කැබිනට් රැස්වීම 2009

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
කැබිනට් රැස්වීම 2009

´´රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයන්හි රැල්ලක් ඇති වෙලා තියෙන බව පේනවා. ප්‍රශ්න නැති තැනත් ප්‍රශ්න ඇති කරලා පෙන්නන්න හදනවා. මේක දේශපාලන කුමන්ත්‍රණයක්. මේක අවශ්‍යතාවයට වඩා දේශපාලන න්‍යාය පත්‍රයක් කියලා තමයි පෙනෙන්නෙ. ජනාධිපතිවරයා පැවසීය.
චම්පක රණවක අමාත්‍යවරයා පැවසුවේ ``වෘත්තිය සමිතිවලට ලාල් කාන්ත කරපු වැඩෙන් ඔළුව උස්සන්න බැරුවයි හිටියෙ. දැන් මේ මාධ්‍ය කිහිපයක් එකතු වෙලා පොඩි දේත් ලොකු කරලා පෙන්නන්න හදනවා. මේක විසඳන්න ඕන`` කියාය.

නන්දන ගුණතිලක මහතා ද කථාවට එක් වෙමින් ´´හාල් හිඟයක් ඇති වෙන්න යනවා කියලා රාවයක් තියෙනවා. ඒක ඇත්තක්ද?`` යැයි විමසීය.

´´කිසිම හාල් හිඟයක් නෑ. යුද්ධ උණුසුම කාලෙත් හාල් කිලෝ එකක් රු.180ට දෙන්න කුමන්ත්‍රණකාරීන් උත්සාහ කළා. බොරු හාල් හිඟයක් මතු කිරීමට උත්සාහ කිරීම දෙවන කුමන්ත්‍රණය. අපි හාල් මෙට්‍ර්ක් ටොන් 50,000ක් ගේනවා. හාල් හංගගෙන බොරු හාල් හිඟයක් මවන අයට එතකොට වෙන දේ බලා ගන්න පුළුවන්``යැයි පැවසුවේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයායී

ජනාධිපතිතුමා අවධාරණය කළේ ´´1977 සමගි පෙරමුණු ආණ්ඩුව පැවති කාලයේ ගිනි පෙටිට්යක් වත් හොයා ගන්න බැරි වුණා. එක්සත් ජාතික පක්ෂය බලයට ආපු ගමන් ගිනි පෙට්ටි පාර අයිනෙත් විකුණුවා. බෙලිඅත්ත පාර අයිනෙත් වික්කා. කුමන්ත්‍රණකාරීන්ට ඕවා කරන්න පුළුවන්. ඕවා නිකන් එන දේවල් නෙවෙයි. දැන් නියඟයකුත් පාවිච්චි කරලා. මේ අය මේ නියඟය බැමිණිතියා සායක් කරන්න තමයි උත්සාහ කරන්නෙ. අපි හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕන``

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කළේ, ´´පිළිකා රෝහලේ අධ්‍යක්ෂවරියට ඇතුළතින් විරෝධතාවයක් මතුවෙලා. කට්ටිය එළියට බැහැලා මෙයාට විරුද්ධව උද්ඝෝෂණය කරනවා``

´´මෙයා හොඳට විනය රකින කෙනෙක්`` නිමල් සිරිපාල ද සිල්වා මහතා පිළිතුරු ලබා දුන්නේය.
´´වර්ජනය කරන අය ඇතුළේ විශේෂඥ වෛද්‍යවරුත් හිටියා. මේක ඉක්මණින් විසඳගන්න ඕන`` යැයි පැවසුවේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාය.

``මේ විශේෂඥ වෛද්‍යවරුන්ම තමයි පරිපාලනය දන්න කෙනෙක් ඉල්ලුවෙ. එහෙම ඉල්ලුවහම මම පරිපාලනය දන්න කෙනෙක් පත්කළා. ඒ දැම්මත් වර්ජනය කරනවා`` නිමල් සිරිපාල ද සිල්වා මහතා නැවත පැවසීය.

´´යූ.එන්.පී. එකේ කුමන්ත්‍රණ තේරුම් ගන්න. ඒ අය බහුතර ජනතාව ගැන විශ්වාස කරන්නෙ නෑ. පෞද්ගලික මාධ්‍ය කිහිපයකුයි, වෘත්තිය සමිති කිහිපයකුයි තිබුණම මේ අයට කුමන්ත්‍රණය කරන්න ඇති. යූඑන්පී එකේ දකුණේ මන්ත්‍රීවරයෙක් මට නිතරම කථා කරනවා. කථා කරන්නේ මිලියන ගණන් නෙවෙයි, බිලියන ගණන් ගැන. කථා කරලා මගේ කථාව ටේප් කරනවා. ඒක හින්දා අනෙක් අයත් බොහොම පරෙස්සම් වෙන්න. මමත් කථා කරන්නෙ බොහොම පරෙස්සමෙන්``

මෙහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා ´´සර් තැපැල් ඡන්ද වලින් 80% ක්ම වැටෙන්නේ අපිට. ඒත් වෘත්තිය සමිති එළියට බැහැලා. මේවා මතුවෙන්නෙත් රාජ්‍ය සේවයෙන්. අපි මේවා සංවිධානය කරන්න ඕන. සංවිධානය වෙන්න ඕන. ඒක නැති නිසා ගමේ ඉන්න ශ්‍රී ලංකා කාරයත් ඉන්නෙ වර්ජන කරන අයගෙ පිළේ``

´´ඉස්සර තිබුණු ශ්‍රී ලංකා වෘත්තිය සම්මේලනයෙ සමසමාජ කාරයො, කොමියුනිස්ට් කාරයො හිටියා. මේ අය එකතුවෙලා වෘත්තිය සමිති සාමාජිකයන්ට වගේම සේවකයන්ට දිරි දුන්නා. නැතිව ඒ අය කුමන්ත්‍රණය කළේ නෑ. අපි මහතැන්වලට ගිහින් මේ ගැන දැනුවත් කරන්න ඕන`` යැයි ජනාධිපතිතුමා පැවසීය.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීම

මේ අතර ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී මුලින්ම කථා කළේ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාය.

´´ප්‍රථමයෙන්ම ජනාධිපතිවරණයක් ඉල්ලන අය අත උස්සන්න`` යැයි කියූ විට මන්ත්‍රීවරු සියල්ල අත ඔසවා එයට කැමැත්ත ප්‍රකාශ කළහ. ඒ සැනින්ම ´´දැන් මහ මැතිවරණයකට කැමති අය අත ඔසවන්න යැයි පැවසීය``

මෙහිදී ජනාධිපතිවරයා සිනාසෙමින් පැවසුවේ ´´දැන් මේ ගොල්ලෝ ජනාධිපතිවරණයකට කැමැත්ත දීලනෙ තියෙන්නෙ. ඒක නිසා මහ මැතිවරණයක් ගැන අහන්න එපා`` කියාය.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ශිෂ්‍ය උද්ඝෝෂණ සාමකාමීව විසිරුවා හරින්න

මේ අතර ශිෂ්‍ය උද්ඝෝෂණ පිළිබඳව ජනාධිපතිවරයාට දැන ගන්නට ලැබිණි. මෙය දැනගත් සැනින් ජනාධිපතිවරයා කළේ පොලිස්පතිවරයාට දුරකථන ඇමතුමක් ලබා ගැනීමය.

´´ඔයාගෙ නිලධාරීන්ට බැටන් පොලු දීලා ඉස්සරහින් තියන්න එපා. මොකද මේ උද්ඝෝෂණයට එන්නේ පළමු වන වසරේ බලෙන් රැගෙන ආපු ශිෂ්‍යයන්. ඒ ගොල්ලන්ට අත්දැකීම් නෑ. මේ ගොල්ලො කුමන්ත්‍රණයකට අහු වෙලා ඉන්නෙ. ඒක නිසා ඔවුන්ට පහර දෙන්න එපා. සාමකාමීව විසුරුවා හරින්න. මේ ළමයි මෙතෙන්ට ගේන්නෙ නවක වදයෙම කොටසක් හැටියට. මේ අමානුෂික නවක වදය හින්දා ළමයි 18 දෙනෙක් ඉස්පිරිතාලෙ. ඒ අයගෙනුත් හය දෙනෙකුට බරපතලයි. මේක එක්තරා පක්ෂයක් ළමයින්ව දේශපාලනට ගන්න කරන කුමන්ත්‍රණයක්. මේ ළමයි මෙතෙන්ට එන්නෙ ජ්‍යෙෂ්ඨයන්ගෙ වද හිංසා ඉවසා ගන්න බැරුව. ඒ නිසා මම ආයිමති කියන්නෙ ශිෂ්‍යයන්ට බැටන් ප්‍රහාර එල්ල කරන්න එපා. සාමකාමීව විසිරුවා හරින්න``
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
නාලාන්දාවේදී කළ කථාව

මේ අතර ජනාධිපතිතුමාට නාලන්ද විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සයට සහභාගී වීමට තිබූ බැවින් එහි සිදු කිරීමට තිබූ කථාව සම්පාදනය කිරීම සඳහා උපදෙස් ලබා දීමට මහින්ද ඉලේපෙරුම මහතා කැඳවන ලදී.

´´මහින්ද මට බේරිල්ලක් නෑ, කේලම්කාරයොන්ගෙනුයි, ඕපදූපකාරයොන්ගෙනුයි කාගෙ හරි බෙල්ල කපන්නයි එන්නෙ. අර වැරදි මේ වැරදි කියනවා. අපි වැඩ කරන එක ගැන කථා කරමු. අපි වැඩ කරමු. අන්න ඒක ගැන කථා කරමු. මේව ඔළුවෙ තියාගෙන කථාව හදන්න`` යැයි කීය.

මෙම නාලන්දයේ කළ කථාවට එහි රැස්ව සිටි පිරිසගේ සුවිශාල ප්‍රතිචාරයක් ලැබුණ අතර එම කථාව දැඩි ප්‍රශංසා මුබයෙන් කථා කරනු දක්නට ලැබිණි.

ශිෂ්‍ය ක්‍රියාකාරීහූ චමිපික අමාත්‍යවරයා හමු වේ


පසුගිය සතියේ පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හමු වීමට හදිසියේම රාජගිරිය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පිරිසක් හා කැළණිය, කොළඹ, පේරාදෙණිය යන විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයන් කණ්ඩායමක් පැමිණියහ. නමුත් මේ වන විට චමිපික රණවක අමාත්‍යවරයා සිටියේ මහරගම ප්‍රදේශයේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ පැළ බෙදා දීමකට සහභාගී වෙමිනි. වහාම ඔහු අමාත්‍යාංශය වෙත පැමිණියේය. ඉන් අනතුරුව වහාම ඔහු ශිෂ්‍යයන් පිරිස හමු විය. මේ සඳහා පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ ප්‍රචාරක ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද එක් විය.

´´අපට ප්‍රශ්න ටිකක් තියෙනවා තමයි අපිට කණගාටු මේ ප්‍රශ්න දඩමීමා කරගෙන තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ජ.වි.පෙ. අන්තරය මේවා පාවිච්චි කරනවා`` යැයි ශිෂ්‍යයෙකු පැවසීය.

´´මේ ශිෂ්‍ය ප්‍රශ්න අවුලවලා තියලා ආණ්ඩුවට එරෙහි විරෝධතා පා ගමන් වීදි සටන් දක්වා ගෙන යන්න කියලා ජ.වි.පෙ. උපදෙස් දීලා තියෙනවා``

´´ඔව් ඔව් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන මේ ශිෂ්‍ය සටන් රට පුරා මෙහෙයවනවා. ඒ එක්කම වැඩ වර්ජන වැලකුත් රට පුරා ක්‍රියාවට නංවන්න උපදෙස් දීලා. උද්ඝෝෂණ විරෝධතා ශිෂ්‍ය ගැටුම් හරහා විශ්ව විද්‍යාල වසා දමන එකත් මේ සැලැස්මේම කොටසක්``

´´අපි එන්නෙ මෙතෙන්ට ඉගෙන ගන්න. ඉදිරි මැතිවරණ වැඩවලට ශිෂ්‍යයන් බලහත්කාරයෙන් යොදා ගැනීම අපිට අනුමත කරන්න බැහැ. මේක පිටිපස්සෙ තියෙන අරමුණ ඉදිරි මැතිවරණ වලට නවක ශිෂ්‍යයන් බලහත්කාරයෙන් යොමු කිරීම``

මේ අතර ශිෂ්‍යයන් අතර සිටි භික්ෂූණ් වහන්සේ නමක් කියා සිටියේ ´´බහුතරයක් ශිෂ්‍යයන් මේවට කැමති නැහැ. බලහත්කාරය මත අතළොස්සකගේ උවමනාව මතයි මේක සිද්ධ වෙන්නෙ. ඒ නිසා මේ ගැන ඔබගේ අවධානය යොමු කරන්න``

´´අපි කැමතියි ශිෂ්‍ය ප්‍රශ්න ගැන සාකච්ඡා කර විසඳ ගන්න`` අමාත්‍යවරයා ඔහුගේ අතීත මතකයන් ද ආවර්ජනය කළේය. මීට අමතරව ශිෂ්‍ය සටන් වලට නායකත්වය දෙන දේශපාලන පක්ෂ වල යටි අරමුණු ද පැහැදිලි කළේය.

´´රැස්වීම අවසානයේදී ශිෂ්‍යයන් කියා සිටියේ අපිට වැටහුණා. අපේ දේවල් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම වලක්ව ගන්න නම් අපි මේව හරියට හඳුනගත යුතුයි. අපේ බත් වලට වැලි දානවා. අපේ පළමු වසරේ ශිෂ්‍යයින්ව මේ ගොල්ලෝ බිල්ී බාගෙන දේශපාලන කටයුතතු වලට යොදවනවා. මේ සම්පූර්ණයෙන්ම ද්වේශ සහගතයි. අපි කවදාවත් දේශපාලන පක්ෂවල යටිකූට්ටු වැඩවලට රැවටෙන්නෙ නැහැ`` යැයි පැවසීය

රට අස්ථාවර කිරීමේ වැඩ වර්ජන රැල්ල පිටුපස ඇති දේශපාලන හස්තයන් ගැන ජනතාව දැනුවත් කරන්න ඕන. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසීය.

´´ඇත්තටම යටපත් වෙලා ගියපු දෙස් විදෙස් සතුරු බලවේග ආයෙත් අළු ගසා නැගිටලා රටටත් ජාතියටත් එරෙහිව ක්‍රියා කරනා ආකාරයක් දක්නට තියෙනවා. වහාම මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕන. මෙය පරාජය කිරීම සඳහා ජාතික බලවේග යළිත් සටනට කැඳවන්න කාලය ඇවිල්ලා``

සිංහල කථා කරන රුසියානු විදේශ අමාත්‍යවරයා

ඔක්තෝබර් 26වනදා කොළඹ හිල්ටන් හෝටලයට පැමිණෙන ලෙස සෝමවංශ අමරසිංහ මහතාට ආරාධනයක් ලැබී තිබිණි. ඒ රුසියානු විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් පැවති දිවා භෝජන සංග්‍රහයටය.

´´ඔබතුමාට සිංහල භාෂාව කථා කරන්න පුළුවන් කියලා ඔබතුමා ගැන තියෙන විස්තරයේ තියෙනවා`` සෝමවංශ මහතා විමසීය.

´´මට සිංහල ටික ටික මතකයි`` රුසියානු විදේශ අමාත්‍යවරයා සිංහල භාෂාවෙන් සෝමවංශ අමරසිංහ මහතා සමඟ කථාබස් කළේය.

සිංහල ඉගෙන ගත්තෙ කොහොමද?``

´´මම සිංහල ඉගෙන ගත්තෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයෙ. මම ටික කාලයක් ලංකාවෙත් හිටියා``

´´ලංකාවෙ හිටියෙ මොන කාලෙද?``

´´මම 1973 දී කොළඹ සෝවියට් තානාපති කාර්යාලයේ සේවය කළා. මම ලංකාවට ආදරෙයි. අවුරුදු ගාණක් ගත වුණත් මට සිංහල භාෂාව මතක තියෙන්නෙ ඒ නිසයි`` රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

´´මම දන්න විදියට ලංකාව හැර සිංහල කථා කළ හැකි එකම විදේස ඇමතිතුමා ඔබ. ඔබේ සිංහල භාෂා දැනුම අපටත් ආඩම්බරයක්``

23වනදා සිකුරාදා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකර සිටියේය. ඒ විශේෂ විමර්ශන කණ්ඩායමක් විමර්ශන කණ්ඩායමක් සම්බන්ධන්ධය. එම විමර්ශන කණ්ඩායම ලක්ෂ්මන් කුරේ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ විමසා තිබුණි.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
තිස්ස මහනුවර

මේ අතර තිස්ස අත්තනායක මහතා මහනුවර සහ කුරුණැගල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී මහත්මිය විවාහ උත්සවයක් සඳහා මැලේසියාව බලා පිටත්ව ගියේ සිකුරාදා රාත්‍රියේය.

සුමති ටෙලි සම්මාන උළෙලට තිස්ස අත්තනායක මහතා සහභාගී වූයේ සෙනසුරාදා දිනයේය. මෙම සම්මාන උළෙල සඳහා බැසිල් රාජපක්ෂ, හේම කුමාර නානායක්කාර, ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ද සහභාගී වී සිටි අතර ජ.වි.පෙ. න් විජිත හේරත් මහතා ද පැමිණ සිටියේය.

මමත් පක්ෂ සභාපති කෙනෙක්


ඉරිදා රාත්‍රියේ එස්.එම්. මරික්කාර්ගේ මංගල උත්සවය පැවැත්විනි. මේ සඳහා තිස්ස අත්තනායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මිලින්ද මොරගොඩ, සිරිසේන කුරේ යන මහත්වරු ද සහභාගි සිටි අතර ඔවුන් සිටියේ එකම මේසයක අසුන්ගෙනය.

´´මමත් පක්ෂ සභාපති කෙනෙක් තමයි`` යැයි සිරිසේන කුරේ මහතා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට පැවසීය.

´´මොකක්ද ඔබතුමාගෙ පක්ෂය?``

´´නව එක්සත් ජාතික පක්ෂය`` මෙහි ලකුණ වූයේ බස් රථයයි.

මෙහිදී තිස්ස අත්තනායක මහතා පැවසුවේ ´´ඔබතුමා එදා නම් බස් එකේ ගියා. අද නම් අපට ත්‍රීවීල් එකේ යන්න වෙයි`` කියාය. සියල්ලෝම එයට සිනාසුණ අතර සතුටු සාමීචිවල නිරත වූහ.

මේ අතර මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා තිස්ස අත්තනායක මහතාගෙන් විමසුවේ ´´පොදු අපේක්ෂකයා තෝරාගෙන ඉවරද?`` කියාය.

´´ජනාධිපතිවරණය කැඳවූ ගමන්ම අපි අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරන්න සූදානමෙන් ඉන්නෙ`` යැයි අත්තනායක මහතා පැවසීය.

´´ඇයි ඔබතුමාට රනිල් වික්‍රමසිංහ මහතා ෂුවර් නැද්ද? යැයි විමසූ විට සියල්ලෝම නැවතත් මහ හඬින් සිනාසුණෝය.

මේ අතර ඔවුහු ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා දකුණු පළාත් සභා ඡන්දයේදී හක්මණ ආසනයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව කථාබස් කළහ.

අඟහරුවාදා සහ බදාදා දිනවල රනිල් වික්‍රමසිංහ මහතා කේම්බ්‍ර්ජ් ටෙරසයට වී පක්ෂ ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටියේය. අඟහරුවාදා කේම්බ්‍ර්ජ ටෙරසයේදී නව සන්ධානය පිහිටුවීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණ අතර ගිවිසුම් අත්සන් කිරීම ලබන සතිය තුළ සිදු කිරීමට තීරණය කෙරිනි. නමුත් එය සිදු කිරීමට නියමිතව තිබුණේ මේ සතියේය.

කල්යන එ.ජා.ප. සන්ධානය


මෙහිදී සන්ධානගත වීමට නියමිත එක් පක්ෂයක් පැවසුවේ ´´මේක බොහොම අසුභ පෙර නිමිත්තක්. මේක දැන් කල් ගියා ගොඩක් වැඩියි`` මෙසේ දිනෙන් දින කල් යාමට හේතුව සන්ධානගත වීමට නියමිත පක්ෂවල අභ්‍යන්තරයේ ඇති ගැටළු බව කැරලිකාර පිලේ එක් මන්ත්‍රීවරයෙක් පැවසීය. තවද මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා රජයට එක් වන්නට යන බවට කථාවක් පැතිර යන බව සාකච්ඡාවේදී කථා බහට ලක් විය.

ඩිලාන්ට ජනපතිගෙන් ප්‍රශංසා

මේ අතර පසුගියදා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ´´හත්වැනි පැය`` වැඩසටහනට සහභාගී විය. මෙහිදී ඔහු කථා කළේ විධායක ජනාධිපති ක්‍රමයේ සාධනීය කාරණා පිළිබඳවය.

ජනතා විමුක්ති පෙරමුණ එක තැනක පෝස්ටර් ගහනවා. ´´විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බලය බෙදන්න`` කියලා. ඒ එක්කම ආයෙමත් පෝස්ටර් ගහනවා ´´බලය බෙදන්න එපා`` කියලා. ඔහු තවදුරටත් වැඩසටහන අතරතුර පැවසුවේය.

මෙම වැඩසටහනේදී ඔහු ඉතා සාර්ථක ලෙස විධායක ජනාධිපති ක්‍රමයේ ඇති හොඳ ලක්ෂණයන් පෙන්වා දුන්නේය. වැඩසටහන විකාශය අවසානයේදී සුවිශේෂී වූ පුද්ගලයෙකුගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුනි. ඒ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනි. ඔහු ඩිලාන් වැඩසටහනට මුහුණ දුන් ආකාරය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළේය.

ජා.නි.පෙ. දේශපාලන මණ්ඩල රැස්වීම

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 28වනදා සවස බත්තරමුල්ලේ පිහිටි පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී රැස් විය. වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු වී තිබුණි.

2005 ජනාධිපතිවරණ ජනවරම අපතේ ගිය එකක් නොවෙයි. එදා ඒ ජනවරමෙන් ජාතිය අපේක්ෂා කළේ ප්‍රධාන වශයෙන්ම එක දෙයයි. ඒ තමයි බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජයට පත් කරලා රටට සාමය උදා කරන එක. අන්තර්ජාතික බලවේගවල පදයට නටන්නේ නැතිව ඒකීයභාවය රකින වැඩපිළිවෙලකට රට රැගෙන යාම. අද අවුරුදු 04ක් සපිරෙන්නත් කලින් ඒ ජනවරම අපේක්ෂා කළ ප්‍රධාන අරමුණ ජය අරගෙන ඉවරයි. දැන් මුළුමහත් ජාතියට තියෙන්නෙ, ඊළඟ මහ අරමුණ ජයග්‍රහණය කළ හැකි අන්දමේ අලුත් ජනවරමක් නිර්මාණය කිරීමයි`` එහිදී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

´´කොටි පරදන යුද්ධයටත් මුලින්ම ඕන වුණේ ජනවරමක්. මේ සංග්‍රාමයටත් මුලින්ම ඕනෙ කරන්නේ අලුත් ජනවරමක් එදා 2005 දී ඒ ජනවරම දුන්න වගේ මෙදා 2010දී ඒ අලුත් ජනවරම අපි ලබා දෙන්න ඕනෙ. ඊළඟට රට රකින යුද්ධයට ඍජු දේශපාලන නායකත්වයක් තිබුණ වගේම මේ දෙවන සංග්‍රාමයටත් ඍජු දේශපාලන නායකත්වයක් ඕන කරනවා`` නන්දන ගුණතිලක අමාත්‍යවරයා පැහැදිලි කළේය.

´´බෙදුම්වාදී ත්‍රස්තවාදය පරදවලා රණවිරුවො මේ රට අපට භාර කළේ ඊළඟ මහ සංග්‍රාමය කරා රට මෙහෙයවන්න මිසක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි පුංචි සටන් පාඨයක් තුළට රටේ ඊළඟ මෙහෙයුම පටු කරන්න නොවෙයි. මහා සටන ඇතුළේ ඒ පුංචි සටන් පාඨ වලටත් ඉඩ ලැබෙනවා. ඒ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණවලටත් ඉඩ ලැබෙනවා. නමුත් සියල්ල ඒ සරල සටන් පාඨවලට පටු කරන්න අපි ඉඩ දිය යුතු නැහැ`` සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා පෙන්වා දුන්නේය.

´´මීළඟ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඒ මහා සංග්‍රාමයේ සමාරම්භක අවස්ථාව බවට අපි පෙරළන්න ඕනෙ. ඒ පිම්ම කරා අපි අපේ රට මෙහෙයවන්න ඕනෙ. දේශප්‍රේමී සළුපිළි අන්දලා එන කුමන්ත්‍රණ අපි පරද්දන්න ඕනෙ. දෙවන 2005 ජනවරම බවට 2010 ජනවරම පෙරළන්න ඕනෙ`` විමල් වීරවංශ මහතා කියා සිටියේය.
 

Similar threads