'කාමර අංක 1046' අභිරහස

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    'කාමර අංක 1046' අභිරහස

    ලොව වටා සිදුවන විවිධාකාරයේ අපරාධයන් සමහරකට හේතු වූ කාරණා ඉතා ඉක්මණින් ලොවට හෙළිදරව් වන අතර තවත් ඒවායේ අක්මුල් සෙවීම සිතනා තරම් පහසු වන්නේ නැහැ. මින් අතළොස්සක් ඉතා සරල සිද්ධීන් ලෙස එක් වරම පෙනී යන නමුත් ඒවා පිළිබඳ හාරා අවුස්සන්නට අවුස්සන්නට එහි සංකීර්ණතාවය වැඩි වනවා. 1935 වසර ආරම්භයේ දීම කරළියට පැමිණි 'කාමර අංක 1046' අභිරහසත් එවැන්නක්.

    ඝාතන සිද්ධිය
    1935 වසරේ ජනවාරි මස 2 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසූරිහි කැන්සාස් සිටි නගරයේ ප්‍රෙසිඩන්ට් හෝටලයට අමුත්තෙක් පැමිණෙනවා. තරුණයෙකු වූ තමන් රෝලන්ඩ් ටී. ඕවන් ලෙස හඳුන්වා දුන් ඔහු කාමරයක් ඉල්ලා සිටියා. ඔහු විශේෂයෙන් ඉල්ලා සිටියේ එම කාමරයේ ජනේලය අසල වීදියට මුහුණලා නොපිහිටන එකක් විය යුතු බව යි. එනයින්, ඔහුට කාමර 1046 යතුරු ලැබෙන අතර එහි ජනේලය හෝටලයේ ඇතුළු අංගනයට මුහුණලා පිහිටි එකක් වුණා.

    බොහෝ අය මෙන් නොව ඕවන් කිසිදු ගමන් මල්ලක් දරා සිටියේ නැහැ. ඔහු සතුව කුඩා පනාවක්, බුරුසුවක්, හා දත් බෙහෙත් සහිත කුඩා ටියුබයක් පමණක් තිබූ අතර ඒ සියල්ල ඔහු සිය කළු පැහැති පිට කබායේ රුවාගෙන පැමිණ තිබුණා.

    ඕවන් ගේ සහයට පැමිණි සේවිකාවට ඔහු පවසන්නේ සිය කාමරය අඳුරේ තබා ගැනීමට තමන් රිසි බව යි. මේ අනුව කාමරයේ තිර රෙදි පහත් කෙරුණු අතර මඳ ආලෝකයක් පමණක් දෙන මේස ලාම්පුව පමණක් දැල් වුණා. සිය කාමරයේ දොර හැර තබන ලෙස ඕවන් ඇයට දැන්වූයේ තමන් අමුත්තෙකු බලාපොරොත්තුවෙන් සිටින බැව් දන්වමින්. ඔහු මඳක් තැතිගෙන සිටි බැව් ඇය නිරීක්ෂණය කර තිබුණා.

    පසුදින, එනම් ජනවාරි 3 වන දා පෙර කී සේවිකාව ඕවන් සිටි කාමරය පිරිසිදු කරමින් සිටිය දී ඔහුට දුරකථන ඇමතුමක් පැමිණෙනවා. 'ඩොන්, මට ආහාර ගැනීමට අවැසි නැතැ' යි ඊට පිළිතුරු දෙමින් ඔහු පවසනවා. මඳ වේලාවකට පසු තුවා ලබාදීම සඳහා ඇය නැවත පැමිණි විට කාමරය දොරගුළු ලා තිබූ අතර එය තුළින් 'පිරිමි කටහඬ' ද්විත්වයක් නිකුත් වූ බැව් ඇය නිරීක්ෂණය කළා. ඇය තුවා ඇවැසිදැ යි ඇසූ විට වඩාත් රළු කටහඬ ඊට පිළිතුරු දෙමින් ඒවා අවශ්‍ය නොමැති බැව් ඇයට පැවසුවා.


    දුවන මිනිසා
    ජනවාරි මස 3 වන දා රාත්‍රී 11ට පමණ කැන්සාස් නගරසභා සේවකයෙකු වන රොබට් ලේන් නැමැත්තා සිය නිවස කරා යමින් සිටිද්දී අසාමාන්‍ය දර්ශනයක් ඔහු ඇස ගැටෙනවා. ශීතල දිනයක් වූ එදින කබායක් නොමැතිව, යට කමිසයකින් පමණක් සැරසී සිටි කිසිවෙකු වීදිය ඔස්සේ දිවයමින් සිටියා. ඔහුගේ අතක විශාල කැපුම් ලකුණක් ලේන් විසින් නිරීක්ෂණය කළා. ඔහු හැසිරුණු ආකාරයට තවත් තුවාල ඔහුට සිදුවී ඇතැ යි ඔහු අනුමාන කළා.

    මඳක් නැවතුණු ලේන් මිනිසාගේ සුවදුක් විමසා බැලුවා. ඊට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ අසභ්‍ය වදනකුත් සමග තමන් අර 'මිනිසාව' හෙට දිනයේ ඝාතනය කරන බව යි. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බැලූ ලේන් ටැක්සියක් අල්ලාගැනීම සඳහා ඔහුට උදව් කළ අතර, ඒ රෝලන්ඩ් ටී. ඕවන් බැව් පසුකාලෙනව ඔහු හඳුනාගන්නවා.

    භයානක සිද්ධියක්
    සිකුරාදාවක් වූ පසුදින හෙවත් ජනවාරි 4 වන දා උදෑසන ඕවන් නැවතී සිටි කාමරයේ දුරකථනයේ රිසීවරය ඉවත තබා තිබෙනවා විය යුතු බැව් එහි සේවකයෙකුට නිරීක්ෂණය වුණා. කිසිවක් සිදුවී ඇති බැව් වටහාගත් ඔහු හදිසි යතුරක් භාවිතයෙන් කාමරයට ඇතුළු වන්නේ කිහිප විටක් දොරට ගසමින් කථා කළ ද ප්‍රතිචාරයක් නොලැබුණු නිසායි. ඔහු දකින්නේ ඕවන් නිරුවතින් එහි ඇඳ මත වැතිරී සිටින ආකාරය යි. ඔහු බීමතින් මෙසේ වැටී සිටිනවායැ යි අනුමාන කළ සේවකයා, ඔහු අනුමාන කළ පරිදිම පහතට එල්ලෙමින් තිබූ දුරකතනයේ රිසීවරය නැවත සකසනවා.

    පැය කිහිපයකට පසු එම සේවකයා නැවත නිරීක්ෂණය කරන්නේ පෙර සේම දුරකථනයේ රිසීවරය ඉවත තබා පවතින බවයි. මෙය අසාමාන්‍ය තත්ත්වයක් වූ බැවින් නැවත දොරට ගසමින් කතා කළ ද මෙවර ද ඔහුට ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ.

    මෙවරද අමතර යතුරක් ආධාරයෙන් සේවකයා කාමරය තුළට ඇතුළු වන අතර විදුලි පහන් දැල්වීමෙන් පසු ඔහු දකින්නේ භයානක දසුනක්. ලේ විලක් මැද ඕවන් වැටී සිටි අතර හාත්පස රුධිරය විසිරී තිබුණා. තවමත් යාන්තමට ඔහුට සිහිය තිබූ නිසා සේවකයා වහාම උදව් ඉල්ලා ඉවතට දිවයනවා.

    වහාම කාමරය වෙත වෛද්‍යවරයෙක් ළඟා වන අතර වෛද්‍යවරයා නිරීක්ෂණ කරන්නේ ඕවන්ගේ අත් පා බැඳ ඔහුට වධ හිංසා පමුණුවා ඇති බව යි. ඔහුගේ හිස්කබල පිහියක් ආධාරයෙන් කිහිප තැනකින්ම සිදුරු කොට තිබූ අතර, පෙනහැල්ලක් සිදුරු වන පරිදි ද පිහි පහරක් එල්ල වී තිබුණා. කාමරයේ සිවිලිමේ ද රුධිර පැල්ලම් තිබූ අතර ඒවා වියළී තිබුණා. ඔහුට මේ කුරිරු ප්‍රහාරය එල්ල වී පැය 6, 7ක් ගත වී ඇති සෙයක් දිස් වුණා. ඇත්තෙන්ම පළමුවර සේවකයා නිදන කාමරයට එබී බලන විටත් ඔහු තුවාල ලබා සිටින්නට ඇති අතර, සේවකයා කාමරය තුළට විත් දෙවන වතාවේ මෙන් හොඳින් පරිශ්‍රය නිරීක්ෂණය නොකිරීම නිසා එය ඔහුට මඟහැරී තිබුණා.

