කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

කාර් එක (මයික්‍රො පැන්ඩ 1.3LC) 5300 කි.මි. දුවලා. ඉතින් දෙවෙනි සර්විස් එක කරන්න කැලනිය තොරන හන්දියෙ මයික්‍රො සර්විස් සෙන්ටර් එකට ගියා.




ගොඩක් දෙනා හිතනව වගේ වාත වීමක් මේ වැඩේ නෑ. සතියකට කලින් කෝල් කරහම 28 උදේ 8.00 ට එන්න කිව්ව. මන් හරියටම 8.00 වෙද්දි ගියා. ෆුල් සර්විස් එක කරල 12.30 වෙද්දි කාර් එක ආපහු ලැබුනා.
රු.3482.00 ක් ගත්තා.


ඊට පස්සෙ දවල්ට කාල ගියා ඩාර්ලි රෝඩ් එක පැත්තෙ වාහනේට අලුත් ගැජට් ටිකක් හඉ කර ගන්න. අලුතෙන් යන කෞරු උනත් මතක තියා ගන්න ඔය පත්තෙ කුඩු කාරයො පිරිලා. උන්ට නම් අහු වෙන්න එපා.

කාර් එකෙන් බැස්ස ගමන් මන් ගාවටත් කුඩ්ඩෙක් ආවා. මහත්තයා අපි ගාව හොන්ද ටින්ටඩ් තියෙනවා කියාගෙන. උන්ට නම් අහු වෙන්න. උම්බලගෙ ඇට දෙකත් නැතුවයි එන්න වෙන්නෙ.

මුලින්ම මන් කරේ කඩ 5 කින් විතර කොටේශන් ගත්ත එක. සින්හල කඩ 2 යි මුස්ලිම් කඩ 3 යි. කියන්න කනගාටුයි සින්හල කඩ දෙකේම ගාන වැඩි. රු.7000 ක විතර වැඩකදි මේ සින්හල කඩ වල ගාන රු.1000-1300 විතර වැඩි.

මන් ගියේ ඩාර්ලි රෝඩ් එකේ අතුරු පාරක් වෙන දේවානම්පියතිස්ස මාවතේ තියෙන හමාඩ් කියන කඩේට. මෙන්න මන් එයාලගෙන් ගත්ත කෝටේශන් එක.


අන්තිමට මන් කර ගත්ත වැඩ වලට ගියේ මේ වගේ ගානක්.

1. ඉස්සරහ සහ පස්ස දොර දෙකේ ශටස් 4 ටින්ටඩ් කරන්න - රු. 1400.00
(ඉස්සරහා වින්ඩ්ස්ක්‍රීන් එකේ තීරුවත් ගහනවනම් - රු.1500.00 )
(ඉස්සරහා වින්ඩ්ස්ක්‍රීන් එකත් එක්ක ඩිකියෙ වීදුරුවත් ගහනවනම් - රු. 1900.00)

2. ඩෝ ගාර්ඩ්ස් 4 අල්ලන්නත් එක්ක - රු 300.00


3. බෆර් ගාර්ඩ්ස් 4 අල්ලන්නත් එක්ක - රු 800.00


4. ස්ටියරින් වීල් කවර් එක - රු. 650.00


5. නම්බර් ප්ලේට් කවර් දෙක - රු. 900.00


6. සයිලන්සර් කට - රු. 700.00


7. ශාර්ක් ෆින් එක - රු. 300.00


8. මඩ් ගාඩ් 4 - රු. 1200.00


වැඩේ ලාබයි නේද? පිලියන්දල පැත්තේ තැනකින් මන් කලින් දවසක ටින්ටඩ් කරන්න අහුවා රු. 2000.00 ක් ඉල්ලුවා. රු. 500.00ක් වැඩි.

කඩේ අඩියක් රු.45 ගානේ අල්ලල දෙන ඩෝ එඩ්ජ් බීඩින් කුඩ්ඩෙක් අඩිය රු.65 ගානෙ අල්ලල දෙන්නත් ඇහුවා. බලාපල්ලකෝ මුන්ගෙ අම්මගෙ බිස්නස්.. වැදගත්ම දේ තමා කුඩ්ඩොන්ට නම් අහු වෙන්න එපා. බය නැතුව කට ගහල හෙට්ටු කරල වැඩේ කර ගනිල්ල.

එහෙනම් මන් ගියා. ජය වේවා !! +++ පෝස්ට් එක හොදනම් සලකපල්ලා +++
 
Last edited:

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ෆට්ට මචන්.. :D මමත් ආසම වාහනයක්. :love: අපේ මිනිස්සුන්ගෙ වැරැද්ද ඕක තමයි. කස්ටමර්ල ගැනත් හිතල බිස්නස් කරනව නම්. හම්බයො කොහොම හරි අඩුවෙන් දීල බිස්නස් එක කරගන්නව. :dull:
     
    • Like
    Reactions: CRAZY_FUNNY

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    යකෝ වාහනේ නම්බර් එක මැකුවට වැඩක් තියෙයි ඈ උඩ ඉන්වොයිස් එකේ තියනකොට:frown:
    +3

    අඉන් කරා මචෝ. රෙප් +2
     
    Last edited:

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ෆට්ට මචන්.. :D මමත් ආසම වාහනයක්. :love: අපේ මිනිස්සුන්ගෙ වැරැද්ද ඕක තමයි. කස්ටමර්ල ගැනත් හිතල බිස්නස් කරනව නම්. හම්බයො කොහොම හරි අඩුවෙන් දීල බිස්නස් එක කරගන්නව. :dull:

    තෑන්ක්ස් මචෝ. අපේ මිනිස්සු හිතන්නෙ එදා දවසෙ බිස්නස් ගැන විතරයි. ඉතින් හම්බයො දිනනව
    රෙප් +2
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    Machan umbe waahane under wash kalaada?

    ඒකනම් බලන්න බැරි උනා බන්. එන්ජින් එක ඇතුලෙ ඩස්ට් එක අඉන් කරල හොන්දට ක්ලීන් කරල නම් තිබ්බ REP+2
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පැන්ඩ හොදයිද බන්
    කීප දෙනෙකුම ඇහුවා
    මයික්‍රෝ උන්ගේ වාහන ගැන එච්චර දන්නෙ නෑ

    ඩාර්ලි රෝඩ් එකේ පට්ට කඹ හොරු ඉන්නේ
    ඕකුන් පට්ට විදියට මිනිස්සුන්ව රවට්ටනවා
    අන්තිමට උන් එක්ක කතා කරන්න ගියොත් කෙළගෙන එනවා

    උබ සවුන්ඩ් සිස්ටම් එකක් එහෙම දාලද තියෙන්නෙ
    සවුන්ඩ් තමයි මට නම් සිරාවට ඕනේ
    කම්මැලි නැත්නම්
    කෑලි සෙට් එක පට්ට
     
    • Like
    Reactions: CRAZY_FUNNY