කාලකණ්නි ජීවිත - SF බණ්ඩා
දැං නිරයෙ දුක් විඳිනව ඇති
මරන්න දුන්නු ඩීල් එක පැත්තක දාලා කතකගේ 64 මායමට රැවටුණු SF බණ්ඩා වෙඩිල්ලකින්ම එළොව ගිය හැටි - Sf Banda Killed In Nochchiyagama
පසුගිය කාලය පුරා පාතලේ චන්ඩිකම් කිහිපයකට තිත වැටුණේ ගේම්කාරයින්යැයි කියාගන්නා ලොක්කන්ටත් නොදැනීමය. ඔවුන් මරු තුරුලට ගිය හැටි ඔවුන්වත් නොදැන සිටියහ. ඇතැමුන් වාහන තුල දැවී අළුවෙද්දි තවත් පිරිසක් වෙඩි උණ්ඩයට බිලිව නඩුත් ඉතිරිකර ලොව හැරගියෝය. එලෙස පසුගියදා වාහනයක් තුළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ තවත් අයෙක් වූයෙ එස්. එෆ්. බණ්ඩාරයි. සරත් බණ්ඩාර නම් වූ ඔහු ප්‍රකටව සිටියේ එස්. එෆ්. බණ්ඩාර නමිනි.
වෙඩි උණ්ඩයක් සේ ඔහු හඹා ආ මරුවා ඔහු ගිය වාහනයද සිදුරු කොට ඔහුගේ පපුවටත්, හිසත් පසාරු කරගෙන ගොස් තිබිණි. අවසානයේ ඔහු මියගියේ ඝාතනය කළේ කවුදැයි හෝඩුවාවක්වත් ඉතිරි නොකරමිනි. මේ ඔහු එකළ කළ කී දෑ පිළිබඳව සතිඅන්ත පුවත්පතක් තැබූ සටහනකුයි.
උතුරුමැද පළාතේ නොච්චියාගම ඇහැටුවාගම ප්‍රදේශයේ ජීවත් වූ බණ්ඩා පාසලෙන් පිටවී වැඩිකල් යන්නට පෙර යුද හමුදාවේ විශේෂ බළකායට බැඳී සිටියේය. ඒ 1993-1995 අතරයි. එහෙත් බණ්ඩාට වැඩිකල් රට වෙනුවෙන් සේවය කිරීමට සිත දුන්නේ නැත. යුද්ධය දරුණු ලෙස කෙරීගෙන යද්දී බණ්ඩා හමුදාවෙන් පැන ගත්තේය. ඉන්පසු ඔහු නීත්‍යනූකූලව හමුදාවෙන් ඉවත් වුණේය. එහෙත් ඔහුට කරන්නට රස්සාවක් නොවීය. ජීවත් වීමට මුදල් ද නොවීය. ඒත් ඔහුගේ චණ්ඩිකම් නම් අඩුවූයේ නැත.
මේ හේතුවෙන් නොච්චියාගම ප්‍රදේශයම බණ්ඩාට යටත් වෙන තැනට කටයුතු යෙදී තිබිණි. කාලය මේ ආකාරයෙන් ගෙවී යන විට බණ්ඩාට උතුරු මැද පළාතේ ප්‍රබල දේශපාලනඥයකුගේ තුරුලේ රැඳෙන්නට අවස්ථාව උදා විය. ඒ වර්තමානයේ මහා කෝටිපතියකුගේ මාර්ගයෙනි. ඔහු එතෙක් කසිප්පු පෙරමින් හා විකුණමින් ජීවත් වී තිබුණි. කෙසේ වෙතත් ඉහත කී දේශපාලනඥයාගේ ඡන්ද වැඩවලට කසිප්පුකාරයාද හේත්තු වූ නිසා බණ්ඩාටද ඒ අවස්ථාව නොමිලේම ලැබුණේය. මේ හේතුවෙන් බණ්ඩාද එම දේශපාලනඥයාගේ ළඟ දැවටෙමින් අපරාධ කරන්නට වූයේය. මේ නිසාම මුළු උතුරුමැද පළාතේම ඔහු ප්‍රකටව සිටියේය.
මේ අතර කාලයේදී ඔහු විවාහ විය. ඔහුගේ බිරිය වූයේ රේණුකා නමැත්තියකි. විවාහයෙන් දරුවන් ලැබුණත් ඔහු අපරාධ නැවැත්තුවේ නැත. බණ්ඩා පළමුවෙන්ම කොල්ලකෑවේ අනුරාධපුරයේදීය. නිවසකට කඩා වැදී ගිනි අවියක් පෙන්වා රුපියල් 343,000ක් කොල්ල කෑමය. ඉන්පසු කොල්ලකෑම ඔහුගේ පුරුද්දට ගියේය. එසේ වුවද දේශපාලන හයිය නිසාම ඔහු පොලිසියෙන් ගැලවී ගත්තේය. එහෙත් බණ්ඩාගේ ඇතැම් වැඩ පොලිස් පොතේ සටහන්ව ඇත. පහත පළවන්නේ බණ්ඩා විසින් සිදු කරන ලද අපරාධ වැළකි.
අනුරාධපුර නගරයේදී ගිනි අවි පෙන්වා රුපියල් 343,000ක් කොල්ලකෑම, අනුරාධපුර නගරයේ නිවසකට පැන ගිනි අවි පෙන්වා 246,455 වටිනා මුදල්, රත්තරන් කොල්ලකෑම, අනුරාධපුර නගරයේ නිවසකින් 150,000ක මුදල් සහ රත්තරන් කොල්ල කෑම, අනුරාධපුර නගරයේ නිවසකට පැන 607,000 මුදල් සහ රත්තරන් කොල්ල කෑම, මිහින්තලේ නිවසකට පැන 184,000 මුදල් හා රත්තරන් කොල්ලකෑම, ජා-ඇළ නගරයේ නිවසකින් 240,000ක මුදල් හා රත්තරන් කොල්ල කෑම, මැණික්හින්න ප්‍රදේශයේ නිවසකින් 55,000ක් කොල්ල කෑම, පොතුහැර ප්‍රදේශයේ නිවසකින් 155,499ක් කොල්ල කෑම, තලාව ප්‍රදේශයේ නිවසකින් 226,400ක් මුදල් රත්තරන් කොල්ල කෑම. මුන්දලම ප්‍රදේශයේ නිවසකින් 115,000 රත්තරන් මුදල් කොල්ලකෑම, අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිවසකට පැන වෙඩි තබා දේපළ සොරා ගැනීම, මරදාන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පොලිස් නිලධාරීන් බව පවසා 48,400ක් මුදල් කොල්ලකෑම, පන්දෙණිය ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑම, වැලිකඩ ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා කැබ් රථයක් පැහැරගෙන යෑම, දිවුලපිටිය ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා 20,000ක් කොල්ලකෑම, දිවුලපිටිය ප්‍රදේශයේදී 162,000 මුදල් හා රත්තරන් කොල්ලකෑම ඒවාය. දිවුලපිටියේ සිද්ධීන්වලදී බණ්ඩා ලියාපදිංචි අපරාධකාරයෙකි. ඔහුගේ අංකය 937/12 ය.
බණ්ඩා මේ සියලු අපරාධ කරමින් හම්බ කළ සල්ලි කාන්තාවන් වෙනුවෙන් වැයකොට ඇති බව දැනගන්නට ඇත. බිරිඳට අමතරව ඔහුට වෙනත් කාන්තාවෝද වූහ. බණ්ඩා ඔයාමඩුව පාරේ පිහිටි රජයේ බොරලු ඉඩමක් බලෙන් අල්ලා තම බිරිඳට කඩයක් දමා දුන්නේය. ඒ බව දැනගත් අනියම් බිරිඳ අදාළ කඩයට පැමිණ බණ්ඩාගේ බිරිඳට පහරදී එළවා දමා බලහත්කාරයෙන් එය අල්ලා ගෙන ද ඇත.
මේ අතර බණ්ඩාට දිනක් කටුනායක ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් කොන්ත්‍රාත්තුවක් ලැබුණේය. එය ලැබුණේ සිය බිරිඳ ඝාතනය කරන්නටය. එය භාරගත් බණ්ඩා ඇය සොයගෙන ගියේය. එසේ ගිය ඔහුට දැකගන්නට හැකි වූයේ පෙනුමෙන් පිරිපුන් කාන්තාවකි. පසුව ඇය සමග මිතුරු වූ බණ්ඩාට භාරගත් කොන්ත්‍රාත්තුව අමතක විය. එසේ ඔවුන් පෙම් කරන සමයේ ඇය මැරීමට කොන්ත්‍රාත්තුව දුන් සැමියා නාඳුනන වෙඩික්කරුවකු අතින් මිය ගියේය.
පසුගිය කාලයේ අනුරාධපුරයේ පදිංචි අයකු ඇඳ මත වෙඩි තබා ඝාතනය කෙරිණි. එයට හසුවූයේ බණ්ඩාය. එහෙත් ඝාතනය කළේ බණ්ඩාගේ ඥාති පුතෙකි. එය ප්‍රදේශයට නොරහසකි. ඒ නිසා අත්අඩංගුවට පත්වුණු බණ්ඩා නිදහස් විය. එළියට ආ බණ්ඩා ඒ මියගිය අයගේ බිරිඳ සමග සබඳතාවක් ඇති කර ගත්තේය.
බණ්ඩාගේ පවුලේ ගණන හයකි. ගෑනුන් තිදෙනකුත්, පිරිමින් තිදෙනකුත් සිටින පවුලේ බණ්ඩා පස්වෙනියාය. එක සහෝදරයෙක් විලච්චියේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකි. ඔහු රට දන්නේ අමුඩේ ගසා කොළඹ පැමිණි මන්ත්‍රීවරයා ලෙසය. අනෙකා කෝටිපතියෙකි. ඔහෙත් ඔහු කෝටිපතියකු වූ හැටි කිසිවෙකු දන්නේ නැත. දැන සිටියේ බණ්ඩා පමණි. පසුගිය දිනෙක තම සහෝදරයා සමග ගැටුමක් ඇති කරගත් බණ්ඩා ඔහු කෝටිපතියකු වූ හැටි ගම පුරා කියමින් ගොස් ඇත.
බණ්ඩා මේ මෑතකදී තවත් ගැටුමක් ඇති කරගත්තේය. ඒ අනුරාධපුර ප්‍රදේශයේ කෝටිපතියකු සමගය. ඔහු තරුණියක් රැගෙන ගොස් හෝටලයක තබා සිටිනා ඡායාරූප තමන් සන්තකයේ තිබෙන බවට හෙළිකර ඇති අතර සිද්ධිය හෙළිනොකිරීමට කෝටිපතියාගෙන් කප්පමක් ඉල්ලා ඇත. කෝටිපතියාගේ පැමිණිල්ලට අනුව පොලිසිය බණ්ඩාගේ බිරිඳ අත්අඩංගුවට ගත්තේය.
තමන් මැයි 3 වැනිදා පොලිසියට භාර වන බව බණ්ඩා පොලිසියට දැනුම් දී ඇත. එහෙත් බණ්ඩාට පොලිසියට භාර වෙන්න අවස්ථාවක් තිබුණේ නැත. මරුවා ළඟටම එන තෙක් බණ්ඩා දැන සිටියේ නැත. අවසානයේ බණ්ඩා තිරප්පනේ වෙට්ටිකුලම ප්‍රදේශයේ මහා මාර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටිනා අතරතුර වෙඩිකා මිය ගියේය. ඒ පසුගිය 30 වැනිදාය. එසේ මිය යන විට ඔහු සමග තවත් දෙදෙනකුද සිටි අතර ඉන් අයෙක් ලියාපදිංචි අපරාධකාරයකි. ඔහු ගාල්ලේ ගිංතොට පදිංචි ප්‍රදීප් කුමාරය. ඔහුගේ සාක්කුවක තිබි හෙරොයින් පැකට් අටක් ද සොයා ගැනීමට පොලිසියට හැකි විය.
කෙසේ වෙතත් බණ්ඩාගේ ගමන අවසානය. බණ්ඩා දේශපාලකයන්ගේ ඇඟේ දැවටෙමින් සිදුකළ අපරාධ ද මෙතැනින් ඉවරය. එහෙත් දේශපාලනය තවමත් ඉවර නැත. ඒ නිසා ඉදිරියේදී එස්. එෆ්. යැයි හඳුනන තවත් අය කරළියට එනු ඇත. එසේ පැමිණ සමාජයට වධ දෙනු ඇත. ඊට පෙර දඩ බල්ලන් සදා එළියට අත අරින දේශපාලන හාම්පුතුන් හට නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නැතිවුවහොත් ඉදිරි ගමන යහපාලනය නොවනු ඇත.