කැටලෝනියාව_කොහෙද?

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කැටලෝනියාව_කොහෙද?

'කැටලෝනියා' කොහේද? මොනවද වෙන්නෙ?



_98272371_gettyimages-856648020.jpg


ලෝක සිතියමට අලුත් රාජ්‍යයක් එකතු වේද? නැද්ද? යන්න මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන හැඩගැසීම් දෙස අවධානය යොමු කරන විට මතු වෙන ප්‍රශ්නයකි. එවැනි ප්‍රශ්නයක් මතු වන්නේ ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමට කැටලෝනියා ස්වයංපාලිත බල ප්‍රදේශය ජනමත විමසුමක් මගින් තීන්දු කරනු ලැබීමත් සමගය. 'කැටලන්' නැත්නම් කැටලෝනියා පිහිටා තිබෙන්නේ ස්පාඤ්ඤ සිතියමේ නැගෙනහිර දෙසින් 'ඉබේරියානු' අර්ධද්වීපය තුළය. වර්ග කිලෝ මීටර් 32,108 ක විහිද යන 'කැටලන්' දේශය ස්පාඤ්ඤ භූමියෙන් හයෙන් එකකි.



'කැටලන්' ස්වයංපාලිත බල ප්‍රදේශය බාසිලෝනා, ශිරෝනා, ල්යේතා සහ ටැරගෝනා නම් පළාත් හතරකින් යුක්ත වෙයි. එහි ප්‍රාදේශීය අගනුවර බාසිලෝනා නගරයයි.කැටලෝනියාවේ එක් දේශ සීමාවක් වන්නේ ප්‍රංශයයි. අනිත් අතින් එය මධ්‍යධරණි සාගරයට මුහුණලා ඇත.


_98274690__98119245_catalonia_spain_640-nc.png

අසූ ලක්ෂයකට ආසන්න ජනගහනයක් සහිත කැටලෝනියාව ස්පාඤ්ඤයේ සමස්ත ජනගහනයෙන් 16% ක් නියෝජනය කරයි. එම ජනතාවගේ ප්‍රධාන ව්‍යවහාර භාෂා වන්නේ 'කැටලන්' සහ 'ස්පාඤ්ඤ' භාෂාවන්ය.
ආර්ථික ක්ෂේත්‍රයේ ස්පාඤ්ඤයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 19% ක් අයත් වන්නේ කැටලෝනියාවටයි.


නවීන මුහුණුවරින් ජාතියක් හැටියට හැඩ ගැසීමේ කැටලෝනියානු වෘත්තාන්තය මධ්‍යතන අවධිය තෙක් දිවෙන්නකි.තමන්ගේම ප්‍රදේශයක්,භාෂාවක් සහ දියුණු සංස්කෘතියක් සහිත 'කැටලන්' ප්‍රජාව ආර්ථික වශයෙන් ද ස්වයං පැවැත්මක් සහිත ජන කොටසකි . 1992 වසරේ ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළිය පවත්වන ලද්දේ ඔවුන්ගේ ප්‍රාදේශීය අගනුවර වන 'බාසිලෝනා' නගරයේය.



catolonia.png


සියවස් කීපයක් 'මැඩ්රිඩ්' පාලනයේ ඍජු අණසකට යටත් වූ කැටලෝනියාව තුළත් ස්පාඤ්ඤ භාෂාව සහ එරට නීතිරීති බල ගැන්වීම පිළිවෙළින් බලයට පත් ස්පාඤ්ඤ රජවරුන්ගේ ප්‍රයත්නය විය.එහෙත් 1931 දී ඔවුන්ගේ එම උත්සාහය අත් හරින ලද අතර, ඒ සමඟ කැටලෝනියානු ජාතික ආණ්ඩුව (Generalitat) යළි ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුණි. එම පරිපාලනය යටතේ කැටලෝනියාවේ ස්වයංපාලන බලතල උරුම කර ගනු ලැබීම තීන්දු වන්නේ 1975න් අනතුරු කාල පරිච්ඡේදය තුළයි. 'ෆ්රැන්කෝ' ගේ ආඥාදායක පාලනයෙන් අනතුරුව 1978 දී ස්පාඤ්ඤයේ නව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් ඡන්දය දුන් 'කැටලන්' දේශය 1979 දී ස්වයංපාලිත බල ප්‍රදේශයක් හැටියට පිළිගනු ලැබුණි.


