කාලගුණ අවදානම මුළු රටටම

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කාලගුණ අවදානම මුළු රටටම

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2018 මැයි මස 21 වන දින පෙ.ව. 09.00 තෙක් වලංගු වන පරිදි පවතින තද වැසි සහ අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙම නිවේදනයත් සමඟ ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකා සිතියම, අවදානම් මට්ටම් අනුව එක් එක් ප්‍රදේශ වර්ණ ගන්වා ඇත. ඊට අනුව කොළ වර්ණයෙන් අවදානම් රහිත කලාප දැක්වෙන නමුත් සිතියම තුළ එම වර්ණයෙන් යුත් කිසිම කලාපයක් නොමැත.

    උතුර, උතුරු මැද පළාත් හා නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය අවම අවදානම් ඇති කලාප ලෙසින් නම් කර ඇත.

    මේ අතර කුරුණෑගල, මඩකළපුව, අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්ක, මධ්‍ය මට්ටමේ අවදානමක් ඇති ප්‍රදේශ ලෙසින් හඳුනාගෙන ඇත.

    මෙම සිතියමට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත් හා වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කය අධි අවදානමක් සහිත කලාප ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.


    පහත දැක්වෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයයි.

    තද වැසි සහ අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
    2018 මැයි මස 21 වන දින පෙ.ව. 09.00 තෙක් වලංගු වන පරිදි
    2018 මැයි මස 20 වන දින ප.ව. 01.00 ට නිකුත් කරන ලදී.

    බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත් සහ
    ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්ක සදහා

    සැලකිලිමත් වන්න!
    සබරගමුව, බස්නාහිර පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ක පමණ ඉතා තද වැඩි වැසි ඇති විය හැකි අතර ඉහතින් දක්වා ඇති අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    අද ප.ව. 01.00 වනවිට තත්ත්වය

    බස්නාහිර සහ සබරගමුව පළාත් වල ගිගිරුම් සහිත වැසි පවතී. ගාල්ල ප්‍රදේශයෙන් තරමක් තද වැසි සහ රත්නපුර දිස්ත්‍රීක්කයෙන් මද වැසි වාර්තා වී ඇත.
    අනාවැකිය
    ඉදිරි පැය කීහිපය තුල මෙම ගිගිරුම් සහිත වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වේ.


    33096391_257601488146365_4189627167161712640_n.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    watetama light tiyenawa. Apita light na. Yanthan podak yanawa. mandaleta call karot dan monahari karawida? udeta monahari karawida?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    watetama light tiyenawa. Apita light na. Yanthan podak yanawa. mandaleta call karot dan monahari karawida? udeta monahari karawida?

    අද රෑ නම් එන එකක් නැහැ ඕකුන්.උබලගේ ගෙදර විතරක් ලයිට් නැත්තේ main ස්විච් එක off වෙලාද දන්නේ නැහැ.
     

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    උතුර, උතුරු මැද පළාත් අවම අවදානම් ඇති කලාප

    den me palaath walath wahinawa
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Rathnapure ganwathura kiyala mage yaluwek kiuwa, Ratnapure smahara areas ganwathurin yawtawelalu