මාක්ස්වාදයට අනුව ලෝකේ කොහේ ගියත් ප්‍රශ්න ඇතිවෙන්න හේතුව තමයි සමාජයේ තියන පන්ති අර්බුදය. එහෙමත් නැත්තන් පන්ති අතර තියන ගැටුම.
කාල් මාක්ස් මාක්ස්වාදී අදහස් අරන් එන්නේ කෘෂිකාර්මික යුගයේ අවසන් කාලයේ. මේ කාලෙදි ඉන්දියාව වගේ කුල ක්‍රමය නොතිබ්බ ගොඩක් රටවල හිටියා ප්‍රධාන සමාජ පන්ති දෙකක්. ඒ දෙක තමයි,
1. ඉඩම් හිමි රදළයෝ ( ඉඩම් සහ බලය හිමි සුළුතරය )
2. ප්‍රවේණි දාසයෝ ( රදළයන්ගේ ඉඩම් වල වැඩකරලා අස්වැන්නෙන් කොටසක් රදළයට දීලා ඉතුරුව භුක්ති විඳින බහුතරය )
කාල් මාක්ස් කියපු විදියට, මේ පන්ති දෙක මෙහෙම පවතිද්දී බහුතරය ඉතාමත් සුළු පිරිසක් වුන රදළයන්ගෙන් පීඩාවට පත් වෙනවා. කාලයක් මෙහෙම පීඩාවට පත් වෙලා ඒ පීඩනය වැඩිවුනාම බහුතරය අතරින් නායකත්වයක් බිහි වෙලා ඒ නායකයින් පිරිස අනිත් බහුතරයේ අයත් එක්ක සෙට් වෙලා අර සුළුතර රදළයන්ට ගහල බලය ගන්නවා. ඒ බලය ගැනීමත් එක්කම අර නායකත්වය දුන් පිරිස ආපහු රදළයෝ වෙලා පාලනය කරගෙන ගිහින් ආයේ කාලෙක කලින් වුන දේම වෙනවා. මේ ගැටළුවට හේතුව කියලා කාල් මාක්ස් කියන්නේ සමාජේ තියන මේ පන්ති දෙක. මෙහෙම පන්ති දෙකක් තියන තැනකදි අසමානකම් නිසා ගැටුම් ඇතිවීම වළක්වන්න බෑ කියනවා. එහෙම නම් මේ ගැටුම් නවත්තන්න නම් සමාජ පන්ති කියල දෙයක් නැතිවෙන්න ඕන කියන එක විසඳුම හැටියට ගන්නවා. එතකොට සමස්ථ සමාජයම එක මිනිස් කණ්ඩායමක් වෙනව සහ එහෙම වෙන තැනක පන්තියක් රැකගන්න පොරයක් ඇතිවෙන්නෙ නෑ කියනවා.
මාක්ස්වාදයේදි මේ පන්ති නැති කරලා එක සමාන මිනිස් කණ්ඩායමක් බිහි කරන්න නම් පොධු අනන්‍යතාවයක් ( පොධු අදහසක් ) ඇති කරන්න ඕන. මේක සල්ලි වලින් විතරක් නෙවෙයි, මතවාදිවත් ඇති කරන්න ඕන. මේකට කියනවා "කණ්ඩායම් අනන්‍යතාව", එහෙමත් නැත්තන් "සර්වාධිකාරවාදය".
සර්වාධිකාරවාදය, නැත්තන් කණ්ඩායම් අනණ්යතාවය පවත්වගෙන යන්න නම් අවශ්‍ය වෙන ප්‍රධානම දේ තමයි මිනිස්සු ඔක්කොටම පොදු අදහසක්, පොදු අරමුණක් තිබීම. මෙතනදි විවිධ අදහස් දරන අය මේ පොදු මතය පවත්වගෙන යන්න තර්ජණයක් වෙනවා. සරලවම කිව්වොත් පොදු මතයට පිටින් යන අයව මර්දනය කරන්න වෙනවා. ඒක සෝවියට් සමූහාණ්ඩුව, චීනය, කියුබාව, උතුරු කොරියාව වගේ රටවල හොඳටම බලාගන්න පුළුවන්. විවේචනයක් වලට, විවිධ ඇදහීම් වලට නිදහස් අඩුයි. මොකද එහෙම වෙනස් අදහස් තියන එකෙක් ඇවිල්ල මතයක් හැදුවොත්, ඒ මතයට තව පිරිසක් එකතු වුනොත් ආයේ සමාජයේ පන්ති බෙදීමක් ඇතිවෙන්න පුළුවන්. චීනේ සන්ස්කෘතික විප්ලවය, රුසියාවේ ට්‍රොට්ස්කි වගේ සාහිත්‍යකාරයෝ ඝාතනය වගේ දේවල් මේවට උදාහරණ.
විලාසිතා සඳහා තේරීමක් තිබේද?
පුද්ගලික මෝටර් රථයක හෝ නිවසක අයිතිය?
මේ ප්‍රශ්න දෙකම මෙහෙම ගමු. භෞතික ආශාවන්ට සීම තියනවද?
ධනවාදයට සාපේක්ෂව සීමා ගොඩක් ඇත. කිම් ජොන් උන්ග් වගේ පිස්සො ඉන්න රටවල ඇරුණම අඳින කලිසම මොන පාටද කියන ලෙවල් එකට සීමා නෑ. නමුත් පන්ති පරතරයක් ඇතිවන ආකාරයේ භාණ්ඩ හා සේවා තියෙන්න ඉඩකඩ හරි අඩුයි. ඉස්සෙල්ල කිව්වා වගේ සමාජේ පන්ති භේදය නිසයි ගැටුම් ඇතිවෙන්නේ. සල්ලිකාරයෝ හැදුනොත් පන්ති භේදය ඇති වෙනව. මේ නිසා සල්ලිකාරයෙක් හැදෙන්න සීම ගොඩක් දාලා තියනවා. වර්ථමානේ චීනේ, වියට්නාම් වගේ රටවල මේ ක්‍රමේ වෙනස්. ඒ රටවල තියෙන්නෙ වෙළඳපොල ආර්ථික. මාක්ස්වාදෙදි ගොඩක් වෙලාවට ගොඩක් දේවල් වලට මිනිහෙක්ට ඇති තේරීම් සීමා වෙනවා. සෝවියට් සමූහාණ්ඩුව තිබුණ කාලේ ගත්තොත් ඇමරිකන් මැගසින් එකකටවත් රට ඇතුලට එන්න දීල තිබුණේ නෑ. අදටත් උතුරු කොරියාව මෙහෙමයි. උදා: 60 ගණන් 70 ගණන් වල ඇමරිකන් ඔටොමොබයිල් මැගසින් එකක් බලපු මිනිහෙක් ඒ රටේ වර්කින්ග් ක්ලස්ස් මිනිහෙක් මස්ල් කාර් එකක් පදින photo එකක් දැක්කොත් බොහොම පොඩි කාර් වර්ග කීපයක් විතරක් තිබුණ බෝරින්ග් සෝවියට් සමූහාණ්ඩුවෙ වැසියෙක්ට අවුල් යන්න පුළුවන්. එහෙම උනොත් පාලනය ගැන කලකිරිලා පාලනයෙන් ගේම ඉල්ලන්න පුලුවන්.
ධනවාදය තෝරා ගැනීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක්?
කිසිසේත්ම නැත. නිදහස කියන එක හොඳටම අඩුයි. නිදහස තිබුණොත් මිනිස්සු විවිධ දේවල් හිතනව සහ එතනදි කණ්ඩායම් අනන්‍යතාව නැතිවෙනවා. මේ නිසා කිසි එකෙක්ට කට අරින්න නොදී තියන එක තමයි ලේසි. නමුත් එක පක්ෂෙක ප්‍රථිපත්තිය නියෝජනය කරමින් බලය ඉල්ලන දේශපාලකයෝ ඉන්න ඒක පක්ෂ ක්‍රමයක් තියෙන්න පුළුවන්.
මම තව මෙහෙම ප්‍රශ්නයක් දාන්නම්, "මාක්ස්වාදය ෆේල් ද?"
