'කැත' දුමින්ද විතරද?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    'කැත' දුමින්ද විතරද?

    මේ ලිපිය උපුටා ගත්තේ http://reargate.blogspot.com/2011/10/blog-post.html

    මෙම ලිපිය උපුටා ගැනීමෙන් මම අදහස් කරන්නේ දුමින්ද සම්පුර්ණ නිවැරදි කරුවෙකු ලෙස පැවසීමට නොවේ එහෙත් අප සැමදෙනාම තුල නපුරත් ජීවත්වන බව මෙම ලිපියෙන් පැහැදිලි වේ




    දුමින්දගේ මරණය ප්‍රාර්ථනා කලවුන්ගේ සැබෑ අපේක්ෂාව කුමක්ද?


    දුමින්ද හෝ ඔහුගේ සහචරයින් භාරතට වෙඩි තබා ඝාතනය කල බව දැනට පිළිගත් මතයයි. මෙය පොදු ජනයා තුල ඉමහත් කම්පනයක් ඇති කිරීමටත්, ජාත්‍යන්තරව රටට අපකීර්තියක් ගෙන දීමටත් හේතු විය. අවසානයේදී මියගිය භාරත හිතහොඳ චණ්ඩියෙක් විය. බාගෙට මියගියා යයි කියන දුමින්ද ජාවාරම්කාර දුෂ්ටයෙක් විය. බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේම ඔහුගේ මරණයද ප්‍රාර්ථනා කරනු ඇසිනි.


    මූලිකවම මෙය හදිසි සිදුවීමකි. මෙහි 'හදිසි' යන්නේ අර්ථය මෙම සිදුවීමේ ඉතා සුළු වෙනස්කමකින් මෙයට අතිශය ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලැබීමට ඉඩ තිබූ බවයි. ඇතැම්විට දුමින්ද මියගොස් භාරත ඉතිරිවීමට තිබුණි. (එවිට හිත හොඳ චණ්ඩියා දුමින්දයි). තවත් ආකාරයකින් දෙදෙනාම මියයාමට හෝ දෙදෙනාම ඉතිරිවී ඔවුනගේ ආධාරකරුවන් පිරිසක් මියයාමට තිබුණි. ඇතැම්විට මේ කිසිවක් නොවී රාත්‍රියේදී පක්ෂ කාර්යාල දෙක තුනකට බෝම්බ කිහිපයක් වදින්නටද තිබිණි. ඇතැම්විටෙක සුළු බහින්බස්වීමකින් පසු මේ කිසිවක්ම නොවන්නටද තිබිණි. (මා වඩාත් කැමති ඒ ගැන සිතන්නටයි). සරළව කිවහොත් "කැත" දුමින්ද පමණක් නොවේ.


    සාමාන්‍ය ජනයා දුමින්ද මිය යායුතු යයි ප්‍රාර්ථනා කිරීමට තරම් ඔහු කල වරද බරපතළය. මා සිතන ලෙසට නම් ඒ භාරත ඝාතනය කිරීම ම නොවේ. (ජනගහනයේ ලොකුම පංගුව වන ග්‍රාමීය සාමාන්‍ය ජනයාගෙන් බහුතරයක් කිහිපවරක් භාරතගේ නම අසා ඇතිවා හැරෙන්නට ඔහු ජීවත්ව සිටියෙක්දැයි වත් නොදැන සිටියේයැයි සිතමි). දුමින්ද කල ලොකුම වරද ලාංකීය සමාජයේ පොදු අප්‍රකාශිත එකඟතාවයක් මහ දවල් මහපාරේදී උල්ලංඝණය කිරීමයි. එනම්,


    "අපි හැමෝම කැතයි තමයි. හැබැයි පෙන්නන්ඩ එපා"


    ලංකාව තුල ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙකු අතින් මිනිසෙකු මියගිය පළමු වතාව මෙය නොවේ. කුඩු ජාවාරම්කරුවන් පිරිවරාගත් පළමු දේශපාලනඥයාද දුමින්ද නොවේ. පාතාල අපරාධකරුවන් රෙද්ද අස්සේ දමාගත් පළමුවැන්නාද ඔහු නොවේ. මේවා නොදන්න බබ්බුද ලංකාවේ නැත. එහෙත් මෙම සිදුවීමේ වෙනසක් ඇත. මහ දවල් රෙද්ද කඩා "කැත" සියල්ල සාක්ෂි සහිතවම පෙන්වා ඇත. කාල වරෙංකො....


    ආරවුල් වලදී මිනිසුන් මරා දැමීම අප සමාජයේ විරළ නොවේ. දාමරිකයන් සොරුන් සෑම ගමකම ඇත. මත් කුඩු කෙසේ වෙතත් අරක්කු හෝ කසිප්පු ජාවාරම පිළිගත් ස්වයං රැකියාවකි. ලංකාවේ පිරිමින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බේබද්දන් වෙති. (බේබද්දෝ යනු යම් වින්දනාත්මක නිමේෂයක් විකසිත කර ගැනීම උදෙසා නොව, බීම සඳහාම බොන්නන්ය). මළ ගෙවල් යනු ගංජාය. මගුල් ගෙවල්/ට්‍රිප් යනු අරක්කුය. මාධ්‍යවල දිනපතා දකින ලමා අපචාර මෙන් දහ පාලොස් ගුණයක් ග්‍රාමීයව සහ වතු ආශ්‍රිතව සිදුවේ. කවුරුන් සමග හෝ ආරවුලක් නැති මිනිසුන් විරලය. ගෙවල් විශාල ප්‍රමාණයක හූනියම් වලලා ඇතැයි විශ්වාස කෙරේ. පන්සලේ දායක සභාව යනු තමුන්ගේ පංගුව උදෙසා කේවල් කරන තැනකි. දේශපාලනය කරන්නේ ගානක් හම්බකරගන්නටය. අති බහුතරයක් ඡන්දය දෙන්නේද තමාගේ කිසියම් වාසියක් තකාය. සියළු සංවර්ධන ව්‍යාපෘති යනු හොරකම්ය. පවුල් තුලින් එලියට එන බහුතරයකට තම දරුණුම ප්‍රතිවාදියා හමුවන්නේ පවුල තුලිනි.


    සමස්තයක් හැටියට ගත්විට මහපොලොව කැතය. දුෂ්ටය. සියල්ලෝම අඩු වැඩි වශයෙන් දුමින්දලා වෙති. සමාජයේ එදිනෙදා හමුවන ලමා අපචාර/සොරකම් නොකරන විශාල පිරිසක් එසේ වන්නේ අවස්ථාව නැති නිසාය. විශාල පිරිසක් කුඩු/කසිප්පු නොවිකුණන්නේ නමට කැලලක් වන නිසා සහ පොලිසියෙන් අල්ලන නිසාය. විශාල පිරිසක් බස්වල ජැක් නොගසන්නේ නෝන්ඩි වීමට ඇති බයටය.


    දුමින්ද මෙන්ම චෝදනා තිබූ තවත් විශාල ජනතා නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තු ආවේ හොර ඡන්ද වලින් නොවේ. මේ ඡන්ද දුන්නු මිනිසුන්ද මොවුනට ඇති චෝදනා අසාවත් නැති බබ්බු නොවෙති. මර්වින් දකුණේ කොහෙන් ඉල්ලුවත් දිනයි. දුමින්ද නැවත සුවවී කොහෙන් ඡන්දය ඉල්ලුවත් ඉහලින්ම දිනන බව සහතිකය.

    "කැත" දුමින්ද විතරද?


    ලංකාවේ අපි බහුතරයක් කැත බව අපේ හෘද සාක්ෂිය දනී. පිරිසක් කැත වැඩ කරන නිසාය. තවත් පිරිසක් ඔවුන්ට අනුබල දෙන නිසාය. ඉතිරි පිරිස ඒවා නිහඬව අනුමත කරන නිසාය. හැබැයි කවුරුත් එහෙම නෑ වගේ සිටිති. ඕනෙම කොස්සකදී ඇදලා ගන්නට අවුරුදු දෙදාස් පන්සීයක තෝම්බුවක් ඇත. උපන්තේකට තවම දෑහැටවත් දැක නැති නිර්මල බුද්ධ ශාසනයක්ද ඇත. මර්වින් වගේ තුට්ටු දෙකේ චණ්ඩියෙකුටත් අන්දන්ඩ පුළුවන් ධීර වීර ජාතියක්ද ඇත.


    අප සැම කෙනෙක් තුලම අඩු වැඩි වශයෙන් දුමින්ද කෙනෙක් වෙසෙති. (පසුගිය යුද සමයේදී ඌ තොග ගණන් මිනිසුන් මැරුවේය. දිනපතා සිතින් අපචාරයන්හි නිරත වෙයි). ඌ කැතය. ධර්මයට පටහැණිය. ඒ නිසා එහෙම එකෙක් නෑ වගේ හිඳිති. ඒත් මේ දුමින්දයා වැඩේ කෑවේය. ඌ මහදවල් ලෝකෙටම ඌ පමණක් නොව අපද පෙන්නුවේය. දැන් ඉතින් ඌ ජීවත් විය යුතු නැත. දුමින්දගේ මරණය ප්‍රාර්ථනා කිරීම තුළින්, අප තුළ සිටිනා දුමින්දගේ මරණය සංකේතීයව පතමු.

     
    Last edited:
    • Like
    Reactions: RuZZa

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    එහෙනම් කැත මම විතරක් නෙවේ ... දුමින්දයත් කැතයි ....:)
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    "උපන්තේකට තවම දෑහැටවත් දැක නැති නිර්මල බුද්ධ ශාසනයක්ද ඇත."
    මොකා උනත් මේ ආටිකල් එක ලියපු එකා අම්මෙක් අප්පෙක් නැති බල්ලෙකුට දාව උපන් එකෙක් කියලා පේනවා..පාහරයා:angry::angry::angry::angry::angry:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    "උපන්තේකට තවම දෑහැටවත් දැක නැති නිර්මල බුද්ධ ශාසනයක්ද ඇත."
    මොකා උනත් මේ ආටිකල් එක ලියපු එකා අම්මෙක් අප්පෙක් නැති බල්ලෙකුට දාව උපන් එකෙක් කියලා පේනවා..පාහරයා:angry::angry::angry::angry::angry:

    aniwa
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    "උපන්තේකට තවම දෑහැටවත් දැක නැති නිර්මල බුද්ධ ශාසනයක්ද ඇත."
    මොකා උනත් මේ ආටිකල් එක ලියපු එකා අම්මෙක් අප්පෙක් නැති බල්ලෙකුට දාව උපන් එකෙක් කියලා පේනවා..පාහරයා:angry::angry::angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    දැන් ඉතින් ඌ ජීවත් විය යුතු නැත. දුමින්දගේ මරණය ප්‍රාර්ථනා කිරීම තුළින්, අප තුළ සිටිනා දුමින්දගේ මරණය සංකේතීයව පතමු.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    umbath meka liyapu ekage paw hodanawada?
    ay ban meka methana damme?

    නැහැ මචං මේක ලියපු එකාගේ හොඳ point එකක් තියෙනවා. ටිකක් කල්පනා කරලා බලපන් අපි ගැමෝම ළඟ හොඳ නරක ලක්ෂණ එක්තරා ප්‍රමාණයකට තියනවා. මේ ලිපියෙන් කරලා තියෙන්නේ දුමින්ද සුද්ද කිරීමක් නෙමෙයි. අප තුලත් පොඩියට හෝ නරක චරිතයක් ජීවත්වන බව පෙන්වීමයි. :)




     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වෙන උන් ගැන කියන්න මම දන්නේ නෑ.. මාව නම් ඔය කාලකන්නි එක්ක සසඳන්න එපා.. ඕකුන් කරලා තියෙන සමාජ විරෝදී, අසාධාරන දේවල් මම කරලා නැහැ.. ඕකුන්ට හොඳක් නම් වෙන්න එපා..
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේක කියෝලා තේරුම් ගන්නවට වඩා හොඳයි ගිහින් ටිකක් නිදා ගන්නවා.. :oo::eek::sorry:
    (මගේ මතය)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙන උන් ගැන කියන්න මම දන්නේ නෑ.. මාව නම් ඔය කාලකන්නි එක්ක සසඳන්න එපා.. ඕකුන් කරලා තියෙන සමාජ විරෝදී, අසාධාරන දේවල් මම කරලා නැහැ.. ඕකුන්ට හොඳක් නම් වෙන්න එපා..
    උඹ ජීවිතේට වැරදි වැඩ්ක් කරල නෑ කියලාද ඔය කියන්නෙ ?
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නැහැ මචං මේක ලියපු එකාගේ හොඳ point එකක් තියෙනවා. ටිකක් කල්පනා කරලා බලපන් අපි ගැමෝම ළඟ හොඳ නරක ලක්ෂණ එක්තරා ප්‍රමාණයකට තියනවා. මේ ලිපියෙන් කරලා තියෙන්නේ දුමින්ද සුද්ද කිරීමක් නෙමෙයි. අප තුලත් පොඩියට හෝ නරක චරිතයක් ජීවත්වන බව පෙන්වීමයි. :)




    :yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපි හැම කෙනෙක් ගාවම නපුර පවතිනවා .... මේ සමාජෙ ඒකෙ උච්චම අවස්තාවන්වලට ගියපු අයත් ඉන්නවා ඒකෙ අඩු තැන් වල අයත් ඉන්නවා ඒවගේම මධ්‍යම කොටසකුත් ඉන්නවා .... පොඩ්ඩක් මේ මනුශ්‍ය ඉතිහාසේ අරගෙන බැලුවොත් මේ නපුරෙ උපරිමම තැන හිටපු අයට හොඳ පැවත්මක් ඉතුරු ඉතුරු උනේ නැහැ ....

    බෙදා ගැනිමට ස්තූතියි ...
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අපි හැම කෙනෙක් ගාවම නපුර පවතිනවා .... මේ සමාජෙ ඒකෙ උච්චම අවස්තාවන්වලට ගියපු අයත් ඉන්නවා ඒකෙ අඩු තැන් වල අයත් ඉන්නවා ඒවගේම මධ්‍යම කොටසකුත් ඉන්නවා .... පොඩ්ඩක් මේ මනුශ්‍ය ඉතිහාසේ අරගෙන බැලුවොත් මේ නපුරෙ උපරිමම තැන හිටපු අයට හොඳ පැවත්මක් ඉතුරු ඉතුරු උනේ නැහැ ....

    බෙදා ගැනිමට ස්තූතියි ...

    ඇති යන්තම් උඹට හරි තේරුනා ගොඩක් එවුන්ට මම කියපු දේ තේරිලා නැහැ

    jucuwk.jpg


    :lol::lol::lol: