කාශ්මීර අර්බුධය

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    කාශ්මීර අර්බුධය

    ඉන්දීය හමුදා කාශ්මීරයේ සිදුකරන මෙහෙයුම්වලදී බරමුල්ලා හිදී එක් අයකු මිය ගොස් අයකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
    දේශසීමා ආරක්ෂක හමුදා කඳවුරකට පාකිස්තානයේ පිරිස් ප්‍රහාරය එල්ල කර ඇති අතර පැය දෙකක් පුරා වෙඩි හුවමාරු කරගැනීම් සිදුවූ බව ද කියති.
    පැය දෙකක වෙඩි හුවමාරුවෙන් පසු ඉන්දීය හමුදා ශ්‍රීනගර් සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටි බරමුල්ලා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කළ බව වාර්තාවේ.
    මේ අතර පසුගිය සතියේ ඉන්දියාව පාකිස්තාන දේශසීමාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු දේශ සීමාව ඉක්මවා ගිය ඉන්දීය සෙබළකු පාකිස්තානය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී. එම සෙබළා මේ වනවිට පාකිස්තානයේ රඳවාගෙන ඇති අතර ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කළේ එම සෙබළා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.

    -ලංකාදීප