කාවින්දි ද පිනාද වැඩිය හොද?

කාවින්දි ද පිනාද

  • ප්‍රන්සිපල් ගේ වැරදි වලට වඩා සියදිවි නසා ගැනීම වරදකි....

    Votes: 27 75.0%
  • ප්‍රින්සිපල් ට උපරිම දඩුවම් දෙමු කාවින්දි අත වරදක් නැත...

    Votes: 9 25.0%

  • Total voters
    36
Mar 5, 2014
20
2
0
කාවින්දි ද පිනාද වැඩිය හොද?

මචන් අර කාවින්දිගෙ සීන් එක ගැන කට්ටිය මතය පොඩ්ඩක් බලන්න ඕනෙ. මෙඩියා කාරයො දැන් පිනාව අල්ලගෙන ඌව පතුරු ගහනවා. මම කියන්නේ නෑ පිනා සුදන කියල. නමුත් සියදිවි නසා ගන්නව කියන්නේ මොනම හේතු යටතෙවත් අනුමත කරන්න බෑ. අනික සිය දිවි නසා ගත්ත කෙල්ල වීරයා කරල පිනාව දුශ්ටයා කරන මීඩියා කාරයන්ගෙ ප්‍රොමොශන් එක හින්ද දැන් බෙල්ලෙ වැල දාගන්න එක ට්‍රෙන්ඩ් එකක් වෙලා.(හැබයි පිනාගෙ ගුටිකන මූන දැක්කම ඌට පක්ශව කතා කරන්න හිතෙන්නේ නෑ අප්පා)
 
  • Like
Reactions: maxboysl
  • Feb 19, 2014
    130
    19
    18

    මම නම් කියන්නෙ ඔතන සෑහෙන කොට්ටාසයක් වැරදියි....ඉස්සර වෙලාම බලමු වෙනුශා ගැන... එයා වැරැද්දක් කලා නම් දඩුවමක් විදින්න ඕන... නමුත් විදින දඩුවම ගැන උපේක්ෂාවෙන් හිතන්න ඕන...මම වැරැද්දක් කල නිසා නේ මට බැන්නෙ කියලා ( හැබැයි මෙතන ප්‍රින්සිපල් ගේ කතා විලාශය වැරදියි ) වෙනූෂා ට එල්ලිලා මැරෙන්න තරම් හයියක් තිබ්බා නම් සහ ඊලඟ තප්පරේ හුස්ම හිරවෙලා මැරෙනවා කියලා දැන දැනත් එල්ලෙන්නට තරම් හයියක් තිබ්බා නම් වේසි තියා මොනවා කියලා බැන්නත් ඊට වඩා හයියක් තියෙන්න ඕන ඉවසන්න...සහ අනෙක් අය වෙනුවෙන් ජීවත් වෙන්න.....

    කතා අංක දෙක

    වැඩිහිටියෙක් දරුවෙක්ට ( හෝ කවර පුද්ගලයෙකුට හෝ වේවා ) දඬුවම් කරනවා නම් ලමා මනස කියන දේ දැනගෙන දඩුවම් කරන්න ඕන...දන්ඩ නීති සංග්‍රහයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති මාලාවෙ වගන්තියකින් පැහැදිලිවම කියලා තියෙනවා ලමයින්ගේ මානසික ආතතිය සහ ඔවුන්ගේ මනස විකුර්ති වන ආකාරයේ දඩුවන් දීම සම්පූර්ණයෙන්ම වැරැද්දක් සහ දඩුවම් ලැබිය හැකි වරදක් කියලා.. ( මතක නැහැ නීති සංග්‍රහයේ වගන්ති අංකය 28 වගේ තමා මතක..) මෙතනදි ප්‍රින්සිපල් සම්පූර්නයෙන්ම වැරදියි...ලැබෙන ආරංචි වලට අනුව ප්‍රින්සිපල් රැස්වීමකදි වේසි කියලා බැන්නා කියලා සඳහන් වෙන්නෙ...ඒ අවස්ථාවෙදි ලමයෙක් නොවේ වැඩිහිටියෙක් පවා කම්පනයකට පත් වෙන්න පුළුවන්...හිතන්න ඔබේ විදුහල් පති තුමා ඔබට කුනුහර්පෙන් බැන්නොත් දැන් අනිවා විදුහල් පති කම පැත්තක තියලා නෙලනවා හොම්බට දෙකක් සුවර්...ඒත් වෙනූෂා එතනදි අසරන වුනා...විදුහල් පති නිසා ඇය එම කම්පනය දරාගෙන සිටියා...වෙනූෂා ගේ පන්ති භාර ගුරුවරිය ගෙ අතෙත් වැරෙඇද්දක් තියෙනවා...ලමයෙක් පාසලට පැමිනීමෙන් පසු එම ලමයාගෙ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ පන්ති භාර ගුරුවරයාට...ඔහු / ඇය වෙනූෂා වෙනුවෙන් පෙනි සිටිය යුතුමයි.....එසේ පෙනි සිටියාද යන්න ගැටළුවක්...

    කතා අංක තුන....

    වෙනුෂාගේ දෙමව්පියනුත් මේ මරණයට වගකිව යුතුයි....දරුවන් ගැන 100% වගකීම තියෙන්නෙ දෙමව්පියන් ගාව....ඔවුන් පාසල් ගිහින් කරන්නෙ මොනවද වෙන්නෙ මොනවද කියලා හොයලා බලන්න ඕන නිතරම....ලමයින්ගේ ගැටළුවලට දෙමව්පියන් මැදිහත් වෙන්න ඕන....ඔබට හිතෙන්න පුළුවන් විදුහල් පති කුනුහර්පෙන් බැන්නා කියලා අම්මලා මොනවා කරන්නද කියලා...ඒත් ලමයින් පාසල් යවා අධ්‍යාපනය දුන් පමනින් මව් පියන්ගේ යුතුකම් ඉවර වෙන්නෙ නෑ..අධ‍යාපනය සමඟින් ලමයින්ගේ සියළු පෝෂන කටයුතු දෙමව්පියන් විසින් සිදු කල යුතුමයි...එතනදි කායික පෝශනය පමනක් නොව මානසික පෝශනය සහ අධ්‍යාත්මික පෝෂනය පවා නිසි ආකාරයට ලබා දිය යුතුයි...

    ලමයින්ගේ සුළු වෙනසක් පවා හොඳින් අධ්‍යනය කොට විමසා බැලීම දෙමව්පියන් විසින් කල යුත්තක්...සමහර විට දෙමව්පියන් වෙනූෂා සමඟ ලඟින්ම සිටියා නම් මේ කතාව මෙහෙම නොලියවෙන්නත් වෙනූෂා අදටත් ජීවතුන් අතර සිටින්නටත් ඉඩ තිබුනා....වැරදි දාමයක ප්‍රතිපලය වුනේ තවත් එක ජීවිතයක් අහිමි වීම සහ එම පවුලට කැලළක් ඉතිරි වීම....

    කතා අංක 4 -

    මාධ්‍ය මේ වෙනුවෙන් ලබා දුන් ප්‍රසිද්ධිය සම්පූර්නයෙන්ම වැරදි සහගතයි කියලා මගේ හැඟීම....යමක් කමක් හොඳ නරක තේරුම් ගන්නට බැරි ලමයින්ට වෙනූශා වීරයෙක් වගේ පෙනෙන්න පුළුවන් මේ මාධ්‍ය නිසා...ඔවුන් වෙනූෂාගේ අඩි පාරේ යන්නත් පෙලඹෙන්න තිබුනා.....

    නමුත් අවසානයේ වෙනූෂා ජීවිතෙන් සමුගත්තා....
     
    Mar 5, 2014
    20
    2
    0
    හිතුමතේ ජීවිතේ;16353069 said:

    true story
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Damith Kethaka: Face book

    කොල්ලො කෙල්ලෝ පිනාට එරෙහිව නැගී හිටිනවා නම්, පිනාලගේ ගොන් පාට් නිසා ළමයි දිවි නහ ගන්නව නම්, ඒකෙන් කියන්න තියෙන්නෙ මේ සමස්ථ අධ්‍යාපන ක්‍රමයම කුණු වෙලා පල් ගඳ ගහනව කියන එක මිසක් වෙන අහවල් එකක් වත් නෙමෙයි.. පරම්පරාවන් උනුන් කෙරෙහි ද්වේෂයෙන් පසුවෙනවා.. ඒකට හේතුව පස්සෙ ආපු පරම්පරාව නෙමෙයි.. ඉස්සෙල්ලා හිටපු පරම්පරාව... උන්ට උවමනා නෑ අලුත් පරම්පරාව තේරුම් ගන්න.. අප්ඩේට් වෙන්න..

    අද කාලේ කොල්ලො කෙල්ලො ගස් බැඳලා දිමි ගොටු ඇඟට දැම්මත්, දණ පොල් කටු ලේ ගලන්න වැල්ලෙ දණ ගස්සලා තිබ්බත්, පිටේ රැලි පාලම් යන්න වේවැල් පාර දුන්නත් "අනේ අපේ ගුරුදේව ඉස්කෝල මහත්තයා නේද...?.. අපේ ඇස් පාදන මයෙ උම්මා නේද ..? " කියලා මී හරක් වගේ ඔලුව පාත් කරගෙන ඉන්න සූදානම් නෑ.. ඒක නාකි මොටාලට තේරුම් ගන්න බැරි මානසික තත්වයක්.. අද කාලේ පරම්පරාවල් කැමති නෑ වැඩිහිටි පරම්පරාවල් එක්ක අම්බානක දුරක් පවත්ව ගන්න.. උන්ට ඕන උන්ටත් මනුස්ස කමට සලකනවා දකින්න... උන්ව තම්බන්න ඇට්ට කුණාලාගේ ලුණු ගොරකා මදි තව දුරටත්.. උන් දන්නවා මිනිස්සුන්ගෙන් බදු අරගෙන ආණ්ඩුවෙන් පඩි ගෙවලා කරන රස්සාවල , තමුන්ව හිතු හැටියට තලන්න, පෙලන්න සින්නක්කර අයිතිය දෙන්න තරම් අමුතු ආනුභාවයක් නෑ කියලා... උන්ට සලකන විදියට සියට සීයක් සමානව තමයි උනුත් අනිත් පැත්තට සලකන්නෙ.. උන්ගෙන් ගේම කෝල් කලොත්, උනුත් අනිත් පැත්තට ගේම... උන්ට ලව් කලොත් උනුත් අනිත් පැත්තට ලව්...

    ඉස්කෝල කියන්නෙ ඒවයේ රස්සාවල් කරන්න එන උන්ට ඕන එකක් කරගන්න සින්නක්කරේට ලියල දීපු පුද්ගලික බූදලයක් කියලා හිතපු යුගය ගියා...
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    යකෝ අපි බොසාගෙන් අහපු බැනුම් කාපු ගුටි වල හැටියට අපේ බැජ් එකම එල්ලෙන්න ඕන :D :D :D :D :D.මුන් තනිකරම ප්‍රශ්න වලින් පැනල යන ජිවිතේ වටිනා කමක් දන්නේ නැති ජාතියක්... :D
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මේ වගේ දෙයක් ඇමරිකාව වගේ රටක සිද්ද වෙලා තිබ්බොත් වෙන්දේ බලාගන්න තිබ්බා. බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක එකට ඉඳන් ෆොටෝ එකක් අල්ලලා ෆේස් බුක් එකේ දාන එක වරදක් නෙවෙයි.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    හිතුමතේ ජීවිතේ;16353069 said:

