මම 2011 ඉදන් තමයි Time Traveling ගැන හොයන්නේ,ඉතින් ඒ නිසා මටත් හිතුනා එළකිරි එකේ මේ ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්න..

මම දැන් කියන්නේ යන්නේ මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් [මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ!]කරවූ ඩී.වී.ඩී තැටි පෙළක් වන Stephen Hawking`s Universe – Trio of DVDs හි එතුමන්ගේ මේ කාළ තරණ න්‍යායන් සම්බන්ධ ඉතාම වටිනා විග්‍රහය පිලිබදවයි!මේක ඩිස්කවරි චැනල් එකෙත් ගියා.පුලුවන්නම් මේක අන්තර් ජංජාලෙන් හොයාගෙන බලන්න..
Stephen Hawking
ඔන්න එහෙනම්,
මගේ නම ස්ටීවන් හොව්කින්ග්. භෞතික විද්‍යාඥයෙක්, අභ්‍යාවකාශ විද්‍යාඥයෙක්, ඒ වගේම එක්තරා විදිහකට හීන දකින්නෙක්….කාල තරණය කළ හැක්කක්ද? අපට අතීතයට දොරටුවක් විවර කළ හැකිද?..එහෙමත් නැත්නම් අනාගතයට යන්නට කෙටි මාවතක් සොයා ගන්නට පුළුවන් වේවිද?..අපට සොබාදහමේ නීති යොදාගෙන, කාළයේ පවා ස්වාමීන් වන්නට හැකියාව තිබෙනවද?…” මෙවැනි ලොකු ප්‍රශ්ණ මට අහන්න නිදහස් මනසක් තිබෙනවා….
එක්තරා කාළයකදී, මේ කාළ තරණය කියන විද්‍යාත්මක ප්‍රවාදයක්, නැත්නම් හුදු ප්‍රබන්ධයක් පමණක් වෙලා තිබුණා…ඒ කාළයේ තිබුණු මතවාද සහ අල්ප දියුණුව නිසාම මම, පිස්සෙකු ලෙස හඳුන්වනු ලැබීමෙන් වැළකීමට ඒ ගැන වැඩි යමක් කථා කළේ නෑ…නමුත් මේ කාළයේදී නම් මම ඒ ගැන එතරම් පරිස්සම් වෙන්නේ නෑ…මම “කාළය” නැමති සංකල්පයට ඇබ්බැහි වෙලා ඉන්නේ…මට කාළ තරණ යන්ත්‍රයක් එහෙම තිබුණා නම්, මම ගැලීලියෝ තම දුරේක්ෂය අහස දෙසට හරවද්දී ඔහු හමුවට යනවා…ඇතැම් විට මම විශ්වයේ අවසානය තෙක්ම යන්න තිබුණා, අපේ අභ්‍යාවකාශ කතන්දරය අවසන් වන අයුරු බලාගෙන එන්න…
මේක කළ හැක්කක් වන්නේ කොහොමදැයි නිර්ණය කරන්නට අපිට සිදුවෙනවා “කාළය” දෙස භෞතික විද්‍යාඥයන් බලන විදිහට බලන්න…එනම් කාළය යනු “සතරවැනි මාණයයි” ( Fourth Dimension) යන න්‍යායෙන් බලන්න අපිට සිද්ද වෙනවා…ඒක ඔය ඇහෙන තරම් අමාරු දෙයක් නෙමෙයි…ඉස්කෝලෙ නිසි පරිදි යන සෑම ඉස්කෝලෙ ළමයෙකුම දන්නා දෙයක් තමයි, භෞතික වස්තුවක් මාණයක් තුනක, නොහොත් “ත්‍රිමාණව” පැවතීම…මම මේ මගේ පුටුවේත් මානයන් තුනක ඉඳගෙන ඉන්නවා…හැම දෙයක් සතුවම, දිගක්, පළලක් වගේම උසකුත් තියෙනවා…
නමුත්, තව වර්ගයක දිගක් තිබෙනවා…මේ “දිග” යනු “කාළයේ දිගයි”…මිනිසෙකුට ජීවත් වී ගත හැක්කේ අවුරුදු 80 ක් වුණාට, ශිලාස්ථම්භයන්ගේ ගල් කණු අවම වශයෙන් අවුරුදු දහස් ගණනක් පවතිනවා…සෞර ග්‍රහ මණ්ඩලය වසර බිලියන ගණනක් පවතිනවා..හැම දෙයක් සතුවම කාළයේ සහ අවකාශයේ දිගක් තිබෙනවා…කාළය හරහා ගමන් කරනවා කියන්නේ “මෙන්න මේ හතර වැනි මානය” හරහා ගමන් කරනවා කියන එකයි..

මෙහි අර්ථය කුමක්දැයි සළකා බැලීම සඳහා, අපි හිතින් මවා ගමු, අපි දිනපතා කාර් එකකින් ගමනා ගමනයේ යෙදෙනවා කියලා…එක සරල රේඛාවක රථය පැදෙව්වොත් ඔබ චලනය වන්නේ එක මාණයක ( Mono Dimensional Drive ) පමණයි…වමට හෝ දකුණට හැරෙව්වොත්, එය ද්වි-මාණ වෙනවා ( Two Dimensional)…වංගු සහිත කඳු පාරක ඉහළට රිය පැදෙව්වොත් එයට “උච්ඡය / උන්නතාංශ මානය ( උස ) ” එකතු වී, එය ත්‍රිමාණ ( Three Dimensional Drive ) රිය පැදවීමක් වෙනවා…
නමුත් කොහොමද අපි කාළ මාණය හරහා යන්නේ? අපි සිවුවැනි මානය හරහා මඟක් සොයා ගන්නේ කොහොමද?
අපි සුළු මොහොතකට විද්‍යා ප්‍රබන්ධයකට ඉඩ දෙමුකෝ…හුඟක් කාළ තරණ චිත්‍රපටි වල, විශාල ශක්තියක් වැය වන, ශක්ති කුසගින්න සහිත යන්ත්‍ර තමයි දක්වන්නේ….ඒ යන්ත්‍ර කාළය හරහා මඟක් හදනවා…ඒක කාළය හරහා “උමඟක්” කිව්වොත් වඩා නිවැරදියි…ඔන්න කාළ තරණය කරන්නෙකුත් ඉන්නවා…නිර්භීත, රැවටිය නොහැකි, ඕනෑම දේකට මුහුණ දෙන්න සූදානම් කෙනෙක්…ඔහු මේ “කාළ උමඟට” පය තබා, තමන් නොදන්නා කාළයකින් මතු වෙනවා…මෙම සංකල්පය හුඟක් ඈතකදි සිදුවන්නක් වෙන්න පුළුවන්, ඒ වගේම යථාර්තය මීට වඩා බොහොම වෙනස් වෙන්න පුළුවන්, නමුත් මේ අදහස නම් එතරම් විකාර රූපී අදහසක් නෙමෙයි…

භෞතික විද්‍යාඥයනුත් කාළය හරහා පවතින උමං ගැන කල්පනා කර බැලුවා, නමුත් අපි ඒකට එන්නේ වෙනත්ම කෝණයකින්. අපි කල්පනා කරන්නේ අනාගතයට හෝ අතීතයට යන දොරටු, සොබා දහමේ නීති වලට අනුව ඇත්තටම පවතින්න පුළුවන්ද කියන කාරණය..වෙන මොනවද ඉතින්, අපි එහෙම දොරටු වලට නමකුත් දී තිබෙනවා “පණු ගුල්” කියලා…
( Worm Holes of Time ) ඇත්තම කිව්වොත් මේ පණුගුල් අපි වටා තිබෙනවා. නමුත් ඒවා දකින්න බැරි තරම් ක්ෂුද්රයි.. මේවා පවතින්නේ කාළයේ “සිදුරු” සහ “මුලු” වල..මේ සංකල්පය ඔබට තරමක් අසීරු වෙයි අවබෝධ කරගන්න…නමුත් මා එක්ක රැඳී ඉන්න…
( ..”පණුගුල්” යනුවෙන් හැඳින්වෙන්නේ කාළයේ ස්ථාන දෙකක් යා කරන, ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයෙහි පෙර දකින ලද, සෛද්ධාන්තික උමං මාර්ගයකි…එසේ නැති නම් කාළය හරහා ඇති කෙටි මාර්ගයකි..මෙහි සෘණ ශක්ති අවස්ථාව අවකාශය සහ කාළය උමඟෙහි විවරයට අදිනු ලබන අතර, ඒවා වෙනත් විශ්වයකින් මතු වේ..මෙවැනි තත්වයන් කල්පිතයන්ට පමණක් සීමා වී ඇති අතර, කිසිවෙකුත් කෙදිනකවත් මේවා දැක නැත…
නමුත් චිත්‍රපට ගණනාවක මෙවැනි දේ හුවා දක්වා තිබේ…)කිසිවක් සමපෘෂ්ඨීය හෝ ඝනීභූත නැත…ඔබ හොඳින් බලයි නම්, ඒවා සියල්ලේම රැළි සහ හිල් දක්නට ලැබෙනු ඇත…මෙයම කාළය සම්බන්ධවද අදාළය..පූල් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා බෝලයක් වැනි සුමට දෙයකද, ඉතාම කුඩා රැළි, පළුදු සහ හිල් ඇත…පළමු ත්‍රිමාණ සම්බන්ධයෙන් නම් මෙය සත්‍යයක් බව පෙන්වා දෙන්න පුළුවන්..නමුත් මාව විශ්වාස කරන්න, මෙයම කාළ මාණය හෙවත් සිවුවැනි මාණය සම්බන්ධවද අදාළයි…ඉතාම කුඩා පළුදු, පරතර සහ හිල් කාළයේත් තියෙනවා…ඒවා අතිශයින්ම කුඩා ඒවා වන අතර, ක්ෂුද්‍ර අණු වලටත් වඩා කුඩායි..කුඩාම අණු වලටත්, පරමාණු වලටත් වඩා පහළට යන විට අපි එනවා “ක්වන්ටම් පෙණ” නම් තත්වයට…මේ කාළ පණුගුල් තියෙන්නේ එතනයි…කාළය සහ අවකාශය හරහා කුඩා උමං මාර්ග සහ කෙටි පාරවල් නිරතුරුවම ඇති වීම, නැති වීම සහ යළිත් ඇති වීම තමයි මේ ක්වන්ටම් ලෝකය තුළ දිගටම සිදු වෙනවා…
ඇත්ත වශයෙන්ම මේවා, වෙනස් ස්ථානයන් දෙකක් සහ වෙන් වෙන්ම කාළ දෙකක් එකට යා කරනවා…

අවාසනාවකට, මේ සැබෑ ලොවෙහි කාළ උමං, සෙන්ටිමීටරයකින් බිලියන- ට්‍රිලියන -ට්‍රිලියනයකින් එකක් තරම් ක්ෂුද්රයි…මිනිසෙකුට හෝ වෙනත් කිසිවකට ඒ හරහා ගමන් කළ නොහැකි තරමටම ක්ෂුද්රයි…සමහර විද්‍යාඥයන් සිතනවා, මෙයින් එක පණු ගුලක් අල්ලා ගෙන,
එය ට්‍රිලියන ගුණයකින් විශාල කළොත් මිනිහෙකුට හෝ අභ්‍යාවකාශ යානයකටමේ තුළට පිවිසිය හැකි අයුරකින් සකස් කරන්නට ලැබේවි කියලා..
