කාම පිස්‌සුව සහපිස්‌සු කාමය

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කාම පිස්‌සුව සහපිස්‌සු කාමය

    n7-1.jpg


    බාලයෙකුට අපරාධයක්‌ කරන තැනැත්තාගේ බෙල්ලෙහි ඇඹරුම් ගලක්‌ එල්ලා මුහුදට දැමිය යුතු බව යේසුස්‌ වහන්සේද කියා ඇත. එයින් උන්වහන්සේ අදහස්‌ කළේ මෙවැනි පාපතරයන්ගේ සිරුරවත් යළි දෑහැට නොදැකිය යුතු බවයි . මෝසස්‌ගේ ව්‍යවස්‌ථාවට අනුවද අසම්මත ලිංගික වැරදි වලට දඬුවම ගල් ගසා මරා දැමීමයි.

    මනුෂ්‍යයා තුළ පවතින මෙවන් අසම්මත හැසිරීම් කීපයක්‌ ගැන මනෝ විද්‍යාවේ උගන්වයි. ඒවා ප්‍රධාන වශයෙන් භීතිකා සහ උමතු (ආසාවන්) (phobias and manias) වශයෙන් යටතේ කොටස්‌ දෙකකට බෙදයි. මේ අතරින් සමාජයට බලවත් බලපාන හානිදායක පිළිකුල් සහගත රෝගී තත්ත්වයන්ද එදා පටන් අද දක්‌වාම මනුෂ්‍යන් අතර පවතී. ඒවා හඳුන්වන්නේ අසම්මත කාමචර්යා හෙවත් ලිංගික අක්‍රමකතා sexual disorde ලෙසිනි. වැඩිපුර ප්‍රසිද්ධියේ කතා කිරීමට අප අකමැති වුවද අද සමාජයේ දිනපතා අපට අසන්නට ලැබෙන ශෝකජනක පුවත් අතරින් මෙකී අසම්මත කාමරෝගීන්ගේ අතවරයට අපරාධයට නතු වන මල් කැකුලු වැනි දරු දැරියන් සිය දහස්‌ ගාණකි. නිදි යහනේදීම විනාශයට ලක්‌වූ සේයා දැරිය යාපනයේ දිව්‍යා යුවතිය මේ සඳහා හොඳම උදාහරණයි.

    මනෝ විශ්ලේෂකයන්ට අනුව මෙවනි අසම්මත ලිංගික චර්යාවන් කීපයක්‌ පෙන්වා දීමට පුළුවන. ඒවා මොනවාදැයි දැන සිටීම අද සමාජයේ සිටින ලොකු කුඩා බාල මහලු සැමට ආරක්‍ෂාකාරී ජීවිතයක්‌ ගෙන යැමටත් විකෘති කාමාපරාධකාරයන්ගෙන් බේරී තම නොදරුවන් උන්ට බිලි වීම අවම කැර ගැනීමටත් රුකුළක්‌ වනු ඇත.

    ප්‍රදර්ශන කාමුකත්වය exhibitional sex

    අප අතර සිටින නිතර පාර තොටේ ඇවිදින කාන්තාවන්ට නම් මෙවැනි රෝගී තත්ත්වයකින් පෙළෙන අය අරුමයක්‌ නොවේ. පාළු පාරවල් අයිනේ නැවැත්වූ වාහන තුළ බාලිකා නේවාසිකාගාර අසල ජන ශුන්‍ය ස්‌ථාන වල මොවුන් සැරිසරයි. මෙය වැඩිපුරම පිරිමින්ට ඇති වන තත්ත්වයක්‌ වුවත් මෙවැනි ස්‌ත්‍රීන්ද නැත්තේ නොවේ. ලිංගික ප්‍රදේශ හා ඒ අවට ශරීර කොටස්‌ විරුද්ධ ලිංගිකයන්ට පෙන්වමින් ඒ අයගේ අවධානය ලබා ගැනීම තුළින් ඔවුන් තෘප්තිමත් වෙයි. රෝගය උත්සන්න වූ කළ Rජුවම ලිංගේන්ද්‍රිය පෙන්වීම කළද බලහත්කාරකමක්‌ හෝ හිංසනයක්‌ සඳහා මොවුන් නොපෙළඹෙයි.

    අඟපසඟ පෙනෙන්නට ප්‍රසිද්ධයේ කරන රාගික මෝස්‌තර නිරූපනයේදී මෙන්ම අඩ නිරුවත් ඇඳුමෙන් ජනාකිර්ණ ස්‌ථානවල හැසිරෙන කාන්තාවන් තුළත් මෙකී ප්‍රදර්ශන කාමයට ලොල් බවක්‌ පවතින පව මනෝ විද්‍යාඥවරු පවසති.

    නිරීක්‍ෂණ කාමුකත්වය voyeurism

    ගෑනු නාන ළිං අසල සැඟවී සිට ඔවුන්ගේ නිරුවත් වන අඟ පසඟ දෙස බලා සතුටු වීම මෙකී රෝගයේ එක්‌ ලක්‍ෂණයකි. මුහුදු වෙරළක ගලක්‌ අස්‌සේ වාඩිවී හෝ පාළු තැනකට වී පෙම් සුව විඳින යුවලක්‌ දෙස හොරෙන් බලා සිට තෘප්තිමත් වීමද මොවුන්ගේ පුරුද්දකි. හිල්මන්ලා හෙවත් ඇස්‌ ආසික්‌ කාරයෝ කියා සමාජය අමතන මෙවැනි අය අත බොහෝ විට කුඩා හිලක්‌ සදන ලද පත්තර පිටුවක්‌ කුඩයක්‌ වැනි දෙයක්‌ පවතී. ඒ වස්‌තුව ආධාරයෙන් ඔවුන් වෙන අයගේ හැසිරීම හා නිරාවරණය වන රහස්‌ අවයව දෙස බලා සතුටු වෙයි.

    කාමුක විත්‍රපට නැරඹීම හා නිරුවත් රූප සහිත පොත් බැලීමට ප්‍රියවීම (blue films and pornography) මෙම රෝගයේ ප්‍රාථමික අවස්‌ථාවකි. අහල පහල ගෙවල් වල නාන කාමර නිදන කාමරවලට එබී බැලීම යතුරු සිදුරෙන් බැලීමද කරනු ලබයි.

    තම විවාහක බිරිඳව තව කෙනෙකු සමග රතිකෙළියේ යොදවා ඒ දෙස හොරෙන් බලා සිට උපරිම වින්දනයක්‌ ලබන අයද මෙම කොටසට අයත් වෙයි.

    පැරපිලියාව pharaphilias

    පොදුවේ පිරිමි හා ගැහැනු යන දෙපාර්ශවයම මෙම තත්ත්වයට පත්වන අතර මෙහි විශේෂත්වය වනුයේ තම ලිංගික කැමැත්ත විරුද්ධ ලිංගිකයා නොවන වෙනත් දේ සඳහා යොමු කර තෘප්තියක්‌ ලැබීමේ නැඹුරුතාවයයි. ලිංගික කාර්යයන් ලෙස සමලිංගික සේවනය, ස්‌වයං වින්දනය, මුඛ හෝ ගුද සංසර්ගය සඳහා මොවුන් දැඩි ඇල්මක්‌ දක්‌වයි. මේවා අද ලෝකයෙත් අප රටෙත් බහුලව දකින්නට ඇති අසම්මත චර්යා රටාවකි.

    අප්‍රාණික වස්‌තූන් විෂයෙහි ලිංගික ආසාව Fetishism

    කාන්තා යට ඇඳුම් සොරා ගන්නා 'ග්‍රීස්‌ යකා' මීට හොඳ නිදසුනකි. බාලිකාරාම වල හෝ කාන්තා නේවාසිකාගාරයන්හි රෙදි වැලේ වනා ඇති කිලිටි යට ඇඳුම් සොරාගෙන යන පුද්ගලයන් ගැන ඔබ මා අසා තිබේ. එවැන්නෝ මෙම රෝගයෙන් පෙළෙන අයයි.

    තවද පිරිමි අය විසින් ගැහැනු යට ඇඳුම් ඇඳීම ගැහැනු අය විසින් පිරිමි යට ඇඳුම් ඇඳීම හෝ ඒවා ස්‌පර්ශ කිරීම ඒ දෙස බලා සිටීම තුළින් ස්‌වයං වින්දනයක්‌ ලැබීමද මෙම රෝගයේ එක්‌ තත්ත්වයකි.

    මෙම අසම්මත චර්යාව ඇති කාන්තාවන්ගේ තවත් ලක්‍ෂණයක්‌ වන්නේ පිරිමින්ගේ යට ඇඳුම් සේදීමට හා ස්‌පර්ශ කිරීමට ඇති ආශාව හා එතුළින් ලිංගික තෘප්තියක්‌ ලැබීමයි.

    ස්‌පර්ශයෙන් ලබන තෘප්තිය frotteurism

    විරුද්ධ ලිංගිකයාගේ කැමැත්තෙන් හෝ අවසරයකින් තොරව ඔහුව හෝ ඇයව ස්‌පර්ශ කර තෙරපා අල්ලා ගෑවී සිට හෝ තද කර ලබන තෘප්තිය මෙනමින් හැඳින්වෙයි. පුරුෂ පක්‍ෂයට මෙය බෙහෙවින් වැළඳෙන රෝගයක්‌ වන අතර කලාතුරකින් මෙවැනි ස්‌ත්‍රීන්ද හමුවෙයි.

    උදේ හවස දුම්රියේ හෝ බස්‌රියේ වැඩට යන කාන්තාවන්ට නම් මෙකී අය ගැන අරුමයක්‌ නොවනු ඇත.

    කුමරකාමුකත්වය pedophilia

    කුඩා ළමුන්ව ලිංගික කටයුතු සඳහා යොදා ගැනීම මෙනමින් හඳුන්වයි. මෙවැනි රෝගි තත්ත්වයෙන් පෙළෙන්නන් වයස අඩු දරුවන් සමග සංසර්ඝ ක්‍රියාවලියට Rජුව නොයන අතර අයථා ක්‍රම වලට පොළඹවා ගනී.

    වැඩිහිටි ස්‌ත්‍රීන් ලාබාල පිරිමි ළමුන්ටත් වැඩිහිටි පුරුෂයන් ලාබාල දැරියන්ටත් කැමැත්තක්‌ දක්‌වන අතර දෙපාර්ශවයේම ළමුන් අපයෝජනයට ලක්‌ කරන වැඩි හිටි ස්‌ත්‍රී පුරුෂ රෝගීන්ද වාර්තා වෙයි. විශේෂයෙන්ම මීගමුව බෙන්තොට අලුත්ගම හික්‌කඩුව උණවටුන ආදි මුහුදුබඩ වැල්ලකරයේදී මෙකී කුමරකාමුකත්වයට ලොල් විදේශිකයන් අපට හමුවී ඇත. ඒ අතර වයෝවෘද්ධ සුද්දියන්ද බොහෝ විය.

    ස්‌වපීඩා කාමුකත්වය

    තමාට රිදුම් දෙන ආකාරයේ ක්‍රියාවන්හි යෙදෙද්දී එතුළින් ලිංගිකව තෘප්තිමත් වීම ස්‌වපීඩා කාමුකත්වයයි. මෙහිදී ලිංගික තෘප්තියක්‌ම නොවූවත් වෙන තෘප්තියක්‌ ලැබීමද සිදුවෙයි.

    සමහරු තම ලිංගේන්ද්‍රයේ පච්ච කොටා ගනී කුඩා මැණික්‌ ගල් බයිසිකල් බෝල වැනි දේ ශිෂ්ණ මුන්ඩයේ ශල්‍යකර්ම මගින් ඔබ්බවා ගනී.

    එමෙන්ම ස්‌ත්‍රීන් තම යෝනි මාර්ගයේ භගමණිය ආසන්නයේ හා තන පුඩු අග කුඩා මුදු වැනි දේ හෝ කරාබු ආදිය සවිකැර ගැනීමද මෙකී ස්‌වපීඩා කාමුකත්වයේ ලක්‍ෂණයකි.

    රහස්‌ ස්‌ථානවල පමනක්‌ නොව මුහුණේ අත්බාහුවල පපුවේ හා නැහැයේ පච්ච කෙටීම කරාබු පැළඳීමද මෙහි අංගයකි.

    පර පීඩා කාමුකත්වය masochism

    තමාගේ සහකාරයාට හෝ සහකාරියට රිදවමින් වද දෙමින් තමා ලිංගික තෘප්තියක්‌ ලබා ගැනීම පර පීඩා කාමුකත්වයයි. ස්‌ත්‍රී දුෂකයා ගැනෙන්නේද මෙම රෝගී තත්ත්වයටය.

    බොහෝ කාන්තාවන් රහසේ වසා ගෙන සිටියද මෙය අද බහුතරයක්‌ නිවෙස්‌ වල මෙකී තත්ත්වය අඩු වැඩියෙන් දක්‌නට ඇත.

    ස්‌ත්‍රී දූෂණ නඩුවලට පැටලී සිරගත වන දූෂකයන් රැසක්‌ සමග අප ගැඹුරින් කතා කර ඇති අතර ඔවුන්ගේ ඉරියව් හා ආකල්ප වලින් තාමත් ගම්‍ය වනුයේ වද දී රිදවා බලහත්කාරයෙන් කරන ලද ලිංගික ක්‍රියාවේ ඔවුන් ආස්‌වාදයක්‌ ලබන බවයි.

    මෙය අප රටේ බහුලව දකින්නට ඇති භයානක තත්ත්වයකි.

    පරිවර්තක කාමුකත්වය transvestic fetishism

    තමා උපතින් ලද ලිංගේන්ද්‍රියයන් සැත්කමක්‌ මගින් හෝ ඖෂධ වලින් මාරුකර විරුද්ධ ලිංගයක්‌ ලබා ගැනීමට ඇති දැඩි කැමැත්ත (උදාහරණ ලෙස පිරිමින් හෝමෝන එන්නත් කර පපු පෙදෙස ලොකු කර ගැනීමත් පුරුෂ ලිංගය ඉවත් කොට එතැන යෝනි විවරයක්‌ ලෙස සැත්කමකින් වෙනස්‌ කිරීම ස්‌ත්‍රීන් තම ලැම බසින ලෙස හා රෝම වැවෙන ලෙස හෝමෝන එන්නත් කර ගැනීම ගෙනහැර දැක්‌විය හැක.) තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල මෙය සුලභව දකින්නට ඇත.

    තමාගේ ලිංගයේ සිටිමින් විරුද්ධ ලිංගිකයෙක්‌ ලෙස පෙනී සිටීමද මෙහි එක්‌ අංගයකි. අද ලංකාවේද මෙවැනි අය සුලබව දක්‌නට සිටී.

    ඉහත විස්‌තර කළ අසම්මත ලිංගික චර්යාවන්ට අමතරව සමාජයේ දකින්නට ලැබෙන තවත් දුර්ලභ අක්‍රමකතා කීපයක්‌ පහතින් දක්‌වමු.

    මල මුත්‍රා ඇසුරින් ලබන තෘප්තිය coprophilia

    ඇඟ මත මල මුත්‍රා කරවා ගැනීම එසේ කරනවා දැකීම හා එහි ශබ්දය ඇසීම තුළින් තාප්තියක්‌ ලබන පුද්ගලයන් පෙළෙන්නේ මෙකී රෝගයෙනි.

    මල මිනී සමග ලිංගික කාර්ය කිරීම neckrophilia


    මෙවැනි අවස්‌ථා අප රටේදිත් සිදුවුණ බවත් දැනටත් සිදුවන බවත් අපට වාර්තා වෙයි. රූමත් තරුණියන් ස්‌වභාවික රුවෙන්ම මිය ගොස්‌ අවසන් කටයුතු සඳහා මෘතගාරයට හෝ මල් ශාලාවට රැගෙන ගිය විට මෙවැනි දේ සිදුවිය හැක.

    සෝචනීය පිළිකුළට ලක්‌ කළ යුතු රෝගි තත්ත්වයකි.

    දුරකථන ඇසුරින් telesexualogia

    දුරකතන සංවාද වලින් අසභ්‍ය හා රාගික දේ කතා කිරීමද ලිංගික අක්‍රමකතා ගනයට වැටේ. බොහෝවිට රාත්‍රී කාලවල සෑම රටකම වාගේ මෙවැනි දේ සිදුවෙයි. රාත්‍රී මුරය කරන ආරක්‍ෂක නිලධාරීන් නිවෙස වල වසන තනිකඩ කාන්තාවන් දුරකතන හුවමාරුවල ඔපරේටර්වරියන් වැනි අය මෙවැනි දේ සඳහා පුරුදු වී සිටිති.

    අද ජංගම දුරකතන සුලබ නිසා ඒවා හරහා සහ අන්තර්ජාලය හරහා තරුණ පරපුරත් මෙකී කාමරසය පිරි සංවාද වල යෙදෙති. ඒ සඳහා ක්‍රෙඩිට්‌ කාඩ් වලින් ගෙවනු පිණිස පහසුකම් සපයන්නට සැදි පැහැදී සිටින නියෝජිත ආයතනද අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වෙයි.

    සතුන් සමග ලිංගික කාර්යයේ නියෑලීම Zoophilia

    වැඩි විස්‌තර කිරීමක්‌ අනවශ්‍ය පිළිකුල් ජුගුප්සාජනක ක්‍රියාවලියකි. සුනඛයන් අශ්වයන් වැනි ගෘහාශ්‍රිත සතුන් උපයෝගි කර ගනී. මෑතකදී සමාජයේ කතාබහට ලක්‌වූ කොටදෙණියාවේ කොන්ඩයා මෙවැනි රෝගී තත්ත්වයෙන් පෙළෙන්නෙක්‌ බව සිතා ගත හැකිය.

    මෙසේ ඉහතින් සඳහන් කළ අසම්මත ලිංගික හැසිරීම් හෙවත් ලිංගික අකර්මතාවයන් ගැන අවබෝධයක්‌ ලබා ගෙන සිටීම තුළින් ඔබගේ සහ ඔබගේ දරුවාගේ ජීවිතය ආරක්‍ෂා කර ගත හැකිවාසේම මෙන්ම බාහිර සමාජය ගැනද අවදියෙන් සිටිය හැක.

    මෙවැනි ඇබ්බැහිකාරී රෝග වලින් පෙළෙන අයට ඉන් මිදීම සඳහා යෝග්‍ය ප්‍රතිකාර හා මනෝ උපදේශන සේවා අද රටේ පවතින අතර ප්‍රශ්නය තමාම තේරුම් ගෙන විවෘතව අදාළ අය සමග කතා කිරීමෙන් ඒ තත්ත්වයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස්‌ විය හැකිය. එමෙන්ම ඔබ දන්නා එවැන්නෙක්‌ සිටී නම් ඔවුන්ව අදාළ අය වෙත යොමු කිරීමද ඔබගේ යුතුකමකි.

    මිත්‍ර ශ්‍රී කරුණානායක - divaina
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මෑතකදී සමාජයේ කතාබහට ලක්‌වූ කොටදෙණියාවේ කොන්ඩයා මෙවැනි රෝගී තත්ත්වයෙන් පෙළෙන්නෙක්‌ බව සිතා ගත හැකිය.

    කොන්ඩයා උසවියෙන් නිදොස් කොට නිදහස් කලා නෙ බන්
    ඇයි තවත් ඌවම පට්ට ගහන්න යන්නෙ :baffled:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඇත්තම කිව්වොත් ඔය ඔතන උඹ දාලා තියෙන ආසාවල් එකක් දෙකක් මටත් පොඩි කාලේ තිබ්බා ..ඇයි බං අපේ ඉස්කෝලවල ඕව කියලා දුන්නේ 10 වසරට විතර ආවම ...ඒ කාලේ වෙද්දී මට Teachers,Sir ලට ඕව කියල දෙන්න තරම් දැනුමක් තිබ්බා … :lol:
    Sir ලනම් ඕක දැනගෙන හිටපු හින්දද කොහෙද නැත්නම් කොල්ලෝ byte කරයි කියලද කොහෙද ඕක ඉගැන්නුවේම නෑ :no:


    එත් මම ලොකු වෙද්දී කුතුහලය අඩුවෙන නිසා ඒ වගෙන් අයින් වුණා ..මගේ පුතත් ලොකු වෙද්දී එයාටත් ඔය වගේ දේවල් වලට ආශාව එන්න පුළුවන් කුතුහලය වැඩි නිසා .මං හිතන්නේ ඒක හොඳ දෙයක් ..අවුරුදු 25-30 කාලේ ඕව try කරනවට වඩා ..

    ඉන්ටෙර්නෙට් එකේ මම දකින මුලිකම භයානක දේ තමා ඕක ..අපේ රටවල් වල අමුතු කාමුක රෝග (ඔය පරපීඩා කාමුකත්වය වගේ දේවල්) තිබුනෙම නෑ ..මාත් ඔහොම දෙයක් දැනගත්තේ porn sites වලින් ...එතකන් මං හිතුවේ මේක බොහොම සත් භාවයෙන් පරපුර ගෙනියන්න කරන වැඩක් විතරයි කියලා ..

    අවුරුදු 22-25ත් පැන්නට පස්සේ ඔයවගේ ආසාවල් එනවනම් ඒ කියන්නේ පොරගේ මොකක් හරි අවුලක් තියෙනවා කියන එක ..රත්වූ යකඩයක් අල්ලාගෙන ඉන්නවා වගේ කාමයෙන් බැඳුන කෙනා කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තිබ්බා කියලා මතකයි ..ඒක ඇත්ත ..සමහර පොරවල් සල්ලි කෝටි ගණන් නාස්ති කරගන්නවා ඔය කාම ආසාවල් නිසා ...
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇත්තම කිව්වොත් ඔය ඔතන උඹ දාලා තියෙන ආසාවල් එකක් දෙකක් මටත් පොඩි කාලේ තිබ්බා ..ඇයි බං අපේ ඉස්කෝලවල ඕව කියලා දුන්නේ 10 වසරට විතර ආවම ...ඒ කාලේ වෙද්දී මට Teachers,Sir ලට ඕව කියල දෙන්න තරම් දැනුමක් තිබ්බා … :lol:
    Sir ලනම් ඕක දැනගෙන හිටපු හින්දද කොහෙද නැත්නම් කොල්ලෝ byte කරයි කියලද කොහෙද ඕක ඉගැන්නුවේම නෑ :no:


    එත් මම ලොකු වෙද්දී කුතුහලය අඩුවෙන නිසා ඒ වගෙන් අයින් වුණා ..මගේ පුතත් ලොකු වෙද්දී එයාටත් ඔය වගේ දේවල් වලට ආශාව එන්න පුළුවන් කුතුහලය වැඩි නිසා .මං හිතන්නේ ඒක හොඳ දෙයක් ..අවුරුදු 25-30 කාලේ ඕව try කරනවට වඩා ..

    ඉන්ටෙර්නෙට් එකේ මම දකින මුලිකම භයානක දේ තමා ඕක ..අපේ රටවල් වල අමුතු කාමුක රෝග (ඔය පරපීඩා කාමුකත්වය වගේ දේවල්) තිබුනෙම නෑ ..මාත් ඔහොම දෙයක් දැනගත්තේ porn sites වලින් ...එතකන් මං හිතුවේ මේක බොහොම සත් භාවයෙන් පරපුර ගෙනියන්න කරන වැඩක් විතරයි කියලා ..

    අවුරුදු 22-25ත් පැන්නට පස්සේ ඔයවගේ ආසාවල් එනවනම් ඒ කියන්නේ පොරගේ මොකක් හරි අවුලක් තියෙනවා කියන එක ..රත්වූ යකඩයක් අල්ලාගෙන ඉන්නවා වගේ කාමයෙන් බැඳුන කෙනා කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තිබ්බා කියලා මතකයි ..ඒක ඇත්ත ..සමහර පොරවල් සල්ලි කෝටි ගණන් නාස්ති කරගන්නවා ඔය කාම ආසාවල් නිසා ...

    අන්කල්ගෙ වයස කීයද?