    මම නම් කියන්නෙ ඔතන සෑහෙන කොට්ටාසයක් වැරදියි....ඉස්සර වෙලාම බලමු වෙනුශා ගැන... එයා වැරැද්දක් කලා නම් දඩුවමක් විදින්න ඕන... නමුත් විදින දඩුවම ගැන උපේක්ෂාවෙන් හිතන්න ඕන...මම වැරැද්දක් කල නිසා නේ මට බැන්නෙ කියලා ( හැබැයි මෙතන ප්‍රින්සිපල් ගේ කතා විලාශය වැරදියි ) වෙනූෂා ට එල්ලිලා මැරෙන්න තරම් හයියක් තිබ්බා නම් සහ ඊලඟ තප්පරේ හුස්ම හිරවෙලා මැරෙනවා කියලා දැන දැනත් එල්ලෙන්නට තරම් හයියක් තිබ්බා නම් වේසි තියා මොනවා කියලා බැන්නත් ඊට වඩා හයියක් තියෙන්න ඕන ඉවසන්න...සහ අනෙක් අය වෙනුවෙන් ජීවත් වෙන්න.....

    කතා අංක දෙක

    වැඩිහිටියෙක් දරුවෙක්ට ( හෝ කවර පුද්ගලයෙකුට හෝ වේවා ) දඬුවම් කරනවා නම් ලමා මනස කියන දේ දැනගෙන දඩුවම් කරන්න ඕන...දන්ඩ නීති සංග්‍රහයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති මාලාවෙ වගන්තියකින් පැහැදිලිවම කියලා තියෙනවා ලමයින්ගේ මානසික ආතතිය සහ ඔවුන්ගේ මනස විකුර්ති වන ආකාරයේ දඩුවන් දීම සම්පූර්ණයෙන්ම වැරැද්දක් සහ දඩුවම් ලැබිය හැකි වරදක් කියලා.. ( මතක නැහැ නීති සංග්‍රහයේ වගන්ති අංකය 28 වගේ තමා මතක..) මෙතනදි ප්‍රින්සිපල් සම්පූර්නයෙන්ම වැරදියි...ලැබෙන ආරංචි වලට අනුව ප්‍රින්සිපල් රැස්වීමකදි වේසි කියලා බැන්නා කියලා සඳහන් වෙන්නෙ...ඒ අවස්ථාවෙදි ලමයෙක් නොවේ වැඩිහිටියෙක් පවා කම්පනයකට පත් වෙන්න පුළුවන්...හිතන්න ඔබේ විදුහල් පති තුමා ඔබට කුනුහර්පෙන් බැන්නොත් දැන් අනිවා විදුහල් පති කම පැත්තක තියලා නෙලනවා හොම්බට දෙකක් සුවර්...ඒත් වෙනූෂා එතනදි අසරන වුනා...විදුහල් පති නිසා ඇය එම කම්පනය දරාගෙන සිටියා...වෙනූෂා ගේ පන්ති භාර ගුරුවරිය ගෙ අතෙත් වැරෙඇද්දක් තියෙනවා...ලමයෙක් පාසලට පැමිනීමෙන් පසු එම ලමයාගෙ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ පන්ති භාර ගුරුවරයාට...ඔහු / ඇය වෙනූෂා වෙනුවෙන් පෙනි සිටිය යුතුමයි.....එසේ පෙනි සිටියාද යන්න ගැටළුවක්...

    කතා අංක තුන....

    වෙනුෂාගේ දෙමව්පියනුත් මේ මරණයට වගකිව යුතුයි....දරුවන් ගැන 100% වගකීම තියෙන්නෙ දෙමව්පියන් ගාව....ඔවුන් පාසල් ගිහින් කරන්නෙ මොනවද වෙන්නෙ මොනවද කියලා හොයලා බලන්න ඕන නිතරම....ලමයින්ගේ ගැටළුවලට දෙමව්පියන් මැදිහත් වෙන්න ඕන....ඔබට හිතෙන්න පුළුවන් විදුහල් පති කුනුහර්පෙන් බැන්නා කියලා අම්මලා මොනවා කරන්නද කියලා...ඒත් ලමයින් පාසල් යවා අධ්‍යාපනය දුන් පමනින් මව් පියන්ගේ යුතුකම් ඉවර වෙන්නෙ නෑ..අධ‍යාපනය සමඟින් ලමයින්ගේ සියළු පෝෂන කටයුතු දෙමව්පියන් විසින් සිදු කල යුතුමයි...එතනදි කායික පෝශනය පමනක් නොව මානසික පෝශනය සහ අධ්‍යාත්මික පෝෂනය පවා නිසි ආකාරයට ලබා දිය යුතුයි...

    ලමයින්ගේ සුළු වෙනසක් පවා හොඳින් අධ්‍යනය කොට විමසා බැලීම දෙමව්පියන් විසින් කල යුත්තක්...සමහර විට දෙමව්පියන් වෙනූෂා සමඟ ලඟින්ම සිටියා නම් මේ කතාව මෙහෙම නොලියවෙන්නත් වෙනූෂා අදටත් ජීවතුන් අතර සිටින්නටත් ඉඩ තිබුනා....වැරදි දාමයක ප්‍රතිපලය වුනේ තවත් එක ජීවිතයක් අහිමි වීම සහ එම පවුලට කැලළක් ඉතිරි වීම....

    කතා අංක 4 -

    මාධ්‍ය මේ වෙනුවෙන් ලබා දුන් ප්‍රසිද්ධිය සම්පූර්නයෙන්ම වැරදි සහගතයි කියලා මගේ හැඟීම....යමක් කමක් හොඳ නරක තේරුම් ගන්නට බැරි ලමයින්ට වෙනූශා වීරයෙක් වගේ පෙනෙන්න පුළුවන් මේ මාධ්‍ය නිසා...ඔවුන් වෙනූෂාගේ අඩි පාරේ යන්නත් පෙලඹෙන්න තිබුනා.....

    නමුත් අවසානයේ වෙනූෂා ජීවිතෙන් සමුගත්තා....
    SAMPURNA ATHTHA
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මොනම හේතුවක් නිසාවත් දිවිනසා ගැනීමක් සම්බන්ධයෙන් නොකළ යුතු දේවල් තමයි,
    1. දිවිනසා ගත් කෙනාට වීරත්වයක් ආරෝපණය කිරීම
    2. පළිගැනීම ඉලක්ක කර ඇති විට අදාළ පුද්ගලයා/ආයතනය/පිරිසට දෝෂාරෝපණය කිරීම
    3. විචිත්‍ර අන්දමින් ප්‍රචාරය ලබා දීම (උදා- ඡායාරූප, පෝස්ටර්, බැනර් ආදිය සහිතව ප්‍රචාරය කිරීම.)

    නමුත් මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය මේ සියළු දේ කරල තියනවා. ප්‍රින්සිපල් හරි හෝ වැරදි වේවා ඔහුට ප්‍රසිද්ධියේ බැණ වැදීම/පතුරු ගැසීම වැරදියි. ඒකෙන් සිද්ධ වෙන්නේ පළිගැනීම සඳහා කරන දිවිනසා ගැනීම් වලට උල්පන්දන් දීමක්.

    ඊළඟට ප්‍රින්සිපල් ගැන හරි මතයක් කියන්න සුදුසු වෙන්නේ දෙමව්පියන් මිසක් කොහෙද යන facebook අනාතයෝ නෙවෙයි. දෙමව්පියන් කියන දේවලින් පැහැදිළියි ඔහු විනය අන්තිමටම පිරිහිල තිබ්බ තැනක් හදල ගත්ත කියන එක.