කාර් රේස් එපාමයි – මහ නාහිමිවරු ; අපි තියනවා&#

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    කාර් රේස් එපාමයි – මහ නාහිමිවරු ; අපි තියනවා&#

    ලබන සිකුරාදා සහ සෙනසුරාදා (27-28) දිනවල මහනුවරදී පැවැත්වීමට සූදානම් කර ඇති රාත‍්‍රී මෝටර් රථ ධාවන තරඟ වහා නවත්වන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
    මෙම ධාවන තරඟ හේතුවෙන් ශ‍්‍රී දළදා මාළිගය පිහිටි මහනුවර නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයට හානියක් සිදු විය හැකි බව මහ නායක හිමිවරු පෙන්වා දෙති.
    සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත හිමි, සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බොටුවාවේ සිද්ධාර්ථ ශ‍්‍රී සුමංගල හිමි වෙනුවෙන් එම පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, ශ‍්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක අති පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියන් සහ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි යන හිමිවරුන්ගේ අත්සනින් මෙම ලිපිය මොමු කර ඇත.
    මෙම රාත‍්‍රී මෝටර් රථ ධාවන තරඟාවලිය සති අන්තයේ පැවැත්වූවත් ඊට එරෙහිව ද දැඩි පියවර ගන්නා බව මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති නිමල් පේ‍්‍රමවංශ මහතා පවසායි.
    මේ අතර තරඟාවලිය සංවිධානය කරන ප‍්‍රධාන පාර්ශවකරුවෙක් වන කාල්ටන් මෝටර් රථ සංගමයේ ලේකම් ජාලිය ජයසේකර මහතා ප‍්‍රකාශ කරන්නේ ජනතාවට අපහසුතාවක් නොවන ලෙස පවත්වන බවයි.
    මහ නාහිමිවරුන් විසින් ජනාධිපතිතුමන්ට යොමු කරන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.
    මෙරට බෞද්ධ ජනතාවගේ පමණක්‌ නොව ලෝකවාසී බෞද්ධ ජනතාවගේද වන්දනීය වූත් පූජනීයවූත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින දළදා මාලිගාව මෙන්ම මල්වතු අස්‌ගිරි මහා විහාරයද සෙසු බොහෝ බෞද්ධ සිද්ධස්‌ථානද සතරමහා දේවාලද ස්‌ථාපිතවී ඇති බැවින් යුනෙස්‌කෝ සංවිධානය මගින් ලෝක උරුම නගරයක්‌ ලෙස නම් කොට ඇති මහනුවර දළදා නගරය තුළ මෙම මස 27, 28 යන දෙදින තුළ රාත්‍රී මෝටර් රථ සැණකෙළි පැවැත්වීමට යම් පිරිසක්‌ කටයුතු යොදා ඇති බව දැනගන්නට ලැබී තිබේ. දළදා නගරය තුළ මෙවැනි සැණකෙළි පැවැත්වීම නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකර බව අපගේ විශ්වාසයයි. එබැවින් මෙම සැණකෙළිය දළදා නගරය තුළ පැවැත්වීම නවත්වාලීමට ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරන ලෙසට දන්වා සිටිමු.


    maha-nahimi.png


    මහනුවර කාර් රේස් පවත්වන්න මං එකඟයි – අස්ගිරි නාහිමි

    June 25, 2014 at 1:06 am | lanka C news



    asgiri-nahimi.jpg
    එළැඹෙන 27-28 දෙදින තුල මහනුවරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට අනුමැත්ය දීමට අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ තීරණය කර තිබේ.
    යළි කිසිම දිනෙක මෙම තරඟ මහනුවර පැවැත්නොවීමේ එකඟතාවය මත තමන් වහන්සේ එකඟත්වය පළකළ බව උන් වහන්සේ සඳහන් කරති.






     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ane mnda monwa wenna yanwada kiyala lankawata car race withara da adu ??
    kisima ganak nah dalada maligawa tiyenwa kiyalath mahindaya athal gannwa gena gahanwa owage wada karanakota :(
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මන් නම් කියන්නේ හාමුදුරුවන්ට ඔය කාර් රේස් ගැන බලනවට වඩා තව වැඩ තියනවා කියලා..
    බුද්දාගම එන්න එන්නම පිරිහෙනවා..ඒවට කට පියාගෙන ඉන්න එක හොද මදි නේද බන්..
    අන්න ඒවාට ඔය ලොකු හාමුදුරුවරු පියවර ගන්න ඕනේ..
    ඥානසාර වගේ නෙමෙයි..බුද්ධිමත්ව...
     

    sudu.putha22

    Member
    Sep 10, 2013
    22
    0
    0
    පෘථිවිය.

    ඥානසාර වගේ නෙමෙයි..බුද්ධිමත්ව...
    ඇයි ඥානසාර හාමුදුරුවන්ට දොස් කියන්නේ? එදා සුද්දන්ට රට බාර දෙන වෙලාවෙත් සුද්දගේ කොඩිය බිම දාල පගපු ස්වාමින්වහන්සේලත් උන්න.. එතකොට ඒ අයටත් මේ කියන දොස් අයිති වෙනවා. එනිසා ඒවාට දොස් කියන්න එපා. මේ ස්වාමින් වහන්සේලා කෑගහන්නේ මේවා ගෙදර ගෙනියන්න නම් නෙවෙයි නේද..