අවශ්‍ය තරම් බලය සහ අධි තාක්ෂණය දුන්නොත්, ඇතැම් විටක යෝධ පණු ගුලක් අවකාශයේ තනා ගන්න පුළුවන් වේවි…මම කියන්නේ නෑ එහෙම කරන්න අනිවාර්යෙන්ම පුළුවන් වෙයි කියන එක…නමුත් කළ හැකි වෙන්නත් ඉඩ තියෙනවා..හැබැයි යම් දිනක එවැන්නක් හැදුණොත් එය ඉතාම ආශ්චර්යමත් දෙයක් වේවි..එහි එක කොණක් පෘතුවිය අසළත්, අනිත් කොණ ඉතාම දුර බැහැර ග්‍රහ ලොවක අසළත් තියෙන්න පුළුවන්..
සෛද්ධාන්තිකව, මේ කාළ උමං හෝ පණුගුල් වලට පුළුවන් අපිව වෙනත් ග්‍රහ ලෝක වලට ගෙන යනවාට වඩා හුඟක් දේ කරන්න…මේවායේ කොන් දෙකම තිබෙන්නේ එකම තැන නම්, “දුර” මත වෙන් නොවී, “කාළය” මත පමණක් වෙන්වෙලා නම් තියෙන්නේ, අභ්‍යාවකාශ යානයකට හැකි වෙයි මෙතුළට ගොස්, නැවත පෘතුවිය අසළින්ම මතු වෙන්න, නමුත්, බොහෝ ඈත අතීතයේ පෘතුවිය අසළින්…සමහරවිට ඩයිනෝසරයන්ට හැකියාව ලැබෙයි, එවැනි ගුවන් නැවක් බිමට බාන්න එන හැටි දැක ගන්න…

මිහිපිට මිනිසා විසින් තනපු වේගවත්ම යානය තමයි ඇපලෝ 10 රොකට්ටුව..එය පැයට සැතපුම් 25,000 ක වේගයක් ලබා ගත්තා..නමුත්, කාළය තරණය කළ යුතු නම්, අපි ඒ වගේ 2000 ගුණයක වේගයක් ලබා ගත යුතුයි, අවම වශයෙන්…

දැන් මට තේරුම් යනවා, මේ චතුර්-මාණ චින්තනය කියන එක එතරම් පහසු දෙයක් නොවේය කියලා..ඒ වගේම මේ “පණුගුල්” කියන එකත් ඔබේ ඔලුවට දා ගන්න ඉතාම අපහසු සංකල්පයක්, නමුත් රැඳී ඉන්න දිගටම. මම හිතා ගත්තා ඉතාම සරල පරීක්ෂණයක්, මේ මිනිස් කාළ තරණය කළ හැකි දෙයක්ද, අනාගතයේ වත් කියන එක නිර්ණය කරන්න…මම කැමතියි සරල පරීක්ෂණ වලට....
