කාෙරෝනා_අරමුදල

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කාෙරෝනා_අරමුදල

    fb-img-1584974986447.jpg


    කොරෝනා හෙවත් COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ අරමුදලක් ස්ථාපනය කරයි.
    එය “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” (COVID -19 Health Care and Social Security Fund) ලෙස නම් කර ඇත.
    ජනාධිපතිතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානය කර තිබේ.

    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ වෙනම විශේෂ ගිණුමක් මේ සඳහා ආරම්භ කර ඇත.
    ගිණුම් අංකය 85737373 වේ.
    දේශීය, විදේශීය පරිත්‍යාගශීලීනට සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට මුදලින් දායකවීමට පිළිවන. නිත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.
    “සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදල” කළමනාකරණය පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කරනු ඇත. අමාත්‍යංශ ලේකම්වරු, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විගණන විශේෂඥයන් සහ බැංකු ප්‍රධානීහූ කළමනාකරණ මණ්ඩලයට පත් කරනු ලැබෙති.
    ජාතිය මුහුණ පා සිටින වත්මන් අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් සහ සහෝදරත්වයෙන් එකට එක්ව ක්‍රියා කරන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටී.
    දේශීය, විදේශීය සමාගම්වලට ද අරමුදලට දායක වීමෙන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණය දිරි ගැන්වීමට හවුල් විය හැකි මානුෂීය මෙහෙවරකින් සමස්ථ ප්‍රජාව දෙස බැලීමට ලැබූණු විශේෂ අවස්ථාවක් ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විශ්වාස කරයි.

    විදේශ රාජ්‍යයන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශීය හා විදේශීය සමාගම් මෙහි පුරෝගාමීත්වය ගනු අතැයි අපේක්ෂා කෙරේ.
    2004 සුනාමි ව්‍යසනයේ දී මෙන්ම 2009 මානුෂික මෙහෙයුම් අවසානයේ දී අපේ රටේ සමස්ථ ජනතාව නැගී සිටියේ මෙවැනිම අයුරින් බව ඔහු ප්‍රකාශ කරයි.

    President Gotabaya Rajapaksa had set up a special fund to strengthen the mitigation activities aimed at controlling the spread of COVID-19 virus in the country and related social welfare programmes.
    The Fund is named “COVID – 19 Healthcare and Social Security Fund”.
    President Rajapaksa has instructed to donate Rs. 100 million from the President’s Fund for this purpose.
    A special account had been opened at the Corporate Branch of the Bank of Ceylon under the account number of 85737373.
    Local as well as foreign donors can make their financial contributions to the COVID – 19 Healthcare and Social Security Fund. Donations will be exempted from tax and foreign exchange regulations. Deposits could be made through cheques or telegraphic transfers.
    The management of the Healthcare and Social Security Fund will be entrusted with a highly qualified panel of professionals in the fields of administration, finance and banking sectors. The panel will comprise IGP, secretaries to the Ministries, Director General of Health, audit and banking experts.
    President requests everyone to work in unison and brotherhood in the wake of the present challenge before the nation.
    Secretary to the President Dr. P. B. Jayasundara hopes that this would be an opportunity for the local and foreign companies to make their contributions towards a humanitarian mission.
    It is expected that foreign States, international financial organizations and leading conglomerates in Sri Lanka as well as abroad will take a leading role.
    Dr. Jayasundara reminds that the people of this country rose again in the same manner in the aftermath of 2004 tsunami and at the end of the humanitarian operations in 2009.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හොඳ වැඩක් ...මේක බිලයන 100ක් දක්වා යෑමට වාසනාව ලැබේවා...!!!