ලංකාවෙ මිනිස්සු ගුරුවරු එක්ක මේතරම් තරහ උනේ මොකද. සමහරවිට පාසැල් ගුරුවරුන්ට හරියට උගන්නන්න බැරි නිසා වෙන්න ඇති.
පෞද්ගලිකව මට මාරයි කියන්න පුලුවන් ගුරුවරයෙක් ඉස්කෝලෙදි හම්බ වෙලාම නෑ. කරුණාවන්ත අය නම් ගොඩක් හිටිය, පිස්සො ටිකකුත් හිටිය. හැබැයි ඔක්කොම උගන්නන්න අමාරුවෙන් උත්සාහ කලා ඒත් මදි. බැරි බැරි ගාතෙ කෙරෙන්නෙ, මොකද දැනුම මදි. ගොඩක් අය හිත හොඳ මෝඩයො වගේ තමයි පෙනුනෙ. ඒත් කමක් නෑ, මම බනින්නෙ නෑ. මොකද ගුරුවරුන්ගෙ නොහැකියාව කියන්නෙ සමාජයක් විදිහට අපේම බුද්ධිමය දුර්වලකමක්. ඒ මිනිස්සු ආසාවෙන් උගන්නන්න මෝටිවේට් වෙන, විෂය දැනුම සම්පූර්ණ කරගෙන එතනින් එහාට ගිහින් විෂය බාහිර දැනුම ස්වයං අධ්‍යයනය කරන්න හිතෙන තරමට ඉන්සෙන්ටිව් අවශ්‍යයි.
ගුරුවරුත් එක්ක තරහ වෙනව කියන්නෙ අපිත් එක්කම තරහ වෙනව වගේ දෙයක්.
දැන් එහෙම ගුරුවරු අඩුයි මචන්
දැන් ටොක්කක් ඇන්නත් මානව හිමිකම්
අපි වලබැහැලා ගුටි කාපු හැටියට මානව හිමිකම් ගියානම් කෝටිපතියෝ දැන්