දැන්, අපි හිතමුකෝ මම සාදයක් පවත්වනවා, අනාගතයේ සිට එන කාළ තීර්ථ යාත්‍රිකයන්ව පිළිගන්න…නමුත්, පොඩි දෙයක් තියෙනවා…මම මේ මොහොතේ ඉන්න කිසිම කෙනෙකුට මේ ගැන කියන්නේ නෑ, සාදය අවසන් වන තුරුම…!!( වර්ථමානයේ ඉන්න කිසි කෙනෙකුට ඇරයුම් කරන්නේ නෑ…සාධ වේලාව අවසන් වන තුරුම මේ ගැන කියන්නෙත් නෑ කාටවත්ම..) .. මම හැදුවා ආරාධනා පත්‍රයක්, කාළයේ සහ ස්ථානයේ ප්‍රශස්ථ ඛණ්ඩාංක භාවිතා කරලා…( අනාගතයෙන් එන්න ඉන්න කාළ යාත්‍රිකයෙකුට සාදය පැවැත්වෙන තැන සහ නියම අතීත වෙලාව සොයා ගන්න…)
මම ප්‍රාර්ථනා කරමින් ඉන්නේ, ඒ ආරාධනා පත්‍රයේ පිටපත්, මොන විදියකින් හෝ වසර දහස් ගණනක් සුරැකිව තිබේවි කියලා…අනාගතයේ යම් කිසි දවසක ජීවත් වෙන කෙනෙක් ඒ මගේ ආරාධනාව ගැන තොරතුරු සොයාගෙන, “පණුගුල් කාළ යන්ත්‍රයක්” ( Worm Hole Time Machine ) හරහා, මගේ සාදයට පැමිණිලා, ඔප්පු කරයි අනාගතයේ හෝ කාළ තරණය “කළ හැකි දෙයක්” බව….( මහාචාර්ය හෝකින්ග් තම සිසු, සිසුවියන්ට මෙය කීවා පමණක් නොව, ඒ සඳහා සාද මේසයක් ද සූදානම් කර තැබුවේය…)
ඔය අතරේ, මගේ කාළ යාත්‍රික ආරාධිත අමුත්තන් දැන් ඕනෑම මොහොතක මෙතනට සැපත් වේවි…
( සාදය ඇරඹීමට නියමිත වේලාවට තව ඇත්තේ තප්පර පහකි…මහාචාර්ය හෝකින්ග් අවරෝහණ ගණනය කරයි…) පහයි…හතරයි…තුනයි…දෙකයි…එකයි….”ටිං”
( ඔරලෝසුවේ කටුව සාදය ඇරඹෙන මොහොත වැදී, එය පසු කර යයි…)
කවුරුත් ආවේ නෑනේ…හරිම සවුත්තුව…අපරාදේ මේ සූදානම් කරපු කෑම…මම නම් ප්‍රාර්ථනා කරේ අනාගතයේ ඉඳලා ලෝක රූ රැජිණක් අර දොරෙන් දැන්, දැන් මතු වේවි කියලා…කෝ..? කවුරුත් නෑනේ….
ඉතින් ඇයි මේ පරීක්ෂණය වැඩ කළේ නැත්තෙ..?..එක හේතුවක් වෙන්න ඇත්තේ, අතීතයට කාළ තරණය කිරීමේදී මතු වෙන, ඉතාම ප්‍රකට ප්‍රශ්ණයක්….අපි මේ ගැටළුවට කියනවා “ද්වෛධයන් ( Paradoxes) / විරෝධාභාස ගැටළුව” කියලා…( The Problem of “Paradoxes” )..
මේ පැරඩොක්සස් ගැන කථා කිරීම විනෝද ජනකයි…මේවායින් හුඟක්ම ජනප්‍රිය පැරඩොක්සයට කිව්වේ “ග්‍රෑන්ඩ් ෆාදර් පැරඩොක්සය” ( Grandfather Paradox) කියලා..මගේ ළඟ නම් දැන් තියෙනවා ඉතාම සරල පැරඩොක්ස කල්පිතයක්…මම ඒකට කියන්නේ ” උමතු විද්‍යාඥ ද්වෛධය” කියලා…( The Mad Scientist Paradox )
( ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්සය මෙබඳුය…කාළය හරහා යන්නෙකු තම සීයා මරා දමයි…එවිට කාළත්රයේ “නිමරු” ( Rifts in Time ) හෙවත් විභේදිත පැලුම් ඇතිවේ…එයින් වෙනම කාළ ගැලීමක් සිදුවේ…ඒ කියන්නේ ඔයා කාලේ හරහා ගියොත් ඔයාලගේ පවුලේ අය මැරෙන්න වගේ දේ වෙන්න පුළුවන්...අර FLASH එකෙත් එහෙම එකක් වෙන්නේ..
)
නොදන්නා මගුල මතුසම්බන්දයි!

2011 බ්ලොග් එකේ නව පියවරයි!
therumaknatha.wordpress.com
Last edited:
