කාර් බැටරිය vs ඉන්වටර් බැටරි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    1 ups එකට සෙට් කරලා කාර් බැටරිය යුස් කරද්දී කාලෙකින් අල්ලලා හිටින කාලේ අඩු වෙනවද ?
    2 ඉන්වටර් බැටරි කියන එකෙන් එහෙම වෙන්නේ නැද්ද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාර් බැටරිය හදන්නෙ කාර්වලට ස්ටාට් කරන වෙලාවට ලොකු ධාරාවක් දෙන්න පුළුවන් විදිහට. ස්ටාට් කරාට පස්සෙ බැටරිය ගැලෙව්වත් කාර් එක දුවනවා. ඒ වගේම ස්ටාට් කරාට පස්සෙ දිගටම බැටරිය චාජ් වෙනවා.

    ඒවා UPS වලට හරියන්නෙ නෑ. නිතරම බැටරිය බහින්නයි චාජ් වෙන්නයි ගියාම බැටරිය නරක්වෙනවා.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    කාර් බැටරිය හදන්නෙ කාර්වලට ස්ටාට් කරන වෙලාවට ලොකු ධාරාවක් දෙන්න පුළුවන් විදිහට. ස්ටාට් කරාට පස්සෙ බැටරිය ගැලෙව්වත් කාර් එක දුවනවා. ඒ වගේම ස්ටාට් කරාට පස්සෙ දිගටම බැටරිය චාජ් වෙනවා.

    ඒවා UPS වලට හරියන්නෙ නෑ. නිතරම බැටරිය බහින්නයි චාජ් වෙන්නයි ගියාම බැටරිය නරක්වෙනවා.
    thanks
    "inverter battery" kiyana eka ok da?
     

    dilshaner

    Member
    Jan 18, 2023
    1
    1
    3
    Inverter Batteries කියලා දෙයක් තියනවද දන්නෙ නම් නැහැ. deep cycle Batteries නම් තියනවා. සාමාන්‍ය වාහන බැට්‍රි වල තියන pb cell වඩා ඝනකමින් වැඩි cells තියෙන්නෙ. ඒ නිසා අර තරම්ම ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. නමුත් නියමිත විදියට නඩත්තුව අවශ්‍ය වෙනවා. හොදම දේ LFP Battery ගන්න එක. lead acid ගන්න එක අපාරාදෙ කියන එකයි මගෙ හැගීම.
     
    • Like
    Reactions: topkollek

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    කාර් බැටරි භාවිතා කරනවා නම් 12v වලට වඩා අඩුවෙන් බහින්න දෙන්න හොඳ නැහැ භාවිතය ඉවර වෙලා විනාඩි 30 විතර පස්සෙ එන වෝල්ට් එක. මෙම අගය ප්‍රැක්ටිකල් විදියක් නැහැ මනින්න භාවිතා කරන විට නමුත් සාමාන්‍යයෙන් භාවිතා කරන විට මනින අගය 11v විතර වෙනකොට නවත්වන්න ඕන. එතකොට පැය භාගයක් විතර වෙනකොට අර අගය එනවා මම දැන් භාවිතා කරන්නේ එහෙමයි. දැනට අවුරුද්දක් විතර වැඩ.

    අනෙක් දේ තමයි බැටරියේ ධාරිතාවය වන ඇම්පියර් පැය ගානෙන් 1/10 කට වඩා ධාරාවක් ගන්න එපා ඒ කියන්නේ ඇම්පියර් පැය 45 බැටරි එකකින් නම් 4.5A තමයි ගන්න පුළුවන් උපරිම අගය ඒ කියන්නේ 4.5*12 වොට් අගයක්. ඒ නිසා කවදාවත් 45 කාර් බැටරියේ න් නම් වොට් 60 කට වඩා යන්න එපා. සාමාන්‍යයෙන් වොට් 10 වගේ led ලයිට් 6 කට වඩා යන්න බැහැ. නැත්නම් ටේබල් fan එකක් හිමින් දුවාවල බල්බ් 2-3 ක්.

    ඇම්පියර් පැය 90 නම් ඔය ගණනේ දෙගුණය ගන්න. නියම සීමා සහිතව කාර් ලොරි බැටරි වුනත් දිගු කලක් දාන්න පුලුවන්. නමුත් අපේ උන් කරන්නේ ගමටම පෙන්න ලයිට් දාලා බැටරිය ට කෙලාවා ගෙන අඬන එක
     
    • Like
    Reactions: dilan_randika

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    බැටරි වල ආයුකාලය අඩු වෙන්නෙ චාජ් සයිකල් ගාණ අනුව. බින්දුවට ආසන්න වෙන්න බැහැලා ආයෙ උපරිම චාජ් කලාම එක සයිකල් එකක්. ඔය සයිකල් 300 කින් බැටරිය සවුත්තු වෙනවා නම්, දවස ගානෙ ඔහොම බස්ස බස්ස චාජ් කර කර යනවානම් අවුරුද්දක් යන්න කලින් බැටරිය ඉවරයි. වාහනේක අතපසුවීමක් නිසා බැටරි බැස්සොත් ඇරෙන්න හැම වෙලේම බැටරිය ෆුල් තියෙන නිසා කල් අල්ලල හිටිනවා, සවුත්තු වෙන්නෙ නෑ. ඔක්කොම ලෙඩ් ඇසිඩ් බැටරි වල කතන්දරේ ඕකයි. යූපීඑස් වල උනත් කරන්ට් ගියාම බැටරි බහිනකන් වැඩ කරන ඒවල බැටරි ඉක්මනට සවුත්තු වෙනවා.

    ස්ටාට් කරාට පස්සෙ බැටරිය ගැලෙව්වත් කාර් එක දුවනවා
    :no:
    ------ Post added on Jan 18, 2023 at 7:07 PM