    ඕවන්ට මේ ප්‍රහාරය එල්ල කළ තැනැත්තා කවුද යන්න සෙවීම වහාම ඇරඹුණා. පොලිසිය වහාම හෝටල් පරිශ්‍රයට පැමිණි අතර ඔවුන් නිරීක්ෂණය කළේ ඕවන්ගේ කබාය ඇතුළු සියළු ඇඳුම් පැළඳුම් අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම පරිශ්‍රයේ තිබී කොණ්ඩ කටුවක් හා නොදල්වන ලද දුම්වැටියක් ඔවුනට හමුවුණා. විශේෂම කාරණාවක් වන්නේ දුරකථනයේ කුඩා අතක ඇඟිලි සළකුණු සටහන්ව තිබීම යි. ඒවා කාන්තාවකගේ වීමට වැඩි ඉඩක් පවතින බැව් තීරණය කෙරුණා.

    අභිරහසක්
    ඕවන් වහාම රෝහල්ගත කරන ලද අතර ඔහුගේ තත්ත්වය ඉතා බරපතල බවට තීරණය කෙරුණා. කෙසේ නමුත් ඔහු අඩ සිහියෙන් වචන කිහිපයක් පවසන්නට හැකි තත්ත්වයක සිටියා. 'තමා නාන කාමරයේ ඇදවැටීම' නිසා මෙලෙස තුවාල වූ බැව් ඔහු පැවසුවා. ඉක්මණින්ම ඔහු සම්පූර්ණයෙන් සිහි විසඥ තත්ත්වයට පත් වූ අතර මධ්‍යම රාත්‍රියේ දී මියගියා.

    මියගිය තැනැත්තා නිසිලෙස හඳුනාගැනීමට පොලිසිය උත්සාහ කළේ ඔහු සතුව කිසිදු හැඳුනුම්පතක් නොතිබූ නිසා යි. ඉක්මණින්ම ඔහුගේ සැබෑ නාමය 'ඕවන්' නොවන බැව් ඔවුන් සොයාගන්නවා.

    මියගිය තැනැත්තා සොයා කිසිවෙකු නොපැමිණීම නිසා පොලිසිය ඔහුගේ රුව පුවත්පත්වල පලකරනවා. කිහිප දෙනකු තමන් ඔහු දැක ඇතැ‍ යි පවසා සිටියත්, ඒ සියළු දෙනා ඔහු දැන සිටියේ විවිධ නම්වලින් බැව් හෙළිවුණා.

    කිසිදු සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු තැන ඕවන්ගේ දේහය භූමදාන කරන්නට කැන්සාස් සිටි නගර සභාව සූදානම් වෙනවා. මේ අවස්ථාවේ දී නම සඳහන් කරන්නට අකමැති වූ අයෙක් තමන් භූමදානයට අවශ්‍ය වන මුදල් සියල්ල ලබා දෙන බැව් ඔවුනට දන්වා එවන අතර ඉක්මණින්ම සිය අනන්‍යතාවය සඟවාගෙනම මුදල් එවන්නට කටයුතු කරනවා. මේ අනුව ඔහු අවසන් වරට හඳුනාගෙන සිටි රෝලන්ඩ් ටී. ඕවන් නාමයෙන්ම භූමදාන කෙරෙනවා. අවමංගල්‍යය සිදුවන විට තැපෑලෙන් තවත් පාර්සලයක් කැන්සාස් සිටි බලධාරීන්ට ලැබෙනවා. එය ද අනන්‍යතාවය වසන් කළ යමෙකු ඕවන්ගේ අවමංගල්‍යයට එවා තිබූ අතර, එහි වූයේ කුඩා කඩදාසි කැබැල්ලක් අමුණන ලද මල් පොකුරකු‍යි. කඩදාසි කැබැල්ලේ 'සදා ආදර ලුසී වෙතින්' යනුවෙන් සඳහන්ව තිබුණා.

    ඕවන් ගේ අනන්‍යතාවය සොයාගැනෙයි
    උක්ත සිදුවීමෙන් වසරකට පසුව රූබි ඕග්ල්ට්‍රී නම් කාන්තාවක් හදිසියේම සඟරාවක පලව තිබූ ඕවන්ගේ ඡායාරූපයක් දකිනවා. ඇය ඒ තමන්ගේ පුත්‍රයා වන ආටිමස් ඔග්ල්ට්‍රී බැව් හඳුනාගන්නවා. ඔහු 1934 වසරේ අප්‍රේල් මස සිට අතුරුදන්ව සිට ඇති අතර එකල 17 වියැති වුණා. ඒ අනුව අවසානයේ ඕවන්ගේ සැබෑ අනන්‍යතාව හඳුනාගැණුනා.

    ආටිමස් හඳුනාගැණුන ද එතැනින් ඔබ්බට කිසිවක් හඳුනාගන්නට කිසිවෙකුත් සමත් වූයේ නැහැ. ඔහු ඝාතනය කළේ කවුද? කාමරයෙන් ඇසුණු රළු කටහඬ කාගේ ද? 'ඩොන්’ යනුවෙන් ඔහු ආමන්ත්‍රණය කළේ කාට ද? ඔහුගේ අවමඟුලට මුදල් ලබා දුන්නේ කවුද? කාමරයේ සටහන් වූ ඇඟිලි සලකුණු කාගේ ද? ලුසී යනු කවුද? ඒවාට පිළිතුරු මේ සිදුවීම සිදුවී වසර 84ක් ගතවන වර්තමානය වන විටත් හෙළිවී නැහැ.

    https://roar.media/sinhala/main/history/the-mystery-of-room-1046/

    https://www.youtube.com/watch?v=v13Wj4gUUII
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    නෝටි බබා;24626693 said:

    ඝාතන සිද්ධිය1935 වසරේ ජනවාරි මස 2 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසූරිහි කැන්සාස් සිටි නගරයේ ප්‍රෙසිඩන්ට් හෝටලයට අමුත්තෙක් පැමිණෙනවා. තරුණයෙකු වූ තමන් රෝලන්ඩ් ටී. ඕවන් ලෙස හඳුන්වා දුන් ඔහු කාමරයක් ඉල්ලා සිටියා.

    ඕවන් ගේ අනන්‍යතාවය සොයාගැනෙයි
    උක්ත සිදුවීමෙන් වසරකට පසුව රූබි ඕග්ල්ට්‍රී නම් කාන්තාවක් හදිසියේම සඟරාවක පලව තිබූ ඕවන්ගේ ඡායාරූපයක් දකිනවා. ඇය ඒ තමන්ගේ පුත්‍රයා වන ආටිමස් ඔග්ල්ට්‍රී බැව් හඳුනාගන්නවා.




    මේක කලින් කොහෙදිහරි කියවල තියෙනව



    ආටිමස් ඔග්ල්ට්‍රී ට යාලුවො කිව්වෙ "ආටි" කියලලු



    ආටිමස් ඔග්ල්ට්‍රී = Artemus Ogletree = Artie O.



    රෝලන්ඩ් ටී. ඕවන් = Roland T Owen = RTO



    Artie O. = RTO
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    මේක කලින් කොහෙදිහරි කියවල තියෙනව



    ආටිමස් ඔග්ල්ට්‍රී ට යාලුවො කිව්වෙ "ආටි" කියලලු



    ආටිමස් ඔග්ල්ට්‍රී = Artemus Ogletree = Artie O.



    රෝලන්ඩ් ටී. ඕවන් = Roland T Owen = RTO



    Artie O. = RTO

    අඩෝ උබ කතාව වෙනම පැත්තකට ගත්ත:love:
     
    • Like
    Reactions: Stimulus mind

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    නෝටි බබා;24627874 said:
    අඩෝ උබ කතාව වෙනම පැත්තකට ගත්ත:love:

    නෝටි බබා;24626693 said:


    ආටිමස් හඳුනාගැණුන ද එතැනින් ඔබ්බට කිසිවක් හඳුනාගන්නට කිසිවෙකුත් සමත් වූයේ නැහැ.



    1. ඔහු ඝාතනය කළේ කවුද?



    2. කාමරයෙන් ඇසුණු රළු කටහඬ කාගේ ද?



    3. 'ඩොන්’ යනුවෙන් ඔහු ආමන්ත්‍රණය කළේ කාට ද?



    4. ඔහුගේ අවමඟුලට මුදල් ලබා දුන්නේ කවුද?



    5. කාමරයේ සටහන් වූ ඇඟිලි සලකුණු කාගේ ද?



    6. ලුසී යනු කවුද?


    තියරි තියෙනව එකේක අයගෙ



    1. ඩොන්, ලුසීගෙ නිත්‍යානුකූල සැමියා / ex - පෙම්වතා



    2. ඩොන් ගෙ, RTO/ලුසී දෙන්න කතාකරල ගෙන්නගෙන



    3. ඩොන්, ලුසීගෙ සැමියා / ex - පෙම්වතා



    4. ඩොන්/ලුසී, අනියම් සම්බන්ධයක් පටන් ගත්ත එකට ලුසීගෙ අතෙත් වරදක් තියෙනවනෙ



    5. තුන්දෙනාගෙම



    6. RTO ගෙ පෙම්වතිය, ඩොන් ගෙ බිරිඳ / ex - පෙම්වතිය
     
    • Like
    Reactions: Stimulus mind

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    තියරි තියෙනව එකේක අයගෙ



    1. ඩොන්, ලුසීගෙ නිත්‍යානුකූල සැමියා / ex - පෙම්වතා



    2. ඩොන් ගෙ, RTO/ලුසී දෙන්න කතාකරල ගෙන්නගෙන



    3. ඩොන්, ලුසීගෙ සැමියා / ex - පෙම්වතා



    4. ඩොන්/ලුසී, අනියම් සම්බන්ධයක් පටන් ගත්ත එකට ලුසීගෙ අතෙත් වරදක් තියෙනවනෙ



    5. තුන්දෙනාගෙම



    6. RTO ගෙ පෙම්වතිය, ඩොන් ගෙ බිරිඳ / ex - පෙම්වතිය
    කොහොම හරි මේ පොරට මරපු අය බෙරන්ඩත් උවමනාව තිබිලා තියනවා එකයි අර බාත් රූම් එකේ වැටිච්ච කතාව කියලා තියෙන්නේ.
    ඒ කාලේ cctvත් නැති එකේ කාමර වලට යන්නේ කවුද එන්නේ කව්ද කියලා වැඩිය සැලකිල්ලක් දක්වලා නැ වගේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    අම්මටසිරි මෙකේ දාලා නැති සීන් එහෙමත් තියනවා මේකේ අර කව්දෝ දාලා තිබ්බේ නමේ සීන් එක වගේ මේ පොරගේ රූම් එකට අල්ලපු රූම් එකේ ඉදලා තියන්නෙත් "ඕවන් " කියලා නම තියන ගනු කෙනෙක්
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    තියරි තියෙනව එකේක අයගෙ



    1. ඩොන්, ලුසීගෙ නිත්‍යානුකූල සැමියා / ex - පෙම්වතා



    2. ඩොන් ගෙ, RTO/ලුසී දෙන්න කතාකරල ගෙන්නගෙන



    3. ඩොන්, ලුසීගෙ සැමියා / ex - පෙම්වතා



    4. ඩොන්/ලුසී, අනියම් සම්බන්ධයක් පටන් ගත්ත එකට ලුසීගෙ අතෙත් වරදක් තියෙනවනෙ



    5. තුන්දෙනාගෙම



    6. RTO ගෙ පෙම්වතිය, ඩොන් ගෙ බිරිඳ / ex - පෙම්වතිය

    බොහෝ දුරට උබ කිව්ව දේ හරි වෙන්න පුලුවන් , ඒත් එකෙක්වත් හොයාගන්න බෑන. ;)

    කොහොම හරි මේ පොරට මරපු අය බෙරන්ඩත් උවමනාව තිබිලා තියනවා එකයි අර බාත් රූම් එකේ වැටිච්ච කතාව කියලා තියෙන්නේ.
    ඒ කාලේ cctvත් නැති එකේ කාමර වලට යන්නේ කවුද එන්නේ කව්ද කියලා වැඩිය සැලකිල්ලක් දක්වලා නැ වගේ

    :yes::yes::yes:
    උඩ තියෙන Hyaenidaeගෙ උපකල්පන හරි කියල හිතමුකො..
    ලුසී ආටිගෙ ලව් එක සහ ඩොන් ලුසීගෙ මිනිහ
    ආටිව මරන්න ලුසීත් සම්බන්ධ ඇති, මූ ලුසීට තියෙන ලව් එකට ලුසීව බේරගන්න ඕනැවටත් එක්ක බොරු කියන්න ඇති..
    කොහොමත් ඌ මැරෙන එකනෙ කියල හිතන්නත් ඇති..

    අපි මොනව හිතන් හිටියත් මැරෙන්න මොහොතකට කලින් (මං කියන්නෙ මැරෙනවාම කියල දැනුනම), අපි හිතන විදිය වෙනස් වෙනව :)


    අම්මටසිරි මෙකේ දාලා නැති සීන් එහෙමත් තියනවා මේකේ අර කව්දෝ දාලා තිබ්බේ නමේ සීන් එක වගේ මේ පොරගේ රූම් එකට අල්ලපු රූම් එකේ ඉදලා තියන්නෙත් "ඕවන් " කියලා නම තියන ගනු කෙනෙක්

    මේක කොහෙද තිබ්බෙ මචං :shocked:
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    බොහෝ දුරට උබ කිව්ව දේ හරි වෙන්න පුලුවන් , ඒත් එකෙක්වත් හොයාගන්න බෑන. ;)



    :yes::yes::yes:
    උඩ තියෙන Hyaenidaeගෙ උපකල්පන හරි කියල හිතමුකො..
    ලුසී ආටිගෙ ලව් එක සහ ඩොන් ලුසීගෙ මිනිහ
    ආටිව මරන්න ලුසීත් සම්බන්ධ ඇති, මූ ලුසීට තියෙන ලව් එකට ලුසීව බේරගන්න ඕනැවටත් එක්ක බොරු කියන්න ඇති..
    කොහොමත් ඌ මැරෙන එකනෙ කියල හිතන්නත් ඇති..

    අපි මොනව හිතන් හිටියත් මැරෙන්න මොහොතකට කලින් (මං කියන්නෙ මැරෙනවාම කියල දැනුනම), අපි හිතන විදිය වෙනස් වෙනව :)



    මේක කොහෙද තිබ්බෙ මචං :shocked:
    මම මේක ගැන ගොඩාක් කියවලා තියනවා බන් රෙඩිට් එකෙත් ගියා ඕක ගැන
    මෑත කාලයේ 2000න් පස්සේ ඔය හොටෙල් එක තිබ්බ සිටි එකේ ලයිබ්රරි එකට කෝල් එකක් ඇවිල්ලා තියනවා. පොරක් කතා කරලා කියලා තියනවා පොරගේ සියා මැරුණට පස්සේ එයාගේ පොට්ටියක තිබිලා ඔය මරණය ගැන පත්තර වල ගිය විස්තර ගොඩක් හම්බුනා සහ මොකක්ද ආයුධයකුත් හම්බුනා කියලා. හැබැයි කතා කර කවුද කියන නැතුව කට් කරලා. ජොලියට දුන්න කෝල් එකක්ද දන් නැ ඉතින්


    පරණ පොස්ට් එකක් සොරි වෙනඩ ඕන