    නුවර මල්වතු අස්ගිරි ලොකු හමුදුරුවරුනම් ඉතින් සාසනේට ලොකු සේවයක් කරනවනේ, කව්රු අවත් ආ හොඳයි කරගෙන යන්න කියලනේ කියන්නේ.. විරුද්ද උනාම ලොකු කිට්ටියක් හම්බුවෙන්න ඇති. එකයි පාර චුට්ටක් වෙනස් කරන්න ඇත්තේ.

    කොහොම නමුත් ලංකාවේ අය විතරක් නෙවි පිටරට්ටු පවා නුවර යන්නේ ලොකු හැඟීමකින්. එකත් දැන් සුදුවක් බලන්න යනවා වගේ කරා...

    මම තවම පොඩි එකෙක්, මට ලොකු හයියුකුත් නැ එත් මගේ අදහස නම් අපේ ජනතාව මිට වඩා ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන් තත්වෙකට පත්විය යුතුයි..
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව

    ඇයි ඥානසාර හාමුදුරුවන්ට දොස් කියන්නේ? එදා සුද්දන්ට රට බාර දෙන වෙලාවෙත් සුද්දගේ කොඩිය බිම දාල පගපු ස්වාමින්වහන්සේලත් උන්න.. එතකොට ඒ අයටත් මේ කියන දොස් අයිති වෙනවා. එනිසා ඒවාට දොස් කියන්න එපා. මේ ස්වාමින් වහන්සේලා කෑගහන්නේ මේවා ගෙදර ගෙනියන්න නම් නෙවෙයි නේද..

    නුවර මල්වතු අස්ගිරි ලොකු හමුදුරුවරුනම් ඉතින් සාසනේට ලොකු සේවයක් කරනවනේ, කව්රු අවත් ආ හොඳයි කරගෙන යන්න කියලනේ කියන්නේ.. විරුද්ද උනාම ලොකු කිට්ටියක් හම්බුවෙන්න ඇති. එකයි පාර චුට්ටක් වෙනස් කරන්න ඇත්තේ.

    කොහොම නමුත් ලංකාවේ අය විතරක් නෙවි පිටරට්ටු පවා නුවර යන්නේ ලොකු හැඟීමකින්. එකත් දැන් සුදුවක් බලන්න යනවා වගේ කරා...

    මම තවම පොඩි එකෙක්, මට ලොකු හයියුකුත් නැ එත් මගේ අදහස නම් අපේ ජනතාව මිට වඩා ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන් තත්වෙකට පත්විය යුතුයි..

    එක **** මගේ රේපුත් කපලා..රේප් කපෙනවට බයේ මන් කියන්න තියන එක නොකිය ඉන්නේ නෑ බන්..
    මාත් බෞද්ධයෙක්..හැදිච්ච පරිසරත් එක්ක කොහොමත් අවබෝදයෙන්ම මන් බෞද්ධ..උබ කියන්නේ ඥානසාර හාමුදුරුවෝ හරි කියලද බන්..එයාගේ චේතනාව පිරිසිදුයි..මන් පිලියන්නවා 100%.සිංහලය ගොඩගන්න තමා ඕනේ ඒ හමුදුරුවොට..නමුත් බන් උන්වහන්සේගේ ක්‍රියාව වැරදි..බුදු හාමුදුරුවෝ කොතනද බන් කියල තියෙන්නේ ඔහොම හැසිරෙන්න කියලා.කඩාගෙන බිදගෙන..හරියට නිකන් මරන්න යනවා වගේ..කෑ ගහගෙන..යකෝ නියම හාමුදුරු කෙනෙක් කියන්නේ අනිත්‍ය අවබෝද කරගත්තු නිවුණු පුද්ගලයෙක්.ඥානසාර හාමුදුරුවෝ එහෙමද..අනේ මන්ද බන් මට ලොකු කලකිරීමක් තියෙන්නේ මේ ගැන.. මත හම්බයෝන්ට විරුද්දයි..ඕකට උත්තරේ තියෙන්නේ කොන්ද පැන තියන ජනාදිපති කෙනෙකුට බන්..උබ මේ කතාව අහපන් මාවරලේ බද්දිය හාමුදුරුවෝ කියල දෙනවා ලසනට දඩුවම් දෙන්න ඕනේ කොහොමද කියල බුද්ධියෙන්..




    මේ ටික කිව්වේ ඔය මගේ රේප් කපපු එකාටත් එක්ක..:yes::yes::yes:
    බෞද්ධ කියල කෑ ගහල වැඩක් නෑ බන්..නියම බෞද්ධ නම් දැනගෙන ඉදපන්..
    අපරාදේ ඔය කපපු එකා මන් දන්නවනම් මන් ඕකට රේප් +7ක් දීලා තමා පස්ස බලන්නේ..