කිහිපයක් කියන්නං.
එක්කෝ ලයිට් කවර අවපාට වෙලා. කහ ගැහිල කියන්නෙ මචං. එතකොටත් එලිය අඩුයි. පොලිෂ් කරල ලස්සන කරගන්න පුලුවන් ආයෙ.
adjusment අවුලක් වෙන්නත් පුලුවන්. එලිය පහත් උනාම ඩිම් එක ඕනවට වඩා ලග වදිනව, එතකොට හෙඩ් එක එලිය ඇති ඩිම් එක මදි. වාහනෙ ටයර් දාල ෂොක්ස් දාල උස වෙනස් උනාම ඕවත් adjust කරන්න ඕන. තාප්පයක් ඉස්සරහට තවත්තල ලයිට් ගහල ලේසියන් adjust කරගන්න පුලුවන්.
බලබ් වල අවුලක්ද කියල මුලින් බලන්න ඇතිනෙ. නැත්තං එකත් බලල ඒ ගමන් කලිප් එක හොදට තදට වදිනවද බලන්න. ලූස්නං ඒව මාරැ කරගන්න. පොඩි ගානයි. වයර්ටිකත් බලන්න පරන වෙනකොටත් අවුල් වෙනව. ගැලපෙනවට වඩා වැඩි වොට් ගානක බල්බ් දැම්මමත් ලූස්ව තිබ්බමත් වයර් කර වෙනව. එහෙමනං ගැලපෙන වයර් දාගත්තම හරි.
අඩු වොට් ගානක බලබ්නං තියන්නෙ හරි වොට් ගාන බල්බ් දාගන්න. ලයිට් කේස් එකේ වොට් ගාන ගහල තියෙනවා. එලිය වැඩියෙන් ගන්න කියල නොගැලපෙන වැඩි වොට් බල්බ් දාන්න එපා. වයර් ,රිලේ,ක්ලිප් සවුත්ත වෙනව.