කාල තරණ වෑයම වැරදෙයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,520
    10,286
    113
    44
    Living in an Atom
    416736325_1157735922245653_3584097983715627951_n.jpg


    United Airlines මගීන්ගේ ‘කාල තරණ’ වෑයම වැරදෙයි

    ඇමරිකාවේ United Airlines ගුවන් සමාගමට අයත් UA200 ගුවන් යානය ඉකුත් ජනවාරි 01 දා උදෑසන 7.35ට ග්වෝම්හි සිට ගුවනට නැඟ හවායිහි හොනලුලූ ගුවන්තොටුපළින් ගොඩබැසීමට නියමිත ව තිබුණේ 2023 දෙසැම්බර් 31 වැනි දා පස්වරු 6:50ට යි. බැලූ බැල්මට කාල තරණයක් සේ පෙනෙන මේ සිදු වීමට හේතුව වන්නේ ගුවන් යානයට ජාත්‍යන්තර දින රේඛාව පසු කර පියාසර කිරීමට සිදු වන බැවිනුයි. දින රේඛාවෙන් දෙපස පිහිටන නිසා ග්වෝම්හි නව වසර උදා වී තිබුණත් ගුවන් යානය ගොඩබස්වන විට හවායි ගත කරමින් සිටින්නේ පෙර දිනයේ සවස් යාමයයි.

    කෙසේ නමුත් නව වසරේ උදාව දෙවරක් සැමරීමේ අදහස ඇති ව UA200 යානය වෙත ගොඩ වූ මගීන්ගේ බලාපොරොත්තුව නම් ඉටු වුණේ නැහැ. ඒ නො වැළැක්විය හැකි හේතුවක් නිසා එහි ගමන් වාරය ප්‍රමාද වීම නිසයි. පමාවෙන් පසු එය ග්වෝම්හි සිට අහසට නැඟෙන විට එහි වේලාවෙන් පස්වරු 1:49 සටහන් වී තිබූ අතර එය හොනලුලූ වෙත ගොඩබස්වන විට නව වසර උදා වී විනාඩි 34ක් ඉක්ම ගොස් තිබුණා.

    එහි ගමන් ගත් මගීන්, නව වසර උදා වීමේ අවස්ථාව දෙවරක් විඳගැනීමේ බොහෝ දෙනෙකුට නො ලැබෙන අවස්ථාව මඟ හැරී යාම ගැන X (twitter) ඔස්සේ කනගාටුව පළ කර තිබුණා.

    ‘ඔබ ජීවත් වන්නේ එක වතාවයි, ඒ නව වසරේ උදාව දෙවතාවක් සමරන්න ඔබට පුළුවනි!’ (“You only live once, but you can celebrate New Year’s Eve twice!”) United Airlines සිය X පිටුවේ කල් තියාම දැන්වීමක් පළ කර තිබුණේ එලෙස පවසමින්. නමුත් සිදු වූ පමාවත් සමගින් සිය මගීන්ට දුන් පොරොන්දුව ඉටු කිරීමට ඔවුන් අසමත් ව තිබුණා.

    කෙසේ නමුත් වෙනත් ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානා කිහිපයක් ම සාර්ථක ලෙස මේ දුර්ලභ අවස්ථාව සිය මගීන් වෙත සලසා දෙන්නට සමත් ව තිබුණා. CX872 දරන Cathay Pacific යානය ජනවාරි 01 දා අළුයම 1ට හොං කොං වෙතින් පිටත් වී 2023 දෙසැම්බර් 31 දා පස්වරු 8:22ට සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත පැමිණ තිබුණා. ජපානයට නව වසර උදා වී විනාඩි 48ක් ගත වූ තැන ත‌ෝකියෝ ගුවන් තොටුපොළෙන් ගුවනට නැඟි NH106 දරන All Nippon Airways සමාගමට අයත් ගුවන් යානය සිය ගමනාන්තය වූ ලොස් ඇන්ජලීස් වෙත ගොඩබැස තිබුණේ එහි වේලාවෙන් පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 31 පස්වරු 5:12ට යි.

    CNN ඇසුරෙනි.

    සෞන්දර්ය සෙනරත් . Vidusara විද්‍යා සඟරාව
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    කාල තරණය කරද්දී අවකාශ තරණය ඉබේම වෙනවා.අවකාශ තරණය කරද්දී කාල තරණය කරන්න බෑ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් ඔරලෝසුවේ වේලාව වෙනස් කරලා ආයේ ආයේ ආයේ සමරන්න බැරිය
     

    blue_in_rio

    Well-known member
  • ඔච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් ඔරලෝසුවේ වේලාව වෙනස් කරලා ආයේ ආයේ ආයේ සමරන්න බැරිය
    Man hithuwe track pakayala inne lankawe witharai kiyala. balan giyama loke purama innawa track HTTP la.
     
    • Like
    Reactions: hide_spider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඔච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් ඔරලෝසුවේ වේලාව වෙනස් කරලා ආයේ ආයේ ආයේ සමරන්න බැරිය

    Man hithuwe track pakayala inne lankawe witharai kiyala. balan giyama loke purama innawa track HTTP la.
    පිස්සුද බන් මේක නියම ආතල් වැඩක්නෙ සල්ලි තියෙනවනන්.
    ලංකාවෙ වගේ new year eve, Christmas eve කියන එකේ ආතල් ඒක තේරෙන් නැති උන්ට මේකත් තේරුම් ගන්න බෑ.
    ලංකාවෙ උන් දන්නෙ පලවෙනිදට හට්ටියක කිරි ටිකක් උතුරනව බලල අවුරුද්දම සුභ වෙයි කියල මෝඩ ආතල් ගනන් තමයි.