කාරුණික දැසක්‌ කළ පින්කමක්‌

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කාරුණික දැසක්‌ කළ පින්කමක්‌

    කාරුණික දැසක්‌ කළ පින්කමක්‌
    ping.jpg


    මුදලට තණ්‌හාවෙන් හා මසට ගිජු වී එළ ගවයන් බුරුතු පිටින් ලොරි වලට පටවාගෙන යමින් හිංසා කරන්නන් මෙන්ම අමු අමුවේම උන්ගේ ගෙල සිඳින හා හතර හන්දි කඩා දමන නොමිනිසුන් පිරි රටක සත්ත්ව අවිහිංසාව ගැන කියෑවෙන එක්‌ සංවේදී කතාවකි මේ.

    සීග්‍රගාමී දුම්රියක වැදීමෙන් කොස්‌ගොඩ ප්‍රදේශයේ රේල් පාරක්‌ අසලදී තුවාල සහිතව වේදනාවෙන්, නැගිටීමටවත් නොහැකිව සිටි මේ අසරණයාව උපතිස්‌සට නෙත ගැටුණේ එම සතාගේ පෙර පිනකටය. ඒ ඉකුත් (12) වැනිදාය.

    තවත් එක්‌ මස්‌ වැද්දකුගේ කෲරතර ඉරණමකට ගොදුරු වනු වෙනුවට උපතිස්‌සගේ සානුකම්පිත දැස්‌ ඒ අසරණයාට පිහිටක්‌ වූයේය.

    තම නිවස වෙත වහා දිවගිය ඔහු තමාට අයත් ලෑන්ඩ්මාස්‌ටරය පණගන්වා වහා එතැනට පැමිණ තවත් අයගේ උදව් උපකාර ඇතිව එම සත්ත්වයා එයට පටවාගෙන ගොස්‌ ප්‍රතිකාර කරන්නට පටන්ගත්තේය.

    ඔහු කොස්‌ගොඩ, නාපේ පදිංචි උපතිස්‌ස අශෝක කුමාර මෙන්ඩිස්‌ 47 හැවිරිදි දෙදරු පියෙකි. සංචාරක හෝටල් කම්කරුවකු වන ඔහු දැනට රැකියාවද අහිමිව දුෂ්කර ජීවිකාවක්‌ ගත කරන්නෙකි.

    දුම්රියේ වැදී මේ සතා තුවාල වෙලා රේල් පාර අයිනේ වැටිලා හිටියා.

    මට හිතුණා මේ අහිංසකයාට සාත්තු කරලා සනීප කරන්න ඕනේ කියලා. හතර දෙනෙක්‌ විතර උදව් කරගෙන තමයි මගේ ලෑන්ඩ්මාස්‌ටරයට මෙයාව දාගත්තේ.

    දැන් තුවාල ගොඩක්‌ දුරට සනීපයි. ඒත් ඇඟේ ගොඩක්‌ තැලුම් තියෙන නිසා ඌට නැගිට ගන්න අමාරුයි.

    තම ජීවිතය ගලවා දෙන්නට ඉදිරිපත් වූ ඉෂිවරයා තමා සමීපයට පැමිණි වග දැනිලාදො ගිලන්ව සිටි ගව පැටවා දැස්‌ ඔහු දෙසට හරවා අසරණ බැල්මක්‌ හෙළුවේය.

    ඌරගස්‌මංහන්දිය - රංග අසංක පතිරණ

     
    • Like
    Reactions: dcs008

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.....
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මෙන්න නියම thread එකක් :yes:. බොහොම ස්තුති අපිත් එක්ක බෙදා ගත්තට. මෙහෙමත් මිනිස්සු තාම අපි අතර ඉන්නවා කියන එකත් ලොකු දෙයක්...:D
    Rep +
     

    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.....
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.....
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.....
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.....