_98274696_catallonia_language_640_sinhala_v2-nc.png


ස්පාඤ්ඤ යළිත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුල් වීමෙන් අනතුරුව 2006 වසරේ පවත්වන ලද ජනමත විමසුමක් මගින් 'කැටලෝනියා' ස්වයංපාලිත බල ප්‍රදේශය නෛතික මට්ටමින් තහවුරු කරනු ලැබුණි.එහෙත් ගතානුගතික මතධාරී ස්පාඤ්ඤ 'පොපියුලර්' පක්ෂයේ (Popular Party) බලවත් කණ්ඩායමක්, 2010 වසරේ දී ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කරමින්, 2006 ජනමත විමසුම මගින් අනුමැතිය ලද 'කැටලන්' ස්වයංපාලන බලතල අභියෝගයට ලක් කළහ.



2006 ජනමත විමසුම මගින් අනුමැතිය ලද කැටලෝනියානු ස්වයං අධිකරණ ක්‍රමය ,මූල්‍ය බලතල ,අලුත් දේශසීමා සළකුණු කිරීම, 'කැටලන්' භාෂාවට හිමි තැන සහ ජාතියක් හැටියට කැටලෝනියාව ප්‍රකාශයට පත් කරනු ලැබීම වැනි කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව විය. 2006 ජනමත විමසුමේ තීන්දුව අහෝසි කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව වුණේ 'ස්පාඤ්ඤය තුළ කැටලෝනියාව ජාතියක් හැටියට පිළිගැනීම සඳහා නෛතික පදනමක් නොමැත' යන්නයි. එම තීන්දුව කැටලෝනියානු ප්‍රජාව යළිත් 'නිදහස්' පාලනයක් කරා තල්ලු කිරීමට හේතු වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


_98274692_catallonia_gdp_640_sinhala-nc.png


මේ අතර ස්පාඤ්ඤය ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් ආර්ථිකය අතින් ශක්තිමත් බාසිලෝනා පළාතේ සම්පත් මගින් රටේ සෙසු දුප්පත් පළාත් නඩත්තු කළ යුතු තත්වයක් උද්ගත වූ අතර එම බර දැරීමට අකැමැති වීමත් සමඟ කැටලෝනියාවේ නිදහස සඳහා වන ඉල්ලීම යළිත් ඉස්මතු වන්නට විය.
එවැනි පසුබිමක් යටතේ 2014 වසරේ පැවැත්වූ ජනමත විචාරණයේ දී තිස් දෙලක්ෂයක් පමණ ඡන්දදායකයන්ගෙන් 92%ක් 'කැටලෝනියාව රාජ්‍යයක්' බවට පරිවර්තනය වීම වෙනුවෙන් සිය කැමැත්ත පළ කළහ. ඔවුන්ගෙන් 80%ක් කියා සිටියේ, කැටලෝනියාව 'නිදහස් රාජ්‍යයක්' විය යුතු බවය.



එවැනි පසුබිමක් යටතේ ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්වීම සම්බන්ධයෙන් තවත් ජනමත විචාරණයක් පැවැත්වීමට කැටලෝනියා ප්‍රාදේශීය පාර්ලිමේන්තුව 2015 නොවැම්බර් මාසයේ යෝජනාවක් සම්මත කර ගත් අතර, පසුගියදා (ඔක්තෝබර් 01) පැවැත්වුණේ එම ජනමත විමසුමයි.එහෙත් ස්පාඤ්ඤ ආණ්ඩුව එය නීතියට පටහැණි ක්‍රියාමාර්ගයක් ලෙස පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා ප්‍රකාශයට පත් කර තිබුණ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දුවක් දෙමින් එම ජනමත විමසුම අත්හිටුවන ලෙස නියෝග කළේය.


