කාලකන්නි කථාවක්.!!

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    කාලකන්නි කථාවක්.!!

    කාලකන්නි කථාවක්.!! :sorry:

    අබුඩාබියේ ඩාස් අයිලන්ඩ් හි ඔයිල් ප්‍රඩකෂන් ඉන්ඩස්ට්‍රිහි වැඩකරපු දෙන්නෙක්. ඩොලර් වලින් මාසික පඩිය ගත්ත දෙන්නෙක්.

    එකෙක් ශ්‍රී ලංකියන්
    අනෙකා චයිනීස්.

    කොයි තරම් වැඩ්ඩෝ උනත් ඔයිල් ෆ්ලැට් ෆෝම් වල වැඩ කරන උන් උපරිම සේවා කාලය ගන්නේ වසර10යි.

    ඉන් පස්සේ රිටායි කරනවා.

    මේ කථාවේ දෙන්නත් වසර 10 සම්පුර්ණ කරලා ඉවත් කරනවා.

    ලංකාවේ එකාට ඕනෑ වෙනවා ලංකාවට ගිහිං ආයෝජනය කරලා අළුත් යමක් කරන්න.

    ලංකාවට ඇවිත් මුලින්ම BOI එකට යනවා ගිහිං තායිලන්තයෙන් පලිගු ගල් ගෙනැත් ගෘහ අලංකරණ භාන්ඩ නිපදවන නිපයුම් අපනයන ප්‍රපෝසල් එකක් භාර දෙනවා. නිළධාරින් ඔහුව වටේ යවනවා වසරක් පමණ උත්සාහයකින් පසු රැපියල් කෝටියක් පමණ අතින් පාඩු කරගත් පසු ඔහු එය අත ඇරලා දානවා.

    ඉන්පස්සේ ඔහු කාර්මික සංවර්ධන මංඩලය යටතේ පැරණි වීදුරැ උණු කොට නැවත සකස් කිරීමේ කර්මාන්තයකට ඉල්ලුම් කරනවා. එයත් නොයෙක් හේතු නිසා පමා කරනවා නොයෙක් අවසර ලබා ගන්න ආයතන වෙත යනවා.

    ඉන් පසුව ඔහුගේ ඉලක්කය වුනේ කෙලින්ම ප්ලාස්ටික් පවුඩර් චීනයෙන් ආනයනය කොට ප්ලාස්ටික් ෆිටින්ස් නිෂ්පාදනය කිරීමයි

    මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යංශය ඔහු කියන පරිදි ජරාව නොදීම නිසාම ලැයිසන් එක ගන්න බැරිවෙනවා.

    වසර තුනකට පසු ඔහු නැවත.ඩුබායි වලට එනවා .දරු පවුලත් එක්කම

    දැන් ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සමග එකතුව කාගො ව්‍යාපාරයකට අත ගහලා.

    මම අර කලිං කීව චයිනීස් පොරත් චීනයට ගිහිං බිස්නස් පටන් අරගෙන.

    එයා අත.ගහලා තියෙන්නේ පුංචි පුංචි ලමා විනෝද භාන්ඩ නිෂ්පාදන කර්මාන්තයකට.

    චීනයට ගිහාම ඔහු ආයෝජනය කරන්න පුළුවන් මුදල කීවහම

    චීන රජය ඔහුට තෝරා ගන්න කර්මාන්ත ලිස්ට් එකක් දීලා

    එහි පලවෙනි අදියරයට අවශ්‍ය පුහුණු ශ්‍රමය සහිත සේවකයන් ප්‍රමාණය එකී සේවකයන් දැනට පදිංචි ස්ථාන දුරකථන අංක වැටුප් ප්‍රමාණය
    සහ රජය විසින් මිලට ගන්න නිෂ්පාදන කෝටා ප්‍රමාණය එය අලවිකර යුතු ස්ථානය සියල්ල සහිත විස්තරයක් ඔහු සතු කරලා.

