මුන්ව මරාගෙන මැරෙන්න ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියා නම් හොඳයි කියන පොලිස් නිලධාරීන්...
තමන්ව පීඩාවට පත් කරන උන් මරාගෙන මැරෙන්නට ප්‍රභාකරන් ජීවත්ව සිටියා නම් හොඳ යැයි කියන පොලිස් නිලධාරීන් පිරිසක් පොලිස් පුහුණු පාසැලේදී ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට හමුවිය. ඔවුන් විඳින ඛේදවාචකය සලකා බැලු විට ඔවුන්ගේ කෝපය ඉතාම සාධාරණ යැයි මෙය කියවන පාඨයන්ටද වැටහෙනු ඇත.
දැනට හමුදා මේජර් ජෙනරාල් වරයෙකු යටතේ පවතින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දෙමළ භෂාව ඉගැන්වීම සඳහා සහෝදර වාසුදේව ඇමැතිවරයා යටතේ පවතින ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට ආසියානු සංවර්ධන පදනමෙන් වසරකට රුපියල් මිලියන 11 ක් හෙවත් රු. එක් කෝටි දස ලක්ෂයක් ලැබේ. කලින් වසරකට රුපියල් මිලියන 8 ක් ලෙස ලැබුණු එම මුදල මිලියන 11 ලෙස 2009 සිට එනම් යුද්ධය අහවර වූ පසු වසරක් පාසා ලැබේ. වාසුගේ අමාත්‍යාංශය එම මුදල පොලිස් නිලධාරීන්ට දෙමළ උගැන්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දේ.
ඉහත කී මුදලින් දෙමළ උගැන්වීමට මේ වසර සඳහා දැන් පොලිස් නිලධාරීන් 74 දෙනෙකු තෝරාගෙන ඇත. ඔවුන්ට දෙමළ උගන්වන්නේ කළුතර පොලිස් පුහුණු පාසැලේදීය. කාල සීමාව මාස 5 කි.
දෙමළ ඉගෙන ගැනීම පසෙක තබා මරාගෙන මැරෙන්නට සිතී ඇත්තේ මෙම නිලධාරීන්ට ය. ඒ තමන්ට සිදුව ඇති අසාධාරණය උහුලා ගත නොහී ය. කියන්නට අයෙක්ද නැත. පොලිස් කොමිසමද මානව හිමිකම් කොමිසමද අස්ථං ගතය.
දෙමළ උගැන්වීමට මෙම පොලිස් නිලධාරීන් 74 දෙනා තෝරාගෙන ඇත්තේ දෙපාර්තමේන්තුව මගින් මිස නිලධාරීන්ගේ ඉල්ලීම මත නොවේ. ඔවුන් අතර සහකාර පොලිස් පරීක්ෂක වරුන් සැරයන් වරුන් සහ කොස්තාපල් වරුන් වෙති.
මෙම නිලධාරීන් මෙම පාඨමාලාවට තෝරා ගැනීමෙන් පසු භෝජනාගාර වියදම් කියා අත්තිකාරම් ලෙස පළමුවෙන්ම රුපියල් 5000 ක් බැඳිය යුතුය. එතැනම රුපියල් 3,70,00 ක් එකතු වේ. ඉන්පසු ආහාර සඳහා යැයි කියමින් සෑම නිලධාරියෙකුගෙන්ම මාසිකව රුපියල් 5000 ක් කපා ගනී. ආහාර සඳහා මුදල් කපා ගත්තද තේ බීම සඳහා තේ කොළ, පිටි, සීනි ගෙදරින් ගෙන ආ යුතුය. ආහාර ලෙස ලබා දෙන්නේ දහවලට මයියොක්කා හොද්දක්, පොල් සම්බල් සමග බත්ය. රාත්‍රියට කරවල හොද්දක්, මැල්ලූමක් සමග බත්ය. උදේට පාන්ය. සතියේ දින 5 තුල දෙමළ ඉගෙන ගන්නා නිලධාරීන් අනිවාර්යයෙන්ම සති අන්තයේ ගෙදර යා යුතුය. ඒ දින දෙකට කෑම බීම ඉඳුම් හිටුම් කිසිවක් නැත. අටකලම්පන්නෙන් එන නිලධාරියා වුව දින දෙකට ගෙදර ගොස් යළි පැමිණිය යුතුය.
ප්‍රශ්නය වන්නේ මෙයයි. මීට සහභාගී වන කොස්තාපල් වරයෙකුගේ මාසික වැටුප රුපියල් 23,867/- කි. අත්තිකාරම් මුදල රු. 5000 සහ මාසිකව කපා ගන්නා රුපියල් 5000 කපා ගත් විට ඔහුට පළමු මාසයේදී පවුල නඩත්තු කිරීමට ඉතිරි වන්නේ රුපියල් 13,867/කි. සති අන්තයේ ගෙදර යා යුතුම බැවින් ඒ සඳහා රුපියල් 3000 ක් වියදම් වුවහොත් ඉතිරි වන්නේ රුපියල් දස දහසක පමණ මුදලකි.
මේ නිලධාරීන්ට මරාගෙන මැරෙන්න හිතෙන්නේ තමා ඉල්ලු නැති අධ්‍යාපනයක් වෙනුවෙන් තම වැටුපෙන් මේ තරම් කපා ගන්නා නමුත් මේ වියදම් සඳහා රුපියල් මිලියන 11 ක්ම පොලිස් දෙපාර්තමේන්තුව ආසියානු සංවර්ධන පදනමෙන් ආධාරයක් ලෙස ලබාගෙනද තිඛෙන නිසාය. ඒ ලබා ගන්නා මුදල් වියදම් කරන්නේ කුමටද? ගොඩනැගිලි ටික සපයනවාටද?
මේ සියලූ කාරණාවන්ට වඩා කෝප ගැන්වී ඇත්තේ මාස 5 පාඨමාලාව අවසානයේ පැවැත්වෙන දෙමළ යෝග්‍යතා විභාගයෙන් අසමත් වුවහොත් සහභාගී වූ නිලධාරීන් එක් අයෙක් රුපියල් 75,000 ක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට වන්දි ලෙස ගෙවිය යුතු බැවිනි. ඒ සඳහා ගිවිසුමකට අත්සන් ගෙන අහරවය. මෙම නියෝගය අපූරුය. ආයතනික විභාගයක් අසමත් වූ පසු ඒ වෙනුවෙන් මේ තරම් මුදලක් වන්දි ලෙස ගෙවිය යුතු ලෝකයේ එකම රට මරාලන්තයම විය යුතුය.
පොලිසියට දෙමළ උගන්වනවා කියා පිටරටින් කෝටි ගණනක මුදලක් ද ලබා ගෙන, එය යටි මඩි ගසා පසුව ඒ කිසිවක් නොදන්නා සේ, උගැන්වූ විෂයන් අසමත් වූ පසු වන්දියක්ද අය කර ගැනීම ඉතාමත් නින්දිත දුරාචාර ක්‍රියාවක් බව තහවුරු වී තිබේ.
මේ කරන අසාධාරන වලට එරෙහිව මරාගෙන මැරෙන්නට ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියා නම් හොඳ යැයි එම පොලිස් නිලධාරීහු පවසති.
(ලංකා ඊ නිව්ස් -2013.ඔක්.01, ප.ව.11.30)