ඔව්. මේකට හේතුව තමයි මාක්ස්වාදය කියන එක මිනිස් ස්වභාවයත් එක්ක ගැලපෙන්නෙ නැති එක්ක. සිවුරක් දාගත්ත පලියට අහවල් එක නගින එක නවතින්නෙ නෑ වගේ, කොච්චර සමානකරන්න හැදුවත් මිනිස්සු සමානව ඉන්න කැමති නෑ. කවුරුත් කැමති අඩුම තරමේ තමුන්ගෙ අසල්වැසියට හරි වඩා කීයක් හරි තියන කෙනෙක් වෙන්න, පොරක් වෙන්න, ලස්සනට සැපට ඉන්න, අද හිටියට වඩා හෙට හොඳින් ඉන්න. මෙහෙම ඉන්න හදද්දි දක්ෂයා සාමන්‍ය මිනිහා පරයා යනවා. මෙහෙම වෙද්දි සල්ලිකාරයෝ හැදෙනවා. එතකොට මාක්ස්වාදෙදි වගේ ගැටළුවක් වුනු පන්ති භේදය නැතිකරන්න බලන් සල්ලිකාරයෝ හැදෙන එක නවත්තන්න නම් මිනිස්සුන්ට මෙහෙම කරන්න තියන නිදහස සීමා කරන්න වෙනවා. මෙන්න මෙතනදී, මාක්ස්වාදේ කඩන් වැටෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත්, කොච්චර මහන්සි වුනත්, අනිත් උන්ට වඩා පොරක් වෙන්න බැරි නම් එක සීමාවකට ආවම මොකටද මහන්සි වෙලා කියලා හිතෙනවා. ඊලොන් මස්ක් වගේ දක්ෂ මිනිහෙක් උනත්, තට්ටෙත් පෑදුනාට පස්සෙ හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් එකකුත් කරන්, ජොනී ඩෙප්ගෙ ගෑනිත් එක්ක බුදියන්න පුලුවන් ලෙවල් එකේ ලොකු සල්ලිකාරයෙක් වෙන්න බැරි උනානම් ටෙස්ලා වගේ කොම්පැනියක් දාන්නේ නෑ. කොච්චර කරත් ඔච්චරයි කියලා ආණ්ඩුවෙ කන්තෝරුවක සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙලා නවතීවි. මේකට හේතුව උන්නතිකාමයට (Ambition) ඉඩක් නැති වීම. උන්නතිකාමය තියනව නම් විතරයි මිනිස්සු දියුණු වෙන්න මහන්සි වෙන්නෙ. මේ හෙතුව නිසාම චීනේ ආර්ථිකේ 80 ගනන් වල දියුණු වෙන්නෙ නැතිව එක තැන පල්වෙද්දි ඩෙන්ග් ශියාඕ පින්ග් චීනේ ආර්ථිකේ ප්‍රථිපත්තිමය වෙනස්කම් කරනවා.
ප්‍රායෝගිකව වර්ථමානේ උතුරු කොරියාව වගේ රටක ඇරෙන්න වෙන කොහෙවත් මාක්ස් කියපු ප්‍රායෝගික බවින් අඩු මාක්ස්වාදි පොතේ දැණුම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ වගේම මේ ක්‍රමය ඇතුලේ නිලධාරීවාදය ඇතිවෙනවා. ඒක ධනපතියො බිහි උනාට වඩා අන්තයි. මාක්ස් එයාගෙ පොතේදි කියන කතාවක් තමයි මිනිස්සු පාලනයට නිළධාරීන් යම් කාලෙකට අවශ්‍ය උනත්, පසුකාලෙදි මිනිස්සු ස්වයන්ව පාලනය වෙන තත්වෙට දියුණු වෙනවා කියලා. මෙහෙම වෙන යුගයට කියන්නෙ විද්‍යාත්මක කොමියුනිස්ට් යුගය කියලා. මේක ඉතින් වෙන්නෙ නැති දෙයක්. ඒ නිසාම මේකට කියන්නේ ප්ලේටෝගේ මනෝරාජ්‍ය සන්කල්පය ( උටෝපියාව ) වගේ දෙයක් කියලා.
දාස් කැපිටල් පොත සන්කල්පීයමය වශයෙන් අදහසක් ප්‍රකාශ කරපු පොතක් පමණක් හැටියට වර්ථමාන ලෝකෙ භාවිතා වුනත්, ඒක කොහේවත් 100%ක් භාවිතා කරන්න නැත. සොවියට් සමූහාණ්ඩුව තිබ්බ කාලෙත් දාස් කැපිටල් පොත ඒ විදියටම ක්‍රියාත්මක කරලා නෑ. මිනිසාගේ ස්වභාවික ගති පැවතුම් වලට නූතන ධනවාදය වැඩිපුර ගැලපෙන නිසා ධනවාදය ලෝකෙ රටවල පවතිනවා. ඒකෙදි රේස් එක දුවාගන්න බැරිවෙන මිනිස්සුන්ට අසාධාරණයක් නොවෙන්න රජයක් විසින් මහජන සුභසාධන කටයුතු කරනවා
හෑල්ලක් නැතුව වෙන උත්තර දාන්න විදියක් නෑ. මාක්ස්වාදේ ගැන කියනව නම් මීටත් වඩා දේවල් තියනවා. ඔක්කොම දාන්න බෑ. නමුත් මේ ටික නොදා මේක පැහැදිළි කරන්නත් බෑ. ධනවාදේ ගැන අඩුවෙන්ම කතාකරලයි මේ විස්තර ටික දැම්මේ. ඒත් හොඳ විග්‍රහයක් කරනව නම් දෙකම එකට අරගෙන කතාකරන්න ඕන.