කැම්පස් යන්න Z එක මදි උනාද

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    කැම්පස් යන්න Z එක මදි උනාද

    49664777_2234053343291854_8302402964077674496_n.jpg
    49664777_2234053343291854_8302402964077674496_n.jpg
    49664777_2234053343291854_8302402964077674496_n.jpg
    49664777_2234053343291854_8302402964077674496_n.jpg


    ඇත්තටම අපිට මේක Junior University එකක් කිව්වොත් නිවැරදි.. මොකද සියලුම විශ්ව විද්‍යාල පාලනය කෙරෙන උසස් අධ්‍යයාපන හා මහාමර්ග අමාත්‍යාංශය යටතේ තමයි මේක පාලනය වෙන්නේ

    අපි හැමෝම උසස් පෙළට ලියලා හොද Z core එකක් ලැබුණට පස්සේ ඊළග බලාපොරොත්තුව තමයි කැම්පස් පොත පුරවලා කැම්පස් එකකට යන්න.
    උසස් පෙළ විභාගෙත් පාස් වෙලා, සැළකිය යුතු Z core හිමි වුණත් අපගේ සරසවි සිහිනය බොද වන්නට හැකිය. නොඑසේනම් උසස් පෙල පන්ති යන්න පටන් ගත් දා සිට කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පාඨමාලාවට වෙනුවට ඔබව වෙනත් පාඨමාලාවකට තේරී පත්වී තිබිය හැක.
    සල්ලී තියෙන යාළුවෝ අම්මාගෙන් තාත්තගෙන් සල්ලී අරන් විවිධ ඩිප්ලෝමා පාඨමාලා ගන්න රෙජිස්ටර් වෙද්දී දුප්පත් අම්මා තාත්තගේ ඔයාටත් දැන් හිතෙනවා ඇති, මම විභාගේ පාස් වුනත් කැම්පස් යන්න බැරි වුණා, ඒ නිසා මට උසස් අධ්‍යාපනය හදාරන්න දැන් කිසිදු අවස්ථාවක් නැහැ කියලා.මට මතකයි මගේ යාළුවො දෙන්නෙක්ගේ අදහස් දෙකක් Cut Off Marks ආවාට පස්සේ.
    “Maths කරපු මම ඉංජිනේරුවෙක් වෙන්න හීන මැව්වා, ඒ වුනාට කැම්පස් එකේ ඉංජිනේරු පාඨමාලාවට තේරෙන්න බැරි වුණා , PVT කැම්පස් එකකට දාලා උගන්නන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ”
    “Commerce කරපු මගේ හීනේ වුණේ ගණකාධිකාරී කෙනෙක් වෙන්න. ඒත් වුනාට කැම්පස් එකේ ගණකාධීකාරණ පාඨමාලාවට තේරෙන්න බැරි වුණා , PVT කැම්පස් එකකට දාලා උගන්නන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ”
    මෙහෙම හිතලා උසස් පෙළ සමත් වුනත් උසස් අධ්‍යාපනය අතහැර දමන රටකට අවශය වටිනා බුද්ධිමතුන් පිරිසක් හැම වසරෙම මෙම කාලසීමාවේදී අපට අහිමි වෙයි.
    නමුත් ඔබ දන්නවාද ඕනෑම විෂය කාණඩයක් ඔස්සේ ( ගණිත, ජීව විද්‍යා, වාණිජ, කලා) ඔබ ලබාගත් Z core අගයට වටිනාකමක් ලබා දෙමින් නොමිලේ උසස් අධ්‍යාපනය ලබා ගත හැකි මෙන්න ඒ තුළින් ස්ථාවර වැටුපක් උපයා ගත හැකි රැකියාවක් තමා සතු කරගනිමින් පැහැබර අනාගතයක් සාදන ආයතනයක් පවතී. ඒ තමයි SLIATE ආයතනය.
    මොකක්ද මේ SLIATE ආයතනය කියන්නේ?
    Sri Lanka Institutes Of Advance Technological Education ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ 1995 අංක 29 දරණ පනතින් පවත්වාගෙන යනු ලබයි. වත්මන් රජයේ විශ්ව විද්‍යාල අයත් වන උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය යටතේ පාලනය වෙයි.
    මොකක්ද අපිට ලබා ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් මේ තුළින්?
    ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වෙන අතර ප්රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.
    ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?
    ** සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.
    * උපාධිදාරී දේශක මණ්ඩලය
    * නේවාසිකාගාර පහසුකම්
    * පුස්තකාල පහසුකම්
    * මහපොළ ශිෂ්‍යාධාර
    * නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
    * බස් / දුම්රිය සහන කාලය
    * ක්රීඩා පහසුකම්
    රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
    * GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි
    * semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
    * උපාධිදාරී දේශක මණ්ඩලය
    * බහුමාධ්ය පහසුකම් හා වැඩමුළුව පහසුකම් ආදිය සමග භාෂා කාඞ් සහ තොරතුරු තාක්ෂණ විද්යාගාර
    SLIATE ආයතනයේ පවතින පාඨමාලා කිහිපයක් ගැන තොරතුරු පහත වෙයි.

    *උසස් ජාතික ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ඩිප්ලෝමාව HNDBF
    මූල්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ශ්‍රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට
    ඔබටත් අවස්තාවක් .
    පාඨමාලා කාලය : වසර 2 1/2
    *දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය.
    හැදැරීම හැකි SLIATE ආයතනය : දෙහිවල (මෙම පාඨමාලාව හැදෑරිය හැක්කේ දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ පමණි)
    පාඨමාලා කාලයෙන් පසුව Accounts Assistance තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය.
    *උසස් ජාතික ව්යාපාර පරිපාලන ඩිප්ලෝමාව Higher National Diploma in Business Administration - HNDBA
    මූල්ය ක්ශේත්රයේ ප්රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්යාපාර මූල්ය පිලිබඳ ශ්රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට
    ඔබටත් අවස්තාවක් .
    පාඨමාලා කාලයෙන් පසුව යොමු විය හැකි රැකියා ක්ෂේත්‍ර
    1. පරිපාලන ක්ෂේත්රයේ රැකියා
    2.බැංකු ක්ෂේත්රයේ රැකියා
    3.කළමනාකරණය ක්ෂේත්රයේ රැකියා
    4.ගිණුම්කරණය ක්ෂේත්රයේ රැකියා
    5.අළෙවිකරණ ක්ෂේත්රයේ රැකියා
    6.පරිඝණක ක්ෂේත්රයේ රැකියා
    ව්යාපාර පරිපාලන ඩිප්ලෝමාව ව්යාපාරි ලෝකයේ සියලුම ක්ෂේත්ර ආවරණය වන ලෙස සැකසුනු පාඨමාලාවකි..
    *පාඨමාලා කාලය වසර: 2 1/2
    *දෙවන වසර අවසානයේදී මාස 6 ක ප්රායෝගික පුහුණුව .
    හැදෑරිය හැකි ආයතන - දෙහිවල, ලබුදූව, නුවර, යාපනය
    *උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
    HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්.
    *පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අද්‍යන කාලය ලෙසත් ඉතිරි සමාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.
    පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අද්‍යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය.
    රැකියා අවස්ථා
    Tourism Department Officer
    Sri lanka port authority and Srilankan Custom
    Hotel(management level )
    Job in srilanka Tourism Development Authority(SLTDA)
    Transportation Company
    Foreign Sector
    Job In Cruise Ship
    Event Management sector
    Tour Operator
    Aviation Service
    Cargo Company
    Consultation
    SLIATE පද්ධතිය තුළ පවතින පාඨමාලා අතරින් විදේශ බාශා ප්‍රවීණත්වයක් ලබා දෙන එකම පඨමාලාව වනුයේ මෙයයි.
    හැදෑරීමට හැකි SLIATE ආයතන,: දෙහිවල,බදුල්ල,ගාල්ල,නුවර,යාපනය,නාවලපිටිය
    *උසස් ජාතික තාක්ශනික කෘෂිකර්මය ඩිප්ලොමා පිාඨමාලාවHNDTAgri
    කෘෂි කර්ම ව්‍යවසායක ක්ශේත්‍රයේ ඉහල පිලිගැනිමක් ඇත..පාඨමාලා කාලය
    වසර 03කි,වසරක අනිවර්‍ය පුහුනු කාලසිමාවක් ඇත.
    හැදැරිය හැකි sliate ආයතන - හාඩි අම්පාර,ලබුදුව,නයිවල
    *උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව HNDM
    මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව,පුර්ණ කාලීන වසර 3ක්
    පුර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී
    NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.
    1.විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම.
    2.CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම.
    3.IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම.
    4.AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.
    5.SLIM ආයතනයේ පදනම් අදියරේ විෂයන් 2ක් නිදහස් වීම.
    *හැදැරීම හැකි SLIATE ආයතන
    දෙහිවල/මහනුවර/ගාල්ල/කුරුණෑගල/බදුල්ල/යාපනය
    මීට අමතරව පවතින තවත් පාඨමාලා හා ඒවා පැවැත්වෙන ආයතන අයත් දිස්ත්‍රික්ක.
    HNDA - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Veyangoda, Trincomalee, Kegalle, Tangalle, Rathnapura, Samanthurai
    HNDIT-Agri - Ampara, Galle, Gampaha
    HNDBS - Galle, Colombo
    HNDBA - Dehiwala, Jaffna, Kandy, Galle
    HNDBF – Dehiwala
    HND-English - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Trincomalee, Kegalle,Tangalle, Samanthurai
    HNDE Civil - Colombo, Galle, Jaffna
    HNDE Electrical - Colombo, Galle, Jaffna
    HNDE Mechanical - Colombo, Galle, Jaffna
    HNDFT – Gampaha
    HNDM - Ampara, Badulla, Dehiwala, Jaffna, Kandy, Galle, Kurunagala
    HNDIT - Ampara, Badulla, Dehiwala, Jaffna, Kandy, Kegalle,Tangalle, Kurunagala, Colombo, Galle, Gampaha, Trincomalee
    HNDQS- Colombo, Galle
    HNDTHM - Badulla, Dehiwala, Jaffna, Kandy, Galle, Nawalapitiya
    *උසස් ජාතික ගණකාධිකරන ඩිප්ලෝමාව Higher National Diploma In Accountancy
    ***(උපාධි සමානාත්මතාවය ලබා දී ඇත.)
    පාඨමාලා කාලය: වසර 4කි
    * දෙවන වසර අවසානයේ මාස 6ක අනිවාර්‍ය පුහුණුවක් ලැබිය යුතුයි.(audit firm එකක හෝ account section එකක පුහුණුව ලැබිය හැක)
    ඉතිරි අවුරුදු 2ක පුහුණුව ලබන ගමන් සති අන්තයේ පාඨමාලාව හැදෑරිය යුතුය.
    පාඨමාලාව අවසානයේ ගණකාධිකාරි අංශයේ රැකියාවක් ලබාගත හැක.
    *උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව Higher National Diploma In Engineeering
    උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව HNDE ඉංජිනේරුවන් වීමේ සිහිනය යථාර්ථයක් කරගැනීමට කදිම තෝතැන්නක්. තෝරාගත හැකි ඉංජිනේරු ක්ෂේත්‍රය
    1.සිවිල් ඉංජිනේරු ( Civil Engineering )
    2. විදුලි ඉංජිනේරු ( Electronical Engineering )
    3. යාන්ත්‍රික ඉංජිනේරු (Mechanical Engineering )
    4. ගොඩනැගිලි සේවා ඉංජිනේරු (Building Service Engineering)
    5. ප්රමාණ සමීෂණ (Quantity Survey)
    *පාඨමාලා කාලය : වසර 3 1/2
    *දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය. හැදැරීම හැකි SLIATE ආයතනය : ලබුදූව , යාපනය , මට්ටක්කුලිය පාඨමාලා කාලයෙන් පසුව Assistant Engineer තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය.

    මේ වන විට HND ගැසට් කර ඇත. අයදුම්පත්‍ර හා වැඩි විස්තර මෙතනින්
    අයදුම් කිරීමට අවම සුදුසුකම්
    * සැළකිය යුතු z අගයක්
    * අපොස සා/පේ ඉංග්‍රීසි සදහා සම්මාන සාමාර්ථයක්
    තොරතුරු : SLIATE වෙබ් අඩවිය


    Download Application
    Source :www.sliate.ac.lk
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මමත් HNDE (electronics & telecommunications) :)
    එලකිරියෙත් ඉන්නවා තව කට්ටිය :rolleyes:
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    දෙමවුපියට වත්කමක් නෑ කියන එක නම් නිදහසට කරුණු නෙමේ මචෝ AL 2nd shy කරන්න කියල හිතුවත් අපේ ගෙදරට එච්චර සල්ලියක් තිබ්බේ නෑ මට වියදම් කරන්න ඉතින් තීරණය කළා ඒ හීනේ නවත්තන්න ඊටපස්සේ මන් ඒ කාලේ පෝන් ෂොප් එකක හිමිට වැඩ කරන ගමන් කෝස් දෙක තුනක් කරලා පොඩි it ජොබක් කරලා ඊටපස්සේ එකෙන් හම්බෙන සල්ලි වලින් තව කෝස් කරලා promotion අරන් ගෙදරට ඕනි හැමදෙයක්මත් කරලා හිමිට බයික් දෙකකුත් අරන් දැන් ලක්ෂ 12ක් දීලා private degree එකත් කරනවා
    අම්මටයි තාත්තටයි කරන්න පුළුවන් සීමාවක් තියනව තමා ඒ කියල අපි උත්සහ කරේ නැත්තම් අපිට අනාගතයක් නෑ හැබැයි පිටින් බලන උන් දන්නේ නෑ කොච්චර කට්ටක් කෑවද කියල මෙතැනට එන්න
     
    • Like
    Reactions: dath kimbula

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    දෙමවුපියට වත්කමක් නෑ කියන එක නම් නිදහසට කරුණු නෙමේ මචෝ AL 2nd shy කරන්න කියල හිතුවත් අපේ ගෙදරට එච්චර සල්ලියක් තිබ්බේ නෑ මට වියදම් කරන්න ඉතින් තීරණය කළා ඒ හීනේ නවත්තන්න ඊටපස්සේ මන් ඒ කාලේ පෝන් ෂොප් එකක හිමිට වැඩ කරන ගමන් කෝස් දෙක තුනක් කරලා පොඩි it ජොබක් කරලා ඊටපස්සේ එකෙන් හම්බෙන සල්ලි වලින් තව කෝස් කරලා promotion අරන් ගෙදරට ඕනි හැමදෙයක්මත් කරලා හිමිට බයික් දෙකකුත් අරන් දැන් ලක්ෂ 12ක් දීලා private degree එකත් කරනවා
    අම්මටයි තාත්තටයි කරන්න පුළුවන් සීමාවක් තියනව තමා ඒ කියල අපි උත්සහ කරේ නැත්තම් අපිට අනාගතයක් නෑ හැබැයි පිටින් බලන උන් දන්නේ නෑ කොච්චර කට්ටක් කෑවද කියල මෙතැනට එන්න


    ඒක ඇත්ත මචන්. නමුත් උබ ඒ කාලෙම HND කලා නම් අවුරුදු දෙකකට පස්සෙ හොඳ ජොබ් එකක් කරන්න තිබුන. උබට ඒ අවුරුදු 2ම වියදමක් යන්නෙම නැති තරම්. කන්න බොන්න ගෙදරින් කොහොමත් නොදී ඉන්නැහැනෙ.
    ඒ වගේම HND සම්පූර්ණ කරල අවුරුදු 1ක් හෝ 1 1/2ක් ඇතුලත රජයේ කැම්පස් එකක ඩිග්‍රි එක කරල ඉවර කරන්න පුලුවන්. උපරිම ලක්ශ 2ක් යයි(කරන ඩිග්‍රි එක අනුව)
    මේකෙ වැදගත් කම ගොඩක් අය දන්නෙ නැති නිසයි දැම්මෙ.
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    oke z eka balanne kohomada bn
    e gena idea ekkak dipanko wedagath wei :)
    anika engineering waladi civil, mechanical, elec wage ewata kemeththa anuwada z ekenda yanne :rolleyes::rolleyes:
     

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    oke z eka balanne kohomada bn
    e gena idea ekkak dipanko wedagath wei :)
    anika engineering waladi civil, mechanical, elec wage ewata kemeththa anuwada z ekenda yanne :rolleyes::rolleyes:
    z එක ලොකුවව ඕන නැහැ. කැම්පස් යන්න z එක මදි උනාට HND apply කරන්න පුලුවන්.
    අවශ්ය කරන සුදුසුකම් apply කරන course එක අනුව වෙනස් වෙනව මචන්.
    උදාහරණයක් විදියට Engineering කරනවනම් A/L maths කරල තියෙන්න ඕන.
    IT කරනාවනම් maths,bio or commerce කරල තියෙන්න ඕන.
    ඔය වගේ දේවල් තමයි බලන්නෙ.
    හැම course එකකටම සිලෙක්ට් කරගන්නෙ aptitude test එකක් තියල. ඒක අනිවර්යෙන් පාස් වෙන්න ඕන.
    ගොඩක් වෙලාවට කැම්පස් apply කලාම z එක මදි නම් එයාලම HND වලට යොමු කරනව.
    එහෙම නැත්නම් A/L පාස් ඕනම කෙනෙකුට ගැසට් එක බලල හරි online application එක ඩවුන්ලෝඩ් කරල හරි apply කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    z එක ලොකුවව ඕන නැහැ. කැම්පස් යන්න z එක මදි උනාට HND apply කරන්න පුලුවන්.
    අවශ්ය කරන සුදුසුකම් apply කරන course එක අනුව වෙනස් වෙනව මචන්.
    උදාහරණයක් විදියට Engineering කරනවනම් A/L maths කරල තියෙන්න ඕන.
    IT කරනාවනම් maths,bio or commerce කරල තියෙන්න ඕන.
    ඔය වගේ දේවල් තමයි බලන්නෙ.
    හැම course එකකටම සිලෙක්ට් කරගන්නෙ aptitude test එකක් තියල. ඒක අනිවර්යෙන් පාස් වෙන්න ඕන.
    ගොඩක් වෙලාවට කැම්පස් apply කලාම z එක මදි නම් එයාලම HND වලට යොමු කරනව.
    එහෙම නැත්නම් A/L පාස් ඕනම කෙනෙකුට ගැසට් එක බලල හරි online application එක ඩවුන්ලෝඩ් කරල හරි apply කරන්න පුලුවන්.

    ela
    test eke normally monda thiyenne :rolleyes: