whitewalkerට අනුවනම් කයික වේදනාව = 'වාස්තවික යථාර්ටයක්'.
මං මෙහෙම කියල නෑ
කායික වේදනාව කියන්නෙත් මනසේ නිර්මාණයක් කියලයි නලීන්ද සිල්ව කියන්නෙ. මං කියන්නෙත් ඉතිං එතුමා කියන එකම තමා.
අකමැති දර්ශනයක් බලන්න දීම ගැන කියනවනං ඇත්තටම ඕක ඔහොමද ? උදාහරණෙකට GOT වල සර්සි එලාරියා සැන්ඩ් කූඩුවකට දාල ගැටගහල එයාගෙ දුවට වහ දීල එයා ඉස්සරහම මැරෙනව බලං ඉන්න දෙනව. ඒ වගේ අවස්ථාවක් ආවොත් අකමැති දර්ශනයක්. ඒත් ඇස් දෙක වහගත්තු පලියට වේදනාව අඩුවෙනවද ? මම නං හිතන්නෑ
මට නං හිතෙන්නෙ ඇසෙන් වේවා කනෙන් වේවා කයෙන් වේවා, ගන්න දේවල් වලිං වේදනාකාරීද නැත්ද කියල තීරණය වෙන්නෙ අපේ මනස ඒක දකින විදිහ අනුව වෙන්න ඕනෙ. වේදනාව වුනත් වේදනාවක් කියන්න බැරි අවස්ථා එනව. උදාහරණයකට masochists ල තමන්ගෙ ඇඟට ඇණ ගහගන්නව ඉඳිකටු ඇණගන්නව ස්ටේපර් කටු ගහගන්නව. පෙලක් උන් ඇඟ ගැටගහගෙන පැය ගනං එල්ලිලා ඉන්නව. උන්ට කායික වේදනාවක් දැනෙනව. ඒත් උන්ට සතුට ගෙනදෙන්නෙ ඒ වේදනාව. ඉතිං වේදනාව වාස්තවික දෙයක් කිව්වෑකිද ? වේදනාව වුනත් අයෙකුට දුකකුත් අයෙකුට සැපකුත් විදිහට දැනෙනව.
වයිට් වෝකරට මම පොඩි අවවාදයක් දෙන්ඩ ඕන. දැං මම මේක තැන් කිහිපයකම දැක්ක.
මේ ත්රෙඩ් එක දාපු කෙනා ඇස් වහගන්නව කියන එකෙන් කියල තියෙන්නෙ දකින දේ අවහිර කරනව. ඒ මිසක් ඇස් දෙක වහගෙන හිතින් දුක් විඳින එක ගැන නෙමේ. ඉස්සෙල්ල කියන දේ තේරුම් ගන්ඩ. මොකක් පැහැදිලි කරන්ඩද එහෙම කියල තියෙන්නෙ කියල

අපිට අත කපනකොට දැනෙන වේදනාව මොළයට යන ස්නායු මගදි කැඩිලනං දැනෙන්නෙ නෑ. අන්න ඒ වගේ වැඩක් මනසිනුත් කරන්ඩ පුලුවන්.. ඒ කියන්නේ සංවේදයන් නැති කරගන්ඩ පුලුවන්. ඒකයි මෙයා කියන්නෙ
අනිත් එක තමා වාස්තවික කතාව. පස්සෙ කාලෙක පුලුවන්නං මේව ආයෙ කියවල බලන්ඩ.
වාස්තවික කියන වචනෙ අපිට හිතෙන හිතෙන විදියට හැමතැනම යොදන්ඩ යන්ඩ එපා. මතකයි නේ මේ සීන් එක (ත්රෙඩ් එක)
අනික තමා වේදනාව සතුටක් කියන එක
ඒකනං පොඩ්ඩත් පැහැදිලි කරන්ඩ ඕන..
වේදනාව කාටවත් සතුටක් වෙන්නෙ නෑ. ඕනෙනං කෙනෙක්ට වෙනත් කෙනෙක්ට දාරා ගාන්ඩ බැරි වේදනාවල් දරාගන්ඩ පුලුවන් ඇති. ඒකට ස්නායු වල තත්වයත් බලපානව.
කවදාවත් වේදානාවට සතුටක් කියන්ඩ එපා. පුලුවන්නං උදාහරණයක් දියං. වේදනාව දරාගැනීම වෙන දෙයක් එහෙම දරාගන්නෙත් ගොඩක් වෙලාවට ස්නායු වල ප්රශ්න නිසා තමා.. නැත්තං එයාගෙ හිත හයිය නිසා. නැතුව වේදනාව සතුටක් නිසා නෙමේ..
උඹට හොඳ මොළයක් තියෙනව. අපිටත් වඩා. තව ටිකක් පරිණත වුණානං තවත් හොඳයි. ඉස්සරහට ඒක වෙයි

මං මෙහෙම කියල නෑ
කායික වේදනාව කියන්නෙත් මනසේ නිර්මාණයක් කියලයි නලීන්ද සිල්ව කියන්නෙ. මං කියන්නෙත් ඉතිං එතුමා කියන එකම තමා.



ඒකනෙ නලීන් ද සිල්ව කියන්නෙ සියල්ල බොරුයි කියල 