    වසර තුනකදී තමන්ගේ නිෂ්පාදන අතිරික්තයට තමන්ට හුරැ පුරැදු ඩුබායිහි වෙළද පොල සොයාගෙන ඔහු එනවා.

    මගේ ලංකාවේ මිතුරා මට හමුවන්නේ අපට තියෙන්නේ කාලකන්නි රටක් බං. එදා වේලට රස්සාව කරන නිළධාරි පංතියක් කියාගෙන දුක්වෙන තත්වයක.

    මගේ චීන මිතුරා මට හමුවන්නේ උගේ රට කරවන නිළධාරින් ගැන ආඩම්බරයක් එක්ක අපරාදේ වසර දහයක් චීනයෙන් පිට ගෙව්වේ කියන තත්වයක.

    මම කියන්නේ ලංකාවේ දේශපාලනයේ 225, එපා කියලා ජනතාව ඉවත් කරත්...

    කුසීත තමන් කරන කියන දේ මුල්‍ය රෙගුලාසි ආයතන රෙගුලාසි අස්සේ කොලේ වහලා ගහන නිළධාරී පංතියක් එක්ක රටක් ඉදිරියට යන්න බෑ.

    කවුරැ හරි කියනවනම් අළුත් ටිකකට රට දීපල්ලා කරලා පෙන්නයි කියලා . මලාට බෑ එතකොට ඔය නිළධාරි පංතිය රාජ්‍ය අංශය අඩපන කරනවා ඕනෑම රජයක් දණ ගහන්න.

    මේ ලංකාවේ ආන්ඩු වෙනස් වෙන්න යන්නේ වසර පහක් වුනාට රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම යනකොට එක දිගට වසර 30-40 ඉන්නවා.

    සම්ප්‍රදාය බිදින්නේ නෑ. අළුතෙන් හිතන්නේ නෑ

    මට ආපහු ඇහෙනවා කථාව...

    ලංකාවේ නිෂ්පාදනයට වඩා ඉඩ තියෙන්නේ බයින්ග් ඇන්ඩ් සෙලින්ග් කෝටි එකහමාරක මාකට් එකක්. ඒකේ අළුත් දේකට ඉඩක් නෑ .තිබ්බත් ඒ ඉඩ ජරාවට නැතුව දෙන ගවර්මන්ට් ඔෆීසියල් සේවිස් එකක් අපට නෑ බං.

    ඇත්ත !! අපි ප්‍රඩක්ට් එකක් කරලා ලෝකයට විකුණනවාට වඩා රට වටේට මුහුද තියාගෙන ඉන්දියාවේ හදපු ලුණු ගෙනැත් කන්නේ ඒකයි.

    පැදුරේ හිටිය චීනය ලෝකයේ ලොකුම නිෂ්පාදකයා අපනයන කරැවා වෙන්නේ ඒකයි.

    ලෝකයේ අධිකම ජනගහනය සහිත චීනයේ එකා චීනයේ නිළධාරි පංතිය එක්ක චීන මහපොළවේ යමක් හදලා ලෝකය අල්ලන්න හීන දකිද්දී

    අපේ එකා රටෙන් එලියට නොඑන්නම යන තැනට පත් කරවනවා

    අපේ කාලකන්නි කථාව මම ලියලා ඉවර කරනවා

    😢😢😢😢😢😢😢

    උපුටා ගැනිමකි අන්තර් ජාලයෙන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ බං මේ...තමන්ගෙ වැරදි වලට රටවත් වෙන කවුරුවත් පළි නැහැ..චීනා වගේද අපේ සිංහලු..නිකමට හිතපන් සිංහලුන්ට මාසෙකට ජොලි කරන්නම කීයක් වියදම් වෙනවද..සල්ලි තියෙනවා නම් යාළුවො ටිකක් වට කරන් පෝය දවසටත් බොන ඵකනේ අපේ උන් කරන්නෙ..අාදායමට අනුව වියදම් කරන්නවත් දන්න උන්ද අපේ උන්.බොන ඵකයි,හොර ගෑණුයි,SPA තව පොෂ් ඵකට යන බොරු වියදමයි ඔක්කොම බැලුවොත් අවුරුද්දෙන් දෙකෙන් ඕන සල්ලි කාරයෙක් හිඟන්නෙක් වෙන්න පුළුවන්..චීන්නු ඵහෙමද..උන් බොහොම පරිස්සමින් වියදම් කරන ජාතියක්..අාදායම අනුව සල්ලි ලස්සණට මැනේජ් කරනවා..ලංකාවෙ ඒ විදිහට ඉන්නෙ මුස්ලිම් උන් විතරයි..ඒකයි උන් ගොඩක්ම සිංහල උන්ට වඩා දියුණු..තිත්ත උනත් අැත්ත ඕක තමා..තමන්ගෙ වැරදි වලට කවුරුත් පලි නෑ..තමන් දැනගන්න ඕන ගහන ගේම හරියට ගහන්න.නැත්නම් ඔය වගේ කතන්දර ලිය ලිය හිඟන ජෙප්පො වගේ හැමෝටම බැන බැන ඉරිසියාකාරකම්,කුහකකම් කර කර තමා මැරෙනකන්ම ඉන්න වෙන්නෙ..:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    උඔ කියන කතාවෙත් ඇත්තක් තියෙනව. ඒත් ලංකාවේ යමක් කරන්න දතකන එකාව ඇදල දාල පාගල ආයඔලුව උස්සන්න බැරිවෙන්න ගහන සීන් එකක් තියෙන්නේ බන්...... මෙතනදි එක්කෝ එකෙක් පිටරටින් ගෙන්න න භාණ්ඩට කොමිස් එක ටිකක් අඩුවෙයි කියල බයට වගේ පොඩි දේකට තමයි එහෙම කරන්නේ... ගොඩඒමක් නැ බන් ඒ වගේ උන් එක්ක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,544
    72,752
    113
    මාලඹේ
    ලංකාවේ එවුන් ලංකාවට එන්නේ හිස් අතින් .නිරෝධායනය ට දෙන්න 7500 නැති හිඟන්නෝ . හම්බ කරපු පඩි යෙන් ආයෝජනය කරන්න යනවා කියන එක පිස්සු කථා වක්​
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලංකාවේ එවුන් ලංකාවට එන්නේ හිස් අතින් .නිරෝධායනය ට දෙන්න 7500 නැති හිඟන්නෝ . හම්බ කරපු පඩි යෙන් ආයෝජනය කරන්න යනවා කියන එක පිස්සු කථා වක්​

    ඔච්චර පටු විදියට හිතන්න එපා.ලන්කාවේ ආයෝජකයට ව්‍යාපාර වලට අලුතින් පටන් ගන්න කොට උදව් කරන්න ඉන්න ආයතනය ඔය වගේ තමයි .අත්දැකීම් වලින් කියන්නෙ .ඔය ආයතන වල උන් ටීවී එක ඉඉස්සරහට ඇවුත් කියන සුරන්ගනා කතා නැහැ එතනට ගියාම .ක්නෙක්ශන් නැත්නම් ඕවගෙන් වැඩක් කරගන්නවා බොරු
     
    • Like
    Reactions: lodbrok

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උඔ කියන කතාවෙත් ඇත්තක් තියෙනව. ඒත් ලංකාවේ යමක් කරන්න දතකන එකාව ඇදල දාල පාගල ආයඔලුව උස්සන්න බැරිවෙන්න ගහන සීන් එකක් තියෙන්නේ බන්...... මෙතනදි එක්කෝ එකෙක් පිටරටින් ගෙන්න න භාණ්ඩට කොමිස් එක ටිකක් අඩුවෙයි කියල බයට වගේ පොඩි දේකට තමයි එහෙම කරන්නේ... ගොඩඒමක් නැ බන් ඒ වගේ උන් එක්ක

    :yes::yes:
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ට මුදල් ගෙවන එක Legalise කරානං ඉවරයි. එතකොට උන්ට පහසුකම් දීලා (Procuring) කීයක් හරි හොයාගන්න තිබුනා.