ ආශ්වාදය විඳ විඳ ඉන්න එපැයි. ඒක තරම් දෙයක් තවත් නෑ නෙ. ධර්මය වගේද ආතල් එක. බණ අහනව වගේද ඒකෙ තියෙන ෆන් එක. බණ අහන උඹලට තේරෙන් නෑ ඒකෙ තියෙන සැප....