කාර් රේස් එපාමයි – මහ නාහිමිවරු ; අපි තියනවා&#
ලබන සිකුරාදා සහ සෙනසුරාදා (27-28) දිනවල මහනුවරදී පැවැත්වීමට සූදානම් කර ඇති රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ වහා නවත්වන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
මෙම ධාවන තරඟ හේතුවෙන් ශ්‍රී දළදා මාළිගය පිහිටි මහනුවර නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයට හානියක් සිදු විය හැකි බව මහ නායක හිමිවරු පෙන්වා දෙති.
සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමි, සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බොටුවාවේ සිද්ධාර්ථ ශ්‍රී සුමංගල හිමි වෙනුවෙන් එම පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක අති පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි යන හිමිවරුන්ගේ අත්සනින් මෙම ලිපිය මොමු කර ඇත.
මෙම රාත්‍රී මෝටර් රථ ධාවන තරඟාවලිය සති අන්තයේ පැවැත්වූවත් ඊට එරෙහිව ද දැඩි පියවර ගන්නා බව මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති නිමල් පේ‍්‍රමවංශ මහතා පවසායි.
මේ අතර තරඟාවලිය සංවිධානය කරන ප්‍රධාන පාර්ශවකරුවෙක් වන කාල්ටන් මෝටර් රථ සංගමයේ ලේකම් ජාලිය ජයසේකර මහතා ප්‍රකාශ කරන්නේ ජනතාවට අපහසුතාවක් නොවන ලෙස පවත්වන බවයි.
මහ නාහිමිවරුන් විසින් ජනාධිපතිතුමන්ට යොමු කරන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

මෙරට බෞද්ධ ජනතාවගේ පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවගේද වන්දනීය වූත් පූජනීයවූත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින දළදා මාලිගාව මෙන්ම මල්වතු අස්ගිරි මහා විහාරයද සෙසු බොහෝ බෞද්ධ සිද්ධස්ථානද සතරමහා දේවාලද ස්ථාපිතවී ඇති බැවින් යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුම නගරයක් ලෙස නම් කොට ඇති මහනුවර දළදා නගරය තුළ මෙම මස 27, 28 යන දෙදින තුළ රාත්‍රී මෝටර් රථ සැණකෙළි පැවැත්වීමට යම් පිරිසක් කටයුතු යොදා ඇති බව දැනගන්නට ලැබී තිබේ. දළදා නගරය තුළ මෙවැනි සැණකෙළි පැවැත්වීම නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකර බව අපගේ විශ්වාසයයි. එබැවින් මෙම සැණකෙළිය දළදා නගරය තුළ පැවැත්වීම නවත්වාලීමට ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරන ලෙසට දන්වා සිටිමු.
මහනුවර කාර් රේස් පවත්වන්න මං එකඟයි – අස්ගිරි නාහිමි
June 25, 2014 at 1:06 am | lanka C news
එළැඹෙන 27-28 දෙදින තුල මහනුවරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට අනුමැත්ය දීමට අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ තීරණය කර තිබේ.
යළි කිසිම දිනෙක මෙම තරඟ මහනුවර පැවැත්නොවීමේ එකඟතාවය මත තමන් වහන්සේ එකඟත්වය පළකළ බව උන් වහන්සේ සඳහන් කරති.