අගේ ඇති සම්භාව්‍ය සාහිත්‍යය හා බැඳුණු කවි සංග්‍රහයක් කියවනවා වගේ හැඟිමක් මෙය කියවනකොට මට දැනුණා....
යොදාගෙන ඇති පදවල ගැඹුර නිර්මානයේ බර ගොඩක් වැඩි කරනවා..
මේ අන්තර්ගතය හා විෂය රාමුව මීට වඩා තේරුම් යන බසකින් කතා කරනවාට වඩා එම දුක් විදින්නන්ගේ දහදිය වලට නියම වටිනාකමක් මේ ගැඹුරක් දැනවූ වචන පෙලේ ගැබ් වී තිබීම ඔවුනට කරනා එක්තරා ගරු බුහුමනක්...
කවි පෙල, අන්තර්ගතය හා පසුබිම එකට ගත් කල මෙය මා මෑතක කියවූ ඉතාම සාර්ථක නිර්මාන අතරින් එකක් බව මෙහිදී නොකියාම බැහැ..
ඔබ මේ වෙනකොට ගොස් තිබෙන දුර මං මුල ඉඳන්ම වටහා ගෙන සිටි කෙනෙක්.. ඔබට තව දුර යන්න පුළුවන්..ඇවැසි වෙන්නේ ඔබේ කැපවීමයි..
මල්ලියා ඔබට ජය....