මට තියෙනවා මචන් food sensitive සීන් එක. දවසක් එහෙම සීන් එකකට සැර පිට දැම්මේ ඇස් වල පිල්ලමේ ඇතුල් පැත්තේ චූටියට bump එකක් දෙකක් ඇවිත්.එකක් නම් නිකන්ම බැහැලා ගියා.අනික සතියක් දෙකක් යනකනුත් අඩු නොවුනු නිසා ඇස් වාට්ටුවට ගියා අඩුම ගානේ piriton එකක් හරි eye-ක්රීම් එකක් හරිවත් දෙයි කියලා.
මෙන්න එක පාරටම surgery රූම් දාන්න කියාපි.
ගිහින් වෙලාව එනකන් තැපන් ඉදලා ඇතුලට යනකොට ඩොකා නර්ස්ලා එක්ක හොද කයියක් දාගෙන ඉන්නවා මගේ ගැන ලොකු ගාණක් නෑ වගේ.ඊට පස්සේ බැලුවා..
අර අඩුවක් වගේ එකකින් පිල්ලම් අනිත් පැත්ත හරවලා.ඊට පස්සේ ගැහුවා ඉන්ජෙක්ෂන් එකක් හිරි වැටෙන්න කියලා ඇහැට..මට හිරුවැටුන් නෑ..
ඉන්ජෙක්ෂන් එක ප්ලේට් එකේ තියලා අනිත් අතට බ්ලේඩ් එක ගත්තා..මම කිව්ව "හිරි වැටිලා නම් නෑ දොස්තර මහත්තයො" කියලා..
මොන කතාද පැන්සල් බ්ලෙඩ් එකෙන් උල් කරන්නා වගේ සැහැලා දැම්මා වට දෙකක් තුනක්.මට ඇහෙන් කනෙන් දුම් දැම්මා.ගෝස් එකක් තියලා තදකරන් ඉන්න කිවවා ඒකෙන් එකයි ලේ..
ටිකක් ඉන්න ඇරලා මට ගෙදර යන්න කිව්වා.එදායින් පස්සේ ඉතින් ඒ පැත්තේ පස් පෑඟුවේ නෑ..පව් බන් අපේ රටේ මිනිස්සු...
දැන් සුදට දාන කාචත් නෑ මේ ටිකේ ඉස්පිරිතාලේ.ඊයෙත් ක්ලිනික් ආපු අයව යවලා තිබ්බා කාච නෑ කියලා.