කාලකන්නි~වෙසක්

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මමත් දැක්කා
    ඔය කාලකන්නි ගැන කතාකරලා වැඩක් නැහැ:growl::dull:
    හැබැයි මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක්
    මිනිසුන්ම හැදෙන්න ඕනේ
    අපේ සෝම හාමුදුරුවෝ ඉන්න කාලේ ඔලු බක්කෝ නටවන වගේ දේවල් තිබ්බා
    අපේ හාමුදුරුවෝ නිසා හුගක් අය ඒවා නැවැත්තුවා
    අපේ අවාසනාවට හාමුදුරුවන්ව අපවත් කරලා දැම්මා:growl::(:(:dull:

    ඔය පිස්සු කෙලියේ සුලුතරයක් විතරයි
    වෙසක් දවසේ හොදින් හිටපු බහුතරයක් හිටියා
    වඩා බුදු දහමට ලැදිව කටයුතු කරන කට්ටිය වැඩියි
    මහාමේව්නා අසපුවේ විතරක් 50000ක් විතර ඇවිත් හිටියා
    ඒ වගේම හැම පන්සලකම වගේ සිල් ගන්න හුගක් අය හිටියා
    තව හැම ගෙදරකම වගේ වෙසක් කූඩූ හදලා තියෙනවා
    මොහිදින්‍ බෙග් ගේ හොද ගිත ආදිය දාලා තිබ්බ දන්සැල් එහෙමත් හුගක් තිබ්බා

    :yes::yes::(:(:yes::yes:
     