ස්පාඤ්ඤ ආණ්ඩුවේ නියෝග හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව සැලකිල්ලට නොගෙන කැටලෝනියා ප්‍රාදේශීය ආණ්ඩුව එම ජනමත විමසුම ක්‍රියාවට නැංවීමේ දී ස්පාඤ්ඤ පොලිසිය විසින් ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීම් සහ ඡන්ද පෙට්ටි පැහැර ගැනීම් සමඟ පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය.


catolonia_pie_chart.png


කෙසේ වුවද, ඔක්තෝබර් 01 දින පැවැත්වූ ජනමත විචාරණයේ තීන්දුව වුණේ කැටලෝනියාව ස්පාඤ්ඤ පාලනයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්විය යුතුය යන්නයි.ඡන්දදායකයන්ගෙන් 90% ක් නිදහස් රාජ්‍යයක් වෙනුවෙන් ඡන්දය දුන් බව 'කැටලෝනියා' බලධාරීහු පවසති.ඒ සමඟ 'මැඩ්රිඩ්' පාලනයෙන් එල්ල වෙමින් පවතින දැඩි විරෝධය මැද අඟහරුවාදා (ඔක්තෝබර් 10) 'බාසිලෝනා' ප්‍රාදේශීය පාර්ලිමේන්තුව අමතා කතා කළ කැටලෝනියා ජනාධිපතිවරයා ( Carles Puigdemont ) ජනමත විමසුමේ තීන්දුව ක්‍රියාවට නැංවීම අත්හිටුවමින් ස්පාඤ්ඤ ආණ්ඩුවත් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීම තම උවමනාව බව කියා සිටියේය.


එහෙත් වඩාත් දැඩි ඉදිරි පිළිවෙතක් සම්බන්ධයෙන් ඉඟි කරන ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි (Mariano Rajoy) කැටලෝනියා බලධාරීන්ට අභියෝගයක් කරමින්, ඔවුන් ස්පාඤ්ඤයේ කොටසක් හැටියට දිගටම රැඳී නොසිටින්නේ නම් එම පළාත කෙළින්ම 'මැඩ්රිඩ්' පාලනය යටතට පවරා ගන්නා බව කියා සිටියි.මෙම හැඩගැසීම් තුළ කැටලෝනියාවේ දේශපාලන ඉදිරිය මේ මොහොතේ අවිනිශ්චිත මුහුණුවරක් ගනිමින් ඇත.

bbc-blocks-dark.png

 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරිකොතේ ගොනා එන්නේ පොල් පැලේ කන්න කියල තේරිලා තියෙන්නේ
     
    • Like
    Reactions: ehseres

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතලාන් ජනතාව බහුතරයක් සිටින කතලාන් ප්‍රා දේශීය පාලන ව්‍යුහය ඊයේ ස්පාඥ්ඥ රජය විසින් විසුරුවා හැරියා. ශ්‍රී ලංකාව නිල වශයෙන් ඊයේ නිවේදනය කලා තමන් නව කතලාන් රජය පිළිනොගන්නා බව. යුරෝපීය එකමුතුව ද කතලානය පිළිගන්නේ නෑ.

    ස්පාඥ්ඥය බෙදන්න ගත්ත උත්සාහය ලත් තැනම ලොප්..............
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    60%කට විතර අළුත් රටක්ද තියෙන රටද කියලා අදාලම නැති සීන් එකක්නෙ තියෙන්නෙ. එහෙ ඉන්න අන්තවාදී 35-40%ගෙ උවමනාවකට වෙච්ච වැඩක්. ඕකුන් දැන් ජාත්‍යන්තරයෙ කොන් වෙනවා. ඡන්දෙ නොදීපු මිනිස්සුන්ටත් විපාක විඳින්න වෙනවා.

    catolonia_pie_chart.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිලගෙ පාවාදීමේ විවස්තාව සම්මත උනොත් වෙන්නෙ ඔය ටිකම තමයි..කොටි ඊලම හදනව....සිහලුන්ට පුලුවන් මුහුදට පනින්ඩ.
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    Last edited:

    Similar threads