කාලකන්නි පවුල් පාලනය
නිශාන්ත වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පැරිස් ගුවන් යානය පිටත් කළ නිසා යානය මඟ හැරුණු මගීන්ට සමාගමේ වියදමින් ගුවන් ටිකට් පත් දුන්නා - ගුවන් මෙහෙයුම් කළමනාකරු සාක්ෂි දෙමින් කියයි
fShare
ශ්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසම
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි 2014 ජනවාරි 25 දින ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කළමනාකරුගේ තීරණය වෙනස් කර පැරිස් බලා යන ශ්‍රී ලංකන් ගුවන් යානය පිටත් කිරීමට සිදු වූ නිසා තම නියමිත ගුවන් යානය මඟ හැරුණු සියලු ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වියදමින් ගුවන් ටිකට්පත් සැපයීමට සිදු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරු නිශාන්ත හඳපාන්ගොඩ මහතා ඊයේ (15දා) ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමට කීවේය.
මීට අමතරව ඔවුන් වෙනුවෙන් ආහාර වියදම් දැරීමට සිදු වූ බවද ලොකුම වියදම දරන්නට සිදු වූයේ ගුවන් ටිකට්පත් වෙනුවෙන් බවද ඔහු සඳහන් කළේය.
අතිරේක සොලිසිටර් ජනරාලේ නීල් උනම්බුව මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරු නිශාන්ත හඳපාන්ගොඩ මහතා කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය.
කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්න සහ ඒවාට සාක්ෂිකරු ලබාදුන් පිළිතුරු මෙසේය.
අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා - ඔබගේ තනතුර කුමක්ද?
සාක්ෂිකරු - ගුවන් මෙහෙයුම් කළමනාකරු
අ. සො. ජ. - ඔබ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බැඳුණේ කවදාද?
සාක්ෂිකරු - 1991 අගෝස්තු මාසයේදී
අ. සො. ජ - ඔබ කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් ලබා දුන්නාද?
සාක්ෂිකරු - ඔව්.
අ. සො. ජ. - ඔබ සාක්ෂි දෙන්නේ ඔබේ දැනුම සහ ලේඛන අනුවයි?
සාක්ෂිකරු - ඔව්.
අ. සො. ජ. - ඔබ මේ කොමිසමේ පොලිස් ඒකකයට 2018 ජුලි 19 දින ප්‍රකාශයක් ලබා දුන්නා නේද?
සාක්ෂිකරු - ඔව්.
අ. සො. ජ. - ඔබ සමාගමට බැඳුනේ කවර තනතුරකටද?
සාක්ෂිකරු - ගුවන් මෙහෙයුම් සහායකයකු ලෙසයි.
අ. සො. ජ. - ඔබේ දිවුරුම් ප්‍රකාශය සමඟ ඔබගේ රැකියා විස්තරයත් ඉදිරිපත් කළාද?
සාක්ෂිකරු - ඔව්.
අ. සො. ජ. - එහි ඔබගේ රාජකාරිමය වගකීම් ගැන සඳහන් වෙනවා?
සාක්ෂිකරු - ඔව්.
ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සිය තනතුරේ රාජකාරි වගකීම් පිළිබඳ විස්තරයක් කොමිසමට ඉදිරිපත් කළේය. ඒ අනුව නියමිත පරිදිම ගුවන් ගමන් බිඳ වැටීමට ඉඩ නොදී පෙර සැලසුම් කළ පරිදි ගුවන් ගමන් සිදු කිරීමට හැකිතාක් උත්සාහ ගැනීම තම මූලිකම රාජකාරි වගකීමක් බවද නිශාන්ත හඳපාන්ගොඩ මහතා කොමිසමට කීවේය.
අ. සො. ජ. - ඒ අනුව ගුවන් මගීන්ගේ අවශ්‍යතාව ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි නේද?
සාක්ෂිකරු - ඔව්.
අ. සො. ජ. - 2014 ජනවාරි 25 දින මොකද වුණේa?
සාක්ෂිකරු - එදින මගේ රාත්‍රි සේවා මුරය තිබුණේ. මම 7.00 ට රාජකාරියට ගියා. ඒ අවස්ථාවේ ධම්මික සේනානායක මහතා රාජකාරි කරමින් සිටියේ. මට වැඩ භාර ගන්න තිබුණෙ රාත්‍රි 7.30 ටයි. ඒ අනුව පැය භාගයක් ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු පිළිබඳ විස්තර ඔහු මට දැනුම් දීම කළා. ඉදිරි කාලයේ රාජකාරි කටයුතු පහසුවෙන් කරගෙන යැමට පහසුවක් ලෙස එසේ කරනවා. එහිදී ගුවන් ගමන් ප්‍රමාද වීම්, යම් ගුවන් යානයක් නඩත්තු කටයුතු සඳහා යොමු කර තිබෙනවා නම් එවැනි විස්තර ලබා දෙනවා. මෙහිදී ගුවන් යානා දෙකක් යම් තාක්ෂණික ප්‍රශ්න මත ගුවන් ගමන් සඳහා යෙදවීමට අපහසු වී තිබුණා. ඒ නිසා මාලේ සිට කොළඹට ඒමට නියමිත ගුවන් යානයේ සහ ෆ්රැන්ක්ෆර්ට් බලා යැමට තිබූ ගුවන් යානා දෙකේ යම් ප්‍රමාදයක් සිදුව තිබුණා. ඒ අනුව ෆ්රැන්ක්ෆර්ට් බලා යන්න තිබූ ගුවන් යානය 2014 ජුලි 26 දින අලුයම 5.50 දක්වා ප්‍රමාද කර තිබුණා. එසේම මාලදිවයිනේ සිට ඒමට තිබූ ගුවන් යානයත් 2014 ජනවාරි 25 දින රාත්‍රි 8.30 සිට රාත්‍රි 11.00 දක්වා පැය දෙක හමාරකින් පමණ ප්‍රමාද වුණා. එම මාලේ ගුවන් යානයේ ප්‍රංශය බලා යැමට සිටි ගුවන් මගීන් 75 දෙනෙක්ද සිටියා. ඒ අනුව මට පෙර සිටි ගුවන් මෙහෙයුම් කළමනාකරු පැරිස් බලා යන යූ. එල්. 563 ගුවන් යානය පිටත් වන වෙලාව ප්‍රමාද කිරීමට තීරණයක් ගෙන තිබුණා. ඊට හේතුව මාලේ සිට එන ගුවන් මගීන් 75 දෙනකුට ගුවන් ගමන් පහසුව සලසන්නයි. එහෙත් පැරිස් ගුවන් යානය ප්‍රමාද කිරීමට ගුවන් මෙහෙයුම් කළමනාකරු ගත් තීරණය වෙනස් කර එම ගුවන් යානය නියමිත වෙලාවට පිටත් කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබුණා. ඒ බව ධම්මික මහතා මට විස්තර කළා.
අ. සො. ජ. - මෙවැනි සිදුවීමක් මීට පෙර වෙලා තියෙනවාද?
සාක්ෂිකරු - මගේ 27 වසරක සේවා කාලය තුළ කිසිදිනක මෙවැනි සිදුවීමක් වෙලා නැහැ. මාලේ සිට පැමිණෙන මගීන් 75 දෙනෙක් යූ. එල්. 563 ගුවන් යානයෙන් පැරිස් බලා යන්න නියමිතව සිටියා. මේ නිසා එම මගීන්ට පැරිස් ගුවන් යානය මඟ හැරෙනවා. එහෙත් නිශාන්ත වික්‍රමසිංහ මහතා පැරිස් ගුවන් යානයේ විශේෂ දූත පිරිසක් සිටින බව පවසා තිබුණා.
අ. සො. ජ. - පැරිස් ගුවන් යානයේ යන්න මාලේ සිට මගීන් කී දෙනෙක් එන්න සිටියද?
සාක්ෂිකරු - 75 දෙනෙක්.
එම පැරිස් ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගීන්ගේ නාම ලේඛනය ද කොමිසමට ඊයේ ඉදිරිපත් කරන ලදී.
අ. සො. ජ. - ගුවන් මගීන් කී දෙනෙක්ට මේ නිසා තම ඊළඟ ගුවන් යානය මඟ හැරුණාද?
සාක්ෂිකරු - කොළඹ සිට ෆ්රැන්ක්ෆර්ට් ගිය ගුවන් යානයේ ගුවන් මගීන් 84 දෙනකුට සහ මාලේ සිට පැමිණි මගීන් 44 දෙනකුට. ඒ අනුව මුළු මගීන් 128 දෙනකුට ඔවුන්ගේ ගුවන් යානය මඟ හැරුණා. ඒ සඳහා ඔවුන්ට ගුවන් ටිකට්පත් ලබාදීමට සිද වුණා ඔවුන්ගේ නියමිත ගමනාන්තයට යැම සඳහා මාලේ සිට 75 දෙනෙක් පැරිස් යන්න හිටියත් චයිනා ඊස්ටර්න් ගුවන් යානය මගින් මාලේ සිට ඉන් මගීන් 24 දෙනෙක් කොළඹට ගෙන්වා ගැනීමට හැකි වුණා. ඒ නිසා එම ගුවන් මගීන් 75 දෙනාගෙන් 44 දෙනකුට පමණයි අපේ යූ. එල්. 563 පැරිස් ගුවන් යානය මඟ හැරුණේ. ඉතිරි 24 දෙනා එම ගුවන් යානයේම පිටත් කළා. එහෙත් එම මගීන්ට මාලේ සිට කොළඹට චයිනා ඊස්ටර්න් ගුවන් යානයෙන් ගෙන්වා ගැනීමට ටිකට් ගැනීමට සිදු වුණා.
අ. සො. ජ. - එම වියදම දැරුවේ කවුද?
සාක්ෂිකරු - ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 4296 ක් වියදම් වුණා. ආහාර වියදම් සඳහා තවත් ඇමරිකානු ඩොලර් 140 ක් වැය වුණා. ඒ අනුව මාලේ ගුවන් මගීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 4436 ක අතිරේක වියදමක් දැරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදු වුණා.
අ. සො. ජ. - නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ගුවන් ගමන වෙනස් කළ නිසා සිදු වුණ අලාභය කොපමණද?
සාක්ෂිකරු - ඇමරිකානු ඩොලර් 90260 ක්. ෆ්රැන්ක්ෆර්ට් ගුවන් යානයේ මගීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 85475 ක් සහ මාලේ ගුවන් මගීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 4436 ක් වශයෙන් මේ මුළු වියදම ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දරන්නට සිදු වුණා.
අ. සො. ජ. - මෙවැනි සිදුවීමක් මීට පෙර සිදුව තිබෙනවාද?
සාක්ෂිකරු - කවදාවත් නැහැ.
අ. සො. ජ. - කවුද සභාපති ප්‍රකාශ කළ පැරිස් බලා ගිය විශේෂ දූත මණ්ඩලය?
සාක්ෂිකරු - මට කිසිම අවස්ථාවක ඒ කවුද කියා දැනුම් දුන්නේ නැහැ. පසුව හෝ ඒ ගැන තොරතුරු ලැබුණේ නැහැ.
අ. සො. ජ. - නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ගුවන් ගමන වෙනස් කළ නිසා සමාගමේ නාමයට හානියක් වුණා නේද?
සාක්ෂිකරු - ඔව්.
කොමිසමේ සභාපති විශ්‍රාමික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා - ඔය සිදුවීමෙන් පසු එවැනි සිදුවීම් වෙලා තියෙනවද?
සාක්ෂිකරු - මගේ සේවා කාලය තුළ වෙලා නැහැ.
අ. සො. ජ. - මේ සිද්ධිය ගැන ඔබෙන් පසුව යම් ප්‍රශ්න කිරීමක් කළාද?
සාක්ෂිකරු - නැහැ.
අ. සො. ජ. - මින් ගුවන් සමාගමට සිදු වූ පාඩුව ගැන විගණන පරීක්ෂණයක් කළාද?
සාක්ෂිකරු - මගේ දැනුම අනුව නැහැ. ආදායම් අංශයෙන් සොයා බැලීමක් කළාද කියා දන්නේ නෑ. මේ ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දුන්නා.
නිශාන්ත හඳපාන්ගොඩ මහතාට පෙර ඊයේ (15දා) උදේ කොමිසම හමුවේ මුලින්ම සාක්ෂි දුන්නේ ගුවන් මෙහෙයුම් කළමනාකරු ධම්මික සේනානායක මහතාය. ඔහුගෙන් අසන ලද ප්‍රශ්න සහ ඔහු ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.
අ. සො. ජ. - පැරිස් ගුවන් යානයේ (යූ. එල්. 563) යනවා කියා සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ වැදගත් අය (මගීන්) කවුද?
සාක්ෂිකරු - එම මගීන් කවුදැයි සභාපතිවරයා කිව්වේ නැහැ.
නිශාන්ත වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් කතා කර ඉක්මනින් ඔහුගේ උපදෙස් ක්‍රියාත්මක කරන ලෙස අවධාරණය කර සිටියා. ගුවන් නියමුවාත් ඔහුට දුරකථනයෙන් කතා කළ බව කීවා. මම ඒ අවස්ථාවේ සභාපතිතුමාගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ඔහුට (නිශාන්ත වික්‍රමසිංහ මහතාට) කීවා. ඔහු එහෙනම් එය කරන ලෙස කිව්වා. ඒ අනුව පැරිස් ගුවන් යානය නියමිත වෙලාවටම ගුවන්ගත කිරීමට පියවර ගත්තා.
සභාපති - ඔබ සභාපතිගෙන් ඇහුවද ඔහු සඳහන් කළ ගුවන් මගීන් කවුද කියලා?
සාක්ෂිකරු - නෑ. මම නම් අහන්න ගියේ නෑ. ඔහුට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් පැරිස් යන ශ්‍රී ලංකන් ගුවන් යානය නියමිත වෙලාවට පිටත් කිරීමේ උපදෙස් ක්‍රියාත්මක කර ගැනීමටයි.
එම පැරිස් ගුවන් යානයේ (යූ. එල්. 563) සිටි ගුවන් කාර්ය මණ්ඩලයේ නම් ද කොමිසමේ ඉල්ලීම පරිදි සාක්ෂිකරු විසින් කොමිසමට ඉදිරිපත් කළේය.
කොමිසම යළි අද (16දා) දින උදේ 10.00 ට රැස් වේ.
http://divaina.com/daily/index.php/puwath-2/15717-2018-08-15-15-45-56
එරෝසන් මොනව හරි දාපන් බන් උදේම්ම

මේ වහල්ලු වහල් කමට කියෝනව තූ... 