උපුටා ගැනීමකි!!!!
පේරාදෙණිය විශ්වවිද්‍යාලීය උපාධි ලබා පිට වු දරැවනි !
අප ප්‍රශ්න කරන්නේ උපාධි උත්සවයෙන් අනතුරැව ශාලාව පිරිසිදු කර නොගියේ ඇයිද යන්න ගැන නොවෙි. අප ප්‍රශ්න කරන්නේ තමන් ඉන්නා තැනම අපිරිසිදු කර ගන්නා උපාධිලාභියෙක් බවට ඔබ පත්වුයේ ඇයිද, කෙසේද කියන කාරනාවයි. ගෝල්ෆේස් පිටිටනියේ කඩල ටික කා
එතැනම ගොටිට විසිකර යන සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීමට වඩා යමි සාධනීය ලක්ෂණ අපි විශ්වවිද්‍යාලීය දරැවෙකු ගෙන් බලාපොරොත්තු වෙමු .
එහෙත් පේරාදෙණිය දරැවනි ! හෙට දවසේ අනාගත පරපුරට එළිය දෙන පහන් කනු වැනි ඔබලාගේ හැසිරීම නමි අන්තිමය. බිංදුවය
හිර ගෙවල්වල නුගත් මිනිසුන් අතර පවා මෙවන් කතාවක් තිබෙි . ‘‘ උඹෙි පැමිණීම කොහොම වුනත් හැසිරීමට නමි බිංදුව දා ගන්න එපා ‘‘
===============================================

