මිනිසා විසින් මෙතෙක් සෑදූ බරම බර අරුම පුදුම යුද්ධායුධය බර ටොන් සිය ගණනකි.
සැතපුම් 80 ක් දුර ඉලක්‌කයට, පොළොවට සැතපුම් 25 ක් උඩ අහසේ තත්පරයට සැතපුම බැගින් ගමන් කර වැටුණ තැන අළු දූවිලි කරයි.
වර්ෂ 1918 මාර්තු 23 වැනි දින පැරිස් නගර වාසීන් ප්‍රත්‍යක්‍ෂව දුටුවා විද්‍යාත්මකව සිදුවූ විස්‌මයජනක සිදුවීමක්. එකල විසූ ඉතා උසස් ප්‍රබුද්ධ විද්‍යාඥයන් පවා එය කෙසේවත් විය නොහැක්‌කක් බවට එකඟවී එම මතය තහවුරු කළහ. පිපිරෙනසුලු ෂෙල් උණ්‌ඩ අබිරහස් ගුප්ත ප්‍රභවයකින් මනරම් පැරිස් නගරයේ හදවතට වැටෙන්නට පටන්ගති. සැතපුම් 70 ක් දුරින් පිහිටි ජර්මානු යුද පෙරමුණ පසු පස සිට කළ මෙම වෙඩි තැබීම සඳේ සිට වූවක් සේ උපකල්පනය කිරීමට ඔවුන් මනසෘෂ්ටික විය. එසේ වුවත් මේ අවිශ්වාසය හෝ සැකය ස්‌වල්ප දිනකින්ම සත්‍ය වූ කරුණක් බව පිළිගැනීමට සිදුවිය.
මෙම අබිරහසක් සේ වූ ෂෙල් වෙඩි වැටෙන වේගය මෙන්ම ප්‍රංශයන් විසින් ෂෙල් ප්‍රහාරයේ නිශ්චිත ප්‍රභවය සොයා ගැනීමද විස්‌මයට කරුණක් විය. ප්‍රථම පිපිරුම වී පැය 24 කින් ප්‍රංශ ජෙනරාල්ගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය නිවැරැදිව තුවක්‌කු ස්‌ථාන ගත පෙදෙස දැනගති. වහාම ප්‍රංශ කාලතුවක්‌කු භටයින් ගේ ප්‍රති ප්‍රහාරදීම එතරම් ම නිවැරැදි වීම නිසා පළමු ෂෙල් උණ්‌ඩය එවූ තුවක්‌කුව අටවා තිබූ ස්‌ථානය අත්හැරීමට ජර්මානුන්ට සිදුවිය.
පැරීසියේ ක්‌ආයි දේ සෙයින් (Quai de Seine) සමීපයේ පළමු පිපිරීම සිදුවූ අවස්‌ථාවේ කිසිවකුට තුවාල සිදුනොවීය. එහෙත් මිනිත්තු දහයකට පසු ඊට සැතපුම් එකහමාරක් ඈත ඉතා කාර්යබහුල බොහෝ සේ සෙනඟ ගැවසෙන උමං දුම්රිය ස්‌ථානයට පිවිසෙන දොරකඩක වූ දෙවැනි පිපිරීමෙන් අට දෙනකු මියගිය අතර දහතුන් දෙනකු තුවාල ලද්දෝය. වූ විනාශයේ පුවත, පැරිස් පුරවරයේ සියලු ප්‍රදේශයන්ට සිත්කලඹනසුලු අනුමාන කට කතා සමග වහ වහා පැතිරිණ. පොදු මතය, බෝම්බය පතිත වූයේ හඳුනාගත නොහැකි උසකින් පියාඹන නව මාදිලියේ ගගන යානයකින් බවය. ඇතැමකුගේ විශ්වාසය වූයේ ජර්මානු රහස් ඔත්තුකරුවන් විසින් ප්‍රංශ කාලතුවක්‌කු කොටස් අත් පත්කර ප්‍රංශ යුද පෙරමුණ අතරින් පහර දෙන බවටය.
දිවා කාලය පුරා පිපිරීම්, විනාඩි පහළොවෙන් පහළොවට නොනවත්වාම පැවැතිණ. පැරිස් නගරාරාක්‍ෂක ගගන යාත්‍රා, ආක්‍රමණිකයන් සොයමින් අහස් කුස සැරි සැරීය.
එනමුත් යුද විශේෂඥයන් විසින් අහසින් පහරදෙන බවට සිතූ මතය බැහැර කරනලදී. මන්ද යත් අහස් උණ්‌ඩ ගොඩනැගිලි කරා සැමවිටම වැදුණේ ඊසාන දිසාවෙනි. ඒ අනුව මේ අවස්‌ථාවේදී පහරදෙනු ලබන්නේ තුවක්‌කුවලින්ම බව තහවුරු කර ගන්නා ලදී.
ෂෙල් උණ්‌ඩයක් නිවසක බිත්තිය හරහා ඇතුළුවී පිපිරීමට පෙර ගෙබිමේ සිදුරක් ඇති කළේය. මෙම සිදුරු දෙක ෂෙල් වෙඩිල්ල පැමිණි නිවැරැදි දිසාව මෙන්ම ආ කෝණාංශයද දක්‌වන ලදී. අහස් උණ්‌ඩයේ ගමන් මගද, එය ආරම්භ වූ ස්‌ථානයද බොහෝ දේ නිවැරැදිව ලකුණු කිරීමට ගණිත ශාස්‌ත්‍රඥයන්ට හැකි විය.
සපයා ගත් කරුණු අනුව පැරීසියෙන් සැතපුම් 75 ක් දුරින් පිහිටි ලාඔන් (Laon) නගරයට සමීපව රැඳී සිටි ජර්මන් පෙරමුණේ කෙළවරක පිහිටි හුදෙකලා ස්‌ථානයක් බව හඳුනා ගන්නා ලදී. ශබ්දානුසාරයෙන් ස්‌ථාන අනාවරණය කරන්නා වූ සියුම් උපකරණ මගින්ද එම ස්‌ථානයම දක්‌වන ලදී. අනතුරුව විමර්ශකයන් ඔවුන්ගේ සිතියම් දෙසට හැරුණි. "ලාඔන්" ප්‍රදේශයට අදාළ පැහැදිලි ගුවන් ඡායාරූප රැසක් ද විය. ප්‍රංශයන් සොයන මෙම යෝධ තුවක්‌කු ප්‍රවාහනය කළ හැක්‌කේ දුම්රියකින් පමණක් බව වැටහුණි. ඝන වන මැදින් වැටී ඇති දුම්රිය මගද ගණනය කළා වූ ගණිත ක්‍රම දැක්‌වූ කුඩා නෙරුවක් සහිත බිම් කඩක් ද හඳුනා ගන්නා ලදී.
ප්‍රංශයන්ට චිත්ත ධෛර්යයක් ඇතිවිය. "වයිලි" (Vailly) නම් ස්‌ථානයට දුම්රියෙන් පමණක් ප්‍රවාහනය කළ හැකි බර තුවක්‌කු දෙකක් ලබාදෙන ලෙස අණ කළායින් පසු එතැන සිට "බිග් බර්තා"(Big Bertha) නම් අන්වර්ථ නාමයකින් හැඳින් වූ නව ජර්මන් ආයුධ ය දෙසට එල්ලය අනුමාන කර වෙඩි තැබීම් ආරම්භ කළේය (ජර්මනියේ මහා කර්මාන්ත සංකීර්ණය හිමි කර්මාන්තඥ කෘප් වොන් ගුස්‌ටාව් (Krupp Von Gustav) තම බිරිඳ"බර්තා" ගේ නමින් මෙම යෝධ තුවක්‌කුව හඳුන්වන ලදී.). ඔවුන් කිසිවිටක නිවැරැදි එල්ලයට පහරක් දීමට අපොහොසත් වුවත් එක් ෂෙල් උණ්‌ඩයක් අංක 0 දරන යෝධ තුවක්‌කුව අසල ගසකට වැදී එක් නිලධාරියකු මරණයට පත්කර එම තුවක්‌කුව මෙහෙය වූ වෙඩික්‌කාර භට පිරිසෙන් සය දෙනකුට තුවාල සිදු කළේය.
ප්‍රංශ රහස් ඔත්තුකරුවකු, දැඩිසේ ඝනව වැඩුණු වෘක්‍ෂයන් සහිත එම ප්‍රදේශයේ නිදැල්ලේ ඇවිද ගියා නම් ඔහුට දැක ගත හැකි වේවි තට්‌ටු 10කින් යුක්‌ත ගොඩනැඟිල්ලක උඩ තට්‌ටුවට සමීප විය හැකි තරම් දිගු තුවක්‌කුවක්, අඩි 25 ක් උස් වූ වානේ සැකිල්ලක් මත අටවා තිබෙන අයුරු.
මෙම යෝධ යුද උපකරණය හා තව එවැනි දෙකක්‌ද, උපරිම රහස්‍යභාවයෙන් යුක්‌තව තැනූ මේවා ප්‍රත්‍යක්‍ෂ කළේ වර්ෂ දෙකක් පුරා ගත් ඉමහත් වෑයමක් මුදුන්පත් වීමය.
වර්ෂ 1916 මුල් කාලයේදී ප්‍රධාන පෙළේ භෞතික විද්‍යාඥයන්ගෙන් එක් අයකු වූ ආචාර්ය වොන් ඊබර්හාඩ් (Dr. Von Eberhardt) කෘප් (Krupp) ජර්මන් මහා කර්මාන්ත ශාලාවේ අධ්‍යක්‍ෂ වූ රෝසන් බර්ගර් (Rausen Berger) ට ඒත්තු ගැන්වූවා අඟල් අටක් පමණ වූ ස්‌වයංක්‍රීය මිසයිලයක් සැතපුම් 60ක් පමණ ඈත යෑවිය හැකි තුවක්‌කුවක් තැනීමට හැකියාවක් ඇතිබව.
දැක් වූ ශිල්පය අනුව අවසන තැනූ තුවක්‌කුවලින්, සැතපුම් 80 ක දුරක් ආවරණය කළ හැකි විය.

එකක් ටොන් සිය ගණනක් බර වුවත් සෑම තුවක්‌කුවක්‌ම ඔරලෝසුවක දැක්‌වෙන නිරවද්‍යතාවයකින් යුක්‌ත විය. තුවක්‌කුව සැලසුම් කිරීමට ගත් අවධානය හා සැලකිල්ල එහි රහස්‍යභාවය රැකගැනීමටද දැක්‌වීය. ආරම්භයේදී ඒවා දැඩි වෘක්‍ෂලතාදියෙන් ගහණ ශාන්ත ගොබයින් (St. Gobain) වනාන්තරයේ ස්‌ථාන ගත කළෝය. තුවක්‌කු තුන ඇටවූ පෝරු වෙත සමීප වීමට දුම්රිය මාවතක් වූ නමුත් ගුවනින් කරන සෝදිසි මුළා කිරීමට කඳු වැටියක ව්‍යාජ නෙරුවක් (Buttress) ඉදිකරන ලදී. ඡායාරූප ගත සිතියම්වල සලකුණු වී තිබුණේ මේ කෘත්‍රිම නෙරුවය. ප්‍රංශ තුවක්‌කුකරුවන්ට හරි එල්ලය ගැනීමට අපොහොසත් වීමට බොහෝ සේ හේතු වූයේත් මේ ව්‍යාජ නෙරුවය. සියල්ල ඉතාමත් සැලකිල්ලෙන් සඟවා තිබිණි. උණ්‌ඩ පිට වී ගමන් කරනා නිත්‍ය මග පිහිටි ගස් පමණක් කපා දැමුණි. උස් ගස්‌වල මුදුන් කම්බි රැහැන් වලින් ඇද එකට බැඳ තිබුණි. කුඩා ගස් සහ පැළ අතරින් පතර සිටුවන ලදී. රේල් පීලි තණ හා වදුලින් ආවරණ කෙරුණි. තුවක්‌කු ස්‌ථානගත ස්‌ථාන මත කම්බි දැල් ඇද කොළ පැහැති රෙදිවලින් වැසුවෝය.
මෙවැනි සමානුපාතික දැවැන්ත කාලතුවක්‌කු පත්තු කිරීමට, සාමාන්‍ය කාලතුවක්‌කු සඳහා උපයෝගී වූ එවකට භාවිත ගණිත ක්‍රම ප්‍රමාණවත් නොවීය. වෙඩික්‌කාරයන් මීට ප්‍රථම මුහුණ නොදුන් ගැටලුවලට මුහුණ දුනි. තාරකා විද්‍යාඥයන් පවා ගුරු හරුකම් උදෙසා කැඳවන ලදී. පෘථිවියේ භ්‍රමණය සලකා ගණිත මිනිත හි නිවැරැදි කිරීමට සිදුවිය. ෂෙල් උණ්‌ඩය නිකුත් වී පතිත වන තුරු ඉලක්‌කය නැගෙනහිර දිසාවට වෙනස් වේ. තවද ඉලක්‌කයේ දුර නිවැරදිව ගණනය කිරීමේදී පෘථිවියේ වක්‍රතාවය ගැනද සැලකිලිමත් වීමට සිදුවිය. එසේම වායුවේ ඝනත්වය සහ උෂ්ණත්වයද, හමන සුළඟේ දිසාගත ප්‍රවේගයද, එපමණක් නොව දැල්වෙන වෙඩි බෙහෙත් උෂ්ණත්වය ද යන කරුණු සලකා බලා ගණිත මිනිත පාදකව නිරවද්‍ය ඉඩහැරීමක් කිරීමට සිදුවිණ. දරා ගත යුතු උෂ්ණත්වය ද, කෙමෙන් වන ක්‍ෂය වීම නිසාද මෙම ආයුධයන් හි ගුණාත්මකභාවය විගසින් හීනවන හෙයින් වෙඩි තැබීම් 50 ක් හෝ 60කින් හෝ පසු එක් එක් තුවක්‌කු නැවත බෝර කිරීමට (reboring) කෘප් කර්මාන්ත ශාලාව වෙත ආපසු යෑවීමට සිදුවිය.

රාත්තල් 265 ක් බරැති ෂෙල් උණ්‌ඩය යෝධ තුවක්‌කුවෙන් පිටවූයේ රාත්තල් මිලියනයක පීඩනයකින් තත්පරයකට සැතපුමක් යන වේගයකිනි. එය වායු ප්‍රතිරෝධය හීන වායු ගෝලයට පිවිසෙන විට එහිදී වේගීභාවය ගුරුත්වාකර්ෂණය නිසා හීනවී පෘථිවියෙන් සැතපුම් 24 ක් උසදී තත්පරයකට සැතපුම් භාගයකටත් අඩු වේගයකින් ගමන් කරයි. ඊටපසු උණ්‌ඩය පහතට එන මගදී වේගය අධිකව ගෙන පෘථිවියට සමීප ඝන වායු සහිත වායුගෝලයට වදිනතුරු පැමිණි පසු වේගය බාල වේ.
අංක එක (1) තුවක්‌කුවෙන් වෙඩි තියන පළමු දින, සැලසුම්කරුවන් මෙන්ම ජර්මන් අධිරාජයා වූ කෛයිසර්(Kaiser) ද, ප්‍රේක්‍ෂකයන් සේ පැමිණ තිබිණි. ඊට දින දෙක තුනකට පසු අංක තුන (3) තුවක්‌කුවේ ප්‍රථම උණ්‌ඩය නැරඹීමට කෛයිසර් සිටියා නම් ඉතිහාසයේ ඉදිරි ගමන්මග බොහෝසේ වෙනස් වීමට තිබිණි. මන්දයත් එවිට එම තුවක්‌කුව පිපිරී එහි නඩත්තු සේවා කරන කෘප් තාක්‍ෂණික ශිල්පීහු 17 දෙනකු මිය ගියෝය.
ජර්මානුන් යුද්ධය දිනා ගැනීමේ ඉමහත් අභිලාෂයට මෙම තුවක්‌කුවලට නොවරදින සුලු තීරණාත්මක කාර්යභාරයක් පැවරී තිබිණි. ඇත්තෙන්ම එය එසේ සිදුවීමට තිබිණි. නමුත් මාස කීපයක් ඇවෑමෙන් මිත්‍ර පාක්‍ෂික සන්ධාන හමුදාවේ ආක්‍රමණය නිසාවෙන් ජර්මානුන් පසු පසට කෙතරම් ඈතට පසුබා ගියේද කිවහොත් යෝධ තුවක්‌කුවල මාර වෙඩි සැර ඉන් පසු පැරීසියට ළඟා නොවිණ.
ජීවිත 256 ක් නැතිවී, 612 දෙනකුට තුවාල වීම හා සිදුවූ ද්‍රව්‍යමය හානිය, තුවක්‌කු සඳහා වැය වූ ඇ. ඩො. මිලියන 13 ට අඩු විය. එසේම ජර්මානුන් ප්‍රංශ වැසියන්ගේ චිත්ත ධෛර්යයට වන බලපෑම ගැන අවතක්‌සේරුවක් කර තිබිණි. පැරීසියට හෙළු බෝම්බ වරුසාවෙන් සිදුවුණේ නොනවත්වා සටන් කිරීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය ඇවිස්‌සීම පමණි.
ඉන්පසු යෝධ තුවක්‌කු පන්තියට කුමක් සිදුවීද?

"මහා පසු බැසීම" අතරතුරේදී ජර්මානුවන් ඒවා තම මව් බිමට ගෙන ඒමට සමත් විය. මිත්‍ර හමුදාවේ නිලධාරියකුට හෝ සෙබළකුට ඒවා කිසිදින ඇස ගැසී නැත. වර්සේල්ස් ගිවිසුම අනුව යුද රහස් රැස් කරන මිත්‍ර පාක්‍ෂික බුද්ධි අංශයට ජර්මානුන්, ඔවුන්ගේ යුද්ධ ලේඛන සංරක්‍ෂණාගාර සියල්ල විවෘත කර දිය යුතුව ඇත. එනමුත් ගිවිසුම අත්සන් කිරීමට පෙර තුවක්‌කු කෘප් කර්මාන්ත ශාලාවට ගෙන ගොස් උණුකර දමා ඇත. ඒවා පිළිබඳ දත්ත කිසිවක් එළිදරව් කළහොත් එය රාජ්‍යද්‍රෝහී ක්‍රියාවක් සේ සලකා මරණ දඬුවම දීමේ නීතියක් කඩිමුඩියේ සම්මත කර ගන්නා ලදී.
යුද්ධය අවසන් වී වසර දෙකක් අවසන් වී ගිය තැන ඔත්තු චරපුරුෂ සේවා වැනි යටි කූට්‌ටු උපායන්ගෙන් ඒවා පිළිබඳ තොරතුරු ජර්මන් නොවන අයගේ අතට පත්විය. උපයෝගී කළා වූ ගණිත සැලසුම් දින පොත් සහ ඡායාරූප ද ඒ සමග විය.
එහෙත් එක් ඉතා වැදගත් රහසක් තවමත් සැඟවී ඇත. තුවක්‌කු සඳහා භාවිත කළ වෙඩි බෙහෙතට උග්‍ර පීඩනයක් දරා ගැනීමට හැකිවිය. ඉතා උච්චතම පිපිරීමේ ශක්‌තියක් එනිසා ලැබිණි. අනිකුත් දත්ත සමග වෙඩි බෙහෙතට අදාළ රසායනික සූත්‍රය නම් එහි නොවීය. එකල නොයෙක් රටවල යුද්ධ විද්‍යාව හදාරන අය එම රහස ලබා ගැනීමට ඉල්ලන ඕනෑම දෙයක් දීමට තුටු පහටු වී සිටියහ.
෴෴෴෴෴෴෴෴

2011/12/11 දියග ඇසුරෙනි.

වෙඩි බේත් හදන ක්‍රමේ මං ගාව තියනවා...
කීයක් දෙනවද දන්නේ නෑ...