    DuKeNukem

    Member
    May 28, 2010
    632
    27
    0
    2nd Earth
    කට්ටිය එක පාරටම බලනවා ඇති මම මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. මම කතාව මෙහෙම පටන් ගන්නම්.
    මම ඉන්නේ තොටලග, සේදවත්තේ. මේ පැත්තේ පරිසරය, සමාජය, ආස්‍රය කරන පිරිස කොයිවගේද කියලා සමහර විට ඔයාලට අදහසක් ඇති. මම මේ කියන්න යන දේ මම දැක්කේ සේදවත්තේ විතරක් නෙමෙයි. අද හවස මම ගියා කොළඹ වෙසක් බලන්න. මම ගියේ මගේ Girl Friend සහ එයාගේ මල්ලි එක්ක. ඒ යනකොට ගොඩක් තැන් වලදී දකින්නට ලැබුන දෙයක් ගැනයි මම කියන්න යන්නේ.
    මේ පාර වෙසක් උත්සවයේ දකින්නට ලැබෙන DJ Shows ගැනයි මම මේ කියන්න යන්නේ. ගොඩක් වෙලාවට පාරක් අයිනේ නැත්තම් Roof-Top එකක එහෙමත් නැත්තම් ගෙදරක Balcony එකක, නැත්තම් බාගෙට හදාගෙන යන ගොඩනැගිලි උඩ තරුණ පිරිස් එකතු වෙලා DJ එකක් දාගෙන නට නට ඉන්න දසුන් තැන් කිහිපයක දකින්නට ලැබුනා. මේ වෙසක් උත්සවය නේද කියන එක ඒ අයට අමතක වෙලා. ඉස්සර වෙසක් උත්සවයට විනෝද වෙන්න තිබුනේ රූකඩ සoදර්ශන, වීදි නාටක වගේ දේවල්. DJ එකක් දාගෙන විකාර රූපී Modern ඇදුම් ඇදගෙන නටන්න අපේ බෞද්ධයින්ට පිස්සු හැදිලාද?
    :(:(:(:(:(
    ඒ වගේම තමයි දන්සල් වල දාලා තියන සින්දු. ගොඩක් සින්දු ආදර ගීත. (ආදර ගීත කියන්නේ දුර Bus වල සල්ලි දීලා දාන ආදර ගීත.) ඊට අමතරව Re-Mix සින්දු. දන්සල් ගාව කොල්ලෝ නටනවා. දන්සලක් ගාව සද්දයක් තියෙන්න ඕනමයි. ඒ තැනට උචිත සින්දුවක්. ඒත් මේ බෞද්ධ අපේ උතුම්ම උත්සවය. වෙසක් උත්සවය. මේක DJ එකක් දාගෙන නටන්න ඕන උත්සවයක් නෙමෙයි. ඒ වගේම වෙසක් බලන්න එන පිරිස බෙර ගසමින් පාර පුරා හා පොදු ප්‍රවාහන සේවා වල අන් අයට බොහෝ හිරි හැර වෙන විදියට ගමන් කරන තත්වයක් මේ පාර පේන්නට තියනවා. වෙසක් බලන්නට එන අතර මග සින්දුවක් කියමින් විනෝද වෙන එක කිසිම වැරද්දක් නෙමෙයි. තමන් ගමන් කරන වාහනය තුල සිට ඒ වගේ දෙයක් කරන එක කිසිම වරදක් නැහැ. නමුත් පාරේ සහ පොදු ප්‍රවාහන සේවා වල අන් අයට කරදර වෙන විදියට එහෙම හැසිරෙන එක නම් බොහෝම අප්‍රසන්නයි.
    වාසනාවකට රජය මගින් Bar වහන්න නියෝග කරලාතියන නිසා බීලා පිස්සු නටන පිරිස ගොඩක් අඩුයි. නැත්තෙම නැහැ. අඩු වෙලා තියනවා. පොඩ්ඩක් හිතලා බලන්න. මේක බෞද්ධ අපිට තියන වැදගත්ම උත්සවය. තෙමගුල සිද්ධ වුනු දවස. දෙමල මිනිස්සු තමන්ගේ ආගමික උත්සව වල මේ වගේ කාලකන්නි ආතල් ගන්නවාද? කතෝලික අය බොහෝම උත්සවශීයෙන් නත්තල සමරනවා. ඒත් බොහොම වැදගත් විදියට. බලන්න නත්තල් දවසකට කතෝලික ගෙදරකට ගියාම එයාලා සලකන්නේ හැසිරෙන්නේ කොහොමද කියලා. ඒ වගේමයි ඉස්ලාම් අය. තමන්ගේ Ramazan උත්සවය දවසට එයාලත් නටනවාද DJ එකක් දාගෙන? මේ බෞද්ධ අපිට මේ අය පු_නුත් හිනා වෙනවා ඇති.
    මේ වගේ දේවල් කරන අයට දඩුවම් කරන්න ඕන කියන එකයි මගේ අදහස. රජය,ත්‍රිවිද හමුදාව,පොලීසිය හැමෝම එකතු වෙලා මේ දේවල් නැති කරලා දාන්න ඕන. නටන්න ආතල් දාන්න අවුරුද්දේ ඕන තරම් දවස් තියනවා. මේ උතුම් වෙසක් දවසේ මේ දේවල් වලක්වාගන්න වැඩපිලිවෙලක් සකස් කල යුතුම වෙනවා.
    බු.ව.2600 පිලිවෙතින් පෙල ගැසෙමු කියලා හැම තැනම බෝඩ් එල්ලලා තියනවා මම දැක්කා. මේ දේවල් ඉක්මනින්ම නැති කරගත්තේ නැත්තම් මේ රටේ මිනිස්සු 2600 වෙනි වෙසක් උත්සවය දවස වෙනකොට, වෙසක් දවසේ රෑට ගෑනු ටිකක් ගෙන්නලා, නිරුවතින් නටන Stag Night එකක් තත්වෙට වෙසක් දවස පත්කරගන්නවා නොඅනුමානයි.
    :(:(:(:(:(

    DJ kiyana eka dan virus ekak wela
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    DJ kiyana eka dan virus ekak wela

    කරාට කමක් නෑ. අදාල තැනට විතරක්. Music වලට ආස නැතුව නෙමෙයි මේවා කියන්නේ. I'm a huge Rock Music fan. I Played for TNL Onstage few years ago. ඒත් මේ කරන දේවල් අන්තිම නරකයි.
    :(:(:(
     

    DuKeNukem

    Member
    May 28, 2010
    632
    27
    0
    2nd Earth
    කරාට කමක් නෑ. අදාල තැනට විතරක්. Music වලට ආස නැතුව නෙමෙයි මේවා කියන්නේ. I'm a huge Rock Music fan. I Played for TNL Onstage few years ago. ඒත් මේ කරන දේවල් අන්තිම නරකයි.
    :(:(:(

    yea !
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    අපි කතාකරනවා හැමදෙයක් ගැනම......... අපිට බැරිද මුකුත් කරන්න..එළකිරි එකෙන්ම Seniorsls වැඩිමල් අය මොනාහරි කරන්න ගත්තතොත්....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි කතාකරනවා හැමදෙයක් ගැනම......... අපිට බැරිද මුකුත් කරන්න..එළකිරි එකෙන්ම Seniorsls වැඩිමල් අය මොනාහරි කරන්න ගත්තතොත්....
    :yes::yes::nerd::nerd:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ape bang eken eya chicken fried rice daanasalak damma DJ para dunna ra tama Dematagoda awada uba eya?

    thuk nodakin..kiyala lassana..thota agamak naha kiyala api mona karannada.owa karanam ada bera gahanne nathuwa hithe thiyagena idapan:growl::growl:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මමත් දැක්කා

    ඔය පිස්සු කෙලියේ සුලුතරයක් විතරයි
    වෙසක් දවසේ හොදින් හිටපු බහුතරයක් හිටියා
    වඩා බුදු දහමට ලැදිව කටයුතු කරන කට්ටිය වැඩියි
    මහාමේව්නා අසපුවේ විතරක් 50000ක් විතර ඇවිත් හිටියා
    ඒ වගේම හැම පන්සලකම වගේ සිල් ගන්න හුගක් අය හිටියා
    තව හැම ගෙදරකම වගේ වෙසක් කූඩූ හදලා තියෙනවා
    මොහිදින්‍ බෙග් ගේ හොද ගිත ආදිය දාලා තිබ්බ දන්සැල් එහෙමත් හුගක් තිබ්බා

    මරුනේ !!!!!!:yes::yes::yes::yes::yes:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    වෙසක් වලට බැනලා වැඩක් නැහැ.
    වෙසක් කියන්නේ යම් කිසි අවස්ථාවක් විතරයි.
    ඒක සමරන්නේ මිනිසුන්. (සිංහල-බෞද්ධයන්)
    ඉතින් එම අවස්ථාව බහුතරයක් උත්සවාකාර ලෙස සමරන්නේ නාමික බෞද්ධයන්
    මන් කලිනුත් කියලා තියෙනවා මේ ෆෝරම් එකේ.
    දැන් ඉන්නේ නාමික බෞද්ධයන් පමණයි බහුතරයක්ම.
    ක්‍රිස්තියානිවන මට සමහර බෞද්ධයන් හට බුදු දහමේ එන මූලික එගැන්වීම මතක් කරන්න වෙලා සමහර වෙලාවට
    අන්ධ භක්තිකයන් දැන් ගොඩක් ඉන්නේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙසක් වලට බැනලා වැඩක් නැහැ.
    වෙසක් කියන්නේ යම් කිසි අවස්ථාවක් විතරයි.
    ඒක සමරන්නේ මිනිසුන්. (සිංහල-බෞද්ධයන්)
    ඉතින් එම අවස්ථාව බහුතරයක් උත්සවාකාර ලෙස සමරන්නේ නාමික බෞද්ධයන්
    මන් කලිනුත් කියලා තියෙනවා මේ ෆෝරම් එකේ.
    දැන් ඉන්නේ නාමික බෞද්ධයන් පමණයි බහුතරයක්ම.
    ක්‍රිස්තියානිවන මට සමහර බෞද්ධයන් හට බුදු දහමේ එන මූලික එගැන්වීම මතක් කරන්න වෙලා සමහර වෙලාවට
    අන්ධ භක්තිකයන් දැන් ගොඩක් ඉන්නේ.

    කවුද වෙසක් එකට බැන්නේ?:eek::eek: