ඕකද බන් දැකල නෑ කියන්නෙ? හරි දැන් උබ මගෙන් ඔය අහපු ප්‍රශ්න ඇතුලෙම උත්තර තියෙනව..හොඳට හිතල බලපන්..ඔය හැම ප්‍රශ්නයක්ම උබ මගෙන් අහන්නෙ ඒ දේවල් ඉස්සර තිබිල දැන් නැතිවෙලා ගිහින් තියෙන නිසා..රහතන් වහන්සේලා මමත් දැකලා නෑ බන්..ඒත් එහෙම කොට්ටාසයක් හිටිය කියන එක මම පිලිගන්නව..මොකද මම භෞතිකවාදියෙක් නෙවෙයි(උබ භෞතිකවාදියෙක් නම් මේ කතාවෙන් වැඩක් නෑ..අපි නතර කරලා දාමු)..ඉස්සර තිබුන නිර්මල බුදු දහම නෑ කියලා කියන එකෙන් උබ වක්‍රව කියන්නෙ දැනට අපි අදහන්නෙ පිස්සුවක් කියලා(මට හිතෙන විදිය)
උඹ වචන ගලපලා තියෙන්නෙ වලියට බහින්න. ඒකයි කලින්ම කිව්වෙ තරහ නිවුනහම කතා කරමු කියලා.
උඹ අදහන්නෙ පිස්සුවක්ද නැද්ද කියලා උඹම හිතලා බලපං.
හැබැයි මචෝ උබ එකක් තේරුම් ගනින්..මේ ආටිකල් එක ලියපු එකා මේ කාරණාව උලුප්පල තියෙන්නෙ බුදු දහමට අපහාස විදියට,ඒ කියන්නෙ මේක කියවන අබෞද්ධ අයට,බුදු දහම කියන එක විකාරයක් කියන අඟවන්න..
වැරදී. උලුප්පලා තියෙන්නෙ ඒක නෙමෙයි. බොරු පම්පෝරි ගහන්න ධර්මයේ නම අල්ලගන්න එකයි උලුප්පලා තියෙන්නෙ. මැරවින්ගෙ කතා අහපං. එතකොට තේරෙයි.
ඔය කියන විදියට බලන්න ගියොත් මේ ලෝකෙ මිනිස්සුන්ට අදහන්න ආගමක් නැති වෙනව,මොකද අනිත් හැම ආගමකටත් මේ දේ ඒ විදියටම අදාල වෙන නිසා (ඉස්ලාම්,ක්‍රිස්තු ධර්ම එකකවත් මූලික හරයන් අද නෑ එහෙම බැලුවොත්).
මේක මෙමෙ ත්‍රෙඩ් එකට අදාල නෑ නමුත් කතා කරමු.
ඒක තමයි ඒ ආගම් විශාල ලෙස බෙදිලා ගිහිලා තියෙන්නෙ. නමුත් ඒවා දේවාගම් නිසා තනිකරම විශ්වාසය මත ගොඩනැගුන ආගම්. ඒනිසා ඒ හැම බෙදීගිය ආගමක් අදහන අයට කියන්න පුලුවං ඔවුන්ගෙ ඇදහීම තමයි දෙවියන් කරායන නියම මග කියලා.
බුදු දහමට විශ්වාසය මත පදනම් වුන් දර්මයක් නෙමෙයි. දර්ශනයක්. එහි අවසාන අරමුන (නිවන් අවබෝධය) කරා යායුතු මග බුදුන් පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. එසේ තිබියෙදිත් අවාසනාවකටම් අද වෙනකොට අර අනිත් ආගම් වලට වෙලා තියෙන දේම තරමක් දුරට බුද්ධාහමටත් වෙලා තියෙනවා. නිකාය භේද, කුල භේද වලින් පටන් ගන්ත විකෘත්ති වීම දැන් ඔන්න දැන් සෝවාහන් වුනා කියල සහතික නිකුත් කරන, තමන් මෛත්‍රී බුදුන්ය, තමන් සකෘදාගාමීය, කියාගන්න තත්වයට පත්වෙලා තියනවා. මේවා වෙන්නෙ හැම නිකායකට අයට් හැම පන්සලකම තාමත් නිර්මල ධර්මය පොත්වල තියෙද්දි.