
හද්ද පරන ලඩි ගැනනම් මන් දන්නේ නෑ බන්. .
ගන්න එකේ 2005 වගේ එකකට වත් යන්න බලපන්. .![]()
උබේ ඔය ප්‍රශ්න ටික මටත් තිබුන. වාහන හොයල එපාම උනා. ලීස් කරන්න නම් එපා. පසනල් ලෝන් එකක් දාපන්. ඊළඟට එන ප්‍රශ්නේ තමයි උබ මෙච්චර කට්ට කාල ගන්න හදන වාහනේ දැනටම අවුරුදු 10ක් 15ක් පරණයි. ලෙඩ නැති වාහනයක් හොයා ගන්න එකත් හෙන ගේමක් වාහන ගැන දන්නේ නැති එකෙක්ටනම්. තව ප්‍රශ්නයක් තමයි ඕක අරන් ලීස් එක හරි ලෝන් එක හරි ගෙවල ඉවර වෙනකොට තව අවුරුදු 5ක් විතර ගිහින්. එතකොට වාහනේ අවුරුදු 20ක් විතර පරණ එකක්. ඒ කාලෙට ඕක විකුනනවා කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඔය සේරම අස්සේ උබට වාහනේ නඩත්තුවටත් ගානක් යනවා... brand new ගන්න තියෙනවනම් කිසි අවුලක් නෑ... එත් ගොඩක් උන් කොරියන් මගුල් ගන්න එපා කියනවනේ. අතේ තියෙන ගානේ හැටියට swift, passo, තමයි. හැබැයි මම නම් කියන්නේ townace වෑන් එකකට පලයන්. එතකොට උබට වාහනේ විකුණගන්න පුළුවන්, ගනන් ලොකුවට අඩු වෙන්නෙත් නෑ....![]()
මම වෑන් පවා බැලුව. Vennet අනං මනං... ඒත් ඒවත් දැන් පරණයි... Townace නම් හොඳයි.... ඒකත් පරණයි නමුත් වාහනේ හොඳයි මාකට් එකත්... පෙනුමත් හොඳයි. නඩත්තුව තමයි ප්‍රශ්නෙ.... වෑන් ගැන නම් වැඩිය දන්නෙත් නෑ.... කාර් වලටනෙ ආසා... වැඩිපුර අත්දැකීම් තියෙන්නෙත් කාර් සම්බන්ධ.... ඒත් ඇත්තටම බැලුවොත් වෑන් එක වඩා ප්‍රයෝජනයි.... ඒත් ෆැමිලි වාහනයකට කාර් එක ඉතිං ප්රමාණවත්ඔව් බං. කොහොමත් මම ට්‍රයි කරන්නෙ පුළුවන් තරම් පරණ ඒවා නැතුව අලුත් එකක් ගන්න තමයි. ගන්න එකක් නැතුව තාම ඉන්නෙ. බලපු ඒවා ඔක්කොම ඉතිං ටිකක් පරණයි තමයි. ඔව් මම තව ටිකක් බලන්නම් කොහොමත් 2005 වගේ වත් යන්න... සෑහෙන්න හොයන්න වෙනව ගන්න කලිං...

මචං... උඹේ මේ විස්තර ටිකත් සෑහෙන්න වටිනව... ඔය ටික මටත් හිතිල තියෙනව...මම වෑන් පවා බැලුව. Vennet අනං මනං... ඒත් ඒවත් දැන් පරණයි... Townace නම් හොඳයි.... ඒකත් පරණයි නමුත් වාහනේ හොඳයි මාකට් එකත්... පෙනුමත් හොඳයි. නඩත්තුව තමයි ප්‍රශ්නෙ.... වෑන් ගැන නම් වැඩිය දන්නෙත් නෑ.... කාර් වලටනෙ ආසා... වැඩිපුර අත්දැකීම් තියෙන්නෙත් කාර් සම්බන්ධ.... ඒත් ඇත්තටම බැලුවොත් වෑන් එක වඩා ප්‍රයෝජනයි.... ඒත් ෆැමිලි වාහනයකට කාර් එක ඉතිං ප්‍රමාණවත්
Brand new ගන්න බැරි නිසා තමයි මේ දඟලන්නෙ ටිකක් හොඳ එකක් ගන්න... ලේසි නෑ ගේම....
ඉතින් මහත්තයො, මයින්ඩ් එක පොඩ්ඩක් චේන්ජ් කරලා, ටිකක් අලුත් 2005න් පස්සෙ ආව හච් බැක් එකක් ගන්න, පැසෝ, විට්ස් වල බූට් ස්පේස් එක ගොඩක් හොදයි. ඉන්දියන් ඒවට වඩා, මන් හිතන්නෙ අඩුම ලීටර් 400 වඩා තියනවා.


මට ඕක දැනිල තිබුණ තව දුරටත් අපි කැමති වාහන ගන්න වෙන් නෑ කියන එක. රටකට ගිය කලක්... රජය මිනිස්සුන්ව හිර කරන තරම්... ඉලෙක්ට්‍රික් ඒව ගැනත් මම බැලුව. ඒවත් වියදම් කරන ගානට ප්‍රතිඵලයක් තියෙයි කියන්න තාමත් බැහැ. බැටරි ප්‍රශ්නෙ නිසා. කොහොමත් හැචිබැක් වලට යන්න වෙන ලකුණු තමයි පෙන්නුම් කරන්නෙ....මචන් වාහන තේරීමෙදි විතරක් නෙවේ, ජීවිතේ සමහර තැන් වලදි අපි ටිකක් ආස නැති තීරන ගන්න වෙනවා, අනෙකුත් සාධක සලකලා, විශේශයෙන්ම අපෙ ආදායම් තත්වය. අපේ හැකියාව ගැන දන්නෙ අපි විතරයි. වාහනයට අමතරව ඉටු කරගන්න ඕන අනෙකුත් මූලික අවශයතා, ජීවිතයේ හදිසි අවශ්‍යතා එනවා, එවට මුදල් නැතිව, වාහනයකට මුදල් යට කලොත්, ඒ සතුට අර කියන අමාරුකම් වලට යට වෙලා යනවා, ඒ අතරතුර, පව්ල් අසමගිය, පීඩනය එනවා. අන්තිමේදි අපි හිටපු තැනෙනුත් පහලට වැටිලා නතර වෙන්නෙ,
ඒ නිසා හරි තීරන ගැනීම වැදගත්.


උඹට තියෙන ප්‍රශ්න ටිකම මටත් තියෙනව මචං.... ඒකට මමත් ටිකක් මෙතන එකතු කරන්නම් මමත් හොයනව උපදෙස්.....
පාවිච්චි කරපු පරණ ජපන් වාහනයක් ගන්නව නම් මේ වෙද්දි තත්වය, ඒ ගැන උපදෙස් දැනගන්න කැමතියි... කිරියෙ ත්‍රෙඩ් ගොඩක් හෙව්ව වාහන ගැන විස්තර... ගොඩක්ම ත්‍රෙඩ් ටිකක් පරණයි.
2018 ත් දැන් ඉවර වෙන්න කිට්ටුයි නෙ... මේ වෙද්දි... 20 අවට හෝ 20 ට අඩු ගන්න පුළුවන් නඩත්තු වියදම් අඩු, සැප පහසු, වැඩිපුර ඔප්ෂන් තියෙන..., පාට්ස් හොයන්න ලේසි සහ වැදගත්ම තෙල් හොඳට කරන/නැවත විකුණන්න ගියාම මාකට් තියෙන.... වාහන මොනවද කියන එක තාම ප්‍රශ්නයක්...
ලොකු ණය වලට හිර වෙන්න මගේ කැමැත්තක් නැහැ. මහා සැප පහසු අලුත් වාහන ගන්න මහා සල්ලියකුත් නැහැ. අනික උහුලන්න බැරි බදු ගහපු අලුත් වාහන ගන්න අපි නැහීගෙන වැඩ කරල හොයන සල්ලි සේරම ඒවට වියදම් කරන එක නිකම් නාස්ති කාර වැඩක්. ඊට වඩා මම හිතනව පරණ වාහනයක් ගන්න එක වටිනව කියල. ඕනෙ කරන්නෙ තියෙන ගාණට ගමන් බිමන් යන්න පහසුවට එකක් ගන්න.
පැහැදිලිවම තේරෙනව ටිකක් පරණ වාහනයක් තමයි ඉතිං 20 කට වගේ ගන්න තියෙන්නෙ ජපන් එකක් නම්.... ඉන්දියන් නම් මොකක් හරි කරල ගන්න බැරි නෑ 2015-16 ආපු මොකක් හරි... ඒත් වැඩක් නෑනෙ... ජපන් වාහන එකක් හරි පාවිච්චි කරපු කෙනෙක් ආයෙ ලේසියෙන් ඉන්දියන් ගන්නෙ නෑ....... ඒකනෙ මේ තරම් ජපන් එකක්ම ගන්න බලන්නෙ....
මම දැනට බලපුවගෙන් මේ පහල ටික තමයි ගන්න පුළුවන් මට්ටමමේ තියෙන්නෙ....
Toyota Ceres 1996 Model
Toyota Corolla AE110 XE Saloon 2000
Nissan FB15 Super Saloon 2000
Toyota Soluna
මේව ගැන අහද්දිම වැඩි දෙනෙක් ගත් කටටම කියන්නෙ අයියෝ දැන් ඕව පරණ වැඩියි කියල.... ඔව්.. ඒක ඇත්ත. එහෙමයි කියල වෙන ගන්න එකකුත් නෑනෙ...
1500cc එන්ජින් තමයි ඉතිං... අනික Auto තමයි බලන්නෙ... මොකද ගොඩක් තැන්වල කියල තිබුණෙ දැන් වැඩිය මාකට් Auto කියල.... මම Manual වලට ආසයි... ඒත් auto කමක් නෑ...
තව උපදෙසක් ඕනෙ.... පරණ වාහන වල ලොකුම හතුර තමයි අර "දුම් පරීක්ෂණය" කියල කියන එක. හොඳට තියෙන වාහන බොරුවට කඩාගන්නව තේරුමක් නැතිව Fail කරන එකෙන්. සමහර Test වලදි දශම ගණන් වලින් Fail කරන්නෙ. ගරාජ් වල වැඩ කරන උන් කියනව කොච්චර tune කලත් වැඩක් නෑ fail කියල. එහෙම ඒවට අපි සූදානම් වෙන්න ඕනෙ කොහොමද වාහනේට ලොකු හානියක් කර නොගෙන?

ඔව් මචං... ඒ කියපු හැම පොයින්ට් එකක්ම පැහැදිලියි.
හැමතිස්සෙම ඒක ගැන අවධානය තියෙනව. අන්තිමට අපිට කැමැත්තට වඩා වැඩි තැන තර්කානුකූල තීරණයට දෙන්න වෙනව.
කොහොමත් මම වඩාත්ම සුදුසු තීරණය තමයි ගන්නෙ. ආසා කරන හැමදේම කරන්න හම්බවෙන් නැහැ. ඒත් උත්සාහ කරනව. කැමැත්තටම ඉඩ දෙනව නෙමෙයි. ඒත් ඉස්සර ඉඳන් ම ආස කරපු දේවල් තියෙනව. ඒකත් එක්ක තමයි මේ ගමන යන්නෙ.
හැමෝම කරන විදිහට දුවන්න ගියොත් අනාතයි. සැලසුම් සහගත වෙන්න ඕනෙ. හරි තීරණ ගන්න ඕනෙ.![]()
What about Viva Elite![]()


මාත් ලෝන් එකකුයි අතේ තියන සල්ලියි සේරම දාලා ගත්ත වාහනයක් දැන් ඇදුමක් ගන්ඩවත් සල්ලි නෑ යකෝ වාහනේ විකුනන්න්ඩ හිතිලා තියෙන්නේ.![]()




10 lacks loan dala gatta nissan fb12 ekak.
8.30I. aran 50k vage spend karala adupadu haduwa.
gradge gane yan nativa dan duwana puluvan.
18,500k loan kapenava. salary 32i
Lagadi da gaththe macho? Sampurna gaana keeyak da? Kochchara kaalayakata da loan eka daala thiyenne?
50k spend karanna godak leda thibba da? Garaj wala yan nathuwa duwanawa nm echcharai machan... ekai wenna one...
Mn FB15 ekak balala thibune thaama thiranayak na...
uba kalin kisima car ekak use karala nadda?..