අද වනවිට ලාංකීය බොහෝ දෙනා නැවතත් යොමුවන්නට ඇළුම් කරන තවත් එක් වැදගත් මාතෘකාවක් ලෙස ඔසු කැඳ සඳහා යොමුවීම හදුන්වන්නට පුළුවන.එසේ සිදුවීම ලාංකීය අප ලද ජයග්‍රහණයකි.මෙසේ අප ගන්නා ඔසු කැඳ නියමිත ප්‍රමිතියෙන් යුක්ත වනවාද යන්න නම් තරමක් ගැටළු සහගතය.එවන් පසුබිමක් තුල අද මම ඔබට ගෙනෙන්නේ ඔසු කැඳ කිහිපයක වගතුගයි.
ගොටුකොළ කැඳ
බහුලව භාවිත වන්නකි.මෙමගින් බඩගින්න වැඩිවීම නිසා කූපෝෂණය හෙවත් මාන්දම සුවකරගැනිමට ඉවහල් වේ.කුඩා ළමයින්ගේ පණු රෝග නැසිමටද ඉවහල් වේ. බුද්ධිය වඩයි.
කටරොළු කැඳ
ශරීර වර්ණය , බුද්ධිය වඩයි.ඩහදිය පිටකිරීමට උපකාරී වේ.උගුරට හොඳය.ඇස් පෙනීම දියුණු කරයි.ශරීර බලය වඩයි.
වැල්පෙනල කැඳ
ප්‍රධාන වශයෙන් ශරීර ධාතු වඩයි.වැල්පෙනල සහමුලින් ගෙන ගිතෙලින් මලවා කෑමෙන් මෛතුනයෙහි සමර්ථ බව වැඩි කරයි.තුනටියේ,පපුවේ වේදනා හා ශරීර දැවිල්ල නසයි.සමේ වර්ණය වඩයි
පොල්පලා කැඳ
මුත්‍ර පිරිසිදු වේ.අශ්මරි රෝග සුවයට උපකාරී වේ.
කොහිල කැඳ
මලබද්ධය හා අර්ශස් රෝග සුවකරගැනිමට ප්‍රයෝජනවත් වේ.
දියබෙරලිය කැඳ
සෙංගමාලය,සෝමරෝගය, අධික ශරීර දාහය, මුත්‍රා දැවිල්ල හා ප්‍රමේහ රෝග සඳහා ඉතා යෝග්‍ය වේ.
බටුකොළ කැඳ/වැල්තිබ්බටු කොළ කැඳ
කක්කල් කැස්ස,පැරණි වියලි කැස්ස, අධික සෙම්ගතිය සඳහා ගුණදායකය.
රණවරා කොළ කැඳ
දියවැඩියාව,මුත්‍ර දාහය, වාතරක්ත හා රත්පිත් රෝග සඳහා ගුණදායකය.
හාතාවාරිය කැඳ
මෙහි අල,කොළ සියල්ලම කැඳ සඳහා යෝග්‍ය වේ.ඇස් දැවිල්ල,රත්පිත,වාතරෝග,උෂ්ණ දෝෂ සඳහා ගුණ ගෙනදේ.ශරීර සන්තර්පණයට උපකාරී වේ.
මුකුණුවැන්න කැඳ
ඇස් පෙනීම වර්ධනය සඳහා මහගු ඔසුවකි. අකලට හිසකෙස් පැසීම,ඇස් දැවිල්ල සඳහා ගුණදායකය.
මෙවන් වූ ගුණදෙන කොළකැඳ වුවද දිනපතා භාවිතයට වඩා සතියට දින 3ක් පමණ ගැනීම යහපත් වේ.දිනපතා පානය කරන්නේ නම් කොළකැඳ විවිධත්වයකින් යුතුව භාවිත කරන්න.ගුණාත්මකභාවය සුරැකි ඇති කොළකැඳ පමණක්ම භාවිතය අතුරු අබාධ වලින් තොරවීමට මඟ සලසයි